Divaina - සිරිලක සිරිකත ”සිරිමාවෝ”

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

P16 1- (අදට (10) යෙදී ඇති දිවංගත අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ ඩයස් රත්වත්තේ බණ්ඩාරනායක මැතිනියගේ 19 වැනි වාර්ෂික ගුණානුස්මරණය වෙනුවෙනි.)
 
  - අද දිනට යෙදී ඇති දිවංගත අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනියගේ 19 වැනි වාර්ෂික ගුණානුස්මරණය වෙනුවෙන් පුවත් ලිපියක් සැපයීමට මා හට අවකාශයක් ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.
 
 මගේ දේශපාලන දිවිය පෝෂණය කිරීමෙහි ලා අදෘශ්‍යමාන වූ අනල්ප මෙහෙයක් මෙන්ම දිරියක් දුන් දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යතුමියගේ දේශපාලන මෙහෙවරින් බිඳක් හෝ සැමරීමට ලැබීම එතුමිය වෙනුවෙන් කළ හැකි මහ`ගු උපහාරයක් ලෙසට මා සලකන්නේ ජගත් කීර්තියට පත් වූ දැයේ මාතාවක්ව සිටි අවධියේ දේශපාලන දරුවෙකු වශයෙන් මා අවධි කරන්නට මා හට දුන් ශ්‍රේෂ්ඨ ආදර්ශයක් නිසාවෙන් බව මා මෙහිදි අවධාරණයෙන් සිහිපත් කළ යුතුමය.
 
 ” ෂාන්..... මම අම්බලන්ගොඩ ආසනය ෂාන්ට දෙනවා.... ඒ වගකීම හරියටම කරයි කියලා මං දන්නවා...’’
 
 1992 නොවැම්බර් මාසයේ කරන්දෙණිය කුරුඳුගහ හැතැප්ම ක‍්‍රීඩාංගනයේදී මා දිරිමත් කරමින් මා හට දුන් දේශපාලන මග පෙන්වීම මා සිත් තුළ අදත් රැුව් පිළි රැුව් දෙන්නකි.
 
 එතුමිය අදත් ජීවතුන් අතර සිටියේ නම් ... මා....
 
 ආදරණීය මැතිනියනි,
 
 සැබැවින්ම ඔබතුමියගේ අවවාදය මා අදත් ඒ අයුරින්ම පිළිපදිමි. යනුවෙන් පවසනු නියතය.
 
 1916 අපේ‍්‍රල් 17 සඳුදා දින බාන්ස් රත්වත්තේ දිසාවේ සහ රොසලින් හිල්ඩා මහවලතැන්න කුමාරිහාමිට දාව උපත ලද දිවංගත අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි මාසයේ පැවති මහ මැතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වශයෙන් ජගත් කීර්තියටත්, දේශයේ අභිමානයටත් කීර්තියටත් පත් වූවාය.
 
 දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජගත් කීර්තියට පත් වූයේ එතුමිය තුළ තිබූ උදාර නායකත්වයත් උත්තුංග මානවීය ගුණධර්ම රැුසක් මෙන්ම දේශපාලනය වෙනුවෙන් එතුමිය කැපකළ සුවිශේෂ පරිත්‍යාගයක් නිසාවෙනි.
 
 නිදහසින් පසු මේ දක්වා වූ කාලය ශ‍්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයින් අතුරින් මැතිනිය තරම් පරිත්‍යාගයන් කළ කිසිදු දේශපාලන නායකයකු නොමැති බව අවධාරණයෙන් සිහිපත් කළ යුතුය.
 
 දේශපාලනය වෙනුවෙන් වෙඩි උණ්ඩයකට දිවි පූජා කළ තම සැමියා වූ දිවංගත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් ඇයට අහිමි විය. පාරම්පරික ඉඩම් විශාල ප‍්‍රමාණයක් අහිමි විය. ශ‍්‍රී ලංකාවේ කිසිදු නායකයෙකුට සිදු නොවූ පරිදි සිවිල් අයිතිවාසිකම එතුමියට අහිමි වූවාය. තමන්ට හිමි වූ ජනාධිපති පදවිය පවා සිය දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට පරිත්‍යාග කරන්නට සමත් වූවාය.
 
 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය භාරගත්තේ මුළු මහත් රටම නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති විටකය. එපමණක් නොව සමස්ත ආර්ථිකයම මන්දගාමී තත්ත්වයක පවතින මොහොතකදීය.
 
 1960 ජූලි මාසයේ පැවති මහ මැතිවරණයෙන් සිරිමාවෝ මැතිනියගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක ජයග‍්‍රහණයක් ලබාගත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නව පුනරුදයක් ද යළි ආරම්භ කරමිනි.
 
 ශ‍්‍රී ලංකාවේ ගෞරවය හා ස්වාධිපත්‍ය ඒ අයුරින්ම තහවුරු කිරීමේ අදිටනින් පෙනී සිටි සිරිමාවෝ මැතිනිය ඉඩම් ප‍්‍රතිසංස්කරණය මගින් විදේශිකයන්ට අයත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් නිදහස් කර ගැනීමට නොබියව ඉදිරිපත් වූවාය.
 
 ශ‍්‍රී ලංකාවේ දේශපාලන නිදහස උදෙසා එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ අඩිපාරේම යමින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය විසින් ක‍්‍රියාත්මක වෙමින් තිබූ විජාතීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ස්වාජාතීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෙවත් බි‍්‍රතාන්‍යයන් විසින් අපට දායද කොට තිබූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනුවට 1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීමේ පුරෝගාමිත්වය අප රටට හිමි කර දීමේ ගෞරවය හිමි කරදුන්නේ දිවංගත සිරිමාවෝ මැතිනිය විසිනි. එය මුළු මහත් ජාතියටම ගෞරවයක් විය.
 
 1960-65 කාලය තුළදී අග‍්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍යවරිය යන ධුර දෙකින්ම පිදුම් ලැබූ මෙතුමිය අනුගමනය කරන ලද සුවිශේෂි විදේශ ප‍්‍රතිපත්තිය අප රටට විශාල විදේශ ජයග‍්‍රහණ රැුසක් ලබා ගැනීම ද සුවිශේෂි කරුණකි. ඒ අතර සිරිමා-ශාස්ත‍්‍රී ගිවිසුම, ඉන්දීය සමුද්‍රා දේශසීමා අර්බුදය ප‍්‍රධාන විය. ඒ සියල්ල ඉතා සුහදව හා සාමකාමී ලෙසට විසඳා දීමට එතුමියට හැකි වූවාය.
 
 එසේම ඉන්දියානු හා චීන දේශසීමා ආරවුලට මැදිහත්ව දෙරටේම ගෞරවයට පාත‍්‍ර වෙමින් එතුමිය සිදුකළ සාම ¥ත මෙහෙවර දෙරටේම රාජ්‍ය නායකයින්ගේ ප‍්‍රසාදයට ලක්කරන්නක් මෙන්ම සියලූම ලෝක නායකයින්ගේ අවධානයට ද හේතුවිය. මෙම සියලූම අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ජාතීන් 86 කගේ සහභාගිත්වයෙන් 1976 වර්ෂයේ පැවති නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ මුලසුන දරා සිටීමේ භාග්‍ය අත්පත් කර ගැනීමටද සිරිමාවෝ මැතිනියට හැකිවීම මුළු මහත් ජාතියේම ගෞරවයට හේතුවිය.
 
 නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ අනෙක් විදෙස් රටවල් හා කටයුතු කිරීමේදී ස්වාධීන ප‍්‍රතිපත්තියකට අනුව යමින් ක‍්‍රියා කිරීමට හැකියාව අප රටට ලැබුණේ ද දිවංගත සිරිමාවෝ මැතිනියට පින් සිදුවන්නටය.
 
 ලෝක පූජිත නායිකාවක් ලෙසින් සිරිමාවෝ මැතිනියට ගෞරවය ලැබෙන්නට හේතු වූ තවත් කරුණක් ලෙස දේශපාලන වශයෙන් එතුමිය තුළ තිබූ පරිනත දේශපාලන බුද්ධියත්, පුරුෂ පක්ෂය අභිබවමින් ඇය තුළ තිබූ දැවැන්ත පෞරුෂ ලක්ෂණයත් කැපී පෙනුණි.
 
 රටට ජාතියට ආගමට තමන් තුළ තිබූ භක්තිය නිසාම අනේක විධ දේශපාලන හැල හැප්පීම් මෙන්ම රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ හමුවේ නොබියව නොසැලී මුහුණ දීමට සිරිමාවෝ මැතිනියට හැකිවිය. එය ශ‍්‍රී ලාංකීය සමස්ත කාන්තා පෞරුෂය වර්ධනය කිරීමට දැවැන්ත රුකුලක් විය. තම දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ සඳහා දිය හැකි එක් නිදසුනකි.
 
 එසේම අප රටේ රාජ්‍ය නායකයින් අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තුළ තිබූ උදාර නායකත්ව චින්තනය කැපී පෙනෙන එක් අවස්ථාවක් මා මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. ඒ 1982 වර්ෂයේ තම බෑණනුවන් වූ අභාවප‍්‍රාප්ත විජය කුමාරතුංගයන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි අවස්ථාවේ ඔහු බැලීමට බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර අධිකාරිවරයා අමතා කළ ප‍්‍රකාශයයි.
 
 ”ඔබ රජයේ නියෝග ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටින අයෙක් ඔබ එය ක‍්‍රියාත්මක කළ යුතුයි.”
 
 මෙවන් උදාර ප‍්‍රකාශයන් සිරිමාවෝ මැතිනියගේ මුවින් පිටවී ඇති වාර අපමණය.
 
 එසේම ලෝක නායකයින් ¥ත මෙහෙවර සඳහා ලංකාවට පැමිණෙන සෑම විටම මැතිනිය බැහැදැකීමට අමතක නොකළ අතර එතුමිය සමග දැඩි ලෙන්ගතුකමකින් සුහද කතා බහක නිරත වීමටද අමතක නොකළහ.
 
 දේශපාලන වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සතුරුකම් කළ බොහෝ දෙනෙකු පසු කාලීනව ඒ සතුරුකම් අතහැර දැමූයේ එතුමිය තුළ තිබූ නිරහංකාර කාරුණික බව නිසාමය. සිරිමාවෝ මැතිනිය දැයේ මාතාවක් ලෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ මුවින් නිතර පිට වූයේද එතුමිය තුළ තිබූ පුණ්‍යවන්ත බව නිසාය.
 
 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිවංගත සිරිමාවෝ මැතිනිය සදානුස්මරණීය උදාර නායිකාවකි. මිනිසත්බව හොඳින් හඳුනා ගත් මේ උදාර කාන්තා පෞරුෂය ලොව පිළිගත් අභීත චරිතයක් විය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අප‍්‍රමාණ ජීවයක් දෙමින් දිවංගත සිරිමාවෝ මැතිනිය විසින් මෙරටට සිදු කරනු ලැබූ අනුපමේය මෙහෙවර මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්ය.
 
 මගේ දේශපාලන දිවියේ අකුරු කළ
 
 සදාදරණීය මැතිනියනි,
 
 දැයේ මාතාවනි, හෙළ බොදු ප‍්‍රාර්ථනය වන නිවන් සුව ලබන්නට පෙර යළිත් මේ පින් බිම උපදින්නටම ලැබේවායි ඔබතුමියට හෘදයාංගමව ප‍්‍රාර්ථනා කරමි.
 
 
 ෂාන් විජයලාල් ද සිල්වා
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති
 නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles