Divaina - අතුරුදහන්වී දින 12යි... ඇටකටු ගොඩක් ලෙස හමුවූ පාසල් සිසුවාගේ මරණය තවමත් අභිරහසක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

 sun Copy

 

 

 

 


වතු පාසල්වල බහුලව දකින්නට ලැබෙන අඩුපාඩුවක් ලෙස අධ්‍යාපනය පිණිස සිසු සිසුවියන් නිසි පරිදි පාසල් වෙත නොපැමිණීම පෙන්වාදිය හැක. ඊට ආසන්න උදාහරණය ලෙස ඉහත නම් සඳහන් සිවන්රාජ් - හරිසුදන් දෙසොහොයුරන් ගත හැක. උපතින්ම දුප්පත් අහිංසක දරුවන් දෙදෙනකු වන ඔවුන් මෙම වර්ෂය තුළ පාසල් පැමිණ ඇත්තේ ඉතාමත් සීමිත දින සංඛ්‍යාවක්ය. මෙම වසර තුළ මේ වන විට පාසල දින 154ක් පවත්වා ඇතත් සිවන්රාජ් එම දින සංඛ්‍යාවෙන් දින 64ක් පාසලට පැමිණෙන අතර ඔහුගේ සොහොයුරා වන හරිසුදන් පාසල් වත පැමිණ සිටින්නේ දින 20ක් වැනි ඉතා සීමිත ප‍්‍රමාණයක්ය. දුප්පත්කමත් නූගත් බවත් සමග දුෂ්කර වතු ජීවිත ගත කරන වතු කම්කරුවන් වන ඔවුන්ගේ දෙමාපියන්ට තම දරුවන් පාසල් නොගොස් සිටීම එතරම් ගැටලූවක් බවට පත් නොවන්නේ තම දරුවන්ගේ ඉරණමද ඔවුන්ගේ ඉරණමට නොදෙවෙනි එකක් බව කල්තබා තේරුම් ගැනීමෙන් විය යුතුය. මෙරට වතු කම්කරුවන්ගේ ජීවිත අන්දරය බොහෝ විට නිමාවට පත්වන්නේ දුප්පතුන් ලෙස ඉපදී දුප්පතුන් ලෙසම මිය පරලොව යෑමත් සමගින්ය. සිවන්රාජ්ගේ දෙමාපියන් වන ජී. ගුණසේකරම් සහ මව වන ප‍්‍රමිලාගේ ජීවිතේ පිටු මත මේ වන විටද ලියවෙමින් පවතින්නේ එම කටුක ජීවිත සටහන් බැවින් ඔවුන්ට තම දරුවන් පිණිස කැපවීමට හෝ ඔවුන් පිළිබඳ සොයා බැලීමට කාලය විසින් කවුළුවක් විවරකරදී නොමැත.

දිනය... ඉකුත් 16වැනිදාය. එදින පාසල් දිනයකි. සෑම පාසල් දිනයකම සිවන්රාජ්ගේ තාත්තා වන ගුණසේකරම් හටද රාජකාරි දිනයකි. ඔහුට පැවරී තිබෙන රාජකාරිය වන්නේ තම පුතණුවන් දෙදෙනාද අධ්‍යාපනය ලබන ඉහත සඳහන් පාසල වෙත පැමිණෙන කුඩා දරුවන්ට ආරක්‍ෂාව සලසමින් ඔවුන් පාසල වෙත රැගෙන ඒම සහ නැවත ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන ගොස් භාරකරුවන් වෙත පැවරීමය. ඒ සඳහා ඔහු සේවය කරන චෙස්බොන්ඞ් වත්ත කළමනාකාරීත්වය විසින් වැටුපක් ගෙවන අතර කලක් තිස්සේ ඔහු එම රාජකාරියේ නිරතව සිට ඇත්තේ එය දේවකාර්යයක් කොට සලකමිනි.

එදින... 13 හැවිරිදි සිවන්රාජ් සිසුවාද පාසල වෙත පැමිණි දිනයකි. කලාතුරකින් අකුරට එන සිවන්රාජ් හට මග පෙන්වීමට ඔහුගේ තාත්තා හෝ මව නොපැමිණ ඇති බැවින් ඔහු තනිමග තනිව පාසල වෙත පියනගන්නේ තම වතු නිවාසයේ සිට පාසල වෙත ළ`ගාවිය හැකි කෙටි මං ඔස්සේ සුපුරුදු උදාසීන බවත් සමගිනි. එය සිවන්රාජ් අධ්‍යාපනය ලබමින් සිටි නානුඔය ප‍්‍රදේශයේ පිහිටි ්ඉඉදඑිදෙරා වතු පාසල වෙත ඔහු පැමිණි අවසන් දිනය වී ඇත. පාසල නිමවීමෙන් අනතුරුව නැවත නිවසට නොපැමිණි තම පුතණුවන් පිළිබඳ විමසිලිමත් වන සිවන්රාජ්ගේ දෙමාපියන් ඇතුළු ප‍්‍රදේශවාසීන් 16 වැනි දින පස්වරුවේ අවට ලඳු, දෙනි, කැලෑ පීරමින් සිවන්රාජ් පිළිබඳව සොයා බලන අතර රාත‍්‍රිය උදාවීමත් සමග ඔවුන් නැවතත් තම තමන්ගේ නිවෙස් වත පැමිණෙන්නේ සිවන්රාජ්ව සොයා ගැනීමට දරන ලද වෙහෙසත් එම උත්සාහයත් සැබෑවක් බවට පත් නොවීමෙන් උපන් හිස් බලාපොරොත්තු සහිතවය.

සිවන්රාජ්ගේ දෙමාපියන් දීර්ඝ රාත‍්‍රියකින් අනතුරුව පසුදින (17දා) නැවත තම පුතණුවන් පිළිබඳ තොරතුරක් සොයා ගැනීම පිණිස මහත් වෙහෙසක් දරන අතර එය අසාර්ථකවීමත් සමග ඔවුන් පැමිණෙන්නේ නානුඔය පොලිස් ස්ථානය වෙතය. අදාළ සිදුවීම සම්බන්ධව මුල සිට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ඔවුන් ඉන් අනතුරුව අපේක්‍ෂා සහගත දෑසින් දින දින පසුවන්නේ කුමන හෝ තොරතුරක් පොලිසිය විසින් තමන් වෙත ලබාදෙනු ඇතැයි යන සුබවාදී සිතුවිල්ලෙනි.

තමන් වෙත ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කරන නානුඔය පොලිසිය අතුරුදන්ව ඇතැයි සැකකරනු ලබන පාසල් සිසුවා සොයා ගැනීම පිණිස දැඩි වෙහෙසක් දරන්නේ එතැන්සිටය.

ඒ අනුව මූලාශ‍්‍ර කීපයක් ඔස්සේ පරීක්‍ෂණ පවත්වන පොලිසිය සිවන්රාජ් පිළිබඳ තොරතුරක් සොයා ගැනීම පිණිස දින ගණනාවක් තිස්සේ කටයුතු කර ඇතත් ඒ පිළිබඳව වැදගත් තොරතුරු කිසිවක් අනාවරණය කර ගැනීම පිණිස වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට අසමත්ව ඇත. පසුගිය දින ගණනාවක් පුරා නානුඔය ප‍්‍රදේශයට ඇදහැලූන අධික වර්ෂාවත් සිවන්රාජ් පිළිබඳ ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නොතිබීමත් එයට මූලික හේතුවක් බවට පත්වන අතර ඉකුත් 29 වැනි දින උදාවන්නේ පොලිසිය විසින් එම පරීක්‍ෂණ කටයුතු වැඩිදුරටත් සිදු කරමින් තිබෙන අතරතුරය.

එදින ප‍්‍රදේශවාසී එක්තරා පුද්ගලයෙක් දර කැපීම පිණිස මිනිස්වාසයෙන් තරමක් දුරින් පිහිටි වනගත ප‍්‍රදේශයක් කරා ගමන් කරන අතර එම ස්ථානය තරමක් දුෂ්කර බවින් හා ගුප්ත බවින් යුත් වනගත පෙදෙසක්ය. එම ප‍්‍රදේශයේ පවතින අඳුරු මූසල බව හේතුවෙන් ගම්වැසියන් බොහෝ දෙනෙක් මොනයම් හෝ අවශ්‍යතාවක් පිණිසවත් එම ප‍්‍රදේශයට නොයන බව ප‍්‍රදේශය තුළ පවතින මතයක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් ඉකුත් 29දා දර කැපීම පිණිස එම ප‍්‍රදේශය වෙත ළඟාවන ගම්වැසියාට දැකගත හැකි වන්නේ එක්වරම ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. පාසල් නිල ඇඳුමක් සහිතව අයකු මිය ගොස් සිටින අයුරු දකින ගම්වැසියා ඒ පිළිබඳ වඩාත් විමසිලිමත්වීමේදී දැක ගැනීමට ලැබී ඇත්තේ මළ සිරුරට මදක් ඈතින් බිම වැටී ඇති පොත් බෑගයකි.

වහාම තමන් පැමිණි කාරණය පසුව තබන ගම්වැසියා ගම්මානය දෙසට ගමන් කර තමන්ට දකින්නට ලැබුණ සිදුවීම ගම්මුන් හමුවේ විස්තර කරන අතර ඉන් මඳ වේලාවකට අනතුරුව ඒ පිළිබඳව නානුඔය පොලිසිය ද දැනුවත් කරන්නේය.

ඒ අනුව අදාළ මග තොරතුරු ඔස්සේ ඒ ස්ථානයට ළඟාවන නානුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඇතුළු
ගම්වැසින්ට දකින්නට ලැබී ඇත්තේ බෙහෙවින් නරක්ව ගිය මළ සිරුරක් එම ස්ථානයේ තිබෙන ආකාරයකි. කොත්මලා ඔයට ජලය ගලාබසින නානුඔය ඇළ අසල උණ පඳුරක් අසල තිබී එම මළ සිරුර හමුවන අතර එය ඊට දින 12කට පෙර අතුරුදන් 13 හැවිරිදි ගුණසේකරම් සිවන්රාජ්ගේ බව හඳුනාගෙන ඇත්තේ අතුරුදන් සිසුවාගේ ඥාතීන් පිරිස විසිනි.

සිවන්රාජ් අතුරුදන් වූවේ කෙසේද? එය යම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්ද ඔහු මරණයට පත් වන්නේ මොන ආකාරයටද යන්න පිළිබඳ මෙය ලියන මොහොත වන විටත් නිවැරැදි තොරතුරක් නැත. ඒ පිළිබඳව අධිකරණ නියෝග මත මේ වන විටත් වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඒ හරහා සිවන්රාජ්ගේ අභිරහස් මරණයේ සුලමුල නුදුරේදී හෙළිවනු ඇත. කෙසේ වෙතත් සිවන්රාජ්ගේ මරණය ඔහුගේ සමීපතමයන්ට කෙසේ වෙතත් සමාජය හමුවේ එතරම් ‘කම්පනයක්’ සහ ‘කතාබහක්’ දැනවූ මරණයක් බවට පත් නොවන්නේ සිවන්රාජ් යනු දුප්පත් වතු කම්කරු දෙමාපියන් යුවළකට දාව උපන් දරුවෙක් හේතුවෙන්ද? යනු අප හමුවේ ඇති ගැටලූවකි.

 

 රුවන් ජයවර්ධන

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles