Divaina - ‘බලලෝභී දේශපාලනය ගැන කතා කරන ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ සමාජ මෙහෙවරක්..’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

udayaඅපේ රටේ දේශපාලනය ගැන අපි දැකපු සහ නිරතුරුව අපි දකිමින් සිටින යථාර්ථය තමයි මම ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ චිත‍්‍රපටය හරහා අපේ පේ‍්‍රක්ෂකයාට තවදුරටත් සමීප කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒ යථාර්ථය මම දකින්නේ කලා කාරයෙක් විදිහට. මේ රටේ පවතින දේශපාලන වාතාවරණය නිසා අපි අද කොහොමත් සිටින්නේ යම් කිසි තැතිගැන්මකින්. රටේ අනාගතය වෙනුවෙන් ආකල්පමය වෙනසක් අවශ්‍ය කරන මොහොතක තමයි අපි අද නතරව සිටින්නේ. ඉතිං... ඒ දෙය සිනමාව හරහා ලබා දෙන්න මම ගත්ත තවත් උත්සාහයක් තමයි ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ කියන්නේ.
 
 ‘ගිනි අවි සහ ගිනි කෙළි’, ‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘රන්දිය දහර’, ‘යකඩ පිහාටු’, ‘මධුර ජවනිකා’, ‘ගින්දරී 1,2,’, ‘සිරිපොද වැස්්්්්ස’, ‘ආසයි මං පියාඹන්න’, ඇතුළු සිනමා සිත්තම් රැුසක් අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමාවේ සිය සලකුණ සනිටුහන් කරමින් සිනමා රසකාමීන්ගේ රස ඥානය කුළුගැන්වූ සම්මානනීය ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ 23වැනි සිනමා දිග හැරුම ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ මේ දිනවල උසස් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන්ට නතුව දිවයින පුරා පිහිටි සිනමා ශාලාවන්හිදී ප‍්‍රදර්ශනය වේ. මතු පෙළ ගැසෙන්නේ එය නිමිත්ත කර ගනිමින් අධ්‍යක්ෂවරයා සමඟ ‘දිවයින සිනමා කලා’ පැවැත්වූ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි.
 
 අපේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන මොහොතක තමයි ඔබ ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ චිත‍්‍රපටය සිනමා ශාලාවට රැුගෙන එන්නේ. මොකක්ද මේ හරහා අපේ සිනමා පේ‍්‍රක්ෂකයාට සමීප කිරීමට යත්්න දරන්නේ...

udaya1
 
 අපේ රටේ දේශපාලනය ගැන අපි දැකපු සහ නිරතුරුව අපි දකිමින් සිටින යථාර්ථය තමයි මම ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ චිත‍්‍රපටය හරහා අපේ පේ‍්‍රක්ෂකයාට තවදුරටත් සමීප කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒ යථාර්ථය මම දකින්නේ කලා කාරයෙක් විදිහට. මේ රටේ පවතින දේශපාලන වාතාවරණය නිසා අපි අද කොහොමත් සිටින්නේ යම් කිසි තැතිගැන්මකින්. රටේ අනාගතය වෙනුවෙන් ආකල්පමය වෙනසක් අවශ්‍ය කරන මොහොතක තමයි අපි අද නතරව සිටින්නේ. ඉතිං... ඒ දෙය සිනමාව හරහා ලබා දෙන්න මම ගත්ත තවත් උත්සාහයක් තමයි ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ කියන්නේ. මම දන්නේ සිනමාව විතරයි. ඒ නිසා තමයි රටට දිය යුතු යම් සුබවාදී පණිවිඩයක් ඒ හරහා දීමට උත්සුක වන්නේ. මම මේ නිර්මාණයේදී කිසිම පක්ෂග‍්‍රාහීවීමක් පෙන්වන්නේ නැහැ. නමුත් අප එකක් පිළිගත යුතුව තිබෙනවා. ඒ තමයි මේ රටේ අතීතයේ සහ වර්තමානයේත් පවතින දුරාචාර දේශපාලනය. අද අපි මේ තුළ කලකිරීම් සහගතව බලා සිටින පිරිසක් බවට පත්වෙලා. මම මේ චිත‍්‍රපටය හරහා රටේ ජනතාවට සමීප කරන්න යන්නේ එයින් අංශු මාත‍්‍රයක් පමණයි.
 
 udaya2ඔබ මේ චිත‍්‍රපටය හරහා කිසිවකුට පහර ගැසීමකට හෝ අපහාස උපහාස කිරීමකට උත්සාහ නොකළ බව කියනවා. නමුත් චිත‍්‍රපටය නරඹන පේ‍්‍රක්ෂකයා ඊට එහා ගිය යමක් දකියි නේද...
 
 මම කොහොමත් මගේ චිත‍්‍රපට කරන්නේ පේ‍්‍රක්ෂකයාට සුබවාදීව සිතන්න දකින්න පුඵවන් විඳිහට.
 
 මේ චිත‍්‍රපටයත් සිනමා මාධ්‍ය භාවිත කරමින් කරපු තවත් එක් නිර්මාණයක් විතරයි. හැබැයි මේ තුළ හාස්‍ය මුසු වූ උපහාසයකුත් තිබෙනවා. ඒකයි මම කිව්වේ මේ චිත‍්‍රපටය පවතින යථාර්ථය පෙන්වන දේශපාලන වේදිකාවක් කියලා. හැබැයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ කිසිම අපේක්ෂකයකුට ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ හරහා අපහාස උපහාස කරන්න මා පෙළඹුණේ නැහැ. නමුත් මම නැවත කියනවා රටේ ඇතිවී තිබෙන ඛේදනීය දේශපාලනික තත්ත්වය, දේශපාලනයේ අප‍්‍රසන්නභාවය සහ ඒ වටපිටාව පිළිබඳව බුද්ධිගණනය සැපයීමට මා උත්සාහ කළ බව.
 
 විනෝදාස්වාදය සහ වාණිජ අරමුණු පෙරදැරිව ඔබ කළ චිත‍්‍රපට නිර්මාණයන්ට වඩා වෙනස් අරමුණක් ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ හරහා විiාමාන වන බව පැවසුවා...
 
 ඇත්ත. මේක මගේ චිත‍්‍රපට අතර වෙනස්ම නිර්මාණයක්. මගේ සිනමා භාවිතය ගැන අපේ රටේ පේ‍්‍රක්ෂකයා හොඳින්ම දන්නවා. අපිට චිත‍්‍රපට නිර්මාණයේදී වාණිජ අරමුණු තිබිය යුතුයි. නැතිනම් කොහොමද මේක පවත්වාගෙන යන්නේ. නමුත් මේ චිත‍්‍රපටයේදී මම වාණිජ අරමුණකට මූලිකත්වය ලබා දුන්නේ නැහැ. ඒකයි මම කීවේ අද තියන අවිචාරවත් බලලෝභී දේශපාලන සංස්කෘතිය ගැන මේ තුළ කතා කරනවා වගේම අපේ පේ‍්‍රක්ෂකයන් දැනුවත් කිරීමත් කරනවා කියලා. අපි නිර්මාණකරුවෝ හැටියට සමාජයේ දකින දේ තමයි සිනමා මාධ්‍යයට නඟන්නේ. ඒ හැම එකක්ම ‘ජෝක්’ නෙවී. සමහර වෙලාවට මගේ නිර්මාණ අරමුණ වුණේ පේ‍්‍රක්ෂකයාට විනෝදාස්වාදය වගේම සමාජ අවබෝධයත් ජීවිත අවබෝධයත් ලබා දීම. මම හිතනවා මගේ චිත‍්‍රපට හරහා ඒ සියල්ල අත්විඳින්න අපේ පේ‍්‍රක්ෂකයාට හැකියාව ලැබුණා කියලා. කොහොමටත් මම කවදාවත් ඕනෑවට එපාවට සිනමාව හැසිරවූවේ නැහැ. ඒකයි මම කියන්නේ ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ කියන්නේ චිත‍්‍රපටයක් වුණත් එය එක්තරා ආකාරයේ සමාජ මෙහෙවරක් කියලා. සමහර වෙලාවට තම තමන්ගේ පක්ෂ අනුව බැලූවොත් ඒ අයට මේ චිත‍්‍රපටය ‘අවුල්’ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් මම නිර්මාණ ශිල්පියකු නිසා මට කරන්න දෙයක් නෑ. තොප්පිය හරිනම් දාගන්න. නමුත් තොප්පි නොදා මැදිහත්ව බලන්න කියලා මම ඉල්ලනවා. හැබැයි තොප්පි දාගෙන බලලා මට බනින්න එපා.
 
 ‘ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ වෙනුවෙන් රංගගතවන අපේ ශිල්පීන් පිළිබඳව පැවසුවොත්...
 
 සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගිහාන් ප‍්‍රනාන්දු, පුබුදු චතුරංග, ඩබ්ලිව්. ජයසිරි, අශාන් ඩයස්, රොෂාන් රණවන, ගයති‍්‍ර ඩයස්, රත්නා ලාලනි ජයකොඩි. බිමල් ජයකොඩි, පාලිත සිල්වා, පි‍්‍රයන්ත සෙනෙවිරත්න ඇතුළු ප‍්‍රවීණ සහ නවක ශිල්පීන් රැුසක් රංගනයෙන් දායක වෙනවා. කැමරාව ජයන්ත ගුණවර්ධන, සංගීතය මහේෂ් දෙනිපිටිය. නිෂ්පාදනය කළේ ‘යූ ක‍්‍රියේෂන්’.
 
 ඉදිරි නිර්මාණ වෙනුවෙන් තිබෙන සූදානම මොනවිදිහද...
 
 ‘ගින්දරී-3’ ලබන වසර මුලදී තිරගත කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම ‘ගිනි අවි සහ ගිනි කෙළි’ දෙවැනි කොටස කරන්නත් බලාපොරොත්තුවෙන් පසුවෙනවා. කොහොම වුණත් මේ හැම දේම වෙන්නේ ‘ගින්දරී-3’ට පස්සේ.
 
 අපේ කලාවේ උන්නතිය වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිවීම පිළිබඳව හැමෝම කතා කරනවා. මම ඔබෙන් අහන්නේ සිනමාවේ පැත්ත ගැන විතරක්ම නෙවෙයි. මොකක්ද මේ වෙනුවෙන් ඔබේ අදහස් දැක්වීම...
 
 අද සකල කලාවටම අත්ව ඇති ඛේදනීය ඉරණම ගැන අවංකවම දුකයි. කලාව වෙනුවෙන් ඇමැතිවරු එනවා. චිත‍්‍රපට සංස්ථාවට සභාපතිවරු එනවා. හැමෝම කලාව ගොඩ දාන්න උත්සාහ කරන බවක් පෙන්වනවා. නමුත් සාධනීය ලෙස සිදුවුණු යහපතක් තවමත් පෙනෙන්නට නැහැ. අර්බුද වැඩියි. සංස්ථාව නඩු හබවල. ඊට පස්සේ දේශපාලන පෙරළි. ඉතිං හරි ජාතික ප‍්‍රතිපත්තියක් නැති නිසා සකල කලාවටම අද අත්ව තිබෙන්නේ දුකක් විතරයි කියලයි මට කියන්නට තිබෙන්නේ. සිනමාව නවීකරණය විය යුතුව තිබෙනවා. බෙදා හැරීම් සහ ශාලා සම්බන්ධ ගැටලූ සියල්ල යහපත් අයුරින් විසඳිය යුතුව තිබෙනවා. නමුත් අද දේශපාලනය ‘ජෝක්’ එකක් බවට පත්ව ඇති නිසා කලාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අඩු තරමින් කලාව වෙනුවෙන් සිල්ලර පොරොන්දුවක්වත් දෙන්න කෙනෙක් නෑ. අරක මේක නිකන් දෙනවා කියලා නම් වේදිකාවල කියවනවා. ඒත් කලාව වෙනුවෙන් දෙන දෙයක් ගැන ඒ අයගේ කිසිම කතාවක් නෑ. අද අපේ රටේ වැඩිපුරම බොරු කියන වැඩිපුරම ජනතාව රවටන කෙනා තමයි රජ වෙන්නේ. ඒත් තාම පිස්සෙක් රජ වෙලා නෑ. අනාගතයේදී එහෙම වුණොත් ඒකත් අරුමයක් නෙවෙයි.
 
 සුජීව තත්සර

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles