Divaina - කෝප් කමිටුව... ; විදුලි සබඳතා සඳහා පරිභෝගිකයා ගෙවා ඇති කෝටි 510 ක මුදලට පොලී ගෙවීමට තරම් මුදලක් නෑ.... විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීහු කියති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

කුෂාන් සුබසිංහ - අකිත පෙරේරා
 
 coppවිදුලි සබඳතා වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවා ඇති රුපියල් කෝටි 510 කට ආසන්න තැන්පතු මුදලට අදාළ පොලී ගෙවීමට තරම් ප‍්‍රමාණවත් මුදලක් විදුලිබල මණ්ඩලය සතුව නැතැයි එම මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීහු ඊයේ (08 දා* කෝප් කමිටුව හමුවේ ප‍්‍රකාශ කර සිටියහ.
 
 මේ මුදල් ගෙවන්න තරම් ද්‍රවශීලතාවයක් තමන්ට නැති බවත් එහෙත් නීතිමය තත්ත්වය අනුව නම් එය පාරිභෝගිකයාට ගෙවිය යුතු බවත් ඔවූහු පැවසූහ. විදුලි පාරිභෝගිකයන් මිලියන 5.5 ක් සිටින බවත් රුපියල් 800 බැගින් තැන්පතු පොලී ගෙවීමට කටයුතු කළහොත් ආයතනයේ පැවැත්මට ගැටලූ මතුවීමට ඉඩ ඇති බවත් ඔවූහු පෙන්වා දුන්හ.
 
 කෝප් කමිටුව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08 වැනිදා* පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැුස්විණි.
 
 සුනිල් හඳුන්නෙත්ති - පාරිභෝගිකයෙක් නඩුවක් පැවරුවොත් ගෙවන්න වෙනවා. අනෙක පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම. ඇඹිලිපිටිය බලාගාරයකින් විදුලිය මිලදී ගත්තා. ඒ අයගේ ගිවිසුම 2015 දී කල්පිරුණා. යළි අලූත් කළා. ඒ අයගේ ලාභය පමණක් මිලියන 2551 යි. මේ මුදල අපේ අලාභයක්. 2021 දක්වා මේ ගිවිසුම අදාළ කර තිබෙනවා. ඇයි එහෙම කළේ.
 
 විදුලිබල ලේකම් සුරේන් බටගොඩ - 2016 දී විදුලි හි`ගයක් ඇතිවුණා. බලාගාර තුනකින් මිලට ගන්න තීරණය කළා. කෙටි කලකින් විදුලිය ගැනීම අවශ්‍ය වුණා. ඒ නිසා වසරකට මිලට ගත්තා.
 
 හඳුන්නෙත්ති - විදුලිය මිලදී ගැනීම ඒ ඒ අවස්ථාවන්වල තීරණය කළ බවක් පෙනෙන්නේ. විදුලිය මිලදී ගැනීම පිළිබඳ මිල සූත‍්‍රය, ඒ මිල සූත‍්‍රය තීරණය කරන ආකාරය අප දැනගත යුතුයි. විදුලිය මිලදී ගැනීමට තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ විස්තරාත්මක විගණනයක් කරන ලෙස විගණකාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ වාර්තාව අවුරුදු දෙකකට හදන්න. අවසන්වීමට තිබූ ගිවිසුමත් යළි දීර්ඝ කරනවා. අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන යථාර්ථයම ද ඇත්ත කියා අප දැනගත යුතුයි.
 
 සුරේන් බටගොඩ - සාම්පූර්
 
 බලාගාරය නතර කළාට පස්සෙ අලූත් විකල්ප සොයන්න ගියා.
 
 කිසිම විදුලි කප්පාදුවක් කරන්න බෑ කියන එකයි රජයේ ස්ථාවරය.
 
 හඳුන්නෙත්ති - විදුලිබල මණ්ඩලයේ ස්ථාවරය විය යුත්තේ ඒක තමයි.
 
 සුරේන් බටගොඩ - අපිට මාර්ගවල විදුලි කප්පාදුවක් කරන්න වුණා. එය ගැටලූවක් වුණා. ඒ අවස්ථාවේදී මෙගා වොට් 100 ක් වෙලාවට ගන්න බැරි වුණා. ඒ පිළිබඳ රටේ විශාල කලබැගෑනියක් ඇති වුණා. විකල්ප විදුලි ක‍්‍රම හොයන්න අපි පත්තර දැන්වීම් දැම්මා. ඒ පත්තර දැන්වීම් දැකලා තමයි තුර්කි සමාගම යෝජනා කළේ රුපියල් 24.85 ට විදුලිය දෙන්න. දැනට මිලට ගන්න මුදලට වඩා මේ මිල අඩුයි. එ නිසා ගන්න තීරණය කළා. ඒත් වර්ෂාව ආ නිසා අපි ගත්තේ නෑ.
 
 හඳුන්නෙත්ති - මේ පළ කළ පත්තර දැන්වීම තියෙනවද?
 
 නිලධාරි මහතෙක් - ඒ දැන්වීම පළ කළ දිනය මතක නෑ.
 
 සුරේන් බටගොඩ - පත්තර දැන්වීම දැකලා තුර්කි තානාපති ලිපියක් එව්වා එයාලගේ රටේ විකල්ප ක‍්‍රමයක් තිනෙවා කියලා.
 
 හඳුන්නෙත්ති - තුර්කි තානාපති එවූ ලිපිය අපට දෙන්න, තුර්කි තානාපති ලිපියක් එව්වත් යා යුතු ක‍්‍රමවේදයක් තියෙනවනේ.
 
 සුරේන් බටගොඩ - ඇමැතිතුමාට තමයි ලිපිය එන්නේ.
 
 හඳුන්නෙත්ති - පුහුණුවීම්වලට සේවකයන් බඳවා ගන්නවා වගේ මෙගා වොට් 200 ක තුර්කි නැවක් ගන්න බැහැනේ. තානාපති, රවි කරුණානායක ඇමැතිතුමාට එවූ ලිපිය අපට දෙන්න. ඔබ කීවා පත්තර දැන්වීම දැකලා තානාපති, ඇමැති කිව්වා කියලා. ඒ වුනාට තුර්කි සමාගමක් තමයි ඇමැති රවි කරුණානායකට ලිපියක් එවා තියෙන්නේ.
 
 හඳුන්නෙත්ති - ලබන වසරටත් මේ වගේ විකල්ප හොයනවද?
 
 සුරේන් බටගොඩ - ඔව්... ජනවාරි වෙද්දි මොනවා හරි නොකළොත් පෙබරවාරි වෙද්දි ලයිට් කපන්න වේවි.
 
 හඳුන්නෙත්ති - ඔබ කට්ටියක් හොය හොය යනවා. ඇමැතිවරයා තවත් කට්ටියක් හොය හොය යනවා.
 
 සුරේන් බටගොඩ - ඒ කතාව වැරදියි. අපි විකල්ප සෙවිය යුතුයි.
 
 හඳුන්නෙත්ති - තානාපති එවූ ලිපිය අපට දෙන්න. විදුලිබල මණ්ඩලය ස්ථාවර ජනන සැලැස්මකට ගිහින් නෑ. ඉදිරියේදීත් බලාගාර ඉදි කෙරෙන්නේ නෑ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles