Divaina - සක‍්‍රීය පුරවැසියා හා ඉදිරි ජනාධිපතිවරණය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fea8 1බලය ලබාගැනීම සඳහා අපේක්ෂකයින් මනුෂ්‍යත්වය, සංවේදීතාවය, විවෘතභාවයට, සාමුහිකත්වය, සාධාරණය, සහජීවනය ආදී සාධනීය ගති ලක්ෂණ ප‍්‍රකට කළ ද බලය ලැබුණු පසු ඔවුන් සිය ආචාරශීලීත්වය, සංවේදී බව අතහැර ආත්මාර්ථය හා අයුක්තියට පෙළෙඹෙන බව කැලිෆෝනියාවේ බර්ක්ලි සරසවියේ මනෝවිද්‍යා මහාචාර්ය ඩකර් කෙල්ට්න්ර් (Dacker Keltner) විසින් වසර 20ක් තිස්සේ බලය හා මිනිස් හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබු අධ්‍යයනවලින් හඳුනාගෙන ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව, ජනාධිපති තනතුරට පැවැති සුවිශේෂි බලතල ඉවත් කර ඇති නිසා අගමැති ප‍්‍රමුඛ පාර්ලිමේන්තුව බල ව්‍යුහයේ ප‍්‍රමුඛ වැදගත්කමක් උසුලයි. එවැනි පසුබිමක ජනාධිපති තනතුර හා මෙවර ජනාධිපතිවරණය පිළිබව සමාජයේ තරමක සාකච්ඡුාවක් ද පැවැතුනි. පුර්ණ විධායක බලතල නොමැති තනතුරක් සඳහා රු. කෝටි 700ක් වැනි විශාල වියදමක් දැරීම මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණය ආදී මැතිවරණවලට ඒ ආකාරයෙන්ම විශාල ධනස්කන්ධයක් කෙටි කාල පරාසයක් තුළ අප වැනි රටක රජයකට දැරිය හැකි ද? එසේ දරන්නේ නම්, රාජ්‍යයේ සෙසු මහජන කාර්යයන් ඉටුකිරීමට මුදල් උපයාගන්නේ කෙසේ ද? යන්න සමාජය තුළ කතාබහට ලක්විය. කෙසේ නමුත්, මැතිවරණ පැවැත්වීම මෙන්ම වියදම් දැරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් විසින් සිදු කළ යුතුය. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උප්පත්ති ස්වභාවය ය. දැරිය හැකි ලෙස වියදම් කළමනාකරණය පාලකයින්ගේ හා ජනතාවගේ වගකීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් යම් යම් විකෘතිතාවන් ද පැනනගින්නේ එය භාවිතා කරන ආකාරයේ හැටියටය. බල ලෝභය හා අවස්ථාවාදයෙන් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතයට ගන්නේ නම්, එය පොදු ජනතාවටත්, රටටත් හිතකරය.

කෙසේ වෙතත් ඉදිරි නොවැම්බර් 16 දින ලංකාවේ 8 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. නව ජනාධිපතිවරයා ඉදිරියේ ජයගනු පිණිස අභියෝග ගණනාවක් පෙළ ගැසී තිබේ. ඉදිරි දර්ශනයක් ඔස්සේ රට ගොඩනගන නව වැඩපිළිවෙළකට යමින් යහපාලන රජයෙන් ද පොදු ජනයා අපේක්ෂිත එහෙත් ඉටුකරගත නොහැකි වූ ජනතා අභිලාෂයන් ඉටු කරන්නටත්, නව ජනාධිපතිවරයාට සිදුවනු ඇත. මෑත ඉතිහාසය ගත්විට එවකට පැවැති රජය පරදා 1994 චන්ද්‍රිකා රජය පිහිටු වූයේ, ඊට පෙර පැවැති එජාප රජයේ අඩුපාඩු ජයගන්නටය. 2005 මහින්ද චින්තන පාලනයක් ගොඩනගන ලද්දේ, චන්ද්‍රිකා රජයෙන් ද ඉටු නොවුණු දේ ඉටුකරගන්නටය. අනතුරුව 2015 යහපාලන රජය බිහිකළත්, අවසානයේදී එකිනෙකාගේ පෙර වැරදි හා පසුවැරදි සංවාදයට භාජනය වූවා මිස පොදු ජන සුවසෙත වෙනුවෙන් ප‍්‍රශස්ත මට්ටමින් රට ඉදිරියට යෑමක් සිදු වූයේ නැති බව කාගේත් පිළිගැනීමය.

නිදහසින් පසු මේ දක්වා තට්ටු මාරු ක‍්‍රමයට එජාපයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ ඒ පක්ෂවල එකඟතා මත ඇති වූ සභාග රජයන් පැවැතියත්, තුනකල් දැක්මකින් රට ඉදිරියට ගෙනයෑමට අපොහොසත් වී ඇත. පැලැස්තරවාදී දේශපාලනයක් සිදුකර ඇති අතර, අදටත් දැවෙන ජාතික ගැටලූ ගණනාවකට තිරසර විසඳුම් ලබාදීමට අසමත්ව ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පැත්තෙන් ද උතුරේ ජනයාගේ ප‍්‍රශ්නයේදී ද, ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීමේදී ද, ඡුන්ද ක‍්‍රමය පිළිබඳව ද, අඩු ආදායම්ලාභී ගැටලූව පිළිබඳව ද, ප‍්‍රවාහනය අධ්‍යාපනය ආදී බොහෝ ක්ෂේත‍්‍රවල බරපතල ගැටලූ පවතින අතර, ඒවාට ප‍්‍රශස්ත විසඳුම් ලබාදීමට තවමත් අපොහොසත් වී ඇත. 2019 ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර ඇතත්, ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපති හා අගමැති ගැටුමකින් තොරව ස්ථාවර රජයක් බිහිකර ගැනීම ඔස්සේ රට ගොඩනැගිය යුතුය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල, වේදිකාවල මොනවා කිව්වත් බලය ලබාගත් විට ඒවා ඒ ආකාරයෙන් ඉටු නොවන නිසා ආණ්ඩුවලට බලපෑම් කළ හැකි සක‍්‍රීය පුරවැසි බලයක්, පුරවැසි ව්‍යාපාරයක් රටකට අවශ්‍යය. එය තවමත් අපට සිහිනයක් බව කිව යුතුය.

ජයගත යුතු අභියෝග

පොදු ජනතාවගේත්, රටේ ජාතික ආරක්ෂාවත්, තහවුරු කිරීම මෙවර ජයගත යුතු ප‍්‍රධාන අභියෝගයක් ය. රටේ ස්වෛරීභාවය රැුකීම, විදේශීය බලවේග සමග සහයෝගීව කටයුතු කරමින් ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වන රටක් ගොඩනැගීම, විදේශීය බලවේගවලට නොනැමී සෘජුව කටයුතු කිරීම, රටට අහිතකර ගිවිසුම්වලට එළැඹීමෙන් වැළැකීම, නීතියේ ආධිපත්‍ය සුරැුකීම හා නීතිය සැමට සර්ව සාධාරණ වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජ ආයතන ශක්තිමත් කිරීම, සුළුතර ඡුන්ද පදනම මගින් ආණ්ඩු තීරණය කිරීම වැළැක්වීමේ මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම සඳහා මැතිවරණ ක‍්‍රියාවලිය ප‍්‍රතිසංස්කරණය කිරීම, ජනවර්ග අතර සාමය හා සංහිඳියාව ප‍්‍රවර්ධනය, ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීම, අධ්‍යාපනය නගා සිටුවීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම, කුසලතාවන්ට අනුව හිමි ස්ථානය ලැබෙන පරිසරයක් ඇති කිරීම, දේශීය ගොවිතැන, දේශීය කෘෂිකර්මය, දේශීය ව්‍යාපාරිකයින් හා දේශීය නිෂ්පාදන ඔසවා තැබීම, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම, පාරිභෝගික හා වෙළෙඳපොළ ශික්ෂණයක් ඇති කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණය, අඩු ආදායම්ලාභීන්ගේ සහනාධාර වැඩසටහන් දේශපාලන අවස්ථාවාදයෙන් තොරව ක‍්‍රියාත්මක කිරීම, නිසි පරිදි අඩු ආදායම්ලාභීන් තෝරා ගැනීම හා අවසානයේ ඔවුන් බලසතු වූ බවට සහතික කරගන්නා ක‍්‍රමයක් ඇතිකරගැනීම, ප‍්‍රවාහන ගැටලූව හා මහාමාර්ග තදබදයට පිළියම් යෙදීම, සෑම අංශයකම දූෂණය නාස්තිය, අකාර්යක්ෂමතාව තුරන් කිරීම, පරිසරය සුරකිමින් තිරසර සංවර්ධනය අත්කරගැනීම ආදිය නව නායකයාගේ මෙන්ම ඊළඟට පත්වන නව රජයක් විසින් ජයගත යුතු ප‍්‍රධාන ජනතා අභිලාෂයන් කිහිපයක් වේ. සබුද්ධික ජනතාවගේ ප‍්‍රාර්ථනය ශක්තිමත්, නිදහස් සුරක්ෂිත රටක් ගොඩනැගීමයි.

මෙවර ජනාධිපතිවරණයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණෙන් තරග වදින සජිත් පේ‍්‍රමදාස මහතා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශකිත්මත් කිරීම උදෙසා කැපවෙන බවට ප‍්‍රකාශ කර ඇති අතර, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද ‘එක රටක නීති දෙකක් බෑ’ යනුවෙන් දැඩි ස්ථාවරයක පිහිටමින් නීතියේ ආධීපත්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදී ස්වර්ණමය සංකල්ප ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ආරක්ෂා කරන බවට ප‍්‍රකාශ කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිමට පිහිටුවා ඇති ආයතන ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා සඳහා යෙදවීම බරපතල ලෙස හෙළා දැක ඇත. ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර මහතා ද යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වෙනුවෙන් පෙනී සිටී. දුසිම් තුනක ජනාධිපති අපේක්ෂකයන් සිටින මෙවර ජනාධිපතිවරණයේ බොහෝ අපේක්ෂකයින්ගේ ප‍්‍රකාශ විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ, ඔවුන් ද නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පෝෂණයට අදාළව පෙනී සිටින බවයි. කෙසේ නමුත්, වඩාත් තරගකාරී අපේක්ෂකයින් දෙදෙනා වන්නේ, ගෝඨාභය හා සජිත් බව අවිවාදිතය.

දේශපාලන හා මැතිවරණ සංස්කෘතියේ වෙනසක්...

මැතිවරණ ප‍්‍රකාශන ඔස්සේ මෙන්ම වේදිකාවල වාචිකව පොරොන්දු ලබාදෙමින් පූර්ව මැතිවරණ අවදියේ හැසිරෙන ඒ ඒ පක්ෂ අපේක්ෂකයින් ජයගත් පසුව ඒවා මගහරින ආකාරයක් ලංකාවේ මැතිවරණ ඉතිහාසය විමසුමට ලක් කරන විට හඳුනාගත හැකිය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා ප‍්‍රතිඥා දුන්න ද බොහෝවිට මැතිවරණ නීති කඩකිරීම් වාර්තා වේ. ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි 2000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇත. බහුතරයක් පැමිණිලි රාජ්‍ය දේපළ අවභාවිතය හා සම්බන්ධ ඒවා බව ද වාර්තා වේ. ඒ අතර ඡුන්ද අල්ලස් ලෙස බඩු බාහිරාදිය මුදල් මෙන්ම පූර්ව දින සඳහන් ලිපි යටතේ,

රැුකියා පත්වීම් ලබාදීම පිළිබඳව මාධ්‍ය වාර්තා ද පළ විය. ප‍්‍රචණ්ඩත්වය, එකිනෙකාට සාහසික පහර එල්ල වීම්, බැණවැදීම්, ඇතැම් ජනමාධ්‍ය ආයතනයන්ට අපහාස කිරීම්, එරෙහිවීම් වාර්තා වේ. මැතිවරණ ප‍්‍රචාරණයට පොලිතීන් භාවිතය තහනම් වුව ද කටවුට්, පෝස්ටර් ආදියට සීමා පැනවීම් තිබුණ ද ඒවා කඩකිරීම් හඳුනාගත හැකිය. ජනමාධ්‍ය ද විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය භාවිතය ද සිදුවන්නේ මාධ්‍ය ආයතන කැමති අපේක්ෂකයකුට වාසි සහිතවය. පොලිස් දෙපාර්තමේන්තුවට නිසි ලෙස නීතිය ක‍්‍රියාත්මක කරන්න අපහසු වන පරිදි බලපෑම් එල්ල වීම ද වාර්තා වේ. නීති කඩකරන පිරිස්වලට මැතිවරණ නීතිය අනුව දැඩි පියවර ගත යුතුය. නීතියේ සිදුරු තිබිය නොහැකිය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේත් දැඩි අවධානය වැදගත් වන අතර, මැතිවරණ කොමිසමට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපේක්ෂකයින් මෙන්ම පොදුජන සහයෝගය ද නොඅඩුව ලැබිය යුතුය. මැතිවරණ නීති කඩකිරීම් ආදිය ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ මුල් බැස ඇති අපගාමී ලක්ෂණ බව මෙහිදී සඳහන් කළ යුතුය.

වත්මන් සමාජ දේශපාලන කරළියේ මතුව ඇත්තේ, පන්ති විරෝධතා නොව කණ්ඩායම් හා පුද්ගල විරෝධතාවන්ය. එම කණ්ඩායම්වල හා පුද්ගලයින්ගේ ගැටීම්ය. තනි පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් විසින් පක්ෂ පිහිටුවමින් හා ස්වාධීනව සැලකිය යුතු පිරිසක් මැතිවරණවලට ඉදිරිපත් වෙමින් දේශපාලන පක්ෂ ක‍්‍රමය අවුල් සහගත තත්ත්වයකට පත්කර ඇත. පුද්ගලවාදය හෝ කණ්ඩායම්වාදය අනුව, පිහිටුවනු ලබන ආණ්ඩු නොව පුරවැසි රාජ්‍ය හදන වැඩපිළිවෙළක් රටට අවශ්‍යය. දේශපාලන පක්ෂ අවුල් කරන හා ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව ඇති යල්පැනගිය පිරිස් ඉවත් කිරීම ද රටට හිතකරය. දේශපාලන පක්ෂ විසින් එය සිදු නොකරන්නේ නම්, ජනතාව විසින් එළැඹෙන මහා මැතිවරණයේදී එය සිදු කළ යුතුය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු නාමයෝජනා ලබාදී ඇත. අඩි 2ක් පමණ දිග සංකීර්ණ ඡුන්ද පත‍්‍රිකාවක් සැකසීමට සිදුව ඇති අතර, මැතිවරණ වියදම කෝටි 700 ඉක්මවන බව ද කියැවේ. ප‍්‍රධාන පක්ෂවලට අමතරව සුළු පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයින් විශාල පිරිසක් ඉදිරිපත් වෙමින් ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කරමින්, රාජ්‍ය මුදල් නාස්තියට අනුබල දෙන මෙම විකෘති ප‍්‍රජාතන්ත‍්‍රවාදි භාවිතාව නියාමනය කළ යුතුය. අපේක්ෂකයින් 35 දෙනාගෙන් 12 දෙනෙකු පමණ ඉදිරිපත් වී ඇත්තේ, තමන් අදහන අපේක්ෂකයාට සහය වීමට බව දැනටමත් හඳුනාගෙන ඇත. යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය එසේ විය නොහැකිය. ඡුන්දයේදී 5%ක්වත් ගත නොහැකි මෙවැනි අපේක්ෂකයින්ගෙන් දඩමුදල් අය කළ යුතු බවට විද්වතුන් අදහස් පළ කරයි.

ඡන්ද පෙට්ටි ක‍්‍රමය පසෙකලා විද්‍යුත් ඡුන්ද ක‍්‍රමයකට (Electronic Voting System) පිවිසීමට බලධාරීන් පියවර ගැනීම ඉදිරියේ දී වැදගත්ය. මේ වන විට බොහෝ රටවල් එම ක‍්‍රමය භාවිතා කරමින් කාලය හා මුදල් ඉතිරි කරගන්නා බව සඳහන් කළ යුතුය. අසල්වාසී ඉන්දියාව, නේපාලය හා භූතානය ද මෙම ක‍්‍රමය භාවිතා කරයි. මැතිවරණවලදී පක්ෂ ක‍්‍රියාකාරීත්වය විසින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ සැලසිය යුතුය. මැතිවරණ නීතිය අකුරටම පිළිපැදිය යුතුය. ජාතිවාදය, ආගම්වාදය, කුලය, ආදි පටු ආකල්පයන් මැතිවරණ ක‍්‍රියාවලියට සම්බන්ධ නොකළ යුතුය. මේවා ගැටුම් ඇති කරන සාධක ද වන අතර, ශිෂ්ට සම්පන්න භාවයෙන් තොර ඒවා වන බව ද කිව යුතුය. එකිනෙකාට ගරු කිරීම, අපේක්ෂකයින් අතර සහයෝගය පැවැතිය යුතුය. අනුගාමිකයින්ගේ නොමනා ක‍්‍රියා කලාපයන් පාලනයට හැකියාව පක්ෂ අපේක්‍ෂකයින්ට තිබිය යුතුය. පසුගියදා මාධ්‍ය වාර්තා කළේ එක්තරා රැස්වීමක් දී කථිකයෙකුගෙන් ප‍්‍රශ්න ඇසූ තරුණයකු තවත් පිරිසකගේ දැඩි ප‍්‍රහාරයකට ලක්වීමක්ය. එවැනි තත්ත්වයන් ශිෂ්ට ලෙස පාලනය කිරීමට අපේක්ෂකයින් මෙන්ම ආරක්ෂකයින් ද වග බලා ගත යුතුය. ඡුන්දයේ දී ප‍්‍රචණ්ඩත්වය, වංචාව මෙන්ම විවිධාකර දූෂණවලින් වැළකිය යුතුය. සාමකාමීව මහජනතාවට සිය ඡන්දය පාවිච්චියට මෙන්ම පශ්චාත් මැතිවරණ සමයේ සැමට සාමකාමීව ජීවත්වීමට හැකි පරිසරයක් පැවැතිය යුතුය.

පුරවැසි අපේක්ෂා හා ජනහිතකාමී නායකත්වය

නිදහසින් පසු මෙරට ප‍්‍රධාන කථිකාවක් වූයේ, සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීමයි. සියලූ දෙනා එකතුවී ‘ශ‍්‍රී ලංකා රාජ්‍ය’ ගොඩනැගීමට පියවරගත් බවක් නොපෙනේ. එවැනි කථිකාවක් ගොඩනැගුනු විගස එය අවස්ථාවාදීන් විසින් අවුල් කර ඇත. අනතුරුව දෙමළ පිරිස් දෙමළ රාජ්‍යයක් ගොඩනැගීමට උත්සාහ කළහ. එසේම මුස්ලිම් පිරිස් මුස්ලිම් රාජ්‍යයක් ගොඩනැගීමට සිහින දකී. මෙවැනි වාර්ගික රාජ්‍ය පිළිබඳව සිහින දකින්නේ ශිෂ්ට පුරවැසියන් ලෙස සියලූ දෙනා එකතු වී ශ‍්‍රී ලාංකික පුරවැසි රාජ්‍ය ගොඩනැගීමට දායක නොවීම හේතු කොටගෙනය.

ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරණ ක‍්‍රියාවලිය තුළ හා මතවාදී ක්ෂේත‍්‍රයේ නිරීක්ෂණයන් සැලකිල්ලට ගත්විට ‘පොහොට්ටුව පාර්ශ්වය’ කියන්නේ, ජාතික ආරක්ෂාව සහතික කරමින් ප‍්‍රජාතන්ත‍්‍රීයව රට ගොඩනගන බවය. යහපාලන ආණ්ඩුව; රට ආපස්සට ගෙන ගිය බටහිර විදේශිකයින්ට ගැති පසුගාමී ආණ්ඩුවක් බවය. ‘හංසයා පාර්ශ්වය’ කියන්නේ, ගෝඨා ජයග‍්‍රහණයෙන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අධිකාරවාදී පාලනයක් ඇතිවන බවය. කෙසේ නමුත්, ඒ ඒ අයගේ භාවිතාවන් ඔස්සේ අපට එළැඹිය හැක්කේ මේ සියලූ ප‍්‍රකාශන උපකල්පනයන් බවය. පොදු ජනතාවගේ අත්දැකීම නම්, මේ කිසිවෙක් මේ කියන අන්තවල නොසිටින බවය. පරමාදර්ශීය ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් අතින් අධිකාරිවාදී ස්වරූපයන්ද, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන් ද, අකාර්යක්ෂමතාවන් ද සිදුව ඇති බවත්, අධිකාරිවාදින් යැයි කියන පිරිස් අතින් රටට වැඩදායක මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකීමට සිදු කළ කැපවීම් හඳුනාගත හැකි බවත්ය. මෙවැනි පසුබිමක පොදුජනතාවගේ කාර්ය විය යුත්තේ, හැම පාර්ශ්වයක්ම ඒ ඒ අවධිවල කළ කී දෑ සබුද්ධිකව විමර්ශනය කර කිරා මැන බලා තම මනාපය පළ කිරීමය.

බලය ලබාගැනීම සඳහා අපේක්ෂකයින් මනුෂ්‍යත්වය, සංවේදීතාවය, විවෘතභාවයට, සාමුහිකත්වය, සාධාරණය, සහජීවනය ආදී සාධනීය ගති ලක්ෂණ ප‍්‍රකට කළ ද බලය ලැබුණු පසු ඔවුන් සිය ආචාරශීලීත්වය, සංවේදී බව අතහැර ආත්මාර්ථය හා අයුක්තියට පෙළෙඹෙන බව කැලිෆෝනියාවේ බර්ක්ලි සරසවියේ මනෝවිද්‍යා මහාචාර්ය ඩකර් කෙල්ට්න්ර් (Dacker Keltner) විසින් වසර 20ක් තිස්සේ බලය හා මිනිස් හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබු අධ්‍යයනවලින් හඳුනාගෙන ඇත. ඇමෙරිකාවේ ප‍්‍රින්ස්ටන් සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සුසන් ෆිස්ක් (Susan Fiske) ගේ අධ්‍යයනයකට අනුව හෙළි වන්නේ ද බලය ඇති අයට සිය බල සීමාව තුළ තම හිතු මනාපයට අනුව, කටයුතු කළ හැකි නම්, අනන්‍යන්ගේ මතයට සංවේදී වීමේ හැකියාව ඔවුන් අතින් ගිලිහෙන බවයි. අධ්‍යයන වාර්තා එසේ සඳහන් කළත්, එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ‍්‍රී ලංකාවේ 8 වැනි ජනාධිපතිවරයා පොදු ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඔස්සේ බහුතර බලයක් ලබාගනිමින් තේරී පත්වීමට නියමිතය. ජනතා අපේක්ෂාවන් ඉටුකරගත හැකි, රට සුරකින, රට ගොඩනගන, නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන නීතියේ ආධිපත්‍යට ගරුකරන නව නායකයකු තෝරාගැනීම පොදු පුරවැසියන්ට භාර වගකීමක් වනු ඇත. පුරවැසියාගේ සබුද්ධිකභාවය අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේදී බව සඳහන් කළ යුතුය. කෙසේ නමුත්, බලය ලබාගත් නායකයා අනර්ථයට නොගොස් අයුක්තියට බර නොවී පොදුජන අභිලාෂයන් සාධනයට කැපවීම ශිෂ්ට සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනහිතකාමී ජනනායකයෙකුගේ වගකීමය.

දීපාල් ද සිල්වා

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles