Divaina - ගෝලීය බෞද්ධ එකමුතුව ගොඩනැගූ මහාචාර්ය ගුණපාල මලලසේකර

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මහින්ද මලලසේකර
 
 ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නිර්මාතෘ හා ආරම්භක සභාපති මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 120 වැනි ජන්ම දිනය 2019 නොවැම්බර් 9 වැනිදාට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 

malala555
 
 තම ජීවිතයේ දී සිත තුළ ඇති කර ගන්නා ලද යහපත් ඇවැතුම් පැවැතුම් අනුව උදාර අදහස්‌ ක්‍රියාවට නංවා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුද්ගලයකු කටයුතු කරන්නේ නම් එය කිසි විටෙකත් නිරර්ථක නොවන්නේමය. සුදුසු කාලය වේලාව, අවස්‌ථාව අනුව සාර්ථක වන්නේමය. මෙය එක්‌ අතකින් බලන විට ජගත් න්‍යාය ධර්මයකි. ලෝකයට හිතසුව සලසනු පිණිස තබන සෑම පියවරක්‌ පාසාම ඒ අයුරින්ම ඉටු වූ අවස්‌ථා පිළිබඳ තොරතුරු ලෝක ඉතිහාසයෙන් සොයා ගැනීම එතරම් දුෂ්කර කටයුත්තක්‌ නොවේ. පුරාකෘත කුසල බලය ඇතිව සමාජ මෙහෙවරට පිවිසෙන්නන්ගේ කටයුතු සාර්ථක වන්නේ එලෙසය.
 
 වර්ෂ 1919 දෙසැම්බර් 20 වැනි දින සමස්‌ත ලංකා තරුණ බෞද්ධ සමිති සම්මේලනය නමින් බිහිවී පසු කලකදී zසමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයZ බවට පත්වූ බෞද්ධ සංවිධානයේ සභාපති ධුරයට මහාචාර්ය මලලසේකර මහත්මා තෝරාගනු ලැබුවේ වර්ෂ 1939 දෙසැම්බර් 25 වැනි දිනය. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පැවැති මන්දගාමී බවින් මිදී සාර්ථක ඉදිරි ගමනකට මඟ පෑදේවා යනුවෙන් මලලසේකර මහතාණන් සභාපති වීමෙන් පසුව සභාව ඇමැතූ බෞද්ධ ප්‍රධානියකු පැවසුවේ මලලසේකර තුමන් මෙතෙක්‌ කල් සිදුකර ඇති කටයුතුවල සාර්ථකත්වයද මෙනෙහි කරමිනි.
 
 මේ වනවිට ගිය ගිය තැන තම සේවයෙන් සුවිසල් මෙහෙවරක්‌ ඉටු කොට ඇති මලලසේකරයන් මෙසේ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරයට පත්වන විට සිටියේ එතුමන්ගේම වචනයෙන් කිවහොත් භද්‍රයෞවන අවධිය වූ හතළිස්‌ වැනි වියේය. මෙතෙක්‌ කල් තමන්ට ලැබුණු බුද්ධිමය ගෞරවයේ ප්‍රතිචාරය විශේෂයෙන්ම තම රටේත් ලෝකයේත් බෞද්ධයන්ගේ ප්‍රගතිය පිණිස යොදවන්නේ මැයි එතුමන් එවෙලේ සිතා ගත්තාට සැකයක්‌ නම් නැත්තේමය. රට පුරා බෞද්ධ සමිති සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ පිළිවෙළකට එතුමෝ මුල පිරූහ. මලලසේකරයන් වැනි කුශාග්‍ර බුද්ධිමතකු තමන්ට ඉදිරිමඟ පෙන්වීමෙහි යෙදී සිටින බව පෙනුණු විට ලංකාව පුරාම ගිහි නායකයන් මෙන්ම පැවිදි හිsමිපාණන්ද ප්‍රබෝධයෙන් යුතුව නැගී සිට බෞද්ධාගමේ ප්‍රගතිය උදෙසා තම මෙහෙවර ඉටු කරගන්නට මුල් වූහ. පැවිදි නාහිමිපාණන්ද ප්‍රබෝධයෙන් යුතුව නැගී සිට බෞද්ධාගමේ ප්‍රගතිය උදෙසා තම මෙහෙවර ඉටු කරගන්නට මුල්වූහ.
 
 මෙසේ වසරින් වසර දශකයක්‌ම ගියද සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති පදවිය මලලසේකර තුමන්ගෙන් ඉවත් කොට වෙනත් අන් අයකුට පවරන්නට කිසිවකු උත්සාහ කළේ නැත. ඒ එතුමන්ගේ උපරිම සේවයත්, කුශාග්‍ර බුද්ධියත් බෞද්ධ ජනතාවට මහා ශක්‌තියක්‌ බවට පත්වී තිබීම ගැන කවුරු කවුරුත් දැන සිටි හෙයිනි. එහෙයින්ම ඒ සෑම වාරයකදීම මලලසේකර මහාචාර්යතුමන් සභාපති ධුරයට පත්වූයේ නිතරගයෙනි.
 
 තමන්ගේ සභාපතිත්වයෙන් සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් ලෝක බෞද්ධයන් ද එකට එකමුතු කිරීමේ අදහසක්‌ ක්‍රියාවෙහි යෙදවිය යුතු යෑයි යෝජනාවක්‌ මලලසේකර මහාචාර්ය තුමන් විසින් ඉදිරිපත් කරන ලද්දේ වර්ෂ 1947 දී පැවැති විසි අට වැනි සංවත්සර රැස්‌වීමෙහිදීය. ඒ අනුව වර්ෂ 1949 ජුනි මාසයේදී හවායි විශ්වවිද්‍යාලයේ පැවැති ලෝක දර්ශනවාදීන්ගේ මහා සම්මේලනයේදී විශේෂ දේශනයක්‌ පැවැත්වීමට මලලසේකර මහත්මාණන්ට ඉඩ ලද අවස්‌ථාවේදී එතුමෝ මෙසේ ලෝක බෞද්ධයන් එකට එක්‌වීමේ වැදගත්කම පැහැදිලි කර දුන්හ. එහිදී එම අදහස බෞද්ධ පිරිසගේ පමණක්‌ ද නොව බුද්ධියට ගරු කරන විශාල පිරිසකගේ ගෞරවයටත් සැලකිල්ලටත් ලක්‌විය. එහෙයින් මතු දිනෙක තමන් එවන් කටයුත්තකට සැලසුම් සම්පාදනය කරන බව පළ කළහ.
 
 බෞද්ධ රටවල් කිහිපයකම සංචාරයෙන් පසුව මෙරටට පැමිණි මහාචාර්ය මලලසේකර මහතා බෞද්ධ සම්මේලනයේ වග කිවයුත්තන් කැඳවා ඉදිරි කාලයේ ලෝකයේම බෞද්ධයන් ඒකරාශි කිරීම සඳහා සංවිධානයක්‌ ආරම්භ කිරීමේ මෙම මහා පුණ්‍යකර්මය පිළිබඳව කරුණු හෙළි කළහ. සියල්ලෝම එම කටයුත්ත අති සාර්ථක අන්දමින් කළ යුතු බව අනුමත කළහ. මෙවන් කටයුත්තකට වැය වන වියදම සම්මේලනයේ ප්‍රධාන ධනවතුන් කිහිප දෙනෙකු විසින් එවේලේම භාර ගැනිණ. ඉන් පසුව ප්‍රශ්නය වූයේ ලෝක බෞද්ධ පැවිදි නායකයන්ට ආරාධනය කිරීමටත් වඩා, ඔවුන් මෙහි පැමිණි විට නවාතැන් පහසුකම් සැපයීමය. ඔවුන් රටේ ප්‍රධාන හෝටල්වල නතර කරවන්නට කටයුතු යොදන්නේ නම් අති විශාල මුදලක්‌ වියදම් වන බව කාටත් හැඟී තිබෙන බව පෙනිණ.
 
 ඒ ගැන මම කලින්ම හිතලයි තියෙන්නේ. මා සමහර සම්මේලනවලට පිට රට ගිය අවස්‌ථා කිහිපයකදීම නතර වුණේ ප්‍රධාන විහාරස්‌ථානවල, නැතිනම් එම සංවිධායකයන්ගේ නිවාසවල හෝටල්වල නතර වුණාටත් වඩා පහසුකමුත් අප අතර සුහදතාවයත් ඇති වුණා. ඒ වාගේ මේක ට වඩින හාමුදුරුවරු අගනුවර ප්‍රධාන පන්සල් වලත් ගිsහියන් අපි අපේ නිවාසවලත් නතර කරවා ගනිමු. එතකොට අපේ සියලු කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් යනුවෙන් මලලසේකර සභාපතිතුමා කියා සිටි අදහසට කාගේත් අනුමැතිය ලැබිණි.
 
 මෙම මහා සම්මේලනය වර්ෂ 1950 වෙසක්‌ පසළොස්‌වකට මහනුවර දළදා මාලිගයේ පැවැත්වීමට තීරණය කර ගන්නා ලද්දේය. හිටපු අධ්‍යාපන අමාත්‍යවර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර, ඩී.ටී. දේවේන්ද්‍ර, දයා හේවාවිතාරණ, ලීලානන්ද කල්දේරා, සිරිල් ද සොයිසා, ඩබ්ලිව්. ඡේ. ප්‍රනාන්දු, ඩී.ටී.ආර්. ගුණවර්ධන, බී. එච්. විලියම් යන මහත්වරුන් යනුවෙන් වූ විශාල පිරිස ඇතුළත් වූ කාරක සභාවේ සංවිධායකයන් වූයේ මහාචාර්ය මලලසේකර සහ දොස්‌තර ඩබ්ලිව්. ඒ. ෙµdන්සේකා මහත්වරුන්ය.
 
 සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති වශයෙන් මහාචාර්ය මලලසේකරතුමාගේ අත්සන ඇතිව ලිපි ලෝකයේ බෞද්ධ රටවල ප්‍රධානීන් වෙත නිකුත් කෙරිණි. මේ අනුව බලාපොරොත්තු වූයේ රටවල් දහයක දොළහක පමණ නියෝජිතයන් තිහක්‌ හෝ හතළිහක්‌ හෝ පැමිණෙතැයි කියාය. එහෙත් එම රටවල් විසි නමයක (29) නියෝජිතයන් පැමිණෙන බවට ලැබුණු ප්‍රතිචාර සංවිධායකයන්ගේ ඉමහත් ධෛර්යට ද හේතු විය. අන්තිමේදී රැස්‌වීම පැවැත්වෙන දිනට පෙර ලෝක නියෝජිතයන් එකසිය විසිනව දෙනෙකු (129) කලින්ම දිවයිනට පැමිණ සිටියහ.
 
 1950 මැයි මස 25 වැනිදා අගනුවර සිට රිය පෙරහැරකින් නියෝජිත පිරිස මහනුවර දක්‌වා කැඳවාගෙන යැමටත් පසුදා දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමටත් ඉන් පසුව නියෝජිතයන් වෙනුවෙන් සුවිශේෂී දළදා ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමටත් කටයුතු සම්පාදනය කර තිබිණි. තමන් පිළිගැනීම උදෙසා අගනුවර මෙන්ම මහනුවර බලායන ගමන් මාර්ගයෙහි ද බෞද්ධ කොඩි හා සැරසිලි, තොරණ ආදිය ඉදිකර ගෞරව දක්‌වා තිබෙනු දැක ලෝක නියෝජිතයෝ මවිතයට ද පත්වූහ.
 
 එසේ පැමිණි ලෝක බෞද්ධ නියෝජිතයන් මලලසේකර මහත්මා ඇතුළු ප්‍රධානීන් හමුවී මෙවන්a කටයුත්තක්‌ සංවිධානය කිරීම පිළිබඳව තම තමන්ගේ සතුට ප්‍රකාශ කළ බවද සමහරුන් ප්‍රශස්‌ත යෝජනා පවා ඉදිරිපත් කළ බවද පසුව වාර්තා කෙරිණි.
 
 1950 මැයි 25 වැනිදා මහනුවරට කැඳවන ලද නියෝජිතයන් දළදා මාලිගාවේ මඟුල් මඩුවෙහි රැස්‌වී ඓතිහාසික ලෝක බෞද්ධ මහා සම්මේලනය පිහිටුවීමේ උත්සවය ආරම්භ කෙරුණේ පසුදා මැයි 26 වැනිදා මල්වතු අස්‌ගිරි මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
 
 ලෝක බෞද්ධ මහ සම්මේලය ඇරඹීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ සී.බී. නුගවෙල මහත්මා විසිනි. එම යෝජනාව මෙහි පැමිණ සිටි ලෝක බෞද්ධ නියෝජිතයන්ගේ සිත් සසල කරවන අන්දමේ එකක්‌ විය. යෝජනාව ස්‌ථිර කරන ලද්දේ ඉන්දියානු ජනරජයේ අධිකරණ අමාත්‍ය බී.ආර්.අම්බෙඩ්කාර් මහත්මා විසිනි. විෙද්‍යාaදය පරිවෙණාධිපති පූජ්‍ය බද්දේගම පියරතන නා හිමියන් පාලි භාෂාවෙන් දේශනයක්‌ පැවැත්වීමෙන් අනතුරුව මහාචාර්ය මලලසේකර මහතා මෙවන් ලෝක බෞද්ධ සම්මේලනයක්‌ ඇරඹීමෙන් බෞද්ධ දර්ශනයේ ව්‍යාප්තිය උදෙසා මතුවට ලොවට ප්‍රයෝජනවත් ලෝක නියෝජිතයන් සියල්ලම පාහේ ඒවාට සිය අනුමැතිය ලබාදෙන බව පළ කර සිටිනු දක්‌නට ලැබිණ.
 
 එංගලන්තයේ කොන්ස්‌ටන්ස්‌ ලෝන්ස්‌බරි, බුරුමයේ ඌ ටාන් ටූන්, චීනයේ පා පොන් හිමි ජපානයේ ආචාර්ය අරවින්ද බරුවා, ඉන්දියාවේ ආනන්ද කෞශල්‍යායන හිමි, ඉතාලියේ ලෝකනාථ හිමි, ජපානයේ රිරි නකසාමි හිමි, මලයාසියාවේ පිටි ටික්‌හුයි, තායිලන්තයේ සුත් නිම්‍යක්‌මේන්ද කුමරු, ටිබැටයේ ගිං සාන් පෝ හිමි සහ වියට්‌නාමයේ ගෝ ලිsයෙන් හිමි යන පැවිදි ගිහි බෞද්ධ නායකයන් මෙහිදී ලෝක බෞද්ධ එකමුතුවක අගය වර්ණනා කරමින් දේශන පැවැත්වූහ.
 
 රටේ ගෞරවයත්, ජනතාවගේ ගෞරවයත් ලෝක ජනතාව වෙත පිරිනැමෙන පරිදි රටේ නායකයන්ටද නිසි තැන දෙන්නට මහාචාර්ය මලලසේකර මහතා කටයුතු සම්පාදනය කර තිබෙන බව දක්‌නට ලැබිණ. ඒ අනුව අගනුවරදී ලෝක බෞද්ධ නායකයන් හමුවීමේ ප්‍රධාන උත්සවය කොළඹ තුරග තරග පිටියේදී ඇරඹුණේ අග්‍රාමාත්‍ය ඩී.එස්‌. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එවකට රජයේ අමාත්‍ය මණ්‌ඩලයේ සභානායක වී සිටි එස්‌. ඩබ්. ආර්.ඩී. බණ්‌ඩාරනායක ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. බණ්‌ඩාරනායක ඇමැතිතුමන් එහිදී ලෝක බෞද්ධයන් පිළිගැනීමේ කතාව පවත්වන ලදී.
 
 ලෝක බෞද්ධයන්ගේ පමණක්‌ නොව අපේ රටේ ප්‍රධාන පෙළේ බෞද්ධ නායකයන්ගේද ඇස්‌ ඇරෙන්නට මේ ලෝක බෞද්ධ මහා සම්මේලනය සමත්විය. එහෙත් එහි මූලස්‌ථානය අපේ රටේ පවත්වාගෙන යන්නට සුදුසු ඉඩමක්‌ හෝ ගොඩනැගිලි ඉදි කරන්නට සිංහල බෞද්ධ නායකයන් ධනය නොයෙදූ හෙයින් එය තායිලන්තයේ බැංකොක්‌ නුවර පිහිටුවන්නට සිදුවිය. දැනට ලෝකය පුරා විසිරී ඇති ප්‍රාදේශීය මධ්‍යස්‌ථාන 189 ක්‌ එහි සාමාජිකත්වය දරයි.
 
 ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධයන් එක ධජයක්‌ යටතේ ඒකරාශි කිරීමේ මහා පුණ්‍ය කර්මයට මග පෑදූ 1899 නොවැම්බර් 9 වැනිදා පානදුරේ, මාලමුල්ලේ, "සමනල" නිවසේදී උපත ලබා 1973 අප්‍රෙAල් 23 දින දැයෙන් සමුගත් මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මැතිඳුන්ට නිවන් සුව අත්පත් වේවායි ප්‍රාර්ථනය කරන්නෙමි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles