Divaina - ළැම සහ ළය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

raaaaainrapanaරුසියාවේ මිහයිල් ලර්මන්ටොව් කවියා ජීවත් වූයේ යාන්තම් අවුරුදු 27 ක් පමණි. එලෙසම1837 දී අවුරුදු 37 ක් වන විට ඛේදජනක ලෙස මරණයට පත්වූ ශ්‍රේෂ්ඨ රුසියන් කවියා වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් හැරුණු විට රුසියන් මහා සාහිත්‍යයේ වැදගත්ම කවියා ලෙස සැලකෙන්නේ ලර්මන්ටොව් කවියාය.
 
 ලර්මන්ටෝව් අවුරුදු 10 කටත් අඩු සාහිත්‍යික ජීවිතයේ ප‍්‍රමාණාත්මකව එතරම් කාව්‍ය ලියා නැත. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ සාහිත්‍යික ජීවිතයට උරුම වූයේ වසර 17 ක් තරම් ක්‍ෂුද්‍ර කාලයකි. කාව්‍ය සංග‍්‍රහ 12ක්, නාට්‍ය 6ක්, ගද්‍ය සාහිත්‍ය කෘති 16ක්, සුරංගනා ළමා කවි පොත් 8 ක් මේ මහා සාහිත්‍ය කරුවාට අයත් විණි. මට මේ ශ්‍රේෂ්ඨයන් දෙදෙනා සිහිපත් වූයේ ඇයි?
 
 මහගමසේකර මගේ පුෂ්කින් වන විට රන්බණ්ඩා සෙනෙවිරත්න මගේ ලර්මන්ටෝව් වන නිසාය. ගීත රචක සංසදයේ මධ්‍යම කාරක සභාවේ මාද සිටි මගේ අතිශය තුරුණුයම රන්බණ්ඩා සහ මඩවල ඇස්. රත්නායක ඇසුරු කරන්නට ලැබීමම පමණක් මේ ගොරතර ජීවිතයේ සුයාමයක් යැයි සිතමි. මහැදුරු සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, සුනිල් ආර් ගමගේ, අජන්තා රණසිංහ වැනි ප‍්‍රවීණයන් සමඟ එම සංගමයේ සභා මැද ගෙවූ සුන්දර සවස් යාමයන් සහ රාත‍්‍රීන් අද ජීවතුන් අතර සිටින අවශේෂ ප‍්‍රවීණයන්ට කිසිදා නොලැබෙන්නේ පෙර කී වටිනා මිනිසුන් මිහිදන්ව ගොස් ඇති බැවිනි.
 
 රන්බණ්ඩා සෙනෙවිරත්න කිසිම දෙයක් තමුන්ගේ වුවමනාවට කළ අයෙකු නොවීය. තම නිර්මාණයන් ගැන ලෝකය උමතුවෙන් කතා කරද්දී ‘ඇත්තද මල්ලී?’ යැයි කියා හේ අපෙන් පෙරළා ප‍්‍රශ්නයක් ඇසුයේය. ඔහු ලියූ එකම කාව්‍ය සහ ගීත සංග‍්‍රහය ”හිතේ දුකට කියන කවි ” ය. එය කළේ සංසදයේ බණ්ඩාර ඇහැලියගොඩගේ ඒකල ඉල්ලීමටය. එම කෘතියේ ඔහු දක්වා ඇති අදහස් වලින් කීපයක් ගෙනහැර දැක්වීම ගීතය ගැන කතා කිරීමට වඩා අදට වැදගත්ය.
 
 ”මාධ්‍යවේදී ඞී. එස්. දයාරත්න බොරැුල්ල ශඵඊ් අප නිවැසූ කාමරයේ දී මගේ ගීත අහම්බෙන් දැක ඉදිරිපත් වී ගීත ලෝකයට මා ඇදගෙන ගියා මිස ,” ගීත ලිවීමෙන් ප‍්‍රසිද්ධ වීමට ඕනෑකමක් හෝ දැවෙන ආශාවක් හෝ ”මට නොවීය” ඒ එකකි.
 
 මේ තවෙකකි ;
 
 ”මා විසින් ලියන ලද ගීත සමහරක් කියවා බැලූ සමහර දෙනා ඊට බෙහෙවින් සමාන ගීත ලියා ගායනා මඟින් ඉදිරිපත් කොට ඇත. ඒ ගැන මගේ කිසි අමනාපයක්ද නැත.”
 
 මේ අවසාන අදහසයි;
 
 ”මගේ ගීත වලින් සතයකවත් ආර්ථික ලාභයක් මෙතෙක් මට ලැබී නැත. මගේ ගීත රට පුරා ගයමින් යන, ඇති ප‍්‍රකට ගායකයෙක් මා දැකීමට එන විට දෑත වන වනා එයි. වෙනකක් තබා මගේ ගීත පටිගත කළ පසු කැසට් එකක් හෝ දී ඇත්තේ මාලිනි බුලත්සිංහල පමණි.
 
 දැන් ගීතයට යමු.
 
 ගීතයේ සත්‍ය සිදුවීම අන්තිම දශමයට රන්බණ්ඩා පුතු, ඉංජිනේරු තුෂාර සෙනෙවිරත්න සොයුරා විසින් මුලින්ම මාතර කොමර්ෂල් බැංකුවේ රාජකාරියකට ආ දවසේම මිතුරුව, මා හා පවසන ලදී. ඒ ගැනම නොකියන්නේ ඇයි ? මේ ගීතය සහ සිදුවීම මේ රටේ ගීත විචාරය කරන ”රස වින්දන පොරවල්” විසින් එම අබිසරුලියටත් වඩා ¥ෂණයට ලක් කරන ලදී. අනුන් ලියූ ගීත ගැන තමන් ලියුවා සේ නන් දොඩවන මේ ගී විචාරකලා නිසා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ නමට, චරිතයට පවා හානි සිදුකළ අවස්ථා අසරණව සිට අසා ඇත්තෙමි. මේ විචාරකලාව අනුව මගේ සිනා තොටක් ගීතයේ කතාව හාමුදුරුවන් කෙනෙකුගේ පේ‍්‍රමයක් ගැනය. එය මා දැන ගත්තේ එම වැඩසටහනට සහභාගි වූ හිතවතෙකුගෙනි. එබැවින් වෙනත් දිනෙක මේ සත්‍ය සිදුවීම ගැන ඔබට අවැසි නම් ලියමි.
 
 ෂෝන් පෝල් සාත‍්‍ර ”ඍෑීඡුෑක්‍ඔ්ඊඛෑ ඡුඍධීඔෂඔඹඔෑ ” නම් විශිෂ්ට කෘතිය කළේ 1946 දීය. එය ‘නම්බුකාර අබිසරු ලිය’ නමින් 1972 දී සිංහලටද නැගුණි. එයින් කියවෙනුයේ ඉතා ප‍්‍රගතිශීලී මෙන්ම වර්ගවාදයට එරෙහිව නැගෙන කාහලයකි. ඊටත් වඩා අනුවේදනීය වූ වෛශ්‍යාවක ආත්මය හෙළි වන්නේ 1880 ලියැවුණු ගී ද මෝපසාං ගේ ඊදමකැ ාැ ීමසෙ ” නොහොත්” ඊඹඔඔෑඍ ඊ්ඛඛ” නම් කෙටි කතාවෙනි.
 
 ‘1870 ප‍්‍රංශ යුද්ධය’ නමින් පරසිඳු ජර්මනිය සහ ප‍්‍රංශය අතර ඡුඍඹීීෂ් රාජධානිය අරභයා පැවැති බිහිසුණු යුද්ධයේදී පලා යන රථයක ගමන්ගත් අමන ප‍්‍රංශ මහේශාක්‍ය කාන්තාවන් දෙදෙනකු සහ සමාජය විසින් කොන් කරන ලද ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මයක් ලද වෛශ්‍යාවක අතර සිදුවූ සිදුවීමක් මෙහි මුඛ්‍ය තේමාව වීය. ගමන තුළ අසරණව, වෛශ්‍යාවගේ ඉමිහිරි අහර වේලෙන් පවා සරණ ලැබූ මේ දුෂ්ඨ ඉහළ සමාජයේ ගැහැනුන් දෙදෙන එක්තරා බැරියරයකදී තමුන්ව ¥ෂණය කරන්නට එන ජර්මන් සොල්දාදුවන්ට පෙර කී අබිසරුලිය ගොදුරු කර පාවා දී ඔවුන් විපතෙන් ගැලවෙන හැටිය මෝපසාන් ඉතා සංයත ලීලාවකින් අපට කාන්දු කරවනුයේ.
 
 ළඳුනේ ගීයට සමීපතම සිනමා නිර්මාණය එන්නේ ඉතාලියානු සිනමාකරු ඨසමිැචචැ ඔදරබ්එදරු වෙතිනි. ඔහු ක‍්‍රි. ව. 2000 දී ඵ්කැබ් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය තුළින් වෛශ්‍යාව පිළිබඳ යම් සුබවාදී ආකල්පයක් ජනනය කරන්නට යත්න දැරීය. දෙවැනි ලෝක යුද්ධයට සැමියා එතෙර යෑම නිසා නගරයේ තනිවූ මලෙනා නම් රූමත් ළඳකට ආසක්ත වූ රෙනාටෝ නම් මානවකයාගේ පේ‍්‍රමයට හසුව එයින් අනතුරුව සිය සැමියා යුද්ධයේදී මිය ගිය පුවතින් තවත් හමුදා නිලධාරියෙකුගේ ග‍්‍රහණයට හසුව රැුවටී ඊට නඩු කියන්නට ගොස් පෙරකදෝරුවා අතින්ද ¥ෂණයට ලක්ව වෛශ්‍යාවක බවට පත් වේ. අවසානයේ රෙනාටෝ දිනෙක පිවිසෙන ගණිකා මඩමේ ඔහුට හමුවන වෛශ්‍යාව වන්නේද තමා දිවි පරදුව පෙම් කළ, තවම රූමත් මලෙනාය. ජර්මානු හමුදා පිටව ගොස් ඇමෙරිකන් බලය නගරයට එද්දී මලෙනා අසරණියක වේ. ඈට පහර දේමින්, ඈ ඇඳ සිටි වස්ත‍්‍රද ඉරා දමා වීදියේ ඇදගෙන යද්දී අවසානයේ ඇගේ මිය ගියා යැයි සැලකූ සැමියා අතක් පමණක් අහිමිව ඈ සොයා විත් ඇයව භාර ගනී.
 
 මේ සම්මාන දිනූ චිත‍්‍රපටයේද පෙන්වන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පේලි කීපයක් පමණක් වැය කොට ලියූ අසිරිමත් ගීතාවේ සමුදයාර්ථයයි.
 
 රන්බණ්ඩා මට ලර්මන්ටෝව් වූවත් ”ළඳුනේ” ගීතයේදී ඔහු මෝපසාන් සහ සාත‍්‍ර පරයා නැගී සිටිතැයි එකපැහැර සිතේ.
 
 ඔහු පද පේලි කීපයකින් මුරගා පවසන්නේ කවර නම් ධර්මතාවක්ද? ඔහු ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නේ කවර නම් සමාජ කුහක කමක්ද ? ඔහු දුර්මත විදාරණයේ යෙදෙන්නේ ව්‍යාජ සුද්ධවන්තයන්, බණ දෙසන්නන් අළු ¥ලි කරමිනි.
 
 ගීතයක ගැබ් විය යුතු, හඬ නැංවිය යුතු සමාජ සත්තාව මේ නොවේද?
 
 පටාචාරා යනු බෞද්ධ සාහිත්‍යයේ අප ඇසූ අපූර්වතම මානව භක්තිය පිරි සිදුවීමයි. දෛවෝපගත ලෙස රන්බණ්ඩා කිවිඳුන්ට මේ ලඳ පෙනෙන්නේ පටාචාරාවක ලෙසිනි. නොඑසේ නම් කිසාගෝතමියක ලෙසිනි. පුදුමය වන්නේ ගේය රචකයාට ඈ හමුවන්නේද තෙල් මල් ගෙන මුනි කුටියට යන මොහොතේදීය. මෙය කෙතරම් දුර්ලභ අවස්ථාවක්ද කියා හිතෙන තරමටම මෙය කෙතරම් දුර්ලභ ගීයක්දැයි කියාද සිතෙයි.
 
 මේ ගීතය පිළිබඳ එක් උපුටනයක් අන්තර්ජාලයේ ගෙන එන්නේ ‘තුවාන් හලාල්ඞීන් ‘ ය. එයට අනුව රන්බණ්ඩා සිටි බෝඩිමේ යාළුවන් මේ ජාතියේ කාන්තාවන් තමුන් ළඟට ගෙන්වා ගන්නා උන්ය. තුවාන් එතන සිටියා වගේය. හලල්ඞීන් එතැනදී ඕමාර් ඛයියාම්ටත් වඩා සාහිත්‍ය විචාරකයෙකි.
 
 අනේ රන්බන්ඩෝ ! තමුන්නැහේ මිය පරලොව ගිය එක හොඳය. ඔබේ කට ගැන දන්නා නිසාය. ඔබ හිටියා නම් මෙය සංහිඳියාවට ප‍්‍රශ්නයක් වන්නට ඉඩ තිබුණි. එක්වරක් ඔබට මාධ්‍ය තහනම් වූයේ ප‍්‍රවාහන ඇමැතිනියට ෘධභණෑශ කී නිසාය. ඈ කීවේ උතුරේ යුද්ධය ඈ සහ රජය සැණෙන් විසඳන බවය. ඔබ රූපවාහිනියෙන් කීවේ බස් 5 ක් දාගන්න බැරි ෘධභණෑශ නී එය කෙසේ කරනවාද කියාය. අවසාන රන්බණ්ඩාට මාධ්‍ය තහනම් වීය. ළමා වැඩසටහන් වලදී පමණක් දැකගත හැකි වීය.
 
 මේ ගීයේ කේමදාසයන්ගේ සංගීතය මට ඇසෙන්නේ කොහේදෝ වෙනම ග‍්‍රහලෝකයක සිට එන්නක් ලෙසිනි. ඔහුගේ සංගීත සහ තනු වියමනේ කූඨප‍්‍රාප්තිය මේ යැයි මට සිතේ. මෙහි වැයෙන වස්දඬු රාවය, අපට සුපුරුදුව ඇසෙන බටනලාවේ සංසිඳුවන, සනසන හඬ නොවේය. ගිටාරයද එසේය. මේ ගිටාරය දැඩි කර්කශ බවක් ගෙන ඒ. මේ සියලූ සංගීත භාණ්ඩ වැයෙන්නේ එහි මූලික ශබ්දයෙන් නොවේ වගේය. කෙතරම් ඒ කර්කශ බව පද රචනයෙහි ඇතුළත්ද? නෑයෙක් ඈට නෑකම නොකියයි. ඈ දෙනෝදාහකගේ අත ගන්නීය. ඒත් ඈ අත ගන්නට කිසිවෙකු නැති. පිරිමින්ගේ රාත්තල් බර නොව ඈ මුළු මහත් පිරිමි සංහතියේම පාප කඳේ බර සයනයේදී දරයි. ඉන් පසු ඒ වරදට දෝස විඳී. අඳුරේදී පව් කරන පිරිමි, එළියේදී රවති. මේ සියල්ල ඒකාත්මිකව ගයන්නට අමරසිරි පීරිසුන්ගේ භාවාත්මක ස්වරය යානයක් වෙයි. මොනතරම් කතාවක්ද මේ පේලි හා පහළොවක දිග හැරෙන්නේ ?
 
 ළඳුනේ ගීතය ආශ්චර්යයන් කීපයක් ඇති කර ඇත.
 
 එකක් නම් රචකයෙකුට මිනිස් ආත්මය සහ අධ්‍යාත්මය හරහා සුපිරි බලයකින් යා හැකි බව පෙන්වීමයි.
 
 අනික සංගීත රචකයෙකුට යම් සාහිත්‍ය කෘතියක් මොන තරම් හෘදයාංගමව සහ ”භාවාතිශය නොවී” විශ්මයක් කළ හැකිද යන්නයි.
 
 ඒ සියල්ලටම වඩා, වයලීනය ගෙලට තුරුළු කොට, සංගීත පරිපාලක නිලධාරියෙකුව සහ ඉඳ හිට තනු හදමින් සිටි සංගීතවේදියෙකු, එකම ගීතයකින් පෙර කී සියලූ තානාන්තර ලොවට සහ තමුන්ටද අමතක කරවමින්, වේදිකාවක් ගානේ නැතිවම බැරි ශිල්පියෙකු සහ අගය අධිකම ගායනවේදියෙකු බවට ඇසුරු සැණින් පත් කිරීමයි. ඊට පින් දෙන්නට
 
 පේ‍්‍රමසිරි කේමදාසයෙනි ! රන්බණ්ඩා සෙනෙවිරත්නයෙනි ! ඔබ දෙපලම මේ මිහිමත නැත.

geetat
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles