Divaina - ශ්‍රී ලංකාවේ සිතුවම් කලාවේ කර්තෘත්වය හිමිවන්නේ කාටද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 

sithuwam


මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය
     එසේම එම යුවලගේ ඉල්ලීම පරිදි වැදි පුරුෂයන් මෙන්ම වැදි කාන්තාවන් ද දුඹුරු කඩදාසි මත සිතුවම් ඇඳ දී තිබේ. එසේ ඇඳ ලබාදෙන ලද සිතුවම් මෙරට වාර්තාවී තිබෙන ආදි මානව සිතුවම් ශෛලියට බොහෝ සෙයින් සමාන වේ. එසේම ඇතැම් වැදි ජනයා 1940 දශකයවන තුරුම ගල්ලෙන්වල විසූ බව ස්‌පිට්‌ල් සඳහන් කර තිබේ. මෙරට ආදි මානවයින්ගේ වර්ණ භාවිතය පිළිබඳ ඉතා පැරණි සාධක ප්‍රාග් ඓතිහාසික කැණීම්වලින් ලැබී තිබේ. පාහියන්ගල කැණීමෙන් හමු වූ මිනිස්‌ හිස්‌ කබල් සහ අස්‌ථි මත ගුරුගල් ආලේප කර තිබීම හා සායම් තැවරුණු අත්ගල් හමුවීම තුළින් අතීත මානවයා තුළ වර්ණ භාවිතය පිළිබඳ දැනීමක්‌ තිබුණු බව සනාථ වේ. මෙරට ආදි මානව සිතුවම් ඇඳී කාලය පිළිබඳව කාල නීර්ණයක්‌ බී.ඩී.නන්දදේව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව,

1. ප්‍රාග් ඓතිහාසික යුගය - දොරවක, මොලගොඩ, නැව්ගල

2. මූල ඓතිහාසික යුගය - ඌරාකන්ද, පදවිගම්පොල

3. ආදි ඓතිහාසික යුගය - බුදුගල, දිඹුලාගල

4. ඓතිහාසික යුගය - ආඩියාගල, බිල්ලෑව, ගොනාගොල්ල

5. වත්මන් යුගය - ගමකන්ද ගල්ගේ, පිහිල්ලගොඩ ගල්ගේ, හිඟුරාන, මුදුනතලාව ගල්ගේ



සත්සර ඉලංගසිංහ කුරුල්ලන්ගල (කරඳගොල්ල), කන්දේගම, දොරවක, බුදුගල, නැව්ගල, ඌරාකන්ද හා හක්‌බෙලි කන්ද යන ස්‌ථානවල සිතුවම් ලෝකයේ වෙනත් ප්‍රාග් මානවයන්ගේ සිතුවම් සමඟ ගලපා ඒවා ලංකාවේ දිවි ගෙවූ ආදිම මානවයින් කළ චිත්‍ර ලෙස පෙන්වා දෙයි. නමුත් ඔහු තම කෘතියේ වෙනත් ස්‌ථානයක නැව්ගල සිතුවම් පිළිබඳව තොරතුරු දක්‌වමින් එහිවන සිංහ රූපය ගල් කටුව හා මිටිය ආධාරයෙන් ඉතා සියුම් විනයකින් කළ සිතුවමක්‌ ලෙස සඳහන් කර ඇත. එසේම එය ප්‍රාග් මානවයෙකුගේ කෘතියකට වඩා මහින්දාගමනයෙන් පසු ව්‍යාප්ත වූ ලාංකීය සෙල් කැටයම් කලාවට අයත්වන ගල් වඩුවකු කළ පාෂාණ චිත්‍ර සටහනක්‌ ලෙස වාර්තා කර තිබේ. මෙරට ආදි මානව සිතුවම් පිළිබඳව විද්‍යාත්මක කාල නීර්ණයක්‌ ලබාගත හැකි එකම ස්‌ථානය වන්නේ දොරවක්‌කන්ද ලෙනයි. මෙම ලෙනෙහි බටහිර ලෙන් පෘෂ්ඨයේ පමණක්‌a සීරුම් සිතුවම් දක්‌නට ඇත. පොළොව මට්‌ටමේ සිට මීටර 11ක්‌ පමණ ඉහළින් මෙන්ම පොළොව මට්‌ටමේ සිට මීටර 2ක්‌ පමණ ගැඹුරින් ද තිබී මෙම සිතුවම් හමු වී තිබේ. මෙම ලෙනෙහි කරන ලද කැණිමේදී පස්‌ ස්‌ථර කිහිපයක්‌ හඳුනාගෙන ඇත. මෙම පස්‌ ස්‌ථර සඳහා විද්‍යාත්මක කාල නීර්ණ 4ක්‌ ලැබී තිබේ. මෙහිවන සිතුවම් එකම අවධියක දී නිර්මාණය වූ ඒවා නොවන අතර අවස්‌ථා ගණනාවක දී මෙහි සිතුවම් ඇඳ තිබූ බව පෙනී යයි. පස්‌ ස්‌ථරයන්ට ලබා දී ඇති කාල නීර්ණයන්ට අනුව මෙම සිතුවම් කි.පූ.5300-කි.පූ.3000 අතර කාලයේ දී ඇඳ ඇති බව සනාථ වේ. එනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසන් කාලයවන නියොලිතික යුගයේ දී ඇඳ ඇති බවට තහවුරු වේ.

ආදි මානව සිතුවම් කාල නිර්ණය කිරීමෙහිලා විද්‍යාත්මක ක්‍රම භාවිතය තවමත් ලෝකය පුරා ජනප්‍රියවී නොමැති බව පෙනේ. එම නිසා විවිධ රටවලින් වාර්තාවන ආදි මානව සිතුවම් සඳහා බොහෝදුරට ලබා දී ඇත්තේ සාපේක්‌ෂ කාල නීර්ණයන් පමණි. කාබනික ද්‍රව්‍ය සියුම් අන්තර්ගතයක්‌ වර්ණ ස්‌ථරය තුළට ඇතුළත්ව තිබූ විට රේඩියෝ කාබන් ක්‍රමවේදය හරහා දින නීර්ණයක්‌ ලබා ගැනීමේ හැකියාව පවතී. ආදි මානව චිත්‍ර මත නිර්මාණය වූ ඛණිජ ආවරණවල අඩංගු ඉතා සියුම් කාබනික ද්‍රව්‍ය ලේසර් කිරණ මගින් විශ්ලේෂණයට බඳුන්කර කාල නීර්ණය කිරීමේ ක්‍රමවේදයක්‌ ද පවතී. එසේම පාෂාණ සීරුම් සටහන්හි කාලය නීර්ණය කිරීමේ දී උපයෝගී කරගනු ලබන්නේ පාෂාණ පෘෂ්ඨය සීරීමේ දී හෝ තලනවිට දැදුරු වූ ඛණිජ ස්‌ඵටික කල්යැමත් සමඟ ක්‌ෂයවී වටකුරු වේ යන සිද්ධාන්තය යි. පිහිටි පාෂාණ පෘෂ්ඨයක මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වේගය තීරණය කිරීමෙන් එහි කාල නීර්ණය කළ හැකි වේ. The Dating of Rock Art:a Critique යන මැයෙන් ලිපියක්‌ සපයන රොබට්‌ ජී බෙඩ්නැරික්‌ ආදි මානව සිතුවම් කාල නිර්ණය කළ හැකි ක්‍රමවේද රාශියක්‌ පෙන්වා දී තිබේ. මෙරටින් හමුවී ඇති ආදි මානව සිතුවම් ස්‌ථානවලින් 29ක්‌ පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපියක්‌ රහිත කටාරම් කෙටූ ලෙන් තුළින් වාර්තාවී තිබේ. එසේම පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපියක්‌ සහිත කටාරම් කෙටූ ලෙන් 10කින් ද මෙම සිතුවම් හමුවී තිබේ. ඒ අනුව පොදුවේ බැලූ කළ කටාරම් කොටන ලද ලෙන් 39කින් ආදි මානව සිතුවම් වාර්තාවී ඇත. කටාරම් ලෙන් යනු ඓතිහාසික යුගයේ දී භික්‌ෂූන්ගේ පරිභෝජනය උදෙසා සකස්‌ කරන ලද ලෙන් වර්ගයකි. ගොඩනැගිලි නිර්මාණ සම්ප්‍රාදාය සංවර්ධනයවීමත් සමඟ භික්‌ෂූන් වනගත ලෙන්වලින් ඉවත්වී ගොඩනැ`ගූ ආරාම සංකීර්ණයන් වෙත සංක්‍රමණයවී ඇත. ඒ අනුව නැවතත් මෙම කටාරම් සහිත ලෙන් මෙරට වැදි ජනයා ප්‍රමුඛ ආදි මානවයින්ගේ නවාතැන් බවට පත්ව ඇත. එම අර්ථයෙන් බැලූ කල කටාරම් කෙටූ ලෙන්වලින් හමුවන ආදි මානව සිතුවම් ක්‍රි.පූ. 2,1 සියවස්‌වලින් පසු කාලයේ දී නිර්මාණය කර ඇති බව අනුමාන කළ හැකි වේ. ඒ බව වඩාත් තහවුරු වන අවස්‌ථා කිහිපයක්‌ ද මෙරටින් වාර්තා වේ. මයිල්ල කන්ද කටාරම් ලෙනේ වර්ණ භාවිතයෙන් ඇඳි සිතුවම් කටාරම ආසන්නයේ දක්‌නට ලැබීම මගින් පෙනීයන්නේ කටාරම කෙටීමෙන් පසුව එම සිතුවම් ඇඳ ඇති බවය. එසේම උස්‌සාගල කටාරම් ලෙනේ ආදි මානව වර්ණ සිතුවම් ද කටාරම අසල ඇඳ ඇති නිසා ඒවා ද කටාරම කෙටීමෙන් පසු කාලයක දී ඇඳ ඇති බව සනාථ වේ. මලයඩිකන්ද ලෙනෙහි ඓතිහාසික යුගයේ දී ගොඩනඟුන ලද මැටි බිත්තියක්‌ මත ද ලෙන් පියස්‌සේ ඇඳ තිබෙන ආදි මානව සිතුවම් ඇඳ තිබේ. ආදි මානව සිතුවම් හමුවන ඇතැම් ලෙන් තුළ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වල දී ප්‍රාග් ඓතිහාසික මානවයා එම ලෙන් තුළ ජීවත්ව සිට ඇති බවට සාධක ලැබී ඇත. අළුගල්ගේ, රජගල කන්ද හා දොරවක්‌කන්ද ලෙන මෙයට නිදසුන් වේ. මේ අනුව කටාරම් ලෙන් තුළින් වාර්තාවන සියළුම සිතුවම් ඓතිහාසික යුගයේ දී කරන ලද ඒවා බවට නිගමනයට ඒම ද සාධාරණ නොවේ. මෙරටින් වාර්තා වන ආදි මානව සිතුවම් විද්‍යාත්මක කාල නිර්ණයකට ලක්‌ නොකිරීම මෙම විෂය ක්‌ෂේත්‍රයේ උන්නතියට සිදුව ඇති බලවත් ගැටළුවකි.
 


කේ. උදෙනි අරුණසිරි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles