Divaina - සංචාරක ව්‍යාපාරයේ ගමන්මග... - යහපාලන රජයේ ආර්ථික ශේෂ පත‍්‍රය - 4

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

fea8 1‘ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ ශ‍්‍රී ලංකාවේ විභවතාව සැලකිය යුතු ලෙස ළඟා කරගෙන නොමැත. සංචාරක කර්මාන්තයේ ඉතා හොඳින් නිරත වී සිටින සිංගප්පූරුව, හොංකොං සහ තායිවානය වැනි කලාපයේ කුඩා දිවයිනවලට සාපේක්ෂව පුළුල් සංචාරක වෙළෙඳපොළක් සඳහා පහසුකම් සැලසීමට ශ‍්‍රී ලංකාවට හැකියාව පවතී. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවට වඩා 91 ගුණයකින් කුඩා වන සිංගප්පූරුව ශ‍්‍රී ලංකාව මෙන් 6.6 ගුණයක් පමණ සංචාරකයන් සඳහා පහසුකම් සලසා ඇති අතර 2017 වසරේදී 5 ගුණයක පමණ ආදායමක් සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන ඇත.’

සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේදී අප හැම විටම සඳහන් කරන කරුණක් වන්නේ අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඉතා විශාල හැකියාවක් පවතින නමුත් අප හැම විටම සිටින්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපට පවතින විභවතාවට (හැකියාවට* වඩා බොහෝ පහළින් බවයි. මෙහි අදහස නිසි උපායමාර්ග අනුගමනය කරමින් දියත් කරන සංචාරක සංවර්ධන වැඩපිළිවෙළක් මගින් අපේ සංචාරක පැමිණීම් සහ සංචාරක ඉපයුම් තවත් විශාල වශයෙන් වැඩි කර ගත හැකි බවයි. ඒ සඳහා කැපවුණු සංචාරක අංශයේ නිලධාරීන්ට අමතරව මේ විභවතාව හඳුනාගෙන මේ සඳහා කැප වී නායකත්වය දිය හැකි සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා හොඳ ඉදිරි දැක්මක් සහිත සංචාරක සංවර්ධන ඇමැතිවරයකුගේ අවශ්‍යතාව ද තදින්ම තිබේ. මේ යහපාලන රජය සමයේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් එවැනි ඇමැතිවරයෙක් පත් වූයේ නැති අතරම මේ කර්මාන්තය දියුණු කිරීම සඳහා අපට ඇති විභවතාවයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට සමත් වැඩපිළිවෙළක් ද දියත් නොවුණු බව  කනගාටුවෙන් වුවත් කීමට සිදු වේ. ඒ වෙනුවට සිදු වූයේ ආර්ථිකයේ අනෙකුත් බොහෝ අංශ මෙන්ම සංචාරක ව්‍යාපාරයත් ජෝන් බාස්ට යෑමය. අප මේ ලිපි මාලාවෙන් සාකච්ජා කරන්නේ යහපාලන රජයේ ආර්ථික ශේෂ පත‍්‍රය පිළිබඳවයි. ඒ අනුව මේ ලිපියෙන් යහපාලන රජය යටතේ සංචාරක ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීත්වය ගැන අපේ අවධානය යොමු වේ.

පසුගිය වසරවල ප‍්‍රගතිය

මේ රජය බලයට පත් වූ 2015 වසරේ සිට 2018 වර්ෂය දක්වා සංචාරක පැමිණීම්වල ධනාත්මක වර්ධනයක් තිබේ. එහෙත් සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමට රටක් වශයෙන් අපට තිබෙන විභව හැකියාවට සාපේක්ෂව එය ප‍්‍රමාණවත් වර්ධනයක් නොවන බව නම් කිව යුතුමය. පාස්කු ප‍්‍රහාරය නිසා මේ වසරේ සංචාරක පැමිණීම් පසුබෑමට ලක් වෙමින් (සැප්තැම්බර් මාසය දක්වා* වාර්තා කර ඇත්තේ සියයට 20.5 ක සෘණ වර්ධනයකි. ගිය වසර (2018* ගත් විට සංචාරක පැමිණීම් 2333,796 දක්වා සියයට 10.3 වර්ධනයක් වාර්තා කර තිබේ. 2018 වසරේදී නැගෙනහිර ආසියාව සහ මැදපෙරදිග හැර ලෝකයේ අනෙකුත් සියලූම කලාපවලින් මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය ඉහළ ගිය අතර මින් බටහිර යුරෝපය මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 36 කට දායක වී ඇත. එය තවදුරටත් ශ‍්‍රී ලංකාවේ විශාලතම සංචාරක ප‍්‍රභවය ලෙස පවතී. මේ අනුව බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 840,956 ක් දක්වා සියයට 23.5 කින් වර්ධනය වී තිබේ. රටවල් අනුව ගත් විට 424,887 ක වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා කර ඇත්තේ ඉන්දියාවෙනි. එය මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 18කි. 2018 වසරේ දී චීන සංචාරක පැමිණීම්වල තරමක අඩු වීමක් සිදු වුවද තවදුරටත් දෙවෙනියට වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූයේ චීනයෙනි. ඉන් පසු පිළිවෙළින් එංගලන්තය, ජර්මනිය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවලින් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි අතර එම රටවල් පහෙන් පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 52 කි. 2014 වසරේ සිට 2018 වසර දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය සහ සංචාරක ඉපයුම් අනුව අපේ සංචාරක කර්මාන්තයේ යම් වාර්ෂික වර්ධනයක් තිබුණත් අපේ විභවතාවට සාපේක්ෂව එය මන්දගාමී එකකි.

අපේ සංචාරක විභවතාව

ලෝක සංචාරක වෙළෙඳපොළ තුළ අපේ විභවතාව අප විසින් සැලකිය යුතු ලෙස ළඟා කරගෙන නොමැති බව ඉතා පැහැදිලිය. මේ ගැන 2018 වසරේ මහ බැංකු වාර්තාවේ 168 වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.

‘ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ ශ‍්‍රී ලංකාවේ විභවතාව සැලකිය යුතු ලෙස ළඟා කරගෙන නොමැත. සංචාරක කර්මාන්තයේ ඉතා හොඳින් නිරත වී සිටින සිංගප්පූරුව, හොංකොං සහ තායිවානය වැනි කලාපයේ කුඩා දිවයිනවලට සාපේක්ෂව පුළුල් සංචාරක වෙළෙඳපොළක් සඳහා පහසුකම් සැලසීමට ශ‍්‍රී ලංකාවට හැකියාව පවතී. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවට වඩා 91 ගුණයකින් කුඩා වන සිංගප්පූරුව ශ‍්‍රී ලංකාව මෙන් 6.6 ගුණයක් පමණ සංචාරකයන් සඳහා පහසුකම් සලසා ඇති අතර 2017 වසරේදී 5 ගුණයක පමණ ආදායමක් සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන ඇත.’

මේ අනුව තවදුරටත් මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරක ධාරිතාවට එනම් තම පරිසරයට, සමාජයීය සහ සංස්කෘතික සම්පත්වලට හානි කිරීමකින් තොරව රටකට නවාතැන් දිය හැකි උපරිම සංචාරකයින් සංඛ්‍යාව නොඉක්මවා ගනිමින් තවත් සංචාරකයින් බොහෝ පිරිසකට පහසුකම් සැලසීමට හැකි වනු ඇති බවයි. මේ නිසා නව ජනපති ප‍්‍රමුඛ රජයේ කඩිනම් අවධානය මේ ගැන යොමු කර අපේ සංචාරක ශක්‍යතාවයෙන් උපරිම ප‍්‍රයෝජන ගත හැකි උපායමාර්ග හඳුනාගෙන ඒවා ක‍්‍රියාත්මක කළ යුතුව තිබේ. එමගින් අංක එකට විදේශ විනිමය උපයන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පහසුවෙන් ඉතා කෙටි කලකින්ම පත් කරගත හැකිය.

පාස්කු  ප‍්‍රහාරයෙන් පසු

fea8 2මෙසේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව මන්දගාමී වූ අපගේ සංචාරක ව්‍යාපාරය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දැඩි පසුබෑමට ලක් වී සෘණ තත්ත්වයට පත්ව තිබේ. එම තත්ත්වයෙන් අපගේ සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීම සඳහා රජය සහ සංචාරක ආයතන විසින් නොයෙකුත් වැඩසටහන් දියත් කළත් ඒවායින් සැලකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව ඇති බවක් ද නොපෙනිණි. එයට ප‍්‍රධාන හේතුව නම් ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට සමත් විශ්වසනීය වැඩපිළිවෙළක් දියත් නොවීම මෙන්ම එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් රජය තුළම බරපතල මත ගැටුම් සහ එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටීමයි. මේ තුළ රටේ මිනිස්සුන්ටවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් නිසි පරිදි විශ්වාසය තහවුරු වී නැත. මේ නිසා විදෙස් සංචාරකයින් යම් ප‍්‍රමාණයක් දැන් රටට පැමිණෙමින් සිටියත් පාස්කු ප‍්‍රහාරයෙන් පෙර පැවති මන්දගාමී මට්ටමට හෝ අපගේ සංචාරක පැමිණීම් යථා තත්ත්වයට පත් කර ගැනීමට යහපාලන රජය සමත් නොවීය. මේ අනුව පාස්කු ප‍්‍රහාරයෙන් පසු අපේ‍්‍රල් සිට ඉකුත් සැප්තැම්බර් මාසය දක්වාම ගිය වර්ෂයේ එම මාසවලට වඩා අඩු වී තිබේ. එනම් සංචාරක පැමිණීම්වල දිගටම වාර්තා කර ඇත්තේ සෘණ වර්ධනයකි. මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම් සියයට 27.2 කින් පසුබෑමට ලක්ව තිබේ. ගිය වසරේ (2018 * සැප්තැම්බර් මාසයේ පැමිණි 149,087 ක විදෙස් සංචාරකයන් ප‍්‍රමාණය මේ වසරේ (2019* සැප්තැම්බර් මාසයේ දී 108,575 ක් දක්වා අඩු වී තිබේ. රටවල් වශයෙන් ගත් විට මෙරටට සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන ප‍්‍රධාන රටවල් දහයේම සංචාරක පැමිණීම සැප්තැම්බර් මාසයේදී වාර්තා කර ඇත්තේ සෘණ වර්ධනයකි. එම මාසයේදී චීන සංචාරක පැමිණීම්

19,600 ක් දක්වා සියයට 52.9 කින් ද, එංගලන්ත සංචාරක පැමිණීම් 14,226 ක් දක්වා සියයට 41.5 කින්ද, අමෙරිකානු සංචාරක පැමිණීම් 4,406 ක් දක්වා සියයට 35.8 කින් සහ ඉන්දියානු සංචාරක පැමිණීම් 32,300 ක් දක්වා සියයට 10.5 කින් ද වශයෙන් පසුබෑමට ලක්ව තිබේ. පාස්කු ප‍්‍රහාරය සිදු වූ 2019 අපේ‍්‍රල් මාසයේ සිට දිගටම අපගේ සංචාරක පැමිණීම් අඩු වීම සිදුව තිබේ. ගිය වසරේ (2018* ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයන් ප‍්‍රමාණය 1731,922 ක් වූ අතර එම සංචාරක පැමිණීම් ප‍්‍රමාණය මේ වසරේ (2019 * ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9 දී 13,76,312 ක් දක්වා සියයට 20.5 කින් සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබේ.

‘සංචාරක පොඞ්ඩෝ’ ණය යෝජනා ක‍්‍රමය

පාස්කු ප‍්‍රහාරයෙන් විපතට පත් සංචාරක කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා රජය විසින් ‘සංචාරක පොඞ්ඩෝ’ ණය යෝජනා ක‍්‍රමය දියත් කරන ලද අතර මෙය ක‍්‍රියාත්මක කරන ලද්දේ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහාය. එම බැංකුවේ සභාපති නීතිඥ සුජිත් කාරියවසම් මහතා පැහැදිලි කළ පරිදි පසුගිය සැප්තැම්බර් 30 දින වන විට එම ණය යෝජනා ක‍්‍රමය යටතේ රුපියල් මිලියන 383.58 ක් වටිනා ණය 886 ක් ලබා දී තිබේ. පළාත් වශයෙන් ලබා දී ඇති ණය ප‍්‍රමාණය සහ ණය මුදල්වල වටිනාකම මේ සමග ඇති වගුව මගින් දැක්වේ.


සංචාරක පොඞ්ඩන්ට ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 383.58 ක සහන ණය ලබා දුන්නා

- ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති නීතිඥ සුජිත් කාරියවසම්

ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ‘සංචාරක පොඞ්ඩෝ’ ණය යෝජනා ක‍්‍රමය මගින් පසුගිය සැප්තැම්බර් 30 දින වන විට රුපියල් මිලියන 383.58 ක් වටිනා ණය 866 ක් පිරිනමා තිබෙනවා.

පළාත් වශයෙන් ගත් විට වැඩිම ණය ප‍්‍රමාණයක් පිරිනමා ඇත්තේ දකුණු පළාතට වන අතර ඒ අනුව දකුණු පළාත සඳහා රු.මිලියන 204.72ක් වටිනා ණය 467 ක් පිරිනමා තිබෙනවා.

ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පළාත් වශයෙන් සෙසු පළාත් සඳහා සංචාරක පොඞ්ඩෝ ණය යෝජනා ක‍්‍රමය මගින් ණය ප‍්‍රදානය කර ඇත්තේ මෙලෙසය.

fea8 3මේ අනුව දෙවෙනියට වැඩිම ණය පිරිනමා ඇත්තේ බස්නාහිර පළාතට වන අතර එම පළාතට රුපියල් මිලියන 75.75 ක් වටිනා ණය 154 ක් ලබා දී තිබෙනවා. තෙවනියට වැඩිම ණය ලබා දී ඇත්තේ මධ්‍යම පළාතට වන අතර, මධ්‍යම පළාතට රුපියල් මිලියන 32.2 ක වටිනාකමක් සඳහා ණය 73 ක් ලබා දුන්නා. එසේම උතුරු මැද පළාත සඳහා රු.මිලියන 28.05 ක් වටිනා ණය 61 ක්ද, සබරගමුව පළාත සඳහා රු. මිලියන 14.65 ක් වටිනා ණය 30ක්ද, වයඹ පළාත සඳහා රු. මිලියන 9.9 ක් වටිනා ණය 21 ක්ද, නැගෙනහිර පළාත සඳහා රු. 9.5 ක් වටිනා ණය 22ක් සහ ඌව පළාත සඳහා රු. මිලියන 8.81 ක් වටිනා ණය 38ක් ද ප‍්‍රදානය කර තිබෙනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles