Divaina - 2022 වසර උදාවෙනකොට ජනතාවටත් රටටත් සුබදායක තත්ත්වයක්..... ගුරු මාරුවට පසුවදනක්....

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 sun Copy

 

 

 

 

na3 2ප‍්‍රශ්නය - නොවැම්බර් හතරවැනිදා ගුරු මාරුවක් සිදුවෙනවා. මේ ගැන විවිධ මත පළවෙනවා. මුලින්ම මේ ගැන කතා කළොත්?

පිළිතුර - ඔව්. මේ ග‍්‍රහමාරුව ගැන අපි පසුගිය සතියෙන් ලිව්වා. මේක බොහෝම වැදගත් ග‍්‍රහමාරුවක්. ගුරු ග‍්‍රහයාට රාශි චක‍්‍රය වටේ රවුමක් යන්න අවුරුදු දොළහක් ගතවෙනවා. එතකොට එක රාශියක මාසයක් වගේ කාලයක් ගතකරනවා. ග‍්‍රහයෙකුට මේ රාශි දොළහම සුබ හෝ අසුබ නැහැ. සුබ රාශීන් තියෙනවා. ඉතිං ගුරු ග‍්‍රහයා මේ මාරුවෙන්නේ සුබ රාශියකට. ඒ කියන්නේ ගුරුගෙ ස්වක්‍ෂේත‍්‍ර රාශියට. මේක සුබදායකයි. රාජ්‍ය ආදායමට, පාර්ලිමේන්තු කටයුතු වලට කථානායක, මුදල් ඇමැති වගේ තනතුරු වලට විශේෂ සුබදායක තත්ත්වයන් ඇති කරනවා.

ප‍්‍රශ්නය - ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයටත් සුබයි කියල ඔබ කියල තිබුණා.

පිළිතුර - ඔව් කි‍්‍රකට් ක‍්‍රීඩාවේ දියුණුවට විශේෂ වැඩපිළිවෙලක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ක‍්‍රිකට්ලෝලීන්ට සුබ ආරංචියක්.

ප‍්‍රශ්නය - කාලගුණයට කරන බලපෑම කොහොමද?

පිළිතුර - දැන් සති තුනකට ඉස්සර වෙලා අපි ‘‘නැකත’’ මගින් කීවා වර්ෂාව දිගටම පවතිනව කියල. නායයෑම් වලට ඉඩ තියන බවත් කීවා. ඒක එහෙමම වුණා. මේ වර්ෂා තත්ත්වය නොවැම්බර් මාසෙ මැද වෙනකල් තියන බව පේනවා. වර්ෂාව ගැන බලන කොට රවි, සිකුරු, බුධ කියන ග‍්‍රහයො ගැන වැඩියෙන් බලන්න ඕනෑ. කොච්චර වැස්සත් නොවැම්බර් මැද දක්වාම ගිනිභයක් වගේ දේකුත් පෙන්නනවා. ගිනිගැනීම් පිපිරීම් වගේ අනතුරු වලින් ප‍්‍රවේශම් වීම නුවණට හුරුයි. උසස් අය, ප‍්‍රවේශමින් ඉන්න එක වැදගත් වෙනව.

ප‍්‍රශ්නය - දිගටම සුබදායක සාමකාමී තත්ත්වයක් ඇතිවෙයි කියල මේ ගුරු මාරුවෙන් පේනවද? නැත්නම් ඒ කොච්චර කාලෙකටද?

පිළිතුර - ගුරු මාරුවේ සුබපලදායක තත්ත්වය නොවැම්බර් 4 වැනිදා ඉඳල මාස පහක් විතර තියන බව පේනවා. 2020 ජනවාරි 15 වැනිදා ඉඳල මේ තත්ත්වය ටිකක් වෙනස් වෙනවා. මේ වෙනකොට රාජ්‍ය වියදම් ඉහල යන්න පටන් ගන්නව. පොදු ජනතාවට තරමක කරදරකාරී තත්ත්වයන් උදාවෙනවා.

ප‍්‍රශ්නය - ඇයි ඔබ එහෙම කියන්නේ? තවත් ග‍්‍රහ මාරුවක්ද?

පිළිතුර - ඔව්, 2020 ජනවාරි 24 වැනිදා ශ‍්‍රී ලංකාවට හිමි කුම්භ ලග්නයේ අධිපති සෙනසුරු මකර රාශියට ඇතුළු වෙනවා. ඒ කියන්නේ ලග්නයෙන් දොළොස්වැන්නට. ඒක රටේ දියුණුවට බාධා ඇතිකරනව. ඊළඟට ඔය සුබපල දෙන ගුරු ග‍්‍රහයා දුර්වල වෙනවා. මාර්තු 29 වැනිදා මේක සිද්ධ වෙනවා.

ඉතිං මාර්තු 29 - ජුනි 29 අතර මාස තුනම රටේ කරදර මතුකරන කාලයක් බව පේනව. අපි මුලින් කියපු ගුරු මාරුවේ සුබපල යටපත් කරනවා. සමහර විට ඔය මැතිවරණ කාලයක් වෙන්න පුළුවනි. එහෙම නොවුනත් පාර්ලිමේන්තු කටයුතු වලට අවුල් සහගත තත්ත්වයක් බව පේනව. ඔය කාලය දියුණුවට පත්වුණ කි‍්‍රකට් ක‍්‍රීඩාවටත් අපලයි.

මේ කියන්නෙ රටේ සුබදායක පරිවර්තනයක් සිදුවෙලා. මාස පහකින් විතර සිද්ධවෙන තත්ත්වයක් ගැනයි. අපි බලාපොරොත්තුවෙන ගුරු මාරුවේ සුබපල බොහෝදුරට යටපත් වන මාස තුනක කාලයක් ගැනයි මේ කියන්නේ.

ප‍්‍රශ්නය - සුබදායක තත්ත්වයක් උදාවෙන්නෙ කොයි කාලෙද?

පිළිතුර - කාලය විසින් ඇති කරන විපත්ති නැත්නම් යහපත් දේ වරින් වර උදාකරනවා. ඒ වුනත් මේ රටට නැත්නම් යම් පුද්ගලයකුට ඇතිකරන ග‍්‍රහ අපල නැති කරගන්න පුළුවන් වෙන්නෙත් අපටමයි.

කොහොම වුනත් 2020 ජුනි අග ඉඳල තරමක යහපත් තත්ත්වයක් උදාවෙනවා. 2020 මුල් කාලය ටිකක් කලබල වුනත් ඊට පස්සෙ තරමක සාමකාමී පරිසරයක් ඇතිවෙයි. හැම දෙනෙක්ම හිතන්නෙ සුබ අනාගතයක් පිළිබඳවයි. කොහොම වුනත් සම්පූර්ණයේම යහපත් කාලයක් කියල අපේක්‍ෂා කරන්න වෙන්නෙ 2022 අවුරුද්දයි. 2022 වසර උදාවෙනකොට ජනතාවටත් රටටත් සුබදායක තත්ත්වයක් ඇතිවෙයි. ශ‍්‍රී ලංකාව හිමි කේන්ද්‍රයේ ලග්න අධිපති ශනි රවි, ගුරු, සිකුරු ශුභ තැන්වල ගමන් කරන කාලයක් වේවි.

ප‍්‍රශ්නය - කාලෙන් කාලයට උදාවෙන මේ කරදර විපත් ත‍්‍රස්ත ප‍්‍රහාර වගේ දේවල් වෙනුවෙන් ජනතාවට කළ හැකි දේ මොකක්ද?

පිළිතුර - ඉතාම වැදගත් ප‍්‍රශ්ණයක්. ඕනෑම රටක බරපතළ ත‍්‍රස්ත ප‍්‍රහාර, පහරදීම්, භීෂණ ඇතිවන්නේ ඒ රටේ ජනතාවගේ සිත් වලින් නිකුත් වන ¥ෂිත සිතිවිලි නිසයි. වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව වගේ ¥ෂිත සිතිවිලි තරංග පරිසරය විකෘති කරනවා. කාලගුණික විපර්යාස ඇති කරනවා.

දැන් බලන්න මේ දවස්වල වුණත් එක එක පිල්වලට බෙදිල කරන විවේචන. ඒව විවේචන නෙවෙයි. අවලාද ඇණුම් බැනුම් කාලයක් තිස්සෙ ජනතාවගේ හිත් ඇතුළෙ වෛරය වැපිරවීම තමයි තවත් කාලෙක භීෂණය කියන අස්වැන්න ලබාදෙන්නෙ.

ජාති භේද, කුල භේද, පක්‍ෂ භේද, ආගම් භේද, ස්ත‍්‍රී පුරුෂ භේද, මේ මොන භේද වුණත් සමගියට හානිකරයි. භේද තියන තැන සාමය නෑ. නායකයොම තමයි ජනතාව භේද කරන්නෙ. ග‍්‍රහ අපල දුරුකරන්න තමයි ශාන්ති කර්ම කරන්නෙ. ප‍්‍රධාන ශාන්ති කර්මය තමා මෛත‍්‍රිය පැතිරවීම. උදේ සවස මෛත‍්‍රිය පතුරවන්න. එතකොට ග‍්‍රහ අපල දුරුවෙයි. රටට සාමය උදාවෙයි.

ජ්‍යොතිර්වේදී  කලා භූෂණ
සුනිල් කුමාර ගම්ලත් සමඟ පිළිසඳරක්

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles