Divaina - පවුල් දේශපාලන භූමිකාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

ඌවතැන්නේ සුමන හිමි
සභාපති දේශමාමක ජාතික බලවේගය
 
fea444
 
ලාංකිය ඉතිහාසයේ සර්වජන ඡන්ද බලය ක්‍රියාවට නැඟීමේ ප්‍රථම අවස්‌ථාව ලාංකිකයන්ට අත් වූයේ 1931 දී පැවැතී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය උදෙසාය. ඒ වන විට ලංකාව තුළ දේශපාලන පක්‍ෂ ලියාපදිංචි වී නොතිබිණි. ඒ අනුව එක්‌ එක්‌ වර්ණයන්ගෙන් යුත් ඡන්ද පෙට්‌ටිවලට ඡන්දය දීම මගින් සිය අභිමතය පළ කරමින් නියෝජිතයා තෝරා ගැනීමේ අවස්‌ථාව ඡන්දදායකයාට හිමි විණි.
 
 ඒ අනුව වේයන්ගොඩ ආසනයෙන් එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක තරුණ බැරිස්‌ටර්වරයා නිතරගයෙන් ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වීමත්, මීරිගම ආසනයෙන් ඩී. ඇස්‌. සේනානායකයන් ද, මොරවක ආසනයෙන් එස්‌. ඒ. වික්‍රමසිංහ වෛද්‍යවරයාද, යටියන්තොට රුවන්වැල්ල ආසනයෙන් එන්. එම්. පෙරේරා නමැති ආචාර්ය උපාධි දෙකක්‌ම එංගලන්තයෙන් ලබා සිටි තරුණ සමාජවාදියා ද කැපී පෙනෙන ලෙස තේරී පත් වූහ.
 
 ඒ වන විටත් රට තුළ දේශපාලන පක්‍ෂ ක්‍රමය නිර්මාණය කෙරී ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයට අවශ්‍ය අඩිතාලම යොදවා නොතිබීමත් කැපී පෙනෙන කාරණයකි. කොහොම නමුත් 1935 දී ප්‍රථම දේශපාලන පක්‍ෂයක්‌ වශයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුක්‌ත වූ zලංකා සමසමාජ පක්‍ෂයZ රජයේ ලියාපදිංචි කෙරුණි. ඉන් අනතුරුව 1936 දී zසිංහල මහා සභාවZ නමින් දෙවැනි දේශපාලන පක්‍ෂය ලෙසින් එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක තරුණ බැරිස්‌ටර්වරයාගේ පක්‍ෂය ලියාපදිංචි කෙරිණි. ඉන් අනතුරුව මුස්‌ලිම් ජනතාව ඉලක්‌ක කරමින් ටී. බී. ජයා මහතා zමුස්‌ලිම් ලීගයZ දේශපාලන පක්‍ෂය ලියාපදිංචි කළ අතර, උතුරේ දෙමළ ජනයා නියෝජනය කරමින් ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතුව zද්‍රවිඩ සංගමයZ ලියාපදිංචි කෙරුණී. ඒ අතර 1940 දශකය ආරම්භයත් සමගම ලංකා සමාජ පක්‍ෂය තුළ ඇති වූ මතවාදී අරගලක්‌ මත එම පක්‍ෂ දෙකඩ වී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතුව _zබෝල්ෂෙවික්‌ ලෙනින්ස්‌Z පක්‍ෂය ගොඩ නැගුණි. අනතුරුව වෛද්‍ය එස්‌. ඒ. වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව _zශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයZ නිර්මාණය කෙරුණි.
 
 එහෙත් 40 දශකය වන විටත් ලංකාවේ කොම්ප්‍රදෝරු ධනේශ්වරය නියෝජනය කිරීමට දේශපාලන පක්‍ෂයක්‌ ගොඩනැඟී නොතිබුණු අතර, එවැනි පිරිස්‌ ලංකා ජාතික සංගමය නමැති සංවිධානයෙත්, එµa. ආර්. සේනානායකයන්ගේ zඅමද්‍යප ව්‍යාපාරයZ තුළත් ගොනු වී සිටීම සුවිශේෂ කාරණයක්‌ විය. ඒ අතර දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිමා කෙරෙන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් බරපතළ ආර්ථික හානියක්‌ අත්පත් කරගෙන තිබීම මත, අධිරාජ්‍යය පවත්වාගෙන යැමේ අර්බුදයක්‌ ද නිර්මාණය කිරීමට ජර්මානු හමුදා සමත්ව තිබිණි.
 
 ලාංකිය කොම්ප්‍රදෝරු ධනේශ්වරයට නැතහොත් ධනපති පංතියට දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාවය මතුවන්නේ මෙම පසුබිම තුළය. සෑබෑ සුද්දන් සිය යටත් විජිතය අත්හැර යන විට, කළු සුද්දන් අතට පාලන බලය අත්පත් කර ගැනීම එහි අරමුණ විය.
 
 ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව අත්පත් කරගෙන සිටි බණ්‌ඩාරනායකයන් හා ශ්‍රී නිශ්ශංකයන් මෙන්ම ටී. බී. ජයා ඇතුළු පිරිසක්‌ එක්‌ව රටට නිදහස ලබා දීමට පෙර පැවැති විට සැලසුම් කර තිබූ ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයට තරග වැදී, වැඩි බලයක්‌ ලබා ගනිමින්, නිදහස්‌ ලංකාවට ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට අරමුණ කොට සාකච්ඡා ඇරඹුහ. ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ධුරය හා කෘෂිකර්ම අමාත්‍ය ධුරය ඩී. ඇස්‌. සේනානායකයන් සතුව පැවැතියත්, ඔහු ජාතික සංගමයෙන් ද ඉවත්ව හුදකලා වී සිටි බව ඉතිහාසයෙන් සඟවා තැබීමට කොම්ප්‍රෙදෝරු ධනේශ්වරය කටයුතු කිරීමත් සුවිශේෂ කාරණයකි.
 
 මේ අතර 1945 ජුලි 11 දින සෝaල්බර් කොමිෂන් වාර්තාව භාර දුනි. අභ්‍යන්තර කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම් සහිතව ආණ්‌ඩුවක්‌ ඔවුන් යෝජනා කර තිබිණි. ඒ අනුව පිහිටුවා ගත් එක්‌සත් ජාතික පක්‌ෂය 1947 දී පැවති ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයට තරග වදිනුයේ ඩී. එස්‌. සේනානායකයන්ගේ නායකත්වයෙනි. එයට අමතරව ලංකා සම සමාජ පක්‌ෂය, බෝල්ෂෙවික්‌ ලෙනිනිස්‌ට්‌ පක්‌ෂය, ද්‍රවිඩ සංගමය ද ස්‌වාධීන අපේක්‌ෂකයන් රැසක්‌ ද මහා මැතිවරණයට තරග වැදුනි. 1947 අගෝස්‌තු 15 වැනිදා ඇරඹි මහා මැතිවරණය 1947 සැප්තැම්බර් 10 වැනිදා නිමා කෙරිණි.
 
 මැතිවරණ ප්‍රතිඵල මත ස්‌වාධීන මන්ත්‍රීන් පිරිසකගේ ද සහායෙන් බහුතර බලය සකසා ගත් එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රථම අගමැති ධුරයට සේනානායකයන්ද, සභා නායක හා පළාත් පාලන අමාත්‍ය ධුරයට බණ්‌ඩාරනායකයන්ද පත්කර ගැනුණි. ප්‍රථම පාර්ලිමේන්තුවේ විපක්‌ෂයට මන්ත්‍රී ධුර 30 ක්‌ ලැබූ අතර, බණ්‌ඩාරනායකයන්ගේ සහාය ඔවුන්ට ලැබුණේ නම් ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂය වනුයේ ආචාර්ය ඇන්. ඇම් පෙරේරා ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරයයි. ශ්‍රී නිශ්ශංකයන් ඒ සඳහා ගත් සියලු උත්සහයන් අසාර්ථක විය.
 
 අනතුරුව 1948 පෙබරවාරි 04 වැනිදා අර්ධ නිදහස හෙවත් ඩොමිනියන් තත්ත්වය ලංකාවට ලැබුණු අතර රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය මහ රැජින වූ හෙයින් එතුමිය නියෝජනය කිරීම උදෙසා ආණ්‌ඩුකාර ධුරයක්‌ නිර්මාණය කෙරිණි. එම ධුරය සඳහා නිර්දේශ කිරීමේ හිමිකම අගමැතිවරයාට ලැබුණු හෙයින්, සෝල්බරි සාමිවරයාව යෝජනා කිරීමට ඩී.එස්‌ සේනානායකයන් පෙළඹී ඇත්තේ තමාගෙන් පසුව තම පුතණුවන් වූ ඩඩ්ලි සේනානායකයන්ට අගමැති ධුරය ලබාදීමේ රහස්‌ පූර්ව කොන්දේසියක්‌ ඇතිව බවට පසුකල අනාවරණය විණි. ඒ මගින් ආණ්‌ඩුවේ සභානායක ධුරය දැරූ බණ්‌ඩාරනායකයන්ට එරෙහි ප්‍රථම දේශපාලන කුමන්ත්‍රණය සිදු කෙරී ඇත්තේ ප්‍රථම ආණ්‌ඩුව තුළමය. එය සිදු වී ඇත්තේ ලංකාව තුළ _zපවුල් දේශපාලනයZ ඇරඹීමේ අපේක්‌ෂාවෙනි.
 
 කොහොම නමුත් ප්‍රථම පාර්ලිමේන්තුවේ ප්‍රථම අමාත්‍ය මණ්‌ඩලයේ අගමැති ධුරය තාත්තා වූ ඩී.එස්‌ සේනානායක ලබා ගනිද්දී, එම ආණ්‌ඩුවේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය ඔහුගේම පුතණුවන් වූ ඩඩ්ලි සේනානායක තරුණයාට ලබාදීම මගින් zපවුල් දේශපාලනයZ ආරම්භ කිරීමත් කදිමට සිදු කෙරුණි.
 
 ඩී.එස්‌ සේනානායකයන්ගේ දෙටු පුතණුවන් රොබට්‌ සේනානායකයන් සෘජුවම දේශපාලනයට නොපැමිණියත්, ඩී.එස්‌ සේනානායකයන් ඇරඹූ ලංකාවේ ප්‍රථම බහුකාර්ය වාරි යෝජනා ක්‍රමය වූ zගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේZ ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු සමාගමක්‌ ලබාගත්තද එහි ලාංකීය නියෝජිතයා වූයේ පසුකල zµDඩන්බර්ග් සමාගමේ හිමිකරුZ වූ රොබට්‌ සේනානායකයන් හෙවත් ඩී. එස්‌. ගේම දෙටු පුතණුවන්ය. ඒ අනුව ලාංකීය දේශපාලනයට Zපවුල් දේශපාලනයZ හා ඥාති සංග්‍රහය හඳුන්වාදීම සිදුකර ඇත්තේ එක්‌සත් ජාතික පක්‌ෂයේ ආරම්භක නායකයාණන්ම වීම සුවිශේෂි කාරණයකි.
 
 එපමණක්‌ නොව ඩී.එස්‌ සේනානායකයන්ගේ පවුලේ බාල සොහොයුරියක වූ ඇලිස්‌ සේනානායකයන්ගේ පුතණුවන් වූ ජෝන් ලයනල් කොතලාවලයන්ද එම ප්‍රථම අමාත්‍ය මණ්‌ඩලයේ මහා මාර්ග හා රාජ්‍ය වැඩ ඇමැති ධුරයට පත් වීමත් කැපී පෙණුන කාරණයකි. මේ අතර 1952 මාර්තු මස 22 වැනිදා ඩී.එස්‌ සේනානායකයන් අශ්වයා පිටින් ඇදවැටී අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඒ වන විට ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වුවද එම පවුලේම සාමාජිකයකු වූද, ජෝන් කොතලාවලයන්ට එරෙහිව දෙවැනි දේශපාලන කුමන්ත්‍රණය සිදු කිරීමට ඩී.
 
 ආර්. විඡේවර්ධන, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක හා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පියාණන් වූ එස්‌මන්ඩ් වික්‍රමසිංහ කටයුතු කළ ආකාරය zලංකාවේ අගමැතිවරුන් තිදෙනකු සමගZ කෘතියේ සඳහන් වේ. ආණ්‌ඩුකාරතුමා ලෙස සෝල්බරි සාමිතුමා පත්කරන ලෙස මහ රජුගෙන් ඉල්ලා සිටියේ කෘතගුණ සැලකීමක්‌ වශයෙන් යෑයි එස්‌. ජී. පෙරේරා පියතුමන්ද සඳහන් කරයි.
 
 ප්‍රථම පාර්ලිමේන්තුවේ සභානායකයාණන් හා පළාත් පාලන අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය නායකයාණන්ද වූ බණ්‌ඩාරනායකයන් 1951 දී ආණ්‌ඩුවෙන් ඉවත්ව යැමට ඔහුට එරෙහිව දියත් වූ මෙම දේශපාලන කුමන්ත්‍රණය ද දායක වී ඇති බව පසු කාලීනව අනාවරණය විණි.
 
 එක්‌සත් ජාතික පක්‌ෂය තුළ දෙවැනි දේශපාලන කුමන්ත්‍රණය දියත් කරමින් සර් ජෝන්ව කපා හැර ඩඩ්ලි සේනානායකයන්ව අගමැති ධුරයට පත්කර ගත්තත්, ඔහුගේ අමාත්‍ය මණ්‌ඩලයේත් මුදල් අමාත්‍ය ධුරය ලබාගත්
 
 ඡේ. ආර්. ජයවර්ධනයන් සහල් මිල කිහිප ගුණයකින් වැඩි කිරීම මත 1953 දී රට තුළ නිර්මාණය වූ zහර්තාල් ව්‍යාපාරයZ මර්දනය කිරීමට පොලිසියට වෙඩි තැබීමේ නියෝග ලබාදෙන්නේ ද ඉහත කී මුදල් අමාත්‍යවරයාමය. එහි සෘජු විපාකය වශයෙන් අහිංසක ගැමියන් 11 දෙනකු ඝාතනය විණි. ඉන් ඇති වූ කම්පනය මත අගමැති ධුරය අත්හැර දැමීමට ඩඩ්ලි සේනානායකයන් පෙළඹවීම මත, දේශපාලන කුමන්ත්‍රණයකින් අහිමි කෙරුණු එහෙත් ලැබීමට නියමිතව තිබූ අගමැති ධුරය නැවත ජෝන් කොතලාවලයන්ට හිමි විණි. ඒ අනුව ඩී. එස්‌ සේනානායකයන්ගේ බෑණනුවන් වූ ජෝන් කොතලාවලයන් ද ඔහුගේ පුතණුවන් මෙන්ම ලංකාවේ අගමැති ධුරයට පත්වීමේ භාග්‍ය ලැබීය.
 
 මේ අතර රුහුණේ සිංහයා ලෙසින් ප්‍රකටව සිටි ඩී. එම්. රාජපක්‌ෂයන් ද 1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුහුණු ජනතා මනාපයෙන් තේරීපත් විය. 1945 දී ඔහුගේ මරණය සිදුවීමෙන් පසුව රුහුණු ජනයාගේ බලවත් ඉල්ලීම මත ඩී. එම්. ගේ මළනුවන් වූ ඩී. ඒ. රාජපක්‌ෂයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විණි. 1947 දී පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී රුහුණේ බෙලිඅත්ත ආසනයෙන් නිතරගයෙන් තේරී පත් වූ ඩී. ඒ .රාජපක්‌ෂයන්, 1951 දී බණ්‌ඩාරනායකයන් එජාප ආණ්‌ඩුවේ තනතුරු හැරදා විපක්‌ෂයට යන විට ඔහු හා විපක්‌ෂයට ගිය අතර ඔහු ද දායක කර ගනිමින්, 1951 සැප්තම්බර් මස 02 වැනිදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නිර්මාණය කිරීමටත් බණ්‌ඩාරනායකයන් සමත් විය. ඒ අනුව බණ්‌ඩාරනායක පවුල මෙන්ම රාජපක්‌ෂවරුන්ට ද ශ්‍රීලනිපයට ප්‍රබල උරුමයක්‌ පවතී. 1956 ජනතා ජයග්‍රහණය සිදු කෙරෙන විට ඩී.එම් රාජපක්‌ෂයන්ගේ පුත්‍රයන් වූ ජෝර්ඡ් රාජපක්‌ෂ හා ලක්‌ෂමන් පාර්ලිමේන්තුවට තෝරාපත්කර යෑවීමට රුහුණෙන් ජනතාව කෘතවේදී වූහ. අනතුරුව 1969 දී ඩී. ඒ. රාජපක්‌ෂයන්ගේ මරණින් පසුව බෙලිඅත්ත ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධුරයට මහින්ද රාජපක්‌ෂ තරුණයාව තොරා ගන්නේ ඩී. ඒ. රාජපක්‌ෂයන්ගේ තෙමස්‌ පිංකමට සහභාගි වීමට රුහුණට ගිය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියමය. ඒ අතර 1984 දී මුල්ගිරිගල අතුරු මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඩී. ඒ. රාජපක්‌ෂයන්ගේ දෙටු පුත් චමල් රාජපක්‌ෂයන්ව තෝරා ගත්තේ ද සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියමය. ඒ වාගේම 1993 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමට ජෝර්ඡ් රාජපක්‌ෂයන්ගේ දියණිය වූ නිරූපමා රාජපක්‌ෂ තෝරා ගත්තේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විසිනි. ඒ ඓතිහාසික උරුමයට ගරු කරමිනි.
 
 1977 දී ඡේ. ආර් ජයවර්ධනයන් සිය පුතණුවන් දේශපාලනය ප්‍රතික්‌ෂේප කිරීම නිසා සිය ඥාති සොයුරියගේ පුත් රනිල් වික්‍රමසිංහ මහතාව බියගම ආසනය තුළින් පාර්ලිමේන්තුවට රැගෙනවිත් ආරම්භයේදීම විදේශ උප අමාත්‍ය ධුරයත් අනතුරුව අධ්‍යාපන හා තරුණ කටයුතු අමාත්‍ය ධුරයත් ලබාදෙමින් පක්‌ෂයට උරුමකම් කීමට මංපෙත් විවර කළේය. අනතුරුව රණසිංහ ප්‍රේමදාස හා ගාමිණි දිසානායකයන්ගේ ඝාතන සිදුවීමෙන් පසුව රනිල් වික්‍රමසිංහයන්ට පක්‌ෂ නායකත්වය ලැබීම සිදු විණි. ඉන් අනතුරුව සිය මාමාගේ පුතණුවන් වූ රුවන්
 
 විඡේවර්ධනට තමන් නියෝජනය කළ බියගම ආසන සංවිධායක ධුරය ලබාදී හෙතෙම දකුණු කොළඹට ගියේය.
 
 ඩඩ්ලි සේනානායකයන්ගේ හදිසි මරණය සිදුවීමෙන් පසුව, ඔහුගේ සොයුරු රොබට්‌ සේනානායකයන්ගේ පුත්‍රයකු වූ රුක්‌මන් සේනානායකයන් ද, රණසිංහ ප්‍රේමදාසයන්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ පුතණුවන් වූ සජිත් ප්‍රේමදාසයන්ද, ගාමිණී දිසානායකයන්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායකයන් හා පුතුන් දෙදෙනා වූ නවීන් හා මයන්ත දෙසොහොයුරන්ද, කැප්ටන් සී. පී. ඡේ. සෙනෙවිරත්නයන්ගේ අභාවයෙන් පසුව ඔහු පුත් ලක්‌ෂ්මන් සෙනෙවිරත්නද, කළුතර වී.ඇල්. විඡේමාන්න පරපුරෙන් ලක්‌ෂ්මන් විඡේමාන්නද, පී. බී. කවිරත්නයන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ පුතු හා ලේලිය ද, දොඩම්ගස්‌ලන්දේ අලවතුවල මහතාගේ වියෝවෙන් පසුව ඔහුගේ පුත්‍රයාද, වෛද්‍ය ජයලත් ජයවර්ධනයන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ පත් කාවින්ද ජයවර්ධන ද, දොම්පේ සරත්චන්ද්‍ර රාජකරුණාගේ වියෝවෙන් පසුව ඔහු පුත් හර්ෂණ රාජකරුණාද, මාතලේ ඇලික්‌ අලුවිහාරේගේ වියෝවෙන් පසුව ඔහුගේ පුත්‍රයන් කිහිප දෙනකු ද, රත්නපුරේ පුංචි නිලමේගේ පුතණුවන් සේම කලුවාදේවගේ සිරිල් මැතිව් අමාත්‍යවරයාගෙන් පසුව ඔහුගේ පුත් නන්ද මැතිව් ද, මහනුවර ඊ. ඇල්. සේනානායක අමාත්‍යවරයාගෙන් පසුව ඔහුගේ පුත්‍රයන් එක්‌සත් ජාතික පක්‌ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළහ.
 
 මේ අතර සිරිමාවෝ මැතිනියගේ සොහොයුරන් වූ ක්‌ලිµර්ඩ් රත්වත්තේ හා අනුරුද්ධ රත්වත්තේ මැති-ඇමැතිවරුන්ගෙන් පසුව කලිµර්ඩ්ගේ බිරිඳත්, අනුරුද්ධගේ පුතණුවනුත්, මාතර මහානාම සමරවීරයන්ගේ වියෝවෙන් පසුව ඔහුගේ පුත් මංගල සමරවීරයන්ද, රත්නපුරේ ධර්මදාස වන්නිආරච්චි මහතාගේ දියණිය වූ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියත්, දඹුල්ලේ ටී. බී. තෙන්නකෝන් අමාත්‍යතුමන්ගේ වියෝවෙන් පසුව ඔහුගේ පුත්‍රයන් හා මුණුබුරන්ද, එස්‌. බී. දිසානායකයන් හා ඔහුගේ සොහොයුරන් සහ ඥාති සොහොයුරන් ද ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ වියෝවෙන් පසුව ඔහුගේ බිරිඳ වූ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද, ගම්පහ එස්‌. ඩී. බණ්‌ඩාරනායකයන්ගෙන් පසුව ඔහුගේ පණ්‌ඩු පුතණුවන් ද, ගම්පොල දී මූ ජයරත්න අගමැතිවරයාගෙන් පසුව ඔහුගේ පුත් අනුරාධ ජයරත්නයන්ද අනුරපුරේ බර්ටි ප්‍රේමලාල් දිසානායක පුත් දුමින්ද දිසානායක ද හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ පුත් විදුර වික්‍රමනායකද, රජරට කේ. බී. රත්නායකයන්ගේ වියෝවෙන් පසුව බෑණනුවන් වූ එච්. බී. සේමසිංහද, හා ඔහුගේ පුත් ෂෙහාන් සේමසිංහද, විජය කුමාරතුංගයන්ගේ ඥාති පුත්‍රයන් වූ ජීවන් හා රංජන් රාමනායක හා ජීවන්ගේ දියණිය ද, ආචාර්ය සරත් අමුණුගමයන්ගේ ඥාති පුතණුවන් ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඔස්‌සේ දේශපාලනයට එක්‌ වූහ.
 
 ලංකාවේ ප්‍රථම සමාජවාදී පක්‌ෂය වූ ලංකා සමසමාජ පක්‌ෂයේ නිර්මාතෘවර ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මැතිදුන්ට දරුවන් නොසිටි අතර ඔහුගේ ඥාති බෑණනුවන් වූ මහාචාර්ය තිස්‌ස විතාරණයන් ද, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දියණියගේ ස්‌වාමි පුරුෂයාණන් වූ අධිනීතීඥ සරත් මුත්තෙට්‌ටුවේගමයන් හා බලපිටියේ ඥාති පුත්‍ර ලක්‌ෂ්මන් ද සිල්වා ද, වාසුදේව නානායක්‌කාරයන්ගේ සොහොයුරන් දෙදෙනාද ක්‍රියාකාරී දේශපාලනයට එක්‌ වූ අතර, සූරියමල් ව්‍යාපාරයේ හා විප්ලවකාරී සම සමාජ පක්‌ෂයේත් නිර්මාතෘවරයාණන් සේම 56 විප්ලවයේ සෙන්පතියකු ද වූ පිලිප් ගුණවර්ධනයන්ගෙන් පසුව ඔහුගේ ප්‍රියාදර බිරිඳ මෙන්ම පුත්‍රයින් සිව්දෙනා ද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළහ.
 
 මේ අතර ලාංකීය දේශපාලනයේ පවුල් දේශපාලනයක්‌ පිළිබඳව විවිධාකාර චෝදනා නගමින් බණ්‌ඩාරනායක හා රාජපක්‌ෂ පවුල්වලට ඇඟිලි දිගු කරන ලාංකීය සමාජයේ ඇතැම් දූෂිත දේශපාලකයන්, රාජ්‍ය නිළධාරීන් මෙන්ම ඇතැම් දූෂිත මාධ්‍යවේදීන් ලාංකීය දේශපාලන ක්‌ෂේත්‍රයේ පවත්නා මෙම යථාර්ථය පිළිබඳව පමණක්‌ නොව, ජගත් දේශපාලනයේ දී ඉන්දියාවේ නේරු-ගාන්ධි පවුල, කරුණා නිධි පවුල, පාකිස්‌ථානයේ අලි භූතෝ පවුල, බංගලාදේශයේ ෂික්‌ මුජුබර් රහුමන් පවුල්, හා සියා ඌර් රහ්මාන් පවුල්, නේපාලයේ කොයිරාල පවුල, කාම්බෝජයේ සිහනුක්‌ පවුල, චීනයේ චෞඑන්ලායි පවුල, ඉන්දුනීසියාවේ සුකර්නෝ පවුල, බුරුමයේ අවුන් සාන් සෙනවි පවුල, පිලිපීනයේ අකිනො පවුල, දකුණු කොරියාවේ පාර්ක්‌ චුං හි පවුල, ඇමෙරිකාවේ කෙනඩි පවුල, ජෝර්ඡ් බුෂ් පවුල, බිල් ක්‌ලින්ටන් පවුල, කියුබාවේ කැස්‌ත්‍රොa පවුල දෙසත් විමසා බැලීම අතිශයෙන්ම වැදගත්සේම ප්‍රඥාගෝචර වනු නියතය.
 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles