Divaina - අද මුදල් වියදම් කරනවනම් ගායකයෝ වෙන්නත් පු`ථවන්.... නෙලූ අධිකාරි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


nelu333ජනසම්මානිත ගායිකාවක් වන නෙලූ අධිකාරිගේ හා සංගීතවේදී කපිල පූගලආරච්චිගේ සෙනෙහේ කැදැල්ලට අපි පසු ගිය දින ගොඩ වූයේ සිනමා කලා පාඨක ඔබ වෙනුවෙන් ඔවුන්ගේ නවතම තතු පිළිබඳ පිළිසඳරක යෙදෙන්නටය.
 
 බැලූ බැල්මට අපිට පේන්නේ සංගීතය නිසාම කාර්ය බහුල වෙලා?
 
 ඇත්තටම කාර්ය බහුලයි කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. සෙනසුරාදා හා ඉරිදා යන දවස් දෙක සම්පුර්ණයෙන්ම ඇකඩමියේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරනවා. අපේ ඇකඩමියේ විශේෂත්්වය එහි
 
 තරග විභාගයන් නොපැවැත්වුවත් අපි සෑම දරුවෙක් වෙතම අවධානය යොමු කරනවා. දැන් අපේ දුවයි, පුතයි ලොකුයි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සොයා බලන්න තියෙනවා දියණිය විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. පුතා රාජකීය විද්‍යාලයේ. දුව මෙවර සා.පෙළ විභාගයට සූදානම් වෙනවා. ඔවුන්ගේ කටයුතුත් නිවසේ කටයුතුත් එක්ක ලංකාවේදී ප‍්‍රසංගවලට ආරාධනා තිබුණොත් ඒවාටත් සම්බන්ධ වෙනවා. ඒ අනුව බැලූවාම අම්මා කෙනෙක් විදිහට, මගේ අතින්ම සිදුවිය යුතු කටයුතු වගකීම් තියෙනවා. ඒවා මමම කරනවා. එතකොට ගෘහිණියක් විදිහට කාර්ය බහුලයි.
 
 x රියැලටි ෂෝ හරහා ශිල්පීන් බිහි වුණත් ඔවුන්ට පැවැත්මක් නැහැ නේද?
 
 ඇත්තටම බැලූ බැල්මට මේ රියැලටි ෂෝ හොඳයි කියලා පේනවා. නමුත් සංකීර්ණ ගැටලූ මතු වෙනවා. ගායනයට දක්ෂ දරුවන්ට ඉදිරියට එන්න ඒ හරහා අවස්ථාවක් තියෙනවා. නමුත් ඔවුන්ගේ පැවැත්ම ගැන ගැටලූ තියෙනවා.
 
 සාමාන්‍යයෙන් ඉස්සර ගායකයෙක් හිටි ගමන් එක රැයින් බිහි වුණේ් නැහැ... ශාස්ත‍්‍රීය හැදෑරීමක්, ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයකින් සමත් වෙලා, ශේ‍්‍රණි ගත වෙලා... තමන් ගැයූ ගීතය ගුවන් විදුලිය හරහා ප‍්‍රචාරය වෙලා ඒ කටහඬ රසිකයන් හඳුනාගෙන ඒ ශිල්පියා හෝ ශිල්පිණිය ගැන මාධ්‍ය හරහා කතාබහ කරලා තමයි ඉදිරියට ආවේ. අද එහෙම නැහැ... මුදල් වියදම් කරන්න පුළුවන් නම් ගායකයෙක් වෙන්න හැකියාව තිබෙනවා. ඒ වගේම රියැලටි ෂෝ හරහා අවුරුද්දට ගායක ගායිකාවන් කී දෙනෙක් බිහි වෙනවාද? ඔවුන් රසිකයන් අතරට යන්න කලින් තවත් කණ්ඩායමක් බිහිවෙනවා. අපේ රට බොහොම පුංචි රටක්. ඒත් බිහි කරන ශිල්පීන් සංඛ්‍යාව?
 
 අපි ඒ කතාබහත් එක්කම කපිල දිහාට හැරුණා.
 
 ඇත්තටම දුෂ්කර පළාත්වල ඉන්න, මාධ්‍යට එන්න බැරි දරුවන්ට මෙය ඉතා හොඳ වැඩසටහනක්. ඒත් මුල් වට දරුවන්ට පවත්වාගෙන යන්න අමාරුයි බස් දෙකතුනකින් සෙන`ග කොළඹ ස්ටුඩියෝව වෙත කැඳවාගෙන එන්න ඕනේ. ඔවුන්ට කන්න බොන්න දෙන්න ඕනේ. බැනර් කටවුට් දමන්න ඕනේ... මේවාට මූලික වියදම් දරන්නේ කවුද? ජයග‍්‍රහණය කරන්න අවස්ථාව ලබුණොත් හොඳයි නැතිනම් මොකද වෙන්නේ. අර වියදම් කරපු සල්ලි අපරාදේ.... මුල් කාලයේ ඒ ඒ චැනල් වලින් තමන් බිහි කරපු සුපිරි තරුව බලා ගන්නවා. ඒත් අවුරුද්දක් යනකොට ඔවුන් තවත් සුපිරි තරුවක් බිහි කරනවා. එතකොට මුල් කෙනා නිකම්ම අමතකයි. මේ අය පැවැත්මක් හදාගන්නේ කොහොමද? මේ ශිල්පීන්ට තමන්ගේ පෞරුෂත්වය පවා හදාගන්න වෙන්නේ තමන් පෙනී හිටින චැනල් එකේ අවශ්‍යතාවය අනුවයි. සමහර දරුවන්ට තමන් අසවල් නාලිකාවේ රියැලටි ෂෝ එකේ හිටියා කියලා මතකයක් විතරක් ඉතිරි කර ගත හැකියි.
 
 x සිඞී කර්මාන්තය අවසන් වෙලා. අද කොහොමද ගීතයක් රසිකයන් අතරට ගෙනි යන්නේ?
 
 ඒකට උත්තර දුන්නේ නෙලූ
 
 අනික් ව්‍යසනය ඒක තමයි. මම මීට පෙර සංයුක්ත තැටි හතරක් කළා. ඒ මීට වසර දහයකට විතර කලින්... හොර සීඞී බිහි කිරීම ගැන රජය මැදිහත් වෙලාවත් නවත්වා ගන්න බැරි වුණා. අනෙක් කාරණය වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවත් සමග රසිකයන් සංයුක්ත තැටි මිලදී ගන්නේ නැහැ. අන්තර්ජාලය හරහා එහෙම නැතිනම් යූ ටියුබ් හරහා තමන්ට අවශ්‍ය ගීත ඩවුන්ඞ්ලෝඞ් කර ගන්නවා. ඉස්සරට වඩා චැනල්, විද්‍යුත් නාලිකා ගොඩක් තිබුණාට ඒවායේ අපි කරන අලූත් ගීත ප‍්‍රචාරය වෙනවා අඩුයි. මම අලූත් ගීත දාහතරක් කරලා තියෙනවා ඉඳහිට රසිකයන් කියනවා ගීතයක් ඇහුණා කියලා. ඉතිං සීඞී තැටි කරලා වැඩක් නැහැ... එහෙම සංගීත තැටි කරද්දී ප‍්‍රවීණ ගීත රචකයන් අතරට ආධුනික ගීත රචකයන්ගේ රචනාත් එකතු කරගන්නවා. නමුත් අද ඒකටත් දැන් අවස්ථාව නැහැ. ඒ නිසා අලූත් හොඳ ගීත රචකයන්ට ඉදිරියට එන්න තියෙන අවස්ථාව නැති වෙලා. ඉතිං හොඳ ගීත ප‍්‍රචාරය කිරීම මාධ්‍යයේ වගකීමක් නේ. නමුත් රූප රචනා නැතිව රූපාවාහිනි නාලිකාවල ගීත ප‍්‍රචාරය වෙන්නේ නැහැ.
 
 පසුගිය දිනක ප‍්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සුදත් රෝහණ කිව්වා වර්තමානයේ රසිකයන් ටෙලිනාට්‍ය අහනවා, සිංදු බලනවා කියලා. කපිල ඔබ ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙක් මේ ගැන මොනවද හිතන්නේ?
 
 එහි යළි යළිත් සිතන්න දෙයක් තිබෙනවා. අද ටෙලි නාට්‍ය ලෙස පේ‍්‍රක්ෂකයන්ට බලන්න තියෙන්නේ මොනවද කියන කාරණය ඒ කතාවෙන් පේනවා. මමත් ටෙලිනාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. සම්මානත් ලබලා තියෙනවා. අපි ළ`ගට එන සමහර ටෙලි නාට්‍ය ගැන කියන්න දුකයි, නමුත් ඒ වැරද්ද දැක දැක අපට වැඩ කරන්න වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය බලලාම එහි රූප රාමු ගැන විනිශ්චයක් දෙන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි ඒවායේ තියෙන කතන්දර. අපි මේවා ප‍්‍රතික්‍ෂේප කළත් කවුරු හෝ සංගීතයෙන් ඒවාට දායක වෙනවා. ඒ කතන්දර බලනවාට වඩා රූප රාමු නොබලාම කතාව අහලා පේ‍්‍රක්ෂකයන්ට තීරණයකට එන්න පුළුවන්. අනික් කාරණය ගීතවලට කරන රූප රචනා මොකක් හරි ගීතයට අදාළ නැති දෙයක් හරි කරලා ඒක මාකට් කරන්න උත්සහ කරන නිසා එය දැන හෝ නොදැන ප්‍රේක්ෂකයන් රැුවටී එය නරඹනවා.
 
 x අද හතු පිපෙන්නා වගේ සංගීත පංති පැවත්වෙනවා. මම එහෙම චෝදනාවක් කළොත්?
 
 ඇත්තටම අද දරුවන් හරිම කාර්ය බහුලයි. සමහර දෙමාපියන් හිතනවා දරුවා මේ කාර්ය බහුලත්වයෙන් හා මානසික පීඩනයෙන් ටිකක් හරි මුදා ගන්න සංගීතය යහපත් කියලා. තවත් සමහරු හිතනවා තමන්ට ගහන්න බැරිවුණ ගිටාරය දරුවා ලවා ගස්සවන්න තමන්ට කියා ගන්න බැරි වුණ සිංදුව දරුවා ලවා කියවා ගන්න උත්සාහ කරනවා. ඉතිං ඒ වගේ අවශ්‍යතාවලට අනුව පංති බිහි වෙනවා. අපිත් ඇකඩමියක් කරනවා. හැබැයි එහි තරග විභාග නැහැ. දරුවොත් එක්ක මනා සම්බන්ධතා ගොඩ නංවා ගන්නවා. සමහර දෙමාපියන් අපෙන් අහනවා සංගීත පංතිය තියෙන්නේ ඉංග‍්‍රීසියෙන්ද කියලා. ලංකාවේ ඉන්නේ, හිතන්නේ ඇමරිකාවේ විදිහට. ඒක වැරදියි. ළමයාට ළමා කාලය රසවිඳින්න දෙන්න ඕනේ. දරුවා සිංහල වගේම ඉංග‍්‍රීසිත් ඉගෙන ගන්න ඕනේ. දෙක සමබරව පවත්වාගෙන යන්න දෙමාපියන් අවස්ථාව ලබා දිය යුතුයි. අපේ පංතියට දරුවෝ එන්නේ නෙලූ එක්ක සිංදු කියන්න, මාත් එක්ක ගිටාර් ගහන්න. අපි වෙන ගුරුවරු දමලා උගන්වන්නේ නැහැ වගේම දරුවන්ගේ පෞරුෂත්වය නංවන්නටත් සහය දෙනවා. ඒකයි අපේ වෙනස.
 
 සුගත් ශාන්ත මොරගහකුඹුර

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles