Divaina - විධායකය ගැන නොකියන ඇත්ත

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

jr

ශ‍්‍රී ලංකාවේ 8 වැනි ජනපතිවරණයට ඇත්තේ තවත් දින 37 කි. මෙවර ජනපතිවරණයේදී ඡන්දදායකයාට ලැබෙන ඡන්ද පත‍්‍රිකාව විශාල එකක් වන බව නම් සැක නැත. මන්ද මෙවර සටනට අපේක්‍ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වන නිසාය. ඒ නිසාම බදු ගෙවන්නන්ගේ මුදලින් බිලියන හතරකට වඩා වැඩි මුදලක් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වැයකිරීමට සිදුවනු ඇත. සටන උණුසුම්ය. පොහොට්ටු හංස ගැටුමේ ජයග‍්‍රාහකයා කවුද? ජනතාවට අවශ්‍ය නව යුගයකි. අලූත් රටකි.


ජනපතිවරණ ගැන සිහිකරන විටම ලංකාවේ පළමු විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන සිහිවීම වැළැක්විය නොහැක. කවුරු කෙසේ කීවද ජයවර්ධන මහතා හඳුන්වා දුන් විධායක ජනපති ක‍්‍රමය කිසි විටෙක අහෝසි කළ යුතු නැත. ජේ. ආර්. සිහි කරමින් ඒ දායාදය සුරැකිය යුතු නොවේද? 2015 ජනපතිවරණ සටනේදී නම් දින සියයක් ඇතුළත විධායක ජනපති ක‍්‍රමය අහෝසි කරන බවට මැතිවරණ වේදිකාවල මරහඬ තැලූව ද එය ඉටුවූ පොරොන්දුවක් වූයේ නැත. ජනපතිගේ අත්තටු කැපීමට ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනයෙන් සිදුවූයේ ස්ථාවර රට අස්ථාවර වීම පමණකි. එදා මේ ව්‍යවස්ථා සංශෝධනය

ගැන විශාල උනන්දුවක් දැක්වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තම ධුර කාලය මාස කිහිපයකට සීමා වෙද්දී ප‍්‍රකාශ කළේ කුමක්ද? 19 වහා අහෝසි කළ යුතු බවයි. ඊනියා සිවිල් සංවිධානවල අරමුණු ඉටු කිරීම වෙනුවෙන් 19 සංශෝධනය ඉදිරිපත් විය. එනිසාම අගමැති ජනපති අතර බල අරගලය තියුණු විය. එයින්ම යහපාලනය එකම අවුල් ජාලයක් බවට පත්විය.

ජනපති ජයවර්ධන විධායක ජනපති ක‍්‍රමය නිර්මාණය කළේ කිහිපදෙනකුට බෙදා හදාගෙන රට කරන්න නම් නොවේ. තනියෙන් රට කරන්නටය. අගමැතිට ජනපතිට කථානායක යන තිදෙනාටම රට පාලනය කළ නොහැකිය. ජනපති ජයවර්ධන මේ කුඩා දූපත පාලනය කළ හැක්කේ කෙසේ දැයි හොඳින් දැන සිටියේය. උතුරේ ද දකුණේ ද කැරලිකාරීත්වයක් නිර්මාණය වී රට ගිනිගන්නා විටත් කෙසේ හෝ ලංකා රාජ්‍යය ඉදිරියට රැගෙන යෑමට හැකිවූයේ විධායක ජනපති ක‍්‍රමය නිසාය. කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීම සඳහා සුදුසු දේශපාලන නායකත්වය ලබාදීමට විධායක ජනපතිට හැකි විය. එනිසා 2025 දී හෝ 2035 දී වේවා මේ ක‍්‍රමය අහෝසි කිරීමට සිතීම රටට යහපත නොව අයහපත උදා කරනු ඇත.

ජනපති ජයවර්ධන අභාවප‍්‍රාප්ත වූයේ මීට වසර 23 කට පෙරය. වයස අනූවක් ආයු වළඳා එතුමා සිය දිවි සැරිය නිමා කළේය. 87 - 89 කාලයේ ලංකාව පුරාම දක්නට ලැබුණු ප‍්‍රධානම සටන් පාඨයක් වූයේ කුමක්ද? ජේ. ආර්. මරමු යන්නය. එම මතය ප‍්‍රකට කළේ ජනතා විමුක්ති පෙරමුණ මඟිනි. නමුත් කිසිම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ජයවර්ධන ජනපතිට හානියක් කිරීමට හැකිවූයේ නැත. සිදුවූයේ බිත්ති පුරා කළු තීන්තෙන් ”මරමු” යනුවෙන් වැකි ලියැවීම පමණි. 1987 අගෝස්තු 17 වැනිදා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුව ද එයින් ජනපති ජයවර්ධනට කිසිම හානියක් වූයේ නැත.

සටන් පාඨවලින් ජයවර්ධන ජනපතිට කිසිම අනතුරක් වූයේ නැත. ඒ වැකි ලියූ ඡුායාරූප අන්තර්ජාලයේ සැරිසරන විට සොයාගත හැකිය. අප මේ ඉතිහාසය සිහිකරනුයේ කුමක් සඳහාද? ජේ. ආර්. ඝාතනය කරන්නට නොහැකි වූවා සේම විධායකය ජනපති ක‍්‍රමයත් අහෝසි කිරීම ඉතා අපහසු බව දැන්වීම සඳහාය. මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම විධායක අහෝසි කිරීම ගැන කතා කරන්නේ නැත. එය හොඳ තත්ත්වයකි. ගෝඨාභයට හෝ සජිත්ට අවශ්‍ය වන්නේ ශක්තිමත් විධායකයකි. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් විධායක බලයක් තිබීම අත්‍යවශ්‍යය. එනිසා මෙවර මැතිවරණයේදී හිටපු ජනපති ජයවර්ධනට බැණ අඬගසන්නට හෝ විධායකය අහෝසි කරනවා යනුවෙන් කටමැත දොඩවන්නටද අවශ්‍ය නොවනු ඇත. විධායක පුටුවට බැණ අඬගසමින් ජනපතිවරණය දිනාගන්නා ජනපති අපේක්‍ෂකයෝ එහි වාඩි වූ පසු කිසිම විටක මේ බලතල කපා දමන්නට කැමති වන්නේ නැත. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වූයේ විධායකය වසරෙන් අහෝසි කරන බව කියමිනි. නමුත් ඇය 2005 දී ධුරය හැර යන විටත් විධායකය එසේම පැවතිණි. මේ පුටුවේ වාඩිගත් පසු සැම දෙනාටම ජනපති ජයවර්ධනගේ ගුණ මිස අගුණ මතක් නොවේ.

ලංකාවේ විධායක ජනපති ධුරය දැරීම ද ලෙහෙසි නැත. මන්ද එක් විධායක ජනපතිවරයෙක් මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් මරුමුවට පත්විය. ඒ ජනපති රණසිංහ පේ‍්‍රමදාසය. එසේම හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් දිවි ගලවා ගත්ත ද ඇගේ එක් ඇසක් අහිමි විය. ජනපතිනියගේ දිවි ගැලවුණේ ඇය ඉදිරියේ නවත්වා තිබූ වෙඩි නොවදින වාහනය නිසාය.

නමුත් ජනපති ජයවර්ධනට මේ අනතුරුවලට මුහුණපාන්නට සිදුවූයේ නැත. 1993 මැයි 01 වැනිදා ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතා කොළඹ ආමර්වීදියේදී ඝාතනය වනවිට ජනපති ජයවර්ධන සිටියේ ඉන්දියාවේ රජිව් ගාන්ධි සැමරුම් උත්සවයකය. ඒ උත්සවයේ කතාව කිරීමෙන් අනතුරුව එතැනින් ඉවත්වෙද්දි ජේ. ආර්. වැටෙන්නට

ගියේය. එය ආරක්‍ෂකයකු විසින් වළක්වන ලදී. මේ ගැන සටහනක් පේ‍්‍රමතිලක මාපිටිගම විසින් රචිත ‘ඒක දිග ගමනක්’ ග‍්‍රන්ථයේ සටහන්ව ඇත. එය මෙලෙස උපුටමි.

”හරියටම මැයි 1 වැනි දින පස්වරු 12.45 ට බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් පේ‍්‍රමදාස ජනපතිවරයා ඝාතනය කර ඇති බව දැනගතිමි. ජයවර්ධන ජනපතිවරයාගේ ද පය පැටලී වැටෙන්නට ගියේ ද හරියටම දවල් දොළහයි හතළිස් පහටය. දින පහළොවක සංචාරයක් සඳහා මෙහි පැමිණි අප කණ්ඩායමට වහා ආපසු දිවයිනට එන්නට සිදුවිය. එකල ඉන්දියාවේ අගමැති නරසිංහ රා ඕගේ ප‍්‍රයෝජනය සඳහා වෙන්කර තිබූ ගුවන්යානය ඉන්දියානු රජය විසින් ලබාදෙන ලදී.


චතුර පමුණුව

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles