Divaina - තුවක්කුව පිටුපස සිටින මිනිසා බිඳ වැටුණු කල...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

gun135තවත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් පවතින බව මේ මොහොතේ කියැවෙමින් තිබෙන්නකි. මේ හේතුවෙන් රට පුරා කිතුණු දේවස්ථාන වෙත විශේෂ ආරක්‍ෂාවක් සපයන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙන බව පසුගියදා හමුදා ප‍්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතාද මාධ්‍ය වෙත පැවසීය.
 
 එම ඉල්ලීමට අනුව ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙන බවද මේජර් ජෙනරාල්වරයා ස`දහන් කරනු ලැබීය. මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල විය හැක්කේ කොතැනකින්ද? ඒ ස`දහා තවමත් නිසි සොයා බැලීමක් සිදු වෙමින් තිබේද? මේ මොහොත වන විටත් එකී තත්ත්වය තිබෙන්නේ ප‍්‍රශ්න සහගත ඉසව්වකය.
 
 මේ ප‍්‍රශ්න සහගත බවට හේතු වී තිබෙන්නේ යළි අනතුරු ඇ`ගවීමක් සිදුව තිබියදීත් පෙර වැරදි නිවැරදි කරගෙන නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම නිසාය.
 
 ආණ්ඩුවේ රණවිරු දඩයමත් ඒ හමුවේ රටේ ජාතික ආරක්‍ෂාව අන්තයටම පිරිහීමත් නිසා භිහිසුණු ප‍්‍රහාරයක් අපට එල්ල කිරීමට සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරුණු තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් සමත් වූවේයැයි යන්න අද දවසේ කවුරු කවුරුත් පිළිගත යුතු තිත්ත ඇත්ත බව රහසක් නොවන්නකි.
 
 එහෙත් එකී ප‍්‍රහාරය හමුවේ අතිශය ශෝචනීය වූ බරපතළ විපතක් රටටත් ජනතාවටත් සිදුව තිබියදී දැනුදු ආණ්ඩුව සිටින්නේ කොතැනකද? ඉකුත් 2015 වසරේ අගෝස්තු 18 වැනිදා බිහිවූ යහපාලනයත් සම`ග ආරම්භ කෙරුණු දඩයම මේ මොහොතේත් සිදුවෙමින් ඇත.
 
 විමර්ශන මුවාවෙන් වරින් වර බුද්ධි අංශ නිලධාරීන් කැ`දවා ප‍්‍රශන් කිරීම්වලට ලක් කිරීමට සීඅයිඞීයේ මහත්වරු තවමත් කටයුතු කරමින් සිටිති. පසුගිය කාලයේ රටේ ජාතික ආරක්‍ෂාව අන්තයටම පිරිහී ගියේ මේ අන්දමට සිදුවූ නින්දිත කි‍්‍රයාදාමය නිසාය.
 
 යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටිමින් රට වෙනුවෙන් මිල කළ නොහැකි මෙහෙවරක් කළා වූ මේජර් රාජමන්තී‍්‍ර සහ කෝප‍්‍රල් රාජකරුණා දිවි නසා ගන්නට තැත්කර තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදියකු රෝහල්ගත කළ බව කියන සිදුවීමක් හමුවේ එල්ලවූ චෝදනා අනුව මිනීමරුවන් ලෙස වරදකරුවන් වී මේ මොහොතේත් සිටිනුයේ පෝරකය අභියසය.
 
 ඔවුනට එකී ද`ඩුවම ලබා දුන්නේ ති‍්‍රකුණාමලය ගරු මහාධිකරණය මගිනි. එකී අධිකරණ නියෝගය පිළිබ`ද කිසිදු විවාදයක් අපට නැත. එකී තීන්දුවට අපි හිස නමා ගරු කරන්නෙමු. එහෙත් දෙමළ භාෂාවෙන් ලියැවුණු ඒ නඩු විභාගයේ සටහන් පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම නිසා ඇපෑලක් ඉදිරිපත් කර ගැනීමට නොහැකිව සිරගත වී වසරකටත් අධික කාලයක් ගතවීත් මේජර් රාජමන්ති‍්‍ර සහ රාජකරුණා අදටත් වි`දවමින් සිටින්නාහ.
 
 රට වෙනුවෙන් අසීමිතව කැපවූ මේජර් රාජමන්තී‍්‍රලාට අත්ව තිබෙන ඉරණම මෙසේ වී තිබියදී මීළ`ග ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් වළක්වා ගන්නට අද දවසේ රාජකාරියේ සිටින කිසියම් ආරක්‍ෂක අංශ නිලධාරියකු දිවි හිමියෙන් කැපවනු ඇතැයි සහතික වන්නට වත්මන් ආණ්ඩුවට හැකියාවක් තිබේද?
 
 එසේම යහපාලනය ආරම්භයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් ඝාතනයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන වසරකටත් අධික කාලයක්  බන්ධනාගාරගතව සිටි නාවික හමුදා බද්ධි බළකායේ ලූතිනන් කමාණ්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චිට අද අත්වී තිබෙන ඉරණම ද එවැන්නකි.
 
 රවිරාජ් ඝාතනයේ සැකකරුවකු වීම හමුවේ වසරකටත් අධික කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව ඔහු ඇතුළු තිදෙනකු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය. එසේ නිදහස ලැබීමත් සම`ග වැල්ලවත්තේදී තරුණයන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැර ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස ප‍්‍රසාද් හෙට්ටිආරච්චිව නම් කිරීමට කටයුතු කෙරිණි.
 
 වසරකටත් අධික කාලයක් සිරගතව සිටි ඔහු එකී චෝදනාව එල්ල වීමත් සම`ග රට හැරදා පලා ගියේය. එහෙත් එසේ පැන ගිය ඔහුට ඒ අන්දමට සැ`ගවී සිටින්නට නොහැකි විය. එයට හේතුව වූයේ පියාට අත්වු ඉරණම හමුවේ සිය වැඩිමහල් දරුවා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වීම සහ දෙවැනි දරුවා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සුදානම් වීම නිසාය.
 
 දරුවන්ගේ මානසිත සුවය වෙනුවෙන් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි යළි හොර රහසේම මෙරටට පැමිණ සැ`ගව සිටියදී යළිත ඔහු සීඅයිඞීයේ අත්අඩංගුවට පත් විය. එසේ අත්අඩංගුවට ගෙන දැන් වසරකුත් ගෙවී ගොස් අවසන්ය. එහෙත් අදටත් ලූතිනන් කමාණ්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතර තුුළය.
 
 එම සිද්ධියේ සැකකරුවන් වූ සියලූම දෙනාට ඇප හිමිවී තිබුණද ප‍්‍රසාද් හෙට්ටිආරච්චිට තවමත් ඇප ලැබී නැත.
 
 මේ ලූතිනන් කමාණ්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි යනු එල්ටීටීඊයට එරෙහි අවසන් සටන සමයේ කොළඹ වරාය සහ අවට මුහුදු සීමාවන ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට දැවැන්ත කැපවීමක් සිදු කළ නාවික හමුදා බුද්ධි අංශ කණ්ඩාමට නායකත්වය දුන් නිලධාරියාය. එහෙත් අද ඔහුට උරුම වී තිබෙන්නේ සිරගත වී සිටින්නටය.
 
 සීඅයිඞීය සිදු කළ විමර්ශන අනුව පසුගිය කාලයේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන්නේ යැයි කියන සිද්ධියට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් සීවලි බුලත්වත්ත ඇතුළු බුද්ධි නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරනු ලැබිණි.
 
 දැන් ඔවුන් සිටින්නේ ඇප මත නිදහස්වය. එසේ තිබියදී එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම ස`දහා ලබන නොවැම්බර් විසි වැනිදා ප‍්‍රකාශයක් ලබා ගැනීමට මේජර් සීවලී බුලත්වත්ත සම`ග රාජකාරී කළ තවත් බුද්ධි අංශ සාමාජිකයකු කැ`දවා ඇත.
 
  මේ අන්දමට සිදුවූ සහ අදටත් සිදුවන දඩයම හමුවේ අද කඩා වැටී සිටින්නේ රටේ සහ ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් තුවක්කුව පිටුපස සිටින සෙබළාගේ චිත්ත ශක්තිය ය. තුවක්කුවට වඩා බලවත් විය යුත්තේ ඒ පිටුපස සිටිනා මිනිසා යැයි කියමනක් ඇත. එහෙත් අද මේ රටේ නැත්තේ සහ උපක‍්‍රමශීලීව නැතිකර දමා ඇත්තේද ඒ තිබිය යුතු ශක්තිය නොවේද?
 
  සමන් ගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles