Divaina - දිගට තේ බොන එක මොළයට හොඳයි.... පරීක්‍ෂණයකින් හෙළිවෙයි...!

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ඒමන්ති මාරඹේ
 
 teaදිගු කලක් තේ පානය කිරීම මොළය වියපත් වීම වළක්වා එය වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන බව සිංගප්පූරු ජාතික විශ්වවිiාලයේ හා එංගලන්තයේ එසෙක්ස් හා කේම්බි‍්‍රජ් යන විශ්වවිiාලවල පර්යේෂකයන් පිරිසක් විසින් තේ පානය හා මොළයට ඉන් ඇතිවන බලපෑම පිළිබඳව ප‍්‍රථම වරට සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය කරගෙන ඇත.
 
 දිගු කලක් මුළුල්ලේ තේ පානය කරන අයගේ මොළයෙහි ක‍්‍රියාකාරිත්වය ඉතාමත් සෞඛ්‍යසම්පන්න වන අතර තේ පානය කිරීමෙන් වයසට යත්ම මොළය වියපත් වීම වළක්වා එය ආරක්‍ෂා කෙරෙන බව මෙම අධ්‍යයනයේදී හෙළි වී ඇත. මෙහිදී පර්යේෂකයන් විසින් වයස අවුරුදු 60 ක් වූ හා 60 ඉක්ම වූ පුද්ගලයන් 36 දෙනකුගේ තේ පරිභෝජනය ඔවුනගේ සෞඛ්‍ය තත්ත්වය, ජීවන රටාව හා මානසික සෞඛය තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර ඇත. එහිදී සතියකට අවම වශයෙන් සිවු වතාවක් කළු තේ (බ්ලැක් ටී), කොළ තේ (ග‍්‍රීන් ටී) හා උලෝන් තේ යන ඕනෑම තේ වර්ගයක් වසර 25 ක් තිස්සේ පානය කරන අයගේ මොළය තේ පානය නොකරන අයගේ මොළයට වඩා නිරෝගීව වර්ධනය වන බව හෙළි වී ඇත.
 
 තේ පානය කරන අයගේ මොළයෙහි කලාප ගණනාවක් ඉතා හොඳින් සංවිධානය වීම නිසා එය එම පුද්ගලයන්ගේ සෞඛ්‍ය සම්පන්න බවට ද යහපත් අයුරින් බලපාන බව මෙම අධ්‍යයනයෙහි ප‍්‍රතිඵලය අනුව පෙනී යන බව සිංගප්පූරු ජාතික විශ්වවිiාලයේ මානසික වෛi විiාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්ය හා පර්යේෂණ කණ්ඩායමේ නායක ෆෙන්ග් ලෙයි පවසයි. මෙම අධ්‍යයනයෙහි වාර්තාව ‘ඒජින්’ නමැති විiා සඟරාවෙහි පළ කර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles