Divaina - රට යන අත - ජනාධිපතිවරණය මැදට ආ ‘මිලේනියම් චැලේන්ජ්’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


ජනිත සෙනෙවිරත්න
 
 ratsජනාධිපතිවරණයට තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. ප‍්‍රධාන පාර්ශ්ව දෙකම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් පසුවෙති.
 
ජනාධිපතිවරණයේ ජය හෝ පරාජය මත ප‍්‍රධාන පාර්ශ්ව දෙකේම අනාගතය තීරණය වනු ඇත. ප‍්‍රධාන පාර්ශ්ව දෙකම මේ වන විට කරට කර සටනක නිරත වන අතරේ මෙතෙක් පැවති තියුණුම ජනාධිපතිවරණය මෙය බවට සැකයක් නැත.
 
 චන්ද්‍රිකාගේ පිම්ම
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දියණිය මෙන්ම හිටපු ශ‍්‍රීලනිප නායිකාව හා හිටපු ජනාධිපතිනිය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සජිත් පේ‍්‍රමදාසගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වීම පසුගිය සතියේ සිදුවූ ප‍්‍රබලතම සිදුවීමක් විය. මෙය බොහෝ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ නොසතුටට හේතු විය.
 
 ඉන්පසුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පවත්වනු ලබන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය සංවිධානය කළ ‘අපි ශ‍්‍රී ලංකා සමුළුව’ විශේෂ සම්මන්ත‍්‍රණයකටද චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගි වූවාය.
 
 ආසන සංවිධායකවරුන්ට වැඩ වරදින ලකුණු?
 
 මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවැති ‘අපි ශ‍්‍රී ලංකා‘ සමුළුවට සහභාගි වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩබලන සංවිධායකවරුන් පත් කිරීමට ශ‍්‍රීලනිපය මධ්‍යම කාරක සභාව පසුව තීරණය කරන ලදී.
 
 ශ‍්‍රීලනිප වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැති මධ්‍යම කාරක සභා රැුස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
 
 මෙම අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වී ඇත.
 
 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ‍්‍රීලනිපය ගත් තීන්දුව විවේචනය කරමින් හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය මෙහිදී මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබිණි.
 
 ගෝඨාභයට තවත් පක්ෂ එක්වෙයි
 
 මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා ගෙනයන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන්ද මෙවර මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡුා වූ අතර පක්ෂයේ උපරිම ශක්තිය යොදවා රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවීමටද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව පවත්වන රැුස්වීම් මාලාවට අමතරව ශ‍්‍රීලනිපය වෙනමම රැුස්වීම් මාලාවක් පැවැත්වීමට ද මෙහිදී මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.
 
 මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් පක්ෂ
 
 14 ක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම එම පෙරමුණේ මිරිහාන මැතිවරණ කාර්යාලයේදී පසුගියදා සිදු කෙරිණි..
 
 එහිදී පක්ෂ හා පෙරමුණු නියෝජනය කරමින් ඒවායේ නියෝජිතයන් හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා එම ගිවිසුම්වලට එළඹිණි.
 
 අකිල් ඉලංගෙයි ද්‍රවිඩ මහ සභාව, ශ‍්‍රී ටෙලෝ පක්ෂය, ශ‍්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය, ජනතා සේවක පක්ෂය, එක්සත් ලංකා ජනතා පක්ෂ්‍ය, ඉන්දීය සම්භවයක් ඇති ජනතා පක්ෂය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය, ජාතික පෙරමුණ, එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, දේශපේ‍්‍රමී ප‍්‍රගතිශීලී ජනතා පෙරමුණ, ඉස්ලාම් සමාජවාදී පෙරමුණ සහ ශ‍්‍රී ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂ හා සන්ධාන මෙසේ ගිවිසුම්වලට එළැඹුණහ.
 
 තීරණාත්මක දෙමළ සන්ධානයේ සහාය සජිත්ට
 
 මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සියලූ පක්ෂවල සහයෝගය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදී.
 
 ටෙලෝ පක්ෂයේ වව්නියාවේදී මධ්‍යම කාරක සභා සාමාජිකයන් රැුස්වී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා දෙන බවට ප‍්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය විසින් මෙසේ නිල නිවේදනයක් නිකුත් කර ඇත.
 
 මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් පත්වන නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4 ක් ද තිබිය යුතු බවද පෙන්වා දී තිබේ.
 
 ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීමක් ඇති විරුද්ධවාදීන් නොඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයකු වීම, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත‍්‍රිවිධ හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බලය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැුක ගැනීමට හැකි අයෙකු වීම, මූලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවූ අයෙකු වීම, සාධාරණත්වය හා සාමානාත්මතාව සහ සියලූ ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප‍්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙසත් ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙදුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලූම පුරවැසියන්ගේ අනන්‍යතාව පවත්වා ගැනීම සහ රැුකගැනීම මඟින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලූ දෙනාට අයිති වෙනවා සේම ඔවුන් එකම රටකට අයිති බව හැඟවිය යුතුවීම එම කරුණු වේ.
 
 මෙම නිවේදනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඉලංකෙයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අඩෙක්කලනාදන් හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් යන අය විසින් නිකුත් කර තිබේ.
 
 ඡුන්ද හිමි නාමලේඛනයෙන් නම් කැපූ බවට පැමිණිලි
 
 මේ අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ මැතිවරණ බල ප‍්‍රදේශ කීපයක සිදු වී යැයි කියන ඡුන්ද හිමි නාමලේඛනයෙන් නම් කපා දැමීමක් ගැන සොයා බලන්නැයි ඡුන්දදායකයන් පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.
 
 සිය ඡුන්ද බල ප‍්‍රදේශයේ වසර දහයක පමණ කාලයක් තිස්සේ ඡුන්දය ප‍්‍රකාශ කළ ඡුන්දදායකයන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා තිබේ. දෙහිවල ගල්කිස්ස සහ මැද කොළඹ ප‍්‍රදේශයේ ඇතැම් ග‍්‍රාමසේවා කොට්ඨාසවලින් මෙවැනි පැමිණිලි 100 ක් පමණ ලැබී ඇති බව සඳහන්ය.
 
 ඡුන්ද හිමි නාම ලේඛනයක් බිම් මට්ටමේදී වෙනස් කළ හැක්කේ ග‍්‍රාම නිලධාරීන්ට පමණක් යැයි ද එනිසා මෙම සිදුවීම් පසුපස ග‍්‍රාමනිලධාරීන් සිටින්නේදැයි සැකයක් මතුව තිබේ.
 
 මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම කල් යයි
 
 මේ අතර මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇමරිකාව සමග අත්සන් තැබීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන්නට රජය තීරණය කර තිබේ.
 
 රජය විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඇති අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කිරීමට නියමිතය.
 
 මේ අතර ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ‍්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙසද, එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා නීතිඥවරයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 13 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය කර තිබේ.
 
 මැතිවරණ මැද සතොසේ වැඩ
 
 මේ අතර මැතිවරණ උණුසුම අස්සේ ඇතැම් අමාත්‍යංශ වල හා රජයේ ආයතන වල ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ¥ෂිත ගනුදෙනු ලහිලහියේ සිදු කෙරෙන බව සඳහන්ය.
 
 ඒ ඒ ඇමැතිවරු මැතිවරණ සටනේ සිටින බැවින් නිලධාරීන් සිත් සේ මෙවැනි ක‍්‍රියාවල යෙදෙන බව සඳහන්ය.
 
 රජයට අයත් ලංකා සතොස මිලියන දෙසීයක මුදලක් එක්තරා ව්‍යාපාරිකයකුට ලබා දෙන්නට යෑම සම්බන්ධයෙන් දැඩි සේවක විරෝධයක් එල්ලවී තිබේ.
 
 එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙක් කනිෂ්ඨ නිලධාරීන් බිය කර ගෙන මේ කටයුතු සිදු කරති. අදාළ ගනුදෙනු ¥ෂිත පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාවද පෙන්වා දී තිබියදී ඒවා නොතකා මේ කටයුතු සිදුකරන බව සඳහන්ය.
 
 මේවා සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් හා මැතිවරණ කොමිසම වහාම සොයා බැලිය යුතුය.
 
 ජාතික හැඳුනුම්පත් ප‍්‍රමාදය දිගටම
 
 මේ අතර ජනාධිපතිවරණය හා සාමාන්‍ය පෙළ විභාගය ආසන්නයේ ජාතික හැඳුනුම්පත් ප‍්‍රමාදය බරපතළ ගැටලූවක් වී තිබේ. ඒ සඳහා භාවිත කරන කාඞ් පත් අවසන්වීම මීට හේතුවී තිබේ.
 
 මේ නිසා ලක්ෂ එකහමාරකට වැඩි ජාතික හැඳුනුම්පත් ප‍්‍රමාණයක් වෙනුවෙන් ලබාදී ඇත්තේ සාමාන්‍ය කොළයක ලියවිල්ලකිනි. මේ නිසා හොර ඡුන්ද දැමීමට පවා මේවා යොදා ගැනීමට අවස්ථා තිබිය හැකිය.
 
 එසේම මෙම ප‍්‍රමාදය පසු පස ටෙන්ඩරයක් අවලංගු කර දිගටම පැරණි සැපයුම් කරුවකුගෙන් වැඩි මිල ගණන් වලට මිලදී ගැනීමේ උත්සාහයක්ද ඇති බවට චෝදනා පවතී.
 
 මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ යන්ත‍්‍ර සූත‍්‍ර ගාල්ලට ගෙන යෑම නිසා ඇතිවී තිබෙන ප‍්‍රමාදයන් අවම කරන්නට තවමත් නිලධාරීන් පියවර ගෙන නැත.
 
 ඉදිරි මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය ¥ෂණය වැළැක්වීමට අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
 
 ඉදිරි මැතිවරණයේදී සිදුවන දෘෂ්‍ය ¥ෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක‍්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා එක්තරා සංවිධානයක් අධිකරණයටද ගොස් තිබිණි.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles