Divaina - බෙදුම්වාදය පරාජය කිරීමේ ජනාධිපතිවරණය පැමිණ තිබේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි
සභාපති
දේශමාමක ජාතික බලවේගය

 
 feaබි‍්‍රතාන්‍ය පාලන සමයේ සෝල්බරි සාමි ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණි හතළිහ දශකයේ අග භාගයේදී උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරමින් සෝල්බරි කොමිසම වෙත පැමිණි වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ සීයා වූ ජ්‍යෙෂ්ඨ ජී. ජී. පොන්නම්බලම් මහතා 50 ට 50 යෝජනාව කොමිසමට ඉදිරිපත් කරමින් දෙමළ බෙදුම්වාදී බීජය මෙරට තුළ රෝපණය කළ බව රහසක් නොවේ.
 
 1947 ප‍්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුවේ අගමැතිවරයා විසින් ජී. ජී. පොන්නම්බලම් මහතාට ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් පිරිනැමීමත් සමගම ඔහුගේ 50 ට 50 ඉල්ලීම අහෝසි කෙරිණි. දෙමළ දේශපාලකයන් දෙමළ ජනතාව තුළ අන්තවාදී බෙදුම්වාදී ජාතිවාදය පතුරුවන්නේ තමන්ගේ බලය, ධනය, වරප‍්‍රසාද, වරදාන වෙනුවෙන් පමණක්ම බවට කදිම නිදර්ශනය ජාතියට අත්කර දුන්නේ ඒ අයුරිනි.
 
 මේ රටේ දෙමළ ජනතාව මුහුණ පා සිටි සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලූවලට සාධාරණ විසඳුමක් ලබා දීමට 1956 මහජන විප්ලවයෙන් බලයට පැමිණි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් එවක ෆෙඞ්රල් පක්ෂය හෙවත් ඉලංකේයි තමිල් අරුසු කච්චි නැතහොත් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයේ නිර්මාතෘවරයාණන් වූ එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා සමග සාකච්ඡුා කර එකඟත්වයට පැමිණියේ රට සභා පනත අන්තර්ගත ගිවිසුමකටය. එයට එරෙහිව සිටි මහනුවරට විරෝධතා පාගමනක් සංවිධාන කළේ එවක එජාප නියෝජ්‍ය නායකයාණන් වූ ජේ. ආර්. ජයවර්ධනයන්ය. ඒ මගින් දෙමළ ජනතාව එවක අපේක්ෂා කළ විසඳුම ලබාදීමට එරෙහි වෙමින් පසුකාලීනව දෙමළ ජන සමාජයෙන් ද, සිංහල සමාජයෙන් ද, මුස්ලිම් සමාජයෙන් ද ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කිරීමට මග පෑදූ ජේ. ආර් ජයවර්ධනයන් සමගම එක්වෙමින් 1965 දී ‘හත් හවුල්’ ආණ්ඩුවක් ගොඩනඟමින් අමාත්‍ය ධුර හා වරදාන වරප‍්‍රසාද ලබා ගැනීමට පෙළඹුනේ ද දෙමළ ජනතාවට නායකත්වය දුන් එම දෙමළ දේශපාලනඥයන්මය. ඒ මගින් නැවත නැවතත් ඔවුන් ඔප්පු කර පෙන් වූයේ ඔවුන් පෙනී සිටින්නේ දෙමළ ජනයාගේ සුබ සිද්ධිය, යහපත, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නොවන බවමය.
 
 ඒ සඳහා තවත් නිදර්ශන අවශ්‍ය නම් 1983 දී එල්. ටී. ටී. ඊ සංවිධානය විසින් උතුරේ චාවකච්චේරිවලදී ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට මුවා වී උතුරේ එල්. ටී. ටී. ඊ. ය බියගැන්වීමත්, දකුණේ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමත් අපේක්ෂාවෙන්, රට පුරා සංවිධානාත්මක ලෙසින් දෙමළ ජනයාගේ දේපළ, ව්‍යාපාර මංකොල්ල කමින්, භීෂණය, ඝාතනය වපුරමින් එවක එජාප පාලනය කළු ජූලියක් ද ඇරඹූ බව ප‍්‍රකට කාරණයකි. ජේ. ආර් ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක, රනිල් වික‍්‍රමසිංහ ආදීන් ප‍්‍රමුඛත්වය දැරූ එජාපය ආණ්ඩුව මගින් එය දියත් කළ බව දින ගණනාවක් රට අරාජික කිරීමට සැලසුම් සහගතව පියවර ගැනීම තුළින් මෙන්ම, එයට එරෙහි රට පුරා නැඟුණු විරෝධය මත අත්අඩංගුවට ගත් 5000 ක පමණ සංඛ්‍යාව අතර ආණ්ඩු පාක්ෂිකයන් හැර අන් දේශපාලන පාක්ෂකයන් නොසිටීම තුළින් ද මනාව සනාථ විණි.
 
 එයින් දෙමළ සමාජයේ උගත් මෙන්ම යමක් කමක් කරගත හැකි වූවන් ලක්ෂ 07 කට ආසන්න පිරිසක් රට හැර යෑමට පෙළඹෙමින් එල්. ටී. ටී. ඊ. යට මූල්‍යාධාර ලබාදෙමින් මෙරට දෙමළ ජනතාව සිවිල් යුද්ධයකට ඇද දැමීමට දායක වූ බවත් රහසක් නොවේ. දෙමළ සමාජය වසර දශක
 
 ගණනක් සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් පසුගාමී තත්ත්වයකට ඇද දැමූ එම සිවිල් යුද්ධය වර්ධනය කිරීමට දායක වෙමින් දෙමළ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් දිළිඳු දෙමළ ප‍්‍රජාවට අහිමි කිරීමටත් දායක වූ එක්සත් ජාතික පක්ෂය, වර්තමානයේ බලය රඳවා ගනිමින් දෙමළ නායකයින් වරප‍්‍රසාද, වරදාන ලබා ගනිමින් සිටින අයුරු ගැන විවෘත මනසකින් බලන ලෙසට අපි ලාංකීය දෙමළ ජනතාවට ගෞරවයෙන් ඇරයුම් කරමු.
 
 එක් අතකින් කුල පීඩනයෙන් දෙමළ සමාජයේ තරුණ - තරුණයන් ප‍්‍රමුඛ ප‍්‍රජාව පීඩාවට පත් කිරීමට ප‍්‍රමුඛව ක‍්‍රියා කරන මෙම වෙල්ලාල කුලයේ දෙමළ දේශපාලන නායකයන් වෙතින්ම තම දේශපාලන විමුක්තිය පැතීමට, ආර්ථික විමුක්තිය පැතීමට, පෙළඹී සිටින අහිංසක දෙමළ ජනයාගේ උගත් තරුණ දරු- දැරිවියන් ලෝකය තේරුම් ගන්නා ආකාරයෙන්ම උතුරේ තම පරම්පරා ගණනාවක්ම රැුවටීමට ලක්කරමින් ඔවුන්ගේ කර මතින් පාර්ලිමේන්තුවට ගොස් වරදාන, වරප‍්‍රසාද ද භුක්ති විඳි හා විඳිමින් සිටින දෙමළ දේශපාලන නායකයන් සිදු කරන ප්‍රෝඩාව අවබෝධ කර ගැනීම අතිශයෙන්ම වැදගත්ය. වත්මන් දෙමළ තරුණ පරපුරේ අත්හළ නොහැකි වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේ ද තම දෙමවුපියන් වැටී සිටින දේශපාලන අගාධයෙන් වහ වහා ගොඩ ගැනීමය.
 
 1983 දී දෙමළ සමාජයේ යමක් කමක් කරගත හැකිව සිටි උගත්, ධනවත් සාමාජිකයින් උතුරු හා නැගෙනහිර අතහැර යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය බඳු ධනවත් දියුණු රටවලටත් ඇතැමුන් ඉන්දියාවටත් පලා ගොස් එසේ යෑමට ධනය හෝ උගත් කම නොතිබුණු දෙමළ දිළිඳු ප‍්‍රජාවගේ දරු - දැරිවියන් දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකට ඇද දමා ගැනීමට කටයුතු කළ බවත්, එයට දෙමළ දේශපාලන නායකත්වයද අත හිත දුන් බවත් පිළිබඳව නැවත සිතා බලන්නැයි අපි ඇරයුම් කරමු.
 
 එසේ රටත් දෙමළ සමාජයත් අතහැර විදේශ රටවල් කරා පලා ගිය ජනයා එම රටවල පුරවැසිභාවය ලබාගත්තේ දේශපාලන රැුකවරණය යටතේ බවත් ප‍්‍රකට කාරණයකි. ශී‍්‍ර ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් පැවතිහොත් එසේ දේශපාලන රැුකවරණය යටතේ දියුණු ධනවත් රටවල පුරවැසිකම ලබා ගනිමින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන එම දෙමළ සාමාජිකයන්ට ඔවුන් ලබා සිටින පුරවැසිභාවය හෝ දේශපාලන සරනාගත භාවය අහිමි කෙරෙමින් මවුබිමට නැවතත් එවීමට එම රටවල බලධාරීන් කටයුතු කරනු ඇති බවට වන සුවිශේෂි බියකින් එම දෙමළ ජනයා පෙළෙමින් සිටින බව රහසක් නොවේ.
 
 එම නිසා රට තුළ ජාතීන් අතර සාමය ඇති වීම ඔවුන්ට අතිශයෙන්ම අහිතකරය. දෙමළ දේශපාලකයන් හිඟන්නාගේ තුවාලය බවට පත්කර ගෙන සිටින්නේ ද සාමයට එරෙහි බෙදුම්වාදී අන්තවාදී මතයට බවත් ප‍්‍රකටය. ඒ නිසා බටහිර රටවලට පලා ගොස් එහි පදිංචිව සිටිමින් සුර සැප විඳින දෙමළ පිරිස් අන්තවාදය, බෙදුම්වාදය තම එකම ගැලවුම්කරුවන් බවට පත් කොට ගෙන සිටින්නේ ඇයි ද යන්න මේ රට තුළ සියලූ ආකාරයේ දුක්ඛ දෝමනස්සයන්ට මැදිව සිටි අහිංසක දිළිඳු දමිළ ජනතාවගේ උගත් දරු - දැරිවියන් අවබෝධ කර ගත හොත් තම දිළිඳු මවුපියන්ට ජීවිතයේ ඉතිරි කාලය තුළවත් සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් වඩා වර්ධනයන් අත්කර ගත් සාමකාමී ලංකාවක් තුළ ජීවිතය වඩා සතුටින් ගෙවා දැමීමේ භාග්‍යය උරුම වනු නිසැකය.
 
 එහිදී සිය මවුබිම වූ ශී‍්‍ර ලංකාව අතහැර බටහිර රටවලට පලා ගොස් සැපවත් ජීවිත ගත කරමින් ව්‍යාජ ‘ඩයස්පෝරා’ නමැති වර්ගවාදී, අන්තවාදී, බෙදුම්වාදී සංවිධාන ගොඩනඟා ගනිමින් සිටින වංචනික දෙමළ පිරිස්වලට හෝ දෙමළ දේශපාලන නායකයන්ට රැුවටීමෙන් දෙමළ ජනයා මුදා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.
 
 ශී‍්‍ර ලාංකීය ඉතිහාසයේ ක‍්‍රි. පූර්ව දෙවෙනි සියවසේ සිට මේ දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවෙන් මේ රට ආක‍්‍රමණයට පැමිණි සොළී රජවරුන් කිහිප දෙනකු සමග රට ආරක්‍ෂා කර ගැනීමේ සටන් කිහිපයක් හැර, වසර 2000 කට අධික කාලයක් සිංහල, දෙමළ සාමාජිකයන් ඉතාමත් සුහදව, සාමකාමීව, ගෞරවයෙන් දිවි ගෙවූ බව අමතක නොකිරීමත් මේ යුගයේ දෙමළ තරුණ පරපුරේ වගකීමකි. ඒ වාගේම 17 වෙනි සියවසේ සිට දකුණු ඉන්දීය නායක්කර් වංශික දෙමළ රජවරුන් සිව් දෙනෙකුට ම සිංහලේ රාජ්‍යත්වය දැරීමට සිංහල සමාජය එක්සත්ව - එක්සිත්ව ඉඩකඩ ලබා දුන්නේ ද සිංහලයා ජාතිවාදීව මනුෂ්‍යයන් කෙරහි නොබලන, බුදු දහමින් ශික්‍ෂිත වූ මනුෂ්‍ය කොට්ඨාසයක් වූ නිසා බවත් අවබෝධ කර ගැනීම ඉතාමත් ම වැදගත්ය.
 
 ඉන්දීය රජය මැදිහත් වී හෝ ඔබට ලබාදුන් පළාත් සභා හෙවත් තමන් ජීවත් වන ප‍්‍රදේශයේ ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය අත්කර ගැනීම උදෙසා ඍජුවම දායක කර ගැනීමට ශක්තියක් සහිත දේශපාලන බල අධිකාරිය අකී‍්‍රය කරමින් එම හිමිකමත් අහිමි කළ රජයක් රැුක ගැනීමට වෙහෙස මහන්සි නොබලා කටයුතු කරන ඔබගේ ජන්ද බලයේත් ඔබ නියෝජනය කිරීමට ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට පැමිණ සිටින දෙමළ ජාතික දේශපාලකයන් ඔබේ අයිතිය ගැන මුනිවත රැුකීම ගැනත් සිතා බැලීම උගත් දෙමළ තරුණ පරපුරට අත්හළ නොහැකි වගකිමක් මෙන්ම යුතුකමකි.
 
 ඔබ පත්කර එවා ඇති දේශපාලකයන් සැබෑ ලෙසම ඔබව නියෝජනය කරනවා ද යන්න පිළිබඳව මෙන්ම, ඔබට හෝ දෙමළ සමාජයට ඔවුන් තුළ සැබෑ ආදරයක්, කරුණාවක්, දයාවක් තබා අනුකම්පාවක් වත් ඇති බවක් ප‍්‍රායෝගිකව ඔවුන් ඔප්පු කර ඇත්දැයි සිතා බැලීමත් වටී.
 
 බටහිර ඉත්තන් බවටත්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල රූකඩ බවටත් පත්ව සිටි එල්. ටී. ටී. ඊ. නායකයන්, යුද බිමේ අවසන් කාලයේදී ප‍්‍රභාකරන් නමැති දෙමළ ජනතාවගේ ශාපය කෙසේ හෝ සුරැුකිමින් උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව ප‍්‍රමුඛ සෙසු ජන කොටස් බලවත්සේ පීඩාවට පත් කෙරෙන සිවිල් යුද්ධය තවත් දශක ගණනක් ඉදිරියට පවත්වාගෙන යෑම උදෙසා ලක්‍ෂ 3 කට අධික අහිංසක සිවිල් දෙමළ ජනතාව යුද බිමේ ‘මිනිස් පළිහක්’ බවට පත්කර ගැනීමට කටයුතු කළ ආකාරය ගැන අවධානය යොමු කරන්න. එම අවස්ථාවේදී මානව අයිතීන් හා මානව නිදහස ගැන හඬ නඟන බටහිර රාජ්‍ය නායකයන් මෙන්ම සංවිධානත් නිහ`ඩව බලා සිටි ආකාරය පිළිබ`දවත් ඔබේ දැනුම අවබෝධය යොමු කරන්න. එම අවස්ථාවේදී අද ඔබේ ගැලවුම්කරුවන් ලෙසින් කටමැත දොඩන එම්. ඒ. සුමන්තිරන්ලා, විග්නේශ්වරන්ලා, සම්බන්ධන්ලා, මනෝ ගනේෂන්ලා සිටියේ කොහෙදැයි විමසා බලන්න.
 
 ඒ මහා බිහිසුණු ඛේදවාචකයෙන් එකී ලක්‍ෂ ගණන් වූ අහිංසක දෙමළ පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාකාරීව මුදා ගැනීමට ඉදිරිපත් වූ සිංහල රණවිරුවන් හෙවත් තරුණ දරුවන් එම මෙහෙයුමේදී කෙතරම් ප‍්‍රමාණයක් දිවි පූජා කළා දැයි සොයා බලන්න. මේ ඒ සඳහා දෙමළ ජාතික තාරුණ්‍යයට සේම නොමග යමින් සිටින ඉස්ලාම් ආගමික තාරුණයන්ටත් කෙරෙන සුහදශීලී වූත්, මානවවාදී වුත් සහෝදරාත්මක ඇරයුමයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles