Divaina - එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ගැන කාටූන් පෙළක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 

* කාටුන් කියැවීම

රුවන් තරස්‌වින්

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය (United Nation Organization)) යනු අන්තර් රාජ්‍ය සංවිධානයක්‌ වන අතර එහි අරමුණ වනුයේ ජාත්‍යන්තර සාමය හා ආරක්‍ෂාව පවත්වාගෙන ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම හා ජාත්‍යන්තර සහයෝගීතාවය සාක්‍ෂාත් කර ගැනීමය. මෙම සංවිධානය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ස්‌ථාපිත කරන ලද්දේ අනාගත යුද්ධ වැළැක්‌වීමේ අරමුණින්ය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇරඹීමට පෙර ශතවර්ෂයේදී සන්නද්ධ ගැටුම් හා ආරවුල්වලට ගොදුරු වූවන්ට ආරක්‍ෂාව සහ ආධාර සහතික කිරීම සඳහා ජාත්‍යන්තර රතුකුරුස කමිටුව වැනි ජාත්‍යන්තර ගිවිසුම් සංවිධාන කිහිපයක්‌ පිහිටුවන ලදී. එක්‌සත් ජනපදය හා බ්‍රිතාන්‍ය, පශ්චාත් යුද ලෝකයේ සාමය පවත්වාගෙන යැම සඳහා ස්‌ථිර ජාත්‍යන්තර ආයතනයක්‌ පිහිටුවීමට සැලසුම් කළේය. ජනාධිපති වුඩ්රෝ විල්සන් මෙම සංකල්පයේ වාචික උපදේශකයකු බවට පත්වූ අතර 1918 දී පළමු ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා වූ කරුණු 14 කින් යුqත් යෝජනාව ජාත්‍යන්තර ආයතනයේ සටහනක්‌ ලෙස ඇතුළත් කළේය. 1918 නොවැම්බරයේ පළමු ලෝක සංග්‍රාමයේ ඝාතන නැවැත්වීම සඳහා මධ්‍යම බලවතුන් එකඟ විය. ජනාධිපති විල්සන්ට සාමය අවශ්‍ය වූ නමුත් එක්‌සත් රාජධානිය හා ප්‍රංශය ඊට එකඟ නොවූ අතර ඔවුන්ගේ හිටපු සතුරනට යුද වන්දි ගෙවීම ජාතීන්ගේ සංගමය අනුමත කරන ලදි. 1919 දී රටවල් 42 ක්‌ විසින් අනුමත කරන ලද ජාතීන්ගේ සම්මුතිය බලාත්මක විය. නව ලෝක සංවිධානයක්‌ සඳහා මෙම පැරණි සැලැස්‌ම 1939 දී එක්‌සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ ආරම්භ විය. " එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශනය" ධවල මන්දිරයේදී 1941 දෙසැම්බර් 29 වන දින ජනාධිපති ෆ්‍රැන්ක්‌ලින් ඩී විසින් කෙටුම්පත් කරන ලදී. රූස්‌වෙල්ට්‌, අගමැති වින්ස්‌ටන් චර්චිල් සහ රූස්‌වෙල්ට්‌ගේ සහායක හැරී හොප්කින්ස්‌ එයට සෝවියට්‌ යෝජනා ද ඇතුළත් කළ නමුත් ප්‍රංශයට කිසිදු කාර්යභාරයක්‌ ඉතිරි නොවීය. එක්‌සත් ජනපදය, එක්‌සත් රාජධානිය, සෝවියට්‌ සංගමය හා චීන සමූහාණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ මෙම ප්‍රකාශනයෙන් මතු විය. රූස්‌වෙල්ට්‌ මෙයට ප්‍රථමවරට "එක්‌සත් ජාතීනA" යන යෙ දුම භාවිතා කළේය. 1942 අලුත් අවුරුදු දිනයේදි ඇමරිකානු ජනාධිපති රූස්‌වෙල්ට්‌, සෝවියට්‌ සමාජවාදී සමූහාණ්‌ඩුවේ මැක්‌සිම් ලිට්‌විනොව් සහ චීනයේ ටීවී සුන්ග් කෙටි ලේඛනයට අත්සන් තැබූ අතර පසුව එය එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශනය ලෙස ඊළඟ දවසේදී ප්‍රසිද්ධ විය. "එක්‌සත් ජාතීන්" යන නිල පදය භාවිතා කරනු ලැබුවේ තවත් ආණ්‌ඩු 26 ක්‌ මේ ප්‍රඥප්තියට අත්සන් කිරීමෙන් පසුවය.

"ජීවිතය, නිදහස, ස්‌වාධීනත්වය හා ආගමික නිදහස ආරක්‍ෂා කිරීමටත්. ඔවුන්ගේ රටවල මෙන්ම වෙනත් රටවලත් මානව හිමිකම් සහ යුක්‌තිය ආරක්‍ෂා කිරීමටත්. ලෝකය යටත් කර ගැනීමට උත්සාහ කරන ම්ලෙච්ඡ බලවේග යටපත් කිරීමටත් එක්‌සත් ජාතීන්ගේ මෙම සංවිධානය ක්‍රියා කරයි."

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගත් පසු එය නිල වශයෙන් ආරම්භ වූයේ 1945 ඔක්‌තෝබර් 24 වැනිදා ය. මෙහි පළමු රැස්‌වීම පැවැත්වූයේ ලන්ඩනයේ වෙස්‌ට්‌මිනිස්‌ටර්හි මෙතෝදිස්‌ත මධ්‍යම ශාලාවේදීය. නොවේජියානු විදේශ ඇමැති ටි්‍රග්වේ ලයි (Trygve Lie) එක්‌සත් ජාතීන්ගේ පළමු මහලේකම්වරයා ලෙස තේරී පත් විය. (මෙම සංවිධානයේ සියලු බලතල ඇති පුද්ගලයා මහලේකම්වරයා ය.) 1946 ජනවාරි 10 වැනි දින මෙම මහා සභාවේ මුල් ස්‌ථානය ලෙස නිව්යෝර්ක්‌ නගරය තෝරාගත් අතර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම 1948 සැප්තැම්බර් 14 වන දින ආරම්භ කළ අතර 1952 ඔක්‌තෝබර් 9 වැනිදා එය විවෘත කරන ලදි. ඉන්පසු ජිනීවා, වියනා සහ නයිරෝබි යන නගරවල ද මෙහි ශාඛා පිහිටුවන ලද අතර මෙම භූමියන් "ජාත්‍යන්තර භූමි ප්‍රදේශ" ලෙස නම් කර ඇත.

සූවස්‌ අර්බුදය අවසන් කිරීම සඳහා 1956 නොවැම්බර් 7 වැනිදා එක්‌සත් ජාතීන්ගේ ප්‍රථම සාම සාධක හමුදාව පිහිටුවන ලදී. එ.ජා.සං. දෙවැනි මහලේකම්වරයා වූ ස්‌වීඩන් ජාතික ඩග් හමර්ස්‌ක්‌ජෝල්ඩ් (Dag Hammarskjold) 1961 සැප්තැම්බර් 18 වැනිදා ගුවන් අනතුරකින් මියගියේ එකල කොංගෝවේ ඇතිවීS තිබූ ගැටුම් නිරාකරණය කිරීමට සාම සාකච්ඡා වකට සහභාගිවීමට යමින් සිටියදීය. ඔහුගේ මර ණින් පසු ඔහුට 1964 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි.

1960 ගණන්වලදී යටත් විජිතකරණය අහෝසිවීම් ව්‍යාප්තවීමෙන් පසුව සංවිධානයේ සාමාජිකත්වයට අලුතින් ස්‌වාධීන රාජ්‍යයන් ගලා ඒමට විය.

වර්තමානය වනවිට එහි සාමාජික රටවල් ගණන 193 කි. වර්තමානයේ එහි මහලේකම්වරයා වන්නේ පෘතුගාල් ජාතික ඇන්ටෝනියෝ ගුටරෙස්‌ ය. (Antonio Guterres).

ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ජාත්‍යන්තර පරමාණුක බලශක්‌ති ඒජන්සිය (IAEA) ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල (IFAD), ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU), එක්‌සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්‌කෘතික සංවිධානය (UNESCO), එක්‌සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය සංවිධානය (UNWTO), ලෝක සංචාරක සංවිධානය (UNTWTO), විශ්ව තැපැල් සංගමය (UPU), ලෝක බැංකු සමූහය (WBG), ලෝක ආහාර වැඩසටහන (WFP), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO), ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO), යන සංවිධාන හා විශේෂිත ආයතන එ.ජා. සංවිධානය යටතේ ලෝ පුරා ව්‍යාප්ත වී ඇති ආයතන සමූහයකි.

වර්තමානයේ ප්‍රඥප්තියේ අඩංගු බැඳීම් පිළිගන්නා සහ සංවිධානයේ තීන්දුව අනුව එක්‌සත් ජාතීන්ගේ සාමාජිකත්වය අනෙකුත් සියලු සාමයට ලැදි රාජ්‍යයන් සඳහා විවෘතය.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලියේ අනුමැතියෙන් පසුව, සාම ගිවිසුම්වල කොන්දේසි බලාත්මක කිරීම සහ සටන්කරුවන් නැවත සතුරුකම් කිරීම අධෛර්යමත් කිරීම සඳහා සන්නද්ධ ගැටුම් මෑතදී නතර වූ හෝ සටන් විරාමයක්‌ ලබා ඇති ප්‍රදේශවලට සාම සාධක හමුදා යවයි. එක්‌සත් ජාතීන්ගේ හමුදාව තමන්ගේම මිලිටරියක්‌ පවත්වාගෙන නොයන හෙයින් සාම සාධක හමුදා ස්‌වෙච්ඡාවෙන් සපයනු ලබන්නේ සාමාජික රටවල් විසිනි. මෙම සොල්දාදුවන් සමහරවිට ඔවුන්ගේ සුවිශේෂී ආම්පන්න සඳහා "නිල් හෙල්මට්‌" ලෙස නම් කර ඇත. සමස්‌තයක්‌ වශයෙන් මෙම එ.ජා. සාම සාධක හමුදාවට 1988 දී නොබෙල් සාම ත්‍යාගය හිමි විය.

එක්‌සත් ජාතීන්ගේ නිලධාරී අකාර්යක්‍ෂමතාව, නාස්‌තිය හා දූෂණය පිළිබඳවද විවේචකයෝ චෝදනා කරති. එ. ජා. ගේ පද්ධතිය තුළ අකාර්යක්‍ෂමතාවන් සෙවීම සඳහා 1976 දී මහා මණ්‌ඩලය විසින් ඒකාබද්ධ පරීක්‍ෂණ ඒකකය පිහිටුවන ලදී. 1994 දී කාර්යක්‍ෂමතා මුරකාවල් ලෙස සේවය කිරීම සඳහා මහා මණ්‌ඩලය විසින් අභ්‍යන්තර අධීක්‍ෂණ සේවා කාර්යාලය (OIOS) පිහිටුවන ලදී.

එක්‌සත් ජාතීන්ගේ අරමුදල් සපයනු ලබන්නේ සාමාජික රටවල තක්‌සේරු සහ ස්‌වෙච්ඡා දායකත්වයන් මගිනි. මහා සභාව නිත්‍ය අයවැය අනුමත කරන අතර එක්‌ එක්‌ සාමාජිකයා සඳහා තක්‌සේරුව තීරණය කරයි.

1972 දී එක්‌සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) පිහිටුවීමත් සමග එ. ජාතීන් පාරිසරික ගැටලු සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංගයක්‌ බවට පත් කර තිබේ. 1988 දී ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) දේශගුණික විපර්යාසය පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය පිහිටුවන ලද අතර එය ගෝලීය උණුසුම පිළිබඳ පර්යේෂණ තක්‌සේරු කර වාර්තා කරයි. ජාත්‍යන්තර රතුකුරුස හා රතු අඩසඳ සංවිධානය, එ. ජාතීන්ගේ සම්බන්ධීකරණය හා හදිසි සහනදී ප්‍රධාන භූමිකාව ඉටු කරයි. සාගත, ස්‌වාභාවික විපත් සහ සන්නද්ධ ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන් 1961 දී නිර්මාණය කරන ලද ලෝක ආහාර වැඩසටහන (WFP) ආහාර ආධාර සපයයි. එ. ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලය 1950 දී පිහිටුවා (UNHCR) සරණාගතයන් දේශපාලන රැකවරණ පතා එන අයගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට ක්‍රියා කරයි. එ. ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජාත්‍යන්තර සෞඛ්‍ය ගැටලු හා රෝග මර්දන මත අවධානය යොමු කරන අතර 1980 දී ඔවුන් නිවේදනය කළේ ලෝකයේ වසූරිය රෝගය තුරන් කළ බවය. HIV ආසාදිතයන් හා ඒඩ්ස්‌ රෝගීන් පිළිබඳව සොයා බැලීම සඳහා 1996දී වැඩසටහන් ආරම්භ කළ අතර ප්‍රජනන සෞඛ්‍ය හා පවුල් සැලසුම් සේවා සඳහා එය ලොව විශාලම අරමුදල් සපයන ආයතනය බවට පත්වී ඇත. එ. ජාතීන්ගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව මගින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ණය ලබාදෙන අතර මෙමගින් ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවය ප්‍රවර්ධනය කරන අතරම ණය ගැති රටවලට හදිසි ණය ආධාර ලබා දෙයි.

එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNPD) 1945 දී ආරම්භ කරන ලද සංවිධානයකි. එමගින් දිළිඳුකම, සාක්‍ෂරතාවය, අධ්‍යාපනය ආදියට ආධාර සපයයි. 1945 දී ආරම්භ කළ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) කෘෂි කාර්මික සංවර්ධනය හා ආහාර සුරක්‍ෂිතතාව ප්‍රවර්ධන කරයි. යුනිසෙෆ් (UNICEF) නමින් යුත් එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදල 1946 දී දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය දරුවන්ට ආධාර කිරීම සඳහා නිර්මාණය කරන ලද අතර වර්තමානයේදී එය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය තහවුරු කිරීම සඳහා පුළුල් මෙහෙවරක්‌ ලොවටම ලබාදෙයි.

දරිද්‍රතාවය සහ කුසගින්න තුරන් කිරීම, විශ්ව ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීම, ස්‌ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම හා කාන්තාවන් සවිබල ගැන්වීම. ළමා මරණ සංඛ්‍යාව අඩු කිරීම, මාතෘ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම, එච්. අයි. වී. ඒඩ්ස්‌, මැලේරියාව සහ වෙනත් බෝවෙන රෝග හා බෝ නොවන රෝගවලට එරෙහිව සටන් කිරීම, පාරිසරික තිරසාර බව සහතික කිරීම, සංවර්ධනය සඳහා ගෝලීය හවුල්කාරිත්වයක්‌ වර්ධනය කිරීම ආදිය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සහස්‍ර සංවර්ධන ඉලක්‌ක වේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, එහි නිලධාරීන් සහ එයට අනුබද්ධ ආයතන විසින් නොබෙල් සාම ත්‍යාග හා වෙනත් ජාත්‍යන්තර ත්‍යාග රැසක්‌ ද දිනාගෙන ඇත. එක්‌සත් ජාතීන්ගේ කාර්යසාධකත්වය හා ඵලදායීතාවය පිළිබඳව ඇගයීම් මිශ්‍ර වී ඇත.

සමහර විචාරකයන් පවසන්නේ සංවිධානය සාමය හා මානව සංවර්ධනය සඳහා වැදගත් බලවේගයක්‌ වන බවය. තවත් සමහරු සංවිධානය අකාර්යක්‍ෂම බවත්, පක්‍ෂග්‍රාහී හෝ දූෂිත යෑයිද කියති.

එක්‌සත් ජාතීන්ගේ මෙම සංවිධානය පිළිබඳව ද ලොව පුරා සිටින කාටූන් ශිල්පීන් බොහෝ කාටූන් නිර්මාණය කර ඇති අතර මේ ඉන් කිහිපයකි.

1. ජියාකොමෝ කාර්ඩෙලි (Giacono cardelli) ගේ කාටූන් නිර්මාණයේ පෙන්වාදී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය මත රැඳී සිටිමින් ගෑරුප්පුවකින් එම සංවිධානයේ කෑලි කඩා ගනිමින් අනුභව කරන, ටයි කෝට්‌ පැළැඳ තොප්පියක්‌ ද දමාගත් සමාජයේ ප්‍රභූ පන්තියේ කෙනකුසේ පෙන්වා ඇති කෙනෙකි. එසේ අනුභව කරන දෙයින් ඉතා අල්පයක්‌ ඔහු පසෙකට විසි කරයි. ඒ දරිද්‍රතාවයෙන්, අසරණකමින් හාමතෙන්, පීඩාවිඳින තුන්වැනි ලෝකයේ මවකට හා දරුවන් තිදෙනකුට කෑමටය. එම ආහාරයත් බිම වැටී ඇත. ඒ සොච්චම එම පවුලට නොවටී. මේ කාටූනයෙන් කාටූන් ශිල්පියා පෙන්වා දෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යම් යම් දේවල් ධනය, ආහාර, උපකරණ ආදිය තම දේපළ ලෙස පරිහරණය කරන අය සිටින බවත් ඔවුන් අසරණ ජනතාවට ආධාර දෙන බව ප්‍රකාශ කරමින් ඒ දෙන්නේ නොවටිනා දේවල් බවත් ය.1

2. ද ඔගස්‌ටා ක්‍රොනිකල් (The Augusta Chronicle) ප්‍රකාශනයේ කාටූන් ශිල්පි රික්‌ මැකී (Rick Mc Kee) විසින් නිර්මාණය කරන ලද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවේ හැසිරවීම විවේචනය කරන ලද මෙම දේශපාලන කාටූනයට ජාත්‍යන්තර සංවිධානයේ වාර්ෂික සම්මාන උළෙලේදී පළමු ත්‍යාගය හිමි විය. ශුෂ්ක කාන්තාර ප්‍රදේශයකි. එහි සිරියාව (SYRIA) යනුවෙන් සඳහන් දැන්වීම් පුවරුවක්‌ ඇත. සාමයේ සංකේතය සුදු පරෙවියා ඔලෙව් අත්තක්‌ද හොටින් ගෙන සිරියාව පැත්තට පියඹා යැමට යත්න දරයි. ඒ සිරියාවට සාමය ළඟා කර දීමටය. එහෙත් පරෙවියාගේ බෙල්ල දම්වැලක්‌ මගින් විශාල යකඩ බෝලයකට සම්බන්ධ කර ඇත. එම යකඩ බෝලය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බවට සංකේතවත් කර ඇත්තේ එම සංවිධානයේ ලාංඡනය එය මත සලකුණු කරය. කාටූනයෙන් පෙන්වා දෙන්නේ සිරියාවේ සාමය උදා කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ගෙන යන මන්දගාමී පිළිවෙත සිරියාවේ සාමයට බාධා කරමින් සිටින බවයි.2

3. ඉමාඩ් හඡ්ජාඡ් (Emad Hajjaj) ගේ කාටූනයේ ට්‍රම්ප් බාස්‌ උන්නැහේ සිමෙන්ති හැන්දක්‌ අතින් ගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය මත තාප්පයක්‌ ගොඩනගා ඇත.

එම තාප්පය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වටකොට ඇත. ඉන් පසු තාප්පය එම වටය ඇතුළත එක්‌ එ ක්‌ පසට විහිදී ඇත. මේ කාටූනය මගින් ඉමාඩ් පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එජාසං යේ බලපුළුවන් කාරයා බවට පත්වී ඔහු විසින් එම සංවිධානය ඔහුට ඕනෑ හැටියට බැඳ දමා සිරකොට ඇති බවය.
3 4. සපීරෝ (Zapiro) ගේ කාටූනයේ පැත්තක්‌ ගිලී ගිය "නෝවාගේ නැව" පෙන්වාදී ඇත. නැව එක්‌සත් ජාතීන්ගේ (UN) යනුවෙන් නම් කර ඇත. නැවේ ගිලී ගිය කොටස ආරක්‍ෂක මණ්‌ඩලය (Security Council) යනුවෙන් සඳහන් කර ඇති අතර නැවේ එම පැත්තේ රුසියාව නම් වලසාත්aa, ප්‍රංශය නම් රයිනෝත්, චීනය නමැති මකරාත්, එක්‌සත් රාජධානිය නම් හිපෝත්, එක්‌සත් ජනපදය නම් අලියාත් සිටී. ඔවුන් සද්aදන්ත සතුන්ය. නැවේ අනිත් පැත්තේ සිටින්නේ කුඩා අහිංසක සතුන් ය. නැවේ මැද ඉඳන් නෝවා කියනවා.."මම එයාලට කිව්වා ඒක සමබර නෑ කියලා." ( I've Told Them it's Unbalanced) සපීරෝ මේ කාටූනයෙන් පෙන්වා දෙන්නේ බලවත් ජාතීන් විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බලය අල්ලාගෙන එම සංවිධානයට නිදහසේ ගමන් කිරීමට ඉඩ නොදී ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වාදීමට යැමෙන් සංවිධානය අනතුරට පත්වන බවය.4

5. ක්‍රීසි ක්‍රාබ් ( Crazy crub) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සමුළුවක්‌ අමතන එහි නියෝජිතයෙකි. ඔහු සාමය ගැන කතා කරයි. ඒ ගැන කතා කිරීමට න්‍යාය පත්‍රය අනුව ඔහුට විශාල ඉඩක්‌ ලබාදී ඇත. ඒ බව පෙන්වීමට ඔහු කතා කරන දේ සඳහන් කිරීමට කාටූනයේ විශාල ඉඩක්‌ වෙන් කර ඇත. එහෙත් ඔහු සාමය ගැන කියන්නේ වචන ස්‌වල්පයකි. ඔහු කියනවා..." ඔබේම මිනිසුන් ඝාතනය කිරීම නවත්වන්න" (Stop Killing your Own People) එහෙත් එම වචන කීපයේ විශාල අර්ථයක්‌ ඇත. යම් රටක කැරැල්ලක්‌ ඇතිවූ විට මිය යන්නේ ඝාතනය වන්නේ එම රටේම අය ය. එය නැවැත්වූ විට එතැන ඇති වන්නේ සාමයයි. ඒ නිසා ය ඔහු කියන්නේ තම තමන්ගේම අය ඝාතනය නොකරන්න කියා.5

6. කාටුQන් ශිල්පියාගේ නම අපැහැදිලි මේ කාටූනය විශාල අරුතක්‌ පෙන්වයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය ඇත. ඒ අසල මවක්‌ හා දරුවන් දෙදෙනකු සිටී. වැඩිමහල් දරුවා එක්‌සත් ජාතීන්ගේ ලාංඡනයේ වටේට ඇති සාමයේ සංකේතය යන ඔලෙව් කොල අතු දෙකේ ඇති කොල ගලවා තම මවට දෙයි. ඇය ඒවා බඳුනක දමා තම්බන්නේ බඩගින්නට කෑමටයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ඇති ලාංඡනය වටින්නේ බඩගින්නේ සිsටින අසරණයන්ට කෑමට බව මේ කාටුQන් ශිල්පියා පෙන්වා දෙයි.
6
7. ජියාකොමෝ කාර්ඩෙලි විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවක්‌ අමතන එහිs නියෝජිතයෙක්‌ ලෝකයේ අන්ත අසරණ භාවයට පත්වී ඇති අයට ආහාර ලබා දිය යුතු බවට කරන කතාවකි. ඔහු ඒ පිළිබඳව උදාහරණ වශයෙන් රෝස්‌ කරන කුකුල් මස්‌ අසරණයන්ට ලබා දිය යුතු බව කියයි. ඔහුගේ කතාව අසාගෙන සිටින අසරණයන්ට ඔහු ඔහුගේ කතාව පරිත්‍යාග කරයි. එහෙත් ඔහු ඔවුන්ට දෙන්නේ හිස්‌ දෙයකි. කතාවේ තිබූ රෝස්‌ කරන ලද කුකුලා ඔහු අනුභව කර ඇත. ඔහුගේ එක්‌ අතක ඉතිරිව ඇත්තේ කුකුලාගේ එක්‌ කකුලක්‌ පමණි. මෙම සංවිධානයේ සමහර නියෝජිතයන් ලෝකයේ සිටින අසරණ දුගී දුප්පතුන්ව රවට්‌ටන බව ජියාෙ කාමෝ මෙම කාටූනයෙන් පෙන්වා දෙයි.7

8. තලාල් නයර් (Talal Nayer) ගේ කාටූනයේ පෙන්වාදී ඇත්තේ අහසේ පාවී යන වායු බැලුනයකි. එම බැලුනයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය සලකුණු කර ඇත. එයින් පෙන්වා දෙන්නේ එම බැලුනය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බවයි. බැලුනයේ කීපතැනක්‌ම හිල්වී වායුව පිටවේ. එහි සමහර ස්‌ථානවලට පැලැස්‌තර දමා ඇත. තව වැඩිදුරක්‌ එම බැලුනයට යැමට නොහැකිය. මේ කාටූනයෙන් නගර් පෙන්වා දෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන්ට නිසි පිළිතුරු ලබා නොදෙන බවත් ඒ නිසා එහි ගමන පිළිබඳව ද විශ්වාසයක්‌ තැබීමට නොහැකි බව හා ලෝකයෙන් එල්ලවන චෝදනා නිසා සංවිධානය හුළං යන බැලුනයක තත්ත්වයට පත්වී ඇති බවය.8

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles