Divaina - ජනපති සටන උණුසුම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

pI 1සමස්ත ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යාවෙන් හරියටම සියයට 50 ක් හා එක් ඡුන්දයක් වැඩිපුර ලබා ගන්නා අපේක්‍ෂකයාට ජය හිමිවෙයි. මෙවර පවතින තරගය නිසා කිසිදු අපේක්‍ෂකයකුට එම ඉලක්කයට ළඟා විය නොහැකි බව සමහරු පවසති. එහෙත් තරග කරන ප‍්‍රධාන පක්‍ෂ දෙකම එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරන අතර අනිවාර්යයෙන්ම තමන් අවශ්‍ය ප‍්‍රතිශතය ඉක්මවන බව සඳහන් කරයි. ජනපතිවරණ ඉතිහාසයේ දෙවන මනාපය ගණන් කිරීමක් සිදුව නොමැත. එවැනි තත්ත්වයක් මෙවර ඇති වුවහොත් එය ද ඓතිහාසික මැතිවරණයක් වීමට කරුණකි.
 
 ශ‍්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡුන්ද විමසීමට ඇත්තේ තවත් හරියටම දින හතරක් පමණි. මේ වන විට රටම මැතිවරණ උණුසුමින් රත් වී ජනතාව දිනෙන් දින අපේක්‍ෂකයන්ගේ වේදිකා ඉදිරියේ එක්රොක් වෙමින් සිටියි.
 
 මෙවර ජනාධිපතිවරණය විවිධ පැතිවලින් ඉතිහාස ගත වෙයි. ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් පිරිසක් තරග කිරීමත් ඒ නිසා දිගම ඡුන්ද පත‍්‍රිකාවත් මුද්‍රණය වීමත් තිබෙන ඡුන්ද පෙට්ටි ප‍්‍රමාණවත් නොවීම නිසා කාඞ්බෝඞ් ඡුන්ද පෙට්ටි යොදා ගැනීමත් විශේෂ සිද්ධීන් වෙයි.
 
 ඒ වගේම ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්වල පංති කාමරවල ප‍්‍රමාණය වැඩි කිරීමට පංති කාමර වෙන් කිරීමේ බිත්ති කඩා ගණන් කිරීමේ මධ්‍යස්ථාන පුළුල් කිරීමට ද මෙවර සිදුව ඇත. එමෙන්ම ඡුන්ද දායකයාට ඡුන්ද සලකුණු කිරීමට ලබා දී ඇති කාල සිමාව තවත් පැයකින් දීර්ඝ කිරීමත් මෙවර ජනාධිපති මැතිවරණයේ සුවිශේෂී සිද්ධියක් වන අතර ඉතිහාසගත මැතිවරණයක් වීමට ද එය ද හේතුවකි.
 
 මෙවර ජනාධිපතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ඡුන්දදායකයන් එක්කෝටි පනස්නවලක්‍ෂයක් සුුදුසුකම් ලබයි. ඔවුන්ගෙන් සියයට 85 ක් පමණ ඡුන්ද ප‍්‍රකාශ කරනු ඇතැයි මැතිවරණ කොමිසම අපේක්‍ෂා කරයි. ඡුන්ද උණුසුම වැඩිවීම නිසා අපේක්‍ෂකයන්ට ඡුන්ද ප‍්‍රකාශ කිරීමට විදෙස්ගත ඡුන්ද දායකයන් ලක්‍ෂ දෙකකට වැඩි ප‍්‍රමාණයක් ඉදිරි දින කිහිපය ඇතුළත මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරයි. අපේක්‍ෂකයන් අතර ඇති තරගය නිසා බන්ධනාගාරගතවූවන් හා දැඩි සේ රෝහල්ගතව සිටින පිරිස් හැර අනෙක් සියලූ දෙනා ඡුන්දපළට පැමිණෙනු ඇතැයි කොමිසම අපේක්‍ෂා කරයි.
 
 ලංකාවේ මෙතෙක් පැවැති ජනාධිපතිවරණ හයම පැවැතියේ මැතිවරණ දෙපාර්තමේන්තුව යටතේ සිටින මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල වලින්ය. වත්මන් ආණ්ඩුව පිහිටවූ මැතිවරණ කොමිසම පළමුවරට ජනාධිපතිවරණයක් පවත්වයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු විසින් එක්ව තීන්දු තීරණ ගෙන ක‍්‍රියාවට නංවනු ලැබුවද, pI 2මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර පවතින යම් යම් මත ගැටුම් නිසා කොමිසම කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳව ජනතාවට යම් ගැටලූ මතුකර ඇත. කොමිසමට වඩා හිටපු කොමසාරිස්වරයා මීට වඩා බලවත් බවට ද ඇතැම්හු තර්ක කරනු අසන්නට ලැබිණි.
 
 ජනාධිපතිවරණයකදී වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් හිමි වන්නේ ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටය. විශේෂයෙන් ම ඉකුත් 2015, 2010 මැතිවරණවලදී එය වඩාත්ම පෙනුණි. ජනපති අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඡුන්ද 6217162 ක් ලබා ගනිද්දී ප‍්‍රතිවාදී මහින්ද රාජපක්‍ෂ මහතාට ඡුන්ද 5768090 ක් ලබා ගැනීමට හැකිවිය. ජනපතිවරණයට තරග කළ සෙසු අපේක්‍ෂකයන් 17 දෙනාම ලබා ගත්තේ ඡුන්ද සියයට 1.5 කටත් අඩු ප‍්‍රමාණයකි.
 
 එහෙත් මෙවර ජනපතිවරණයේදී තෙවැනි හා සිව්වැනි අපේක්‍ෂකයන් ද යම් ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගනු ඇතැයි අනුමාන කළ හැකිය. මේ නිසාම පක්‍ෂ හා අපේක්‍ෂකයන් අතර තරගය තවත් උණුසුම් වනු ඇත.
 
 සමස්ත ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යාවෙන් හරියටම සියයට 50 ක් හා එක් ඡුන්දයක් වැඩිපුර ලබා ගන්නා අපේක්‍ෂකයාට ජය හිමිවෙයි. මෙවර පවතින තරගය නිසා කිසිදු අපේක්‍ෂකයකුට එම ඉලක්කයට ළඟා විය නොහැකි බව සමහරු පවසති. එහෙත් තරග කරන ප‍්‍රධාන පක්‍ෂ දෙකම එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරන අතර අනිවාර්යයෙන්ම තමන් අවශ්‍ය ප‍්‍රතිශතය ඉක්මවන බව සඳහන් කරයි. ජනපතිවරණ ඉතිහාසයේ දෙවන මනාපය ගණන් කිරීමක් සිදුව නොමැත. එවැනි තත්ත්වයක් මෙවර ඇති වුවහොත් එය ද ඓතිහාසික මැතිවරණයක් වීමට කරුණකි.
 
 ඡුන්ද සලකුණු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම මේ වන විට ජනතාව දැනුම්වත් කරමින් සිටී. එහෙත් එය නිවැරදිව තවමත් අවබෝධ වී නොමැති බව මැතිවරණ වේදිකාවල දේශපාලනඥයන් දක්වන අදහස්වලින් පෙනී යයි. ජනාධිපතිවරණවලදී ප‍්‍රතික්‍ෂේප වන ඡුන්දවලින් අති බහුතර ප‍්‍රමාණයක් නිවැරැුදිව ඡුන්ද සලකුණු නොකළ ඒවා බව මැතිවරණ කොමිසම පවසයි. එයින්ම පෙනෙන්නේ ඡුන්ද සලකුණු කිරීම පිළිබඳව කරන දැනුවත් කිරීම් ඡුන්ද දායකයාට නිවැරැුදිව සන්නිවේදනය වී නොමැති බවයි.
 
 ජනාධිපතිවරණ ඡුන්ද විමසීමේ පනතට අනුව යම් අපේක්‍ෂකයෙකුට ඡුන්දය ප‍්‍රකාශ කිරීම එක (1) ලකුණ යොදා සිදු කළ යුතු වෙයි. ඉන් පසුව තමා කැමැති නම් පමණක් තවත් අපේක්‍ෂකයන් දෙවන (2) හා තෙවන (3) ලෙස ඡුන්ද ප‍්‍රකාශ කළ හැකිය.
 
 ඒ වගේම ඉහත 1, 2, 3, කිසිවක් සලකුණු නොකරන අයෙකුට කතිරය (ං) පමණක් යොදා තම අපේක්‍ෂකයාට ඡුන්දය ප‍්‍රකශ කළ හැකිය. කතිරය යොදන අවස්ථාවලදී වෙනත් කිසිදු අයෙකුට මනාප සලකුණු කළ නොහැක. එසේ මනාප ලකුණු කළහොත් එම ඡුන්ද පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂේප වනු ඇත.
 
 pI 3එම නිසා ඉලක්කම් (1, 2, 3) සලකුණු නොකර ඡුන්ද පත‍්‍රිකාවේ කතිරය (ං) පමණක් ලකුණු කරන ලෙස අපේක්‍ෂකයන් හා දේශපාලන පක්‍ෂ නායකයන් නිතර වේදිකාවල ප‍්‍රකාශ කරනු අසන්නට ලැබෙයි. ඡුන්දදායකයන්ට තමා කැමති පළමු ක‍්‍රමයට නම් එක (1) යොදා අපේක්‍ෂකයාට ඡුන්ද සලකුණු කළ හැක. එසේ නැතිනම් කතිරය (ං) පමණක් යොදා ඡුන්ද ලකුණු කළ හැක. කතිරය සලකුණු කරන අවස්ථාවේදී ඊට අමතරව වෙනත් අපේක්‍ෂකයන්ට ඉලක්කම් හෝ වෙනත් ලකුණු යෙදීම් නොකළ යුතු වෙයි.
 
 ප‍්‍රතික්‍ෂේප වන ඡුන්ද ප‍්‍රමාණය අවම කර ගැනීමට මැතිවරණ කොමිසමත්, දේශපාලන පක්‍ෂත් කටයුතු කිරීම ඉතා වැදගත් වෙයි. ඡුන්ද දායකයන්ට තවමත් හරිහැටි ඡුන්ද සලකුණු කිරීම පිළිබඳව ප‍්‍රමාණාත්මක අවබෝධයක් ලැබි නොමැති බව පෙනී යයි. ඒ නිසා ඉතා සරලව ජනතාව දැනුවත් කිරීම සියලූ දෙනාගේ වගකීම වනු ඇත.
 
 ඡුන්ද ප‍්‍රචාරක කටයුතු හෙට (13 වැනිදා) මධ්‍යම රාත‍්‍රි 12.00 න් අවසන් වෙයි. මේ නිසා තරග කරන දේශපාලන පක්‍ෂ තම ප‍්‍රචාරක කටයුතු ඉතා පුළුල් කිරීමට පියවර ගෙන ඇත. මෙම තීරණාත්මක දින කිහිපය තුළ ප‍්‍රචාරක කටයුතුවලට අමතරව එක් එක් අපේක්‍ෂකයන්ට එරෙහිව මඩ ප‍්‍රචාර දියත් කිරීමට සැලසුම් පවතින බවට වාර්තා වෙයි. සමාජ මාධ්‍ය ජාල ඒ අතුරින් ඉදිරියෙන්ම සිටියි. ඒ වගේම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ද අඩුවැඩි වශයෙන් විවිධ අපේක්‍ෂකයන්ට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන බවටත් නිවැරදි නොවන තොරතුරුවලට වැඩි ඉඩක් ලබා දෙන බවටත් පෙනී යයි. පෞද්ගලික මාධ්‍ය වෙත මාධ්‍ය උපමාන මාලාවක් ප‍්‍රකාශයට පත් කර ඊට අනුගත වන ලෙස කොමිසම ප‍්‍රකාශ කළත් මෙතෙක් කිසිදු මාධ්‍යයක් ඊට ප‍්‍රතිචාර නොදක්වා ඇති බව පෙනී යයි. ඒ වගේම රාජ්‍ය මාධ්‍ය පාලනයට නීති පවතී. එම නීති අනුගමනය කරනු ලබන බවක් නොපෙනෙයි. රාජ්‍ය මාධ්‍ය සම්පූර්ණ පක්‍ෂග‍්‍රාහීව ක‍්‍රියා කිරීම මැතිවරණ කොමිසමේ ද අප‍්‍රසාදයට ලක්ව ඇත.
 
 මෙවර ඡුන්ද සලකුණු කිරීමෙන් අනතුරුව පස්වරු 5.30 ට පමණ ඡුන්ද ගණන් කිරීම ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ආරම්භ වෙයි. වෙනත් ජනාධිපතිවරණවලට වඩා මෙවර ප‍්‍රතිඵල නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් වන බැවින් ඊට මුහුණදීමට මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ව පුහුණු කර සූදානම් කරනු ලැබීය. ප‍්‍රතිඵල නිකුත් කිරීම අවසන් කිරීම 18 වැනිදා පෙරවරුව දක්වා දීර්ඝ වනු ඇති බවත් මැතිවරණ කොමිසමේ අපේක්‍ෂාවයි. මේ නිසා පත්වන නව ජනාධිපති දිවුරුම් දිම බොහෝ විට 18 වැනිදායින් පසුව සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත.
 
 රනිල් ධර්මසේන
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles