Divaina - ජනතාවට විනෝදය සපයන ජනාධිපති අපේක්‍ෂකයෝ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

jana  
 ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරණයක් යනු මෙරට පාලනය සඳහා වඩාත් සුදුසු පාලකයෙක් තෝරා ගැන්මේ අවස්ථාවකි. විධායක බලය කේන්ද්‍ර කරගත් මෙම තනතුරේ බලතල ව්‍යවස්ථාවට එක් කරන ලද 19 සංශෝධනය අනුව කිසියම් ප‍්‍රමාණයකින් අඩු කරන ලද වුව ද සන්නද්ධ සේවාවන්ගේ අණ දෙන ප‍්‍රධානියා ඔහුය. සේනාධිනායකයා ඔහුය. එසේ නම් මේ තනතුර සඳහා ගැළපෙන විශිෂ්ට පුද්ගලයෙක් මේ සඳහා තෝරාගත යුතුය. මෙහි වැදගත්කම කොතරම් ද යත් සමස්ත ශී‍්‍ර ලංකාවම එකම ඡන්ද කොට්ඨාසයක් ලෙසට පත්වී ඡන්ද දායකයා තම අපේක්ෂකයා තෝරා ගනී.
 
 ජනාධිපතිවරණ පැවැත්වූ මුල් යුගයේ කිසියම් ආකාරයෙන් ප‍්‍රබුද්ධ පුද්ගලයන් මේ සඳහා ඉදිරිපත් වුවත් මේ වනවිට අපේක්ෂකයකු වීමට ඇති ලිහිල් ඉඩකඩ නිසා විවිධ මට්ටම්වල පුද්ගලයන් අපේක්ෂකත්වයට ඉදිරිපත් වේ. වාර්තා වන අන්දමට තමන්ගේ පක්ෂයේ නම ප‍්‍රචාරයට මේ සඳහා ඇතැම් අපේක්ෂකයන් ඉදිරිපත් වේ. විදේශගත වී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස එහිදී පෙනී සිට විවිධ වරප‍්‍රසාද සඳහා ඇතැම් අය ඉදිරිපත් වේ. (ඡන්දයෙන් ගන්නා ඉතා අඩු ඡන්ද සංඛ්‍යාව එහිදී කවුරුත් දන්නේ නැත.) ඇතැම් ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ සහායට ඇතැම් අපේක්ෂකයන් ඉදිරිපත් වේ. ඡන්ද දායකයාට ප‍්‍රධාන අපේක්ෂකයාට සමානකම් ඇති අයවලූන් ඉදිරිපත් වන්නේ ඡන්ද දායකයා
 
 රැවටීමටය. (එසේ රැවටී ඡන්දය අපතේ දමන ඡන්ද දායකයන් දැන් ලංකාවේ නැත) තමන් පිළිබඳව හෝ තම පක්ෂය පිළිබඳව අධි තක්සේරුවෙන් ඇතැම් අපේක්ෂකයන් ඉදිරිපත් වේ. මේ කුමන මට්ටමෙන් ඉදිරිපත් වුව ද ජනාධිපතිවරණ ඉතිහාසය කියාපාන්නේ ජනාධිපති තනතුරට තරග වදින ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනා හැර අනෙක් සියලූ අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජ සන්තක වී ඇති බවය. ජනාධිපතිවරණයකට මැතිවරණ කොමසාරිස් පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් රුපියල් පනස්දාහක් ද ස්වාධීන හෝ පිළිගත් දේශපාලන පක්ෂයකින් නොවන අපේක්ෂකයෙක් හැත්තෑපන් දහසක් ද ඇප මුදල් තැන්පත් කළ යුතුය.
 
 ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව මෙතෙක් වැඩිම ඡන්ද ප‍්‍රමාණයන් ගත් තුන්වන පක්ෂ දෙකක් විය. ඒ ජනතා විමුක්ති පෙරමුණ හා ශී‍්‍ර ලංකා මහජන පක්ෂ යයි. ජ. වි. පෙ. 1982 දී ලබා ගත්තේ ඡන්ද 273428 ක් වන අතර එම ප‍්‍රමාණය 4.19% කි. 1999 දී එම පක්ෂය ලබා ගත්තේ ඡන්ද 344173 ක් හෙවත් 4.08% කි. මහජන පක්ෂය 1988 දී තරග කර ලබා ගත්තේ් ඡන්ද 235719 ක් හෙවත් 4.62% කි. මේ සෑම අවස්ථාවකට වලංගු ඡන්දවලින් 5% ක් ලබා ගැනීමට කිසිම පක්ෂයකට නොහැකි විය. 1982 ප‍්‍රථම ජනාධිපතිවරණයේදී ජ. වි. පෙ. නායකයා හැර තවත් පක්ෂ 3 ක නායකයන් තිදෙනෙක් තරග කළේය. කුමාර් පොන්නම්බලම් (ස. ල. දු. කො.) ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා (ල. ස. ස. ප.) වාසුදේව නානායක්කාර (න. ල. ස. ස. ප.) ඔවුන් තිදෙනාම ලබා ගත්තේ ඡන්ද 249290 ක් හෙවත් 3.18% කි. මේ සියලූ දෙනාගේම ඇප මුදල් රාජසන්තක විය. 1988 දෙවන ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව තරග කළේ ශී‍්‍ර ල. ම. පක්ෂයේ ඔස්වින් අබේගුණසේකර පමණි. ඔහු ලැබූ 235719 ක් හෙවත් 4.62% හේතුවෙන් ඔහුගේ ද ඇප මුදල් රාජසන්තක විය. 1994 තුන්වන ජනාධිපතිවරණයේදී පක්ෂ 02 ක් හා ස්වාධීන දෙදෙනෙක් තරග කළත් ඔවුන් 04 දෙනාම ලැබුවේ ඡන්ද 157038 ක් හෙවත් 1.81% කි. 1999 දී 11 දෙනෙක් ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව තරග කළ අතර ඉන් ජ. වි. පෙ. ඡන්ද 344173 ක් හෙවත් 4.08% ක් ලබද්දී ඉතිරි අපේක්ෂකයන් දහ දෙනාගෙන් තිදෙනෙක් ස්වාධීන අයවලූන් විය. නමුත් එම 10 දෙනාම ලබා ගත්තේ ද ඡන්ද 140817 ක් හෙවත් 2.08% කි. 2005 දී ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව පක්ෂ 11 කින් අපේක්ෂකයන් තරග කළේය. ඒ සියලූ දෙනාට මෙන් ඒ ඒ පක්ෂවල නායකයන් වුවත් ඔවුන් සියලූ දෙනාටම ලබාගත හැකි වූයේ ඡන්ද 123521 ක් හෙවත් 1.28% ක් වූ ප‍්‍රමාණයකි. 2010 ජනාධිපතිවරණයේදී මෙතෙක් තරග කළ වැඩිම අපේක්ෂකයන් ප‍්‍රමාණය වූ ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව 20 දෙනෙක් තරග කළේය. නමුත් එම 20 දෙනාගෙන් 05 හැර අනෙක් 15 දෙනාම පක්ෂවලින් ඉදිරිපත් වූවන්ය. එම විසිදෙනාම ලබා ගත්තේ ද ඡන්ද 194654 ක් හෙවත් 1.97% කි. 2015 අවසාන ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව අපේක්ෂකයන් 17 ක් තරග කළ අතර ඉන් 02 හැර අනෙක් අපේක්ෂකයන් 15 දෙනාම විවිධ පක්ෂවලින් ඉදිරිපත් වූවන්ය. ඔවුන් ලබා ගන්නා ලද්දේ ඡන්ද 138200 ක් හෙවත් 1.14% කි. මින් පැහැදිලි වනුයේ මෙරට ඡන්ද දායකයා ප‍්‍රධාන බලවේග දෙකට අනුගතව කි‍්‍රයා කිරීමට කටයුතු කර ඇති බවය. මහ මැතිවරණවලදී පවා මේ තත්ත්වය කැපී පෙනේ. මාක්ස්වාදී සිද්ධාන්ත මත පදනම් වූ දේශපාලන පක්ෂ කීපයක්ම 2019 ජනාධිපතිවරණයට ද ඉදිරිපත්ව ඇති අතර එම පක්ෂ තමන්ගේ පක්ෂයේ ජනතා ශක්තිය පිළිබඳව ඒ තුළින් මැන ගනී. ඉතිහාසය පුරාවට ද එම මැන ගැනීම් මැතිවරණයක් පාසා අත් විඳ ඇති නමුත් නැවත නැවත මැතිවරණවලට ඉදිරිපත් වෙමින් ඔවුහු රඟපාන්නේ කුමන භූමිකාවක් ද යන්න තේරුම් ගත නොහැකි වී ඇත.
 
 කෙසේ නමුත් මෙවර ජනාධිපතිවරණය ද ප‍්‍රධාන බල කඳවුරු දෙකක් වටා සංවිධානය වෙද්දී අවශේෂ පක්ෂ හා කණ්ඩායම්වල ජනපි‍්‍රයත්වය, ඇප රාජසන්තක කර ගැනීම 2019 නොවැම්බර් 19 වන දින රාති‍්‍ර වනවිට දැනගත හැකි වනු ඇත. ජනතාවට විනෝදය සපයා ඔවුහු තවත් අවුරුදු 05 කට දේශපාලන වේදිකාවෙන් බැස යන්නේය.
 
 
 බණ්ඩාරගම -  සමරසේන මුදලිගේ
  

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles