Divaina - මඤ්යොක්‌කා රට යවන කම්හලට ජනපති මෛත්‍රී මුල්ගල් තබයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

re11 1*ජනාධිපතිවරණය පිළිබඳව දේශපාලන උණුසුමක්‌ රජරට පළාතේ මෙතෙක්‌ පෙනෙන්නට නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්‌ද කියා විමසිල්ලක්‌ බොහෝ දෙනාගේ කතා බහෙන් පෙනෙන්නට තිබේ.
 
 මෙවර ජනාධිපතිවරණයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වෙනත් අපේක්‍ෂකයකු තරග නොකරන නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියන්නේ කුමක්‌ද කියා දැනගන්නට ජනයා විමසිලිමත්ව සිටින බව නොරහසකි. එසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල සහභාගී වන උත්සව අවස්‌ථා බොහොමයක කතා නොකිරීමට වග බලා ගනී. කතාවක්‌ පැවැත්වීම නොකරම බැරි තැනෙක කතා කළද දේශපාලනය ගැන ඔහු කතා කරන්නේද නැත. ඊයේ (9 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් කැකිරාව, පලුගස්‌වැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම ශක්‌ති වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති කිහිපයක්‌ ජනතා අයිතියට පත් කිරීමකටය. ඒ උත්සවයේ ජනාධිපතිවරයා පුංචි කතාවක්‌ කළ නමුත් දේශපාලනයට සම්බන්ධ කිසිත් කීවේ නැත. ඊට පෙර දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේ පැවැති උත්සව කිහිපයකට සහභාගි විය.
 
 නෝර්වේ සහ ස්‌වීඩන් රාජ්‍යHන්හි පිහිටි පෞද්ගලික සමාගමක්‌ මගින් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මඤ්යොක්‌කා වගා ව්‍යාපෘතියක්‌ සහ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට මුල්ගල් තැබීම සිදුකළේ ජනාධිපතිවරයා විසිනි. ඒ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් හෙක්‌ටයාර් 500 ක භූමි භාගයක්‌ වෙන්කරදී තිබෙන බවද දැනගන්නට ලැබිණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහභාගි වූයේ හිඟුරක්‌ගොඩ, හිඟුරක්‌ගල ලුම්බිණි රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාස ගොඩනැඟිල්ල සඟ සතු කර පූජා කිරීමේ උත්සවයටය. ඉන්පසු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉදිකරන ලද ස්‌වර්ණ මණ්‌ඩපය නව රංග ශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ජනාධිපතිවරයා සහභාගී විය. මේ සඳහා පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් දසලක්‍ෂ 53 ක මුදලක්‌ වැයකර තිබෙන බවද දැනගන්නට ලැබිණි. ඒ නව රංග ශාලාවට අදාළ ලිපි ගොනුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත භාරදීම උත්සවයේදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණු අතර ඒ කිසිම උත්සවයක්‌ ඇමතීම ජනාධිපතිවරයා වෙතින් සිදුනොවීම විශේෂත්වයකි.
 
 ජනපති වී පැය 48 න්  හදන කාර්ය සාධක බළකාය  ගැන සජිත් කියයි
 
 එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රාවදී සන්ධානයේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් සතියේ පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂයේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ගොවි සමුළුවට සහභාගී විය. එහිදී දිස්‌ත්‍රික්‌කයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ගොවි නායකයන් ඇතුළු පාක්‍ෂිකයන් විසින් සජිත් ප්‍රේමදාස මහතා ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය. එහිදී ගොවි සමුළුව ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව, දුක කඳුළ වේදනාවන් පිළිබඳව තමන්ම කාගෙන්වත් උපකාරක පන්ති අවශ්‍ය වන්නේ නැති බව කීවේය. කවුරුන් මොනවා කිව්වත් අපේ රටේ කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක්‌ නැතැයි කී සජිත් ප්‍රේමදාස මහතා ඇතැම් විට කොළඹට එය සීමාවී තිබෙන්නට පුළුවන්ද බවද කීය. එසේ නොමැතිව එය මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැති බවත් පැවසීය. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්‌ තුළ ජාතික කෘෂිකර්ම සැලැස්‌මක්‌ අවශ්‍ය බව කී ඒ මහතා තමන් බලයට පැමිණි පසු පැය 48 ක්‌ ඇතුළත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ පිහිටුවන බව ප්‍රකාශ කළේය. ඒ ජනාධිපති කාර්ය සාධක බළකාය හරහා රේ‚ය අමාත්‍යාංශය, අදාළ සියල්ලක්‌ම එකතු කර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය, ජාතික කෘෂිකර්ම සැලැස්‌ම සති කිහිපයක්‌ ඇතුළත එළිදක්‌වන බවද කීවේය.
 
 පුලතිසි ගොවි බිමේ විසූ  නිහඬ වීරයෙකුගේ නික්‌ම යාම
 
 අප රටේ බොහෝ ක්‍ෂේත්‍රයන් තුළ පරමාදර්ශී චරිත ඉතා විරල බව නොරහසකි. හිස්‌ මිනිසුන්ගේ පුහු ඝෝෂාවල් අපට වැඩි වැඩියෙන් ඇසෙන්නේ ඒ නිසාමය. අප රටේ ගොවිතැන පිළිබඳවද තත්ත්වය එසේමය. ගොවිතැන භාර මැති ඇමැතිවරු, නිලධාරීහු කොතෙකුත් සිටියද මහ පොළොවේ පය ගසා සිය වගකීම් නිසි ලෙස ඉටු කරනුයේ ඉතා අතළොස්‌සකි. ගොවිතැනේදීද මුලින් සඳහන් කළ පරමාදර්ශී චරිත පිළිබඳව සිහියට නැඟෙනුයේ එනිසාමය.
 
 පුලතිසි ගොවි බිමට අයත් පරාක්‍රම සමුද්‍රය මහ ගොවි ජනපදයේ පලුගස්‌දමන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් සියවස්‌ තුන්කාලකට වැඩි කාලයක්‌ අමිල මෙහෙවරක්‌ ඉටුකළ ගොවි නායකයෙකු වන අයි. එම්. උභයවර්ධන මහතා පසුගියදා අප අතරින් සමුගත්තේය. ගොවි ජනපද ආරම්භ කරන අවදියේ මුලින්ම රාජ්‍ය සේවයට එක්‌ව පසුව ගොවිතැන වෙනුවෙන්ම කැපවූ උභයවර්ධන මහතා පරිසමාප්ත ආර්ථයෙන්ම ගොවි නායකයෙකු විය. ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය බීජ වර්ග පැළ වර්ග කලට වේලාවට සපයා ගැනීමේ බොහෝ දුෂ්කරතා පැවැති අවධියේ රෝපණ ද්‍රව්‍ය හා පැළ වර්ග ලබාදීමට ප්‍රමිතියෙන් යුත් පැළ තවානක්‌ ඔහු ආරමභ කළේ ව්‍යාපාරික මානසිකත්වය පෙරදැරි කරගෙන නොව හුදෙක්‌ සේවාව මූලික පරමාර්ථය කරගෙනය. ගොවි ජනතාව ගොවිතැනේදී මුහුණ දෙන ගැටලු ප්‍රශ්න සඳහා විසඳුම් ලබා ගැනීමට මඟක්‌ නොමැතිව අතරමංව සිටින විට ඊට අවැසි නිසි විසඳුම් උපදෙස්‌ ස්‌වෙච්ඡාවෙන්ම ගොවි බිමට ගොස්‌ ලබා දෙන්නට උභයවර්ධන මහතා නොපැකිලිව ක්‍රියා කළේය. ඒ අමිල සේවාව ලබාගත් සුවහසක්‌ ගොවි ජනතාව පුලතිසි බිමේ විසිර පැතිර බොහෝ වෙසෙති. ඒ උදාර මෙහෙවරට පිරිමැසිය නොහැකි හිඩැසක්‌ ඉතිරි කර උභයවර්ධන මහතා දිවි ගමන නිමාකරන විට 93 වෙනි වියේ පසුවිය.
 
 පොල්අතු මඩුවේ අකුරු  කරවන හිඹුටුගොල්ලෑවේ දරුවෝ
 
 දිවයිනේ සෙසු පළාත් සමග සසඳන කළ උතුරුමැද පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ බොහෝ අඩුපාඩුකම් තිබෙන බවට කිසිදු විවාදයක්‌ නැත. ඇතැම් පාසල් භෞතික සම්පත් අතින් පොහොසත් වුවද අවැසි මානව සම්පත, අකුරු කරවීමට ගුරුවරුන් නොමැත. උතුරු මැද පළාතම අයත් අනුරාධපුර පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ක දෙකෙහිම රජයේ පාසල්වල පවතින ගුරු හිඟය කිසිදා පියෑවෙන්නේ නැති ප්‍රශ්නයක්‌ යෑයි අධ්‍යාපන බලධාරීහුම කියති. ඊට බලපා ඇති ප්‍රධාන හේතුවක්‌ව තිබෙනුයේ සේවා කාලය සපුරනු ලබන ගුරුවරුන් වසරක්‌ පාසා මාරුවීම් ලැබ වෙනත් දිස්‌ත්‍රික්‌කවලට යාමය. කෙසේ නමුත් ගුරු හිඟය දැඩි ලෙස බලපාන මේ දිස්‌ත්‍රික්‌ක දෙකෙහිම ගුරු සිසු දෙපිරිසම පමණක්‌ නොව ඒ දරුවන්ගේ මාපියන්ද පීඩා විඳින බව රහසක්‌ නොවේ. අප මේ කියන්නට යන කාරණය ගුරු හිඟයකින් බැට කන පාසල් දරුවන් පිරිසක්‌ නොව තමන්ට අකුරු කරන්නට ගොඩනැඟිලි පහසුකම් නැති නිසා පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැඟිලි දෙකක සිය අධ්‍යාපන කටයුතු කරගෙන යන සිසු දරු පිරිසක්‌ ගැනයි. මේ පාසල පිහිටා තිබෙන්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කොට්‌ඨාසයේයි. ඒ අධ්‍යාපන කොට්‌ඨාසයේ කීර්තිමත් පාසලක්‌ වන හිඹුටුගොල්ලෑව විද්‍යාලයේ දැනට තිබෙන ගොඩනැඟිලි දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් නොමැති නිසා ඔව්හු මෙලෙස තාවකාලිකව ඉදිකළ කුඩා මඩු දෙකක ඉගෙනුම ලබන බව අපට දැනගන්නට ලැබිණි. ඉදිරියේදී මාස්‌ මෝසම් වැසි සමය එළඹෙන විට මේ අකුරු කරවීම ඉතා අසීරු බවයි ගුරු සිසු දෙපිරිසම කියා සිටියේ.

p11 166
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles