Divaina - වී ගොවියාට පොහොර නිර්දේශය දැන් දුරකථනයෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

soba2- * තැනට ගැලපෙන පාංශු සත්කාරය ‘ඇප්’ එකෙන්

- * භාවිතයට අන්තර්ජාල සම්බන්ධය අවශ්‍ය නෑ

- වැඩිවෙන ජනගහනයේ කුස පුරවන්නට සරිලන නිෂ්පාදනයක් අත්කර ගැනීම උදෙසා දුරදිග නොබලා තාක්ෂණයේ ඉහළට නැගි මිනිසා, පරිසරයට තමා සිදුකළ හානියට වන්දි පවා ගෙවමින් ආපසු එන්නට සූදානමින් සිටී. කඩිනම් ආහාර නිෂ්පාදනයක් උදෙසා හිතේ හැටියට කෘෂි රසායන ද්‍රව්‍යයත්, රසායනික පොහොරත් පරිසරයට මුදාහරී. ඔහු දැන් දැන් පරිසර හිතකාමී වත් පිළිවෙත් ගැන කතා කරයි. පලිබෝධනාශක වෙනුවට ඒකාබද්ධ පලිබෝධ පාලනය ලොව පුරා පිළිගත් සම්ප‍්‍රදායක් වෙමින් තිබේ. වගාවකට අත්‍යවශ්‍ය යයි සිතා පොහොර දමන සිරිත අතහැර, පස පරීක්ෂා කර බලා අවශ්‍ය නම් පමණක් පොහොර දමන ලෙසට උපදෙස් ද නිකුත් වී අවසන්ය. වගාව පාදකව, අක්කරකට හෝ හෙක්ටයාරයකට මෙපමණයි කියා පොහොර නිර්දේශ සාදා දැන් බොහෝ කල් ගොසිනි. එය පසු කලෙක සංශෝධනය වූයේ වගාව කුමක්දැයි සඳහන් කරනවාට අමතරව එය පිහිටුවන කෘෂි දේශගුණික කලාපය ද සැලකිල්ලට ගත් නිසාය. ඒ අනුව පළාතෙන් පළාතට පොහොර නිර්දේශ වෙනස් වුණි. සංශෝධන නතර වූයේ නැත. එකම පළාතක වුවත් තැනින් තැනට පසේ සංයුතිය වෙනස් නිසා, තවදුරටත් නිර්දේශය සුසර කිරීමට නිලධාරීහු පියවර ගත්හ. කෘෂිකර්ම ව්‍යාප්ති අංශයේ නිලධාරීන් රටපුරා ඇවිදිමින් පස් සාම්පල එකතු කළ අතර, පාංශු රසායනාගාර කාර්ය මණ්ඩලය ඒවා විශ්ලේෂණය කරමින් අන්තර්ගතය ගැන වාර්තා මැවූහ. පාංශු විද්‍යාඥයින් එම දත්ත පරිශීලනය කෙරුවේ, ප‍්‍රදේශය පාදකව අදාළ පසට නිශ්චිතව දිය යුතු පොහොර ප‍්‍රමාණය ගණනය කර ගොවියාට දැන්වීමටයි. කටයුතු අවසාන වූයේ ග‍්‍රාම නිලධාරී වසම දක්වා පුළුල් වූ වී වගා පොහොර නිර්දේශ කට්ටලයක් එළිදැකීමෙනි.

රට පුරාම පස් පරීක්ෂා කරගත හැකි විද්‍යාගාර බිහිවී තිබුණත්, රුපියල් 290 ක් වැනි සුළු මුදලකට තම කුඹුරේ පස් සාම්පලයක් පරීක්ෂා කරවාගෙන, ඒ ආශ‍්‍රිතව ගොඩනැගෙන පොහොර නිර්දේශයත්, ඊට අදාළ වෙනත් තොරතුරුත් කෘෂිකර්ම නිලධාරීන් හරහා නොමිලේම ලබාගැනීමේ පහසුකම් ද වී ගොවියා වෙනුවෙන් සලසාදී ඇතත්, ඇතැම් ගොවීන් ඒ වෙනුවෙන් පෙන්වන්නේ ඇල්මැරුණු උනන්දුවක් ය. ඔහු වාසය කරන ග‍්‍රාම නිලධාරි වසමේ පාංශු සංයුතියට ගැලපෙන වී වගාවේ පොහොර නිර්දේශ නිර්මාණය කෙරුවේ මේ නිසාමය. මේ පිළිබඳ සුවිසල් කාර්යභාරයක් කරමින් කටයුතු සම්බන්ධීකරණය කෙරුවේ මේ වන විට විශ‍්‍රාම ලබා සිටින පාංශු විද්වතෙක් වූ ආචාර්ය ප‍්‍රියන්ත වීරසිංහ මහතාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊළඟට මුහුණදුන් අභියෝගය වූයේ, වී ගොවියා වෙතට කඩිනමින් මේ තොරතුරු සම්පේ‍්‍රෂණය කිරීමේ ක‍්‍රමවේදයක් පිළියෙළ කිරීමයි.

පළාත් වෙනුවෙන් හෝ දිස්ත‍්‍රික්කයක ඇති ග‍්‍රාම නිලධාරි වසම් වෙනුවෙන් හෝ පොත් පිංචක් බැගින් මුද්‍රණය කර බෙදාහරින සාම්ප‍්‍රදායක ක‍්‍රමවේදයෙන් මඳක් ඉදිරියට ගොස්, ගොවියාගේ ජංගම දුරකථනයට පොහොර නිර්දේශය ලබාගත හැකි ක‍්‍රමයක් නිර්මාණය කිරීමට පියවරගෙන ඇත්තේ පස් පරීක්ෂා නොකරන ගොවියාවත් කෙසේ හෝ මේ මොහොතේදී විධිමත් ධාරාවට ඇතුල් කරගැනීම සඳහාය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ගන්නෝරුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්. පෙරියසාමි මහතාය. ඔහුගේ අධීක්ෂණය යටතේ නවකයින් ලෙස දෙපාර්තමේන්තුවට එක්වූ තොරතුරු තාක්ෂණ සහකාර නිලධාරීන් පිරිසක් විසින් මීට අදාළ ජංගම දුරකථන යෙදවුම නොහොත් ‘ඇප්’ එක නිපදවා තිබේ.

”ශ‍්‍රී ලංකාවේ දැනට ග‍්‍රාමසේවා නිලධාරි වසම් 14022 ක් තියෙනවා. ඒ සියල්ලටම අදාළව පාංශු දත්තයන් මෙයට අන්තර්ගත කර නෑ. සමහර වසම්වල කුඹුරු නෑ. නමුත් බහුලව වී වවන හැම වසමක්ම මෙයට ඇතුළත්. සිංහල හා දමිල යන භාෂා දෙකෙන්ම මෙයින් තොරතුරු ගන්න පුළුවන්”.

ඒ. පෙරියසාමි මහතා ‘ඇප්’ එකට දුන් හැඳින්වීමයි. ඡුක්හ ිඑදරු වෙත පිවිස ිකච්ාාහෙැරඑසකස‘ැර යන නම භාවිතයෙන් යෙදවුම සොයාගෙන ්බාරදසා දුරකථනයට ඇතුල් කරගත යුතුවේ. ආරම්භය සඳහා 18 ඵඊ ධාරිතාවක් අවශ්‍ය වුවත්, එතැන් සිට මින් තොරතුරු ලබාගැනීමට අන්තර්ජාල සම්බන්ධතා අවශ්‍ය නැත.

යෙදවුම භාවිතා කිරීමේදී හසුරුවන්නා විසින් පළමුව පළාත තෝරා, අනතුරුව දුරකතනයෙන් ඉල්ලා සිටින පිළිවෙළට දිස්ත‍්‍රික්කය, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා අවසාන වශයෙන් ග‍්‍රාමනිලධාරී වසම ද තෝරමින් ඉදිරියට යා යුතුය. දැන් තිරයේ දිස්වෙන්නේ වී වගාව සිදුකෙරෙන, අදාළ ග‍්‍රාම නිලධාරි වසම වෙනුවෙන්වූ පොහොර නිර්දේශයයි. තිරයේ ඉහළින්ම අදාළ පෙදෙසේ පසෙහි පී එච් අගය, විද්‍යුත් සන්නායකතාවය, පොස්පරස් හා පොටෑසියම් අන්තර්ගතය හා කාබනික ද්‍රව්‍ය තිබෙන තරම ගැන අවබෝධයක් නිරීක්ෂකයාට ලබාදේ. ඒවාහි අගයයන් ඉලක්කම් වලින් දෙනවා පමණක් නොව, තරමක් ආම්ලිකයි, ලවනතාවයක් නැත, පොස්පරස් වැඩියි, කාබනික ද්‍රව්‍ය අඩුයි යනාදී වශයෙන් වචනයෙන් පවා පරිශීලනය කරන්නා දැනුවත් කරන්නට යෙදවුමේ නිර්මාණකරුවන් පියවර ගෙන තිබීම වඩාත් ආකර්ෂණීයය.

පොහොර නිර්දේශය ලබාදීමේදී අහස් දියෙන් කෙරෙන වගා සඳහා එක නිර්දේශයකුත්, වාරි ජලය මත කෙරෙන වගාවකට තවත් නිර්දේශයකුත් අන්තර්ගත කර ඇති අතර, යෙදිය යුතු කාල පරාසයන්, වපුරා හෝ පැළ සිටුවා ගතවෙන සති ගණන ඇසුරෙන් ඉදිරිපත් කර තිබේ. සංඛ්‍යාත්මක වගුවට පහළින් ඇත්තේ අදාළ ග‍්‍රාම නිලධාරි කොට්ඨාසයේ පස පිළිබඳව සාමාන්‍ය විස්තරයක් හා අනුගමනය කළ යුතු පාංශු සත්කාරයන් පිළිබඳ අතිරේක සටහනකි. උදාහරණයක් වශයෙන් මිනිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුරුළුපොත ග‍්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් විස්තරය මෙහි දක්වා ඇත.

soba1කාර්යක්ෂම ගොවිතැනක් උදෙසා පොහොර යෙදීම අවශ්‍ය වුවත්, සිරිතට අනුව පොහොර යෙදීම බැහැර කළ යුතු පුරුද්දකි. අප එසේ පවසන්නේ අප භාවිතා කරන රසායනික පොහොර මෙරටට ගෙන්වීමට විශාල මුදලක් වැයවෙන නිසාත්, ලාභයට ලැබෙන නිසා පසේ ඕනෑඑපාකම් විමසන්නේ නැතිව එය පොළොවට හැලීම මහත් නාස්තිකාරී ක‍්‍රියාවක් ද බැවින්ය. අනෙක් අතට මෙම රසායන ද්‍රව්‍යයන්, පසේ ඉතිරි වුවහොත් ජල මූලාශ‍්‍රයන් ඇතුළු සමස්ත පරිසරයම ¥ෂණයට ලක්වෙන බැවින්ය. කෘෂිකර්ම බලධාරීන් විවිධ ක‍්‍රමෝපායයන් භාවිතා කරමින් පොහොර දැමිය යුතු ප‍්‍රමාණය ගැන ගොවියාට දන්වන්නට උත්සාහ කරන්නේ එබැවිනි. වී ගොවිතැන වෙනුවෙන් ග‍්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් සැකසුනු පොහොර නිර්දේශ ‘ඇප්’ එක එම උත්සාහයේ නවතම පරිච්ෙඡ්දයයි.

x සනත් එම්. බණ්ඩාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles