Divaina - නතරවීම.....! කෙටිකතාව....

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 sun Copy

 

 

 

 

 
 එය අපූරු පරිසරයක් විය. බැලූබැලූ අත වූයේ ගෙවල්යායක් මෙන් පෙනෙන පර්චස් විස්සේ කුඩා ඉඩම්වල තැනූ අලූත් ගෙවල්ය. එක එල්ලේ පෙනෙන කෙලින් පාරවල්ය. ගෙවල් අවට අලූතින් හිටවනු ලැබූ කෙසෙල් ගස්ය. අලූත හිටවූ පොල්පැළය. ගස්ලබු ගස්ය. සෑම වත්තකම වත්ත වටේට බැඳි තාප්පයක් විය. ගෙවල්යායේ ලොකුගස් නොවීය. එබැවින් සුළඟ බාධවක් නැතිව ගෙවල් අතරින් හමා ගියේය. සියලූම දෙනා දුර බැහැර ප‍්‍රදේශ වලින් කොළඹ පදිංචියට ආ රජයේ හෝ සංස්ථාවල රැුකියා කරන අයය. ගෙවල් බොහොමයක වැඩ ඉවරවී නොතිබුණත් කොටසක යන්තමට වැඩ ඉවරකරගෙන ඔවුන් ඒවායේ පදිංචිව සිටියෝය.
 
 චන්ද්‍රසිරිලා පදිංචිව සිටි ගෙය තට්ටුදෙකේ ගෙයක් විය. එහි වැඩ නිමවී තිබුණේ පහළ තට්ටුවේ පමණි. ඉහළ තට්ටුවේ වහල ගසා තිබුණ අතර එහි එක කාමරයක ඇතුළු පැත්ත කපරාරුකර දොරජනෙල් දමා තිබුණි. මම එහි ගියවිට මට නතරවීමට දුන්නේ එම කාමරයයි.
 
 චන්ද්‍රසිරිලා මෙහි එන්නට පෙර සිටියේ තලවතුගොඩ තලාහේන පාරේ කුලියටගත් ඇනෙක්සියකය. ඔවුන්ගේ ලොකුදුව තිලිණි සහ පොඩිදුව ඉන්දීවරී උපන්නේ එහි සිටින විටය. අවුරුදු දහයක් පමණ එහි කුලියට සිටිමින් ඒ අතර ඉතුරුකරගත් මුදලින් ඔවුන් මේ ඉඩම මිලට ගත්තේය. ඔවුන්ගේ දෙමවුපියන්ද එයට උපකාරකර තිබුණි. තිලිණිට දැන් වයස අවුරුදු නවයකි. ඉන්දීවරීට වයස හතරකි. ප‍්‍රමාදවී පැමිණි කෙනකු ගේට්ටුව ඇර ගැනීමට නාදකරන මෝටර් රථයක නලා ශබ්දය බල්ලකු බුරනු ශබ්දය ඉන්පසුව කරාස්ගා තල්ලූ කරමින් අරිනු ලබන ගේට්ටු ශබ්දය ආදිය හැරුණුවිට රාති‍්‍රය නිසංසල විය. සුන්දරවිය.
 
 චන්ද්‍රසිරිගේ ඉඩමට යාබද ඉඩම් කොටස වෙන්දේසියේදී වෙනත් කෙනකු විසින් මිලදීගත් නමුත් ඔහු එය ප‍්‍රයෝජනයට නොගෙන හිස්ව තිබෙන්නට හැර තිබුණි. පසුකාලයේ එම ඉඩම ඔහුගෙන් මිලදී ගන්නට චන්ද්‍රසිරිට හැකිවිය. එහිද කෙසෙල් ගස් සහ වෙනත් ගස් වර්ග සිටුවා තිබුණි. එළිපෙහෙලි කිරීමට වෙලාවක් නැති බැවින් එම හරිය ලඳු කෑලෑවකින් යුක්තවිය.
 
 රාතී‍්‍ර ආහාර ගැනීමෙන් පසු වැඩ අවසන් නොවූ උඩ තට්ටුවේ වූ ඇඳි පුටු දෙකක වාඩිවන අපි ජනෙල් දොරවල් දමා නොතිබුණ එහි ආලින්දය හරහා හමායන සිසිල් සුළෙඟ් පහස විඳිමින් නොයෙකුත් දේවල් ගැන කථා කළෙමු. බොහෝවිට අපේ පැරණි පාසල් සහ විශ්වවිද්‍යාල යහළු යෙහෙළියන් සම්බන්ධ තොරතුරු අතීත මතක සැමරුම් විවිධ රසකතා වර්තමාන රැුකියාවන්හි ඇති ගැටලූ තොරතුරු උපදෙස් ආදියෙන් ඒවා සමන්විත විය. එය ඉතාමත් රසවත් මිත‍්‍ර සමාගමක් විය. එහි නතරවීමෙන් ලැබෙන මහඟු ප‍්‍රතිලාභයක් වූයේ එම මිත‍්‍ර සමාගමයි.
 
 ඔවුන් ගතකළේ ඉතාමත් අවිවේකී ජීවිතයකි. උදේ හතරට පමණ අවදිවන අමරා සහ චන්ද්‍රසිරි උයන්නට පටන් ගනියි. උදේ හත වනවිට සියල්ලෝම නිවසින් පිටව යති. චන්ද්‍රසිරිට නිල්පාට මරුති 800 මෝටර් රථයක් තිබුණි. යනගමන් ලොකුදුව පාසලට ද පොඩිදුව මොන්ටිසෝරියට ද භාරදෙන අතර මොන්ටිසෝරියෙන් පසු පොඩිදුව අමරාගේ මව විසින් මහගෙදරට කැඳවා ගෙනයනු ලබයි. පාසල නිමවූපසු ලොකුදුව තිලිණි ද පාසල් වෑන් රථයකින් යන්නේ අමරාගේ මහ ගෙදරට යි. එහි අමරාගේ අම්මා තාත්තා සහ මල්ලී පදිංචිව සිටියේය. සවස ආපසු එමින් චන්ද්‍රසිරි පවුලේ සියලූ සාමාජිකයින් එක්කර ගන්නා අතර සවස පහමාර පමණ වනවිට සියලූ දෙනා ගෙදරය.
 
 අමරාට තිබුණ ලොකුම ප‍්‍රශ්නයක් වූයේ ගෙදර වැඩට ගැළපෙන කෙනෙක් හමුනොවීමය. එබැවින් ඇය නිතර නිතර මට මතක් කළේ අපේ ගම්පළාතෙන් හෝ ගෙදර වැඩට කෙනෙක් හොයා දෙන ලෙසටය. වතුවැඩ කිරීම සඳහා ඕනෑ කරන පිරිස අඩුව සිටින බැවින් අපේ පළාතේ අයට ඕනෑතරම් වතුවල කුලී වැඩ තිබුණි. ගෙදර සිට නිදහසේ යෑමට ඒමට හැකි ඒවා අතහැර අනුන්ගේ ගෙවල්වල වැඩට යන්නට කැමැති අය දැන් මේ පළාතේ අඩුබව ඇයට කීපවරක් කියූවත් ඇය එය තේරුම්ගන්නේ නැත.
 
 ඔවුන්ගේ නිවසේ වරින්වර මෙහෙකාරියන් කීපදෙනෙක් සිටියේය. නමුත් හය මාසයකට වඩා ඔවුන් කිසිවෙක් රැුඳීසිටියේ නැත. එයට හේතුවුණ කරුණු චන්ද්‍රසිරි විසින් විස්තර සහිතව මට පවසා තිබුණි. අමරා සුන්දර කාන්තාවක් වුවත් ඇයගේ අමුතු ගතිපැවතුම් විය. මෙහෙකාරියන්ට ඇය සැලකුවේ අමුතුම ආකාරයටය. ඔවුන් අඩුකාලයකින් නිවස අතහැර යන්නේ එබැවිණි. මෙහෙකාරියක් නිවසේ සාලයේ ඇති පුටුවක වාඩිවීම අමරා කිසිසේත් ඉවසුවේ නැත. එවැනි දෙයක් දුටු වහාම බැනවැදී ඇයව කුස්සියට එලවීම අමරාගේ සිරිත විය. මෙහෙකාරිය චන්ද්‍රසිරි සමග කතා කරනවාට අමරා කැමතිවූයේ නැත. අවට ගෙවල්වල අය සමග කථාබහ කිරීම මෙහෙකාරියන්ට දැඩිසේ තහනම්වූවකි. රූපවාහිනිය බැලීම ගේ ඇතුළේ ඇති නානකාමර පාවිච්චිය තහනම්ය. මෙවැනි තහනම් රාශියක් විය. අඩුවක් නැතිව පඩි ලැබෙතත් මෙවැනි තහනම් කිරීම් රාශියක් මැද ජීවත්වීමට කිසිදු මෙහෙකාරියක් කැමතිවූයේ නැත. සමහර මෙහෙකාරියන් නිවස අතහැරගියේ අමරා සමග බහින්බස් වීමෙන් පසුවය. චන්ද්‍රසිරි කිසිවිටකත් එක පැත්තක්වත් නොගෙන සිටියේය. අමරා වැරදි බව ඔහු දනිතත් ගැටුම් වලදී මෙහෙකාරියගේ පැත්ත ගතහොත් සිදුවන අනිටු විපාකයන් ඔහු හොඳින් දැන සිටියේය.
 
 මහගෙදර පදිංචිව සිටි චන්ද්‍රසිරිගේ මල්ලීට කුඩා දරුවන් දෙදෙනකු සිටි බැවින් චන්ද්‍රසිරිගේ දෙමවුපියන් චන්ද්‍රසිරිගේ ගෙදර එන්නට කැමතිවූයේ නැත. ඔවුන් අමරා පිළිබඳවද වැඩි පැහැදීමකින් සිටියේද නැත. අමරාගේ අම්මා වරින්වර එහි පැමිණ සිටියත් ටික කලකින්ම අමරා සමග ගැටුමක් ඇතිකර ගන්නා ඇය ආපහුයන්නේ අමරාට පමණක් නොව චන්ද්‍රසිරිටද බැනවැදීමෙන් පසුවය. කෙසේ වැඩකාරයෙක් සොයා ගත්තත් ඇතිවන තත්ත්වය තේරුම්ගෙන සිටි බැවින් වැඩට කෙනෙක් සෙවීමට චන්ද්‍රසිරිගේ තිබූ උනන්දුවද අඩුවිය. චන්ද්‍රසිරි කුඩා කාලයේ සිටම ඉතා කාරුණික තැනැත්තෙකි. නිවසේ සාමකාමී බව රැුකුණේ චන්ද්‍රසිරිගේ කාරුණිකබව නිසාය. සියලූ දෙයෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ අමරාට සහ චන්ද්‍රසිරිට තනිවම ගෙදර වැඩකර ගන්නට වීමය.
 
 කරන්නට දෙයක් නැතිවූ බැවින් දෙදෙනාම පුළුපුළුවන් හැටියට වැඩකරන්නට විය. ඔවුන් උදේ හතරට පමණ නැඟිටිමින් රාති‍්‍ර දහය පමණ වනතුරු වැඩ කළහ. කෙසේවෙතත් වැඩි වැඩකොටසක් කරනු ලැබුවේ චන්ද්‍රසිරි විසිනි. උදේ හතරට පමණ අවදිවන ඔහු මුලින්ම කරන්නේ තේ පිළියෙල කිරීමය. අමරා නැඟිට එන්නේ තේ වලට සීනි දමන ශබ්දය ඇසෙන විටය. ආහාර පිසිනවිට අමරා බොහෝවිට කළේ රතුලූනු ශුද්ධ කරදීම වැනි සුළුවැඩය. තිලිණි සහ ඉන්දීවරී නැඟිටුවා මූණකට සෝදවා ඇඳුම් අන්දවා සියලූ කටයුතු කරනු ලැබුවේද චන්ද්‍රසිරි විසිනි. ඔහු ඒවා කළේ ඔවුන් සමග කතා කරමින් සතුටිනි. නිරන්තරව වැඩට කෙනෙක් සොයමින් සිටියද වැඩට කෙනෙක් සොයාගන්නට නොහැකිවීම ගැන චන්ද්‍රසිරි සතුටට පත්ව සිටියේය. එයට හේතුවූයේ එයින් වැඩකාරියකට යන වියදම ඉතිරිකර ගන්නට ලැබුණ නිසාය. එනමුත් අධික වෙහෙස වත්තපිටිය වල්බිහිවීම ටිකක් හෝ විවේක ගන්නට නොහැකිවීම ආදිය නිසා වැඩකාරයෙක්ගේ අවශ්‍යතාව දිනෙන් දින වැඩිවන්නට විය.
 
 කාලයක් ගතවීමෙන් පසු මට නැවත වැඩමුළුවකට සහභාගීවීම සඳහා කොළඹ යන්නට සිදුු විය. එදිනද මම නතරවීමට තෝරාගත්තේ චන්ද්‍රසිරිලාගේ නිවසයි. තිළිණි සහ ඉන්දීවරීට රසකැවිලි ටිකක්ද මිලට ගත් මම එහි ගියෙමි. නිවස අවට වත්තපිටිය පිරිසිදුව ඇත. අමරා සාලයටවී පොතක් කියවමින් සිටියාය. ‘අද වැඩට ගියේ නැද්ද’ මම ඇසීමි. ‘නැහැ වැඩට ගියා. දැන් ටිකකට කලින් ආවෙ’ ඇය කීවාය. ආගිය ගමන් තොරතුරු කතා කරන අතරේ ‘අපිට නියම වැඩකාරයෙක් හමුවුණා’ යැයි අමරා කීවාය. මම කුස්සියට එබී බැලූවෙමි. අවුරුදු පනහක පමණවූ පැහැපත් කෙසඟ මිනිසෙක් උයමින් සිටියේය. ඔහු සුමාන දෙකකින් පමණ රැුවුල කපා තිබුණේ නැත. හිසේ ඉදිරිපස තට්ටය පෑදී තිබුණි. කාලයකින් කපා නොතිබූ කොණ්ඩය හැඩපලූගෙතී තිබිණි. ‘කොහොමද වැඩකාරයා හොඳද’ මම හෙමිහිට අමරාගෙන් ඇසුවෙමි. ‘පොඩි පොඩි අඩුපාඩු තියනවා ඒවුණත් හොඳයි’ ඇය කීවාය.
 
 ‘කොහේ කෙනෙක්ද’ මම ඇසීමි ‘මිනිහ තිස්සමහාරාමෙ පැත්තෙ කෙනෙක්. කාත් කවුරුවත් නැහැ කියලයි කියන්නෙ. අසනීපකාරයෙක්. කාලයක් තිස්සෙ කොළඹ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවා නොකඩවා. බෙහෙත් ගන්න හින්ද අසනීපගතිය අඩුයි’ ඇය කීවාය. ‘මොනවගේ අසනීපයක්ද මිනිහට තියෙන්නෙ’ මම ඇසීමි. ‘අසනීපයක් කිව්වට පේන තරම් අසනීපයක් නැහැ. මිනිහ හොඳට ඉන්න ගමන් එකපාරටම වෙනස්වෙනව. කිසිවැඩක් නොකර කාඑක්කවත් කතානොකර අයින්වෙලා මුල්ලකටවෙලා කනගාටුවෙන් ඉන්නවා. හැබැයි ටික දවසක් යනකොට ඔක්කොම හරියනවා එතකොට හොඳට ඉන්නවා’ ඇය කීවාය.
 
 අසනීපය ගැන විස්තර ඇසූ මට මම අසා තිබුණ එක්තරා දේව කොට්ඨාසයක් සම්බන්ධ කථාවක් මතක් විය. එම දේව කොට්ඨාසය මාසයේ දිනපහළොවක් ඉන්නේ දෙවියන් ලෙසය. ඉතිරි දින පහළොව ඉන්නේ පෙරේතයන් ලෙසය.
 
 ‘එතකොට බෙහෙත්’ මම ඇසුවෙමි. ‘බෙහෙත් ඉස්පිරිතාලෙ සායනයෙන් අරන් දෙනවා. මිනිහ එක්ක යන්න ඕන නැහැ. මම සෙනසුරාද උදේ සායනයට ගිහිල්ල කාඞ්එක පෙන්නුවහම බේත් දෙනව. එක සැරේ මාසයකට බෙහෙත් දෙනවා. බෙහෙත් උදේටයි ?ටයි දෙන්න ඕන. හැබැයි මම උදේ බේත් දෙන්නෙ නැහැ මොකද බෙහෙත් බිව්වහම මිනිහට ටික වෙලාවක් නින්ද යන හින්ද. ? බේත්වේල නම් නොවරදවාම දෙනව නැත්නම් මිනිහට ?ට නින්ද යන්නේ නැති නිසා මිනිහ නිදානොගෙන එක එක සද්ද කරනකොට අපිටනෙ කරදරේ. මිනිහ එයා ඉන්න කුස්සිය ළඟ පොඩිකාමරේ මුල්ලක දේවරූපයක් තියාගෙන නිතරම වඳිමින් පුදමින් තමයි ඉන්නෙ. මිනිහ කියනව මිනිහට දෙවියො කතාකරනව ඇහෙනව කියල. සමහර වෙලාවට මිනිහ තනියම කතාකරමින් ඉන්න වෙලාවල් තියනව. සමහරවිට ඒ දෙවියො එක්ක කතාකරනව වෙන්න ඇති. මිනිහ බැඳල නැහැ. ඔහොම හිටියට මිනිහ හරි මනමාලය. මම සීනිදාල තේ එකක් හදල දුන්න නම් එදාට ඉතින් කෑම නැතුවත් කමක් නෑ. ඔය කාත් කවුරුවත් නැහැ කියල කිව්වට ඒක ඇත්තම නෙවෙයි. මම හෙමිහිට අහල බැලූව, මිනිහගේ අම්ම තාත්ත නැහැ. නංගි කෙනෙක් විතරයි ඉන්නෙ. නංගි තමයි මහගෙදර පදිංචිවෙලා ඉන්නෙ. මෙයා ගෙදර පිටිපස්සෙ පැත්තෙ පාළුවට ගිය කාමරේක තමයි ඉඳල තියෙන්නෙ. එයාගෙ මහත්තය කොහොමටවත් කැමති නැහැ මෙයා ඒ ගෙදර ඉන්නවට. ඉතින් හරි අසරණ තත්ත්වයක තමයි ඉඳල තියෙන්නෙ. මෙයාට කෑමබීම එහෙම වැඩිය ඕන නැහැ. එපා කිව්වට අහන්නෙ නෑ .
 
 ගෙදෙට්ට කවුරුහරි ආවහම බීඩියක් බොන්න රුපියල් දෙකක් ඉල්ලනව ලැජ්ජාවෙ බෑ. ඒවුණාට ඉතින් මොකද කරන්නෙ. කියන ඕන වැඩක් බෑ නොකිය කරනව. සැප පහසුකම් ගැන හොයන්නෙත් නැහැ. පඩියක් ගැන අහන්නෙත් නැහැ. අපිට තියෙන්නෙ ඉන්න කාලයක් ඉන්න ඇරල මැරුණට පස්සෙ වළදාන එක විතරයි. ’ඇය විස්තර කියාගෙන ගියාය.
 
 ‘සැරද’ මම ඇසුවෙමි. ‘අනේ නැහැ හරිම අහිංසකයි. කෝටුවක් අතට ගත්තත් මිනිහ හරි බයයි. අනේ නෝන ගහන්න එපා කියනව.’
 
 ‘කොහෙන්ද හොයාගත්තෙ’ මම ඇසුවෙමි. ‘මගේ යාළු නර්ස්නෝන කෙනෙක් ඉන්නව මානසික වාට්ටුවෙ එයා තමයි හොයල දුන්නෙ. මෙයා අවුරුදු ගාණක් සායනයට ඇවිත් තියනව. වාට්ටුවෙත් ඉඳල තියනව. එතෙන්දි තමයි තොරතුරු දැනගෙන තියෙන්නෙ. තව මේ වගේ අය ඉන්නවලූ ඕන්නම් එහෙටත් කෙනෙක් හොයල දෙන්නම්’ ඇය කීවාය. ‘අසනීපගතිය වැඩිවුණොත් මොකද කරන්නෙ’ මම ඇසුවෙමි. ‘අසනිප ගතිය වැඩිවුණොත් සායන කාඞ් එක පෙන්නල ආයිත් වාට්ටුවට ඇතුළු කරනව’ ඇය කීවාය.
 
 පසුවදා මම පිටව එනවිට ඔහු වත්ත අතු ගාමින් සිටියේය. හෙමිහිට මා ළඟට ආ ඔහු බැගෑපත් ලෙස අතපා ‘මහත්තයා රුපියල් දෙකක් දෙන්න බීඩියක් බොන්න’ යැයි කීවේය. මගේ අතේ මාරුකාසි රුපියල් දෙකක් තිබුණේ නැත. මම රුපියල් දහයක් ඔහුට දුනිමි. ඔහු එය ගත්තේ නැත.
 
 අනුරාධ විජේරත්න

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles