Divaina - වැඩි වූ බදු බර සහ පොලී වියදම් - යහපාලන රජයේ ආර්ථික ශේෂ පත‍්‍රය - 2

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fea8 1ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


මේ රජයේ ඉතිරි මාස කිහිපය තුළ රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වයේ ලොකු වෙනසක් කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. යහපාලනය එපා වී සිටින ජනයාට දැන් අවශ්‍ය කරන්නේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි සහ මැනවින් ආර්ථිකය කළමනාකරණය කළ හැකි නායකත්වයකි. රාජ්‍ය පාලනයකි. ආර්ථික ප‍්‍රගතියක් ඇති කිරීමට ද ජාතික ආරක්ෂාව අත්‍යවශ්‍ය සාධකයකි. මේ ප‍්‍රධාන සාධක දෙක ඉටු කිරීමට සමත් අපේක්ෂකයකු කෙරෙහි ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනයා කැමැත්තක් දක්වනු ඇතැයි සිතිය හැකිය. මෙහිදී ලබා දෙන පොරොන්දු සහ කියන දේ පමණක් නොව මේ අපේක්ෂකයන්ගේ අතීත ක‍්‍රියාකාරීත්වය ද මහජනයා විසින් සැලකිය යුතු ප‍්‍රධාන කරුණකි. මේ පසුබිම තුළ යහපාලන රජයේ ආර්ථික ශේෂ පත‍්‍රය ගැන අප මේ ලිපියෙන් තවදුරටත් සාකච්ඡා කරමු. ඉකුත් අගෝස්තු 29 වැනි බ‍්‍රහස්පතින්දා ද මේ ආර්ථික ඇසින් කොලමින් අප සාකච්ඡුා කළේ යහපාලන රජයේ ආර්ථික ශේෂ පත‍්‍රය ගැනයි. එහි අවධානය යොමු කළ යුතු තවත් සාධක කිහිපයකට මෙම ලිපියෙන් අවධානය යොමු වේ.

රාජ්‍ය බදු ආදායම

2014 වසරේ සිට 2018 දක්වා විශාල බදු වැඩිවීමක් සිදුව තිබේ. එනම් මහජනයාගේ බදු බර ඉහළ ගොස් ඇති බවයි. රාජ්‍ය බදු ආදායම් ඉහළ නංවා ගැනීම හොඳ දෙයක් නමුත් රටේ ආර්ථික තත්ත්වය fea8 256අනුව මෙසේ මහජනයාගේ බදු බර ඉහළ යෑම නිසා ඔවුන්ට විශාල පීඩනයක් ඇති වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ කාලයේදී ආදායම් බදු ආදායම රු.බිලියන 198 සිට රු. බිලියන 310 දක්වා ද, භාණ්ඩ සහ සේවා බදු ආදායම රු.බිලියන 616 සිට රු.බිලියන 1,062 දක්වා ද විදේශ වෙළෙඳාම මත බදු ආදායම රු.බිලියන 236 සිට රු.බිලියන 340 දක්වා ඉහළ ගොස් මුළු රජයේ බදු ආදායම රු.බිලියන 1,050 සිට රු.බිලියන 1,712 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම මේ වර්ෂයේදී (2019 * රුපියල් බිලියන 2077 දක්වා රජය බදු ආදායම ඉහළ නංවා ගැනීමට ද ඉලක්ක කර තිබේ. මේ අනුව වර්ෂ 2014 දී පැවති රුපියල් බිලියන 1050 ක බදු ප‍්‍රමාණයට සාපේක්ෂව ජනතාවගේ බදු බර දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. රජයට වැඩි බදු ආදායමක් උපයා ගැනීමට නම් රටේ ආර්ථික තත්ත්වය ද හොඳ විය යුතුය. එහෙත් පසුගිය වසර හතරහමාරක කාලයේදී රටේ ආර්ථික තත්ත්වය දිගින් දිගටම අහිතකර වූ බවත් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ආර්ථික කටයුතු බෙහෙවින් අකර්මණ්‍ය වූ බවත් රහසක් නොවේ. එම ප‍්‍රහාරයෙන් වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට හෝ ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා රජය නිසි පියවර නොගැනීම නිසා තවමත් රට යථා තත්ත්වයට පත්ව නොමැති බවද අප දන්නා කරුණකි. තවමත් ව්‍යාපාර කටයුතු පෙර තත්ත්වයට පත්ව නැත. සංචාරක පැමිණීම ද එසේමය. මේ තත්ත්වය තුළ ආර්ථිකයේ පාර්ශ්වකරුවන්ට සහන සහ දිරි ගැන්වීම් අවශ්‍ය වුවත් ඒ සඳහා ප‍්‍රමාණවත් පියවර නොගෙන අදාළ ඉලක්කගත බදු ආදායම් ඒ අයුරින්ම සපුරා ගැනීමට ගියහොත් ජනයා තව තවත් බදු බරින් මිරිකී පීඩනයට ලක් වීම වැළක්විය නොහැකිය. එහෙත් රජය ජනතාවගෙන් බදු අය කරගන්නවා පමණක් නොව බදු ආදායම වැඩි කරගත් බවට මහ ඉහළින් පම්පෝරි ගසමින් ද සිටී. බදු අය කිරීමේදී සැලකිය යුතු ප‍්‍රධාන මූලධර්මයක් වන්නේ සාධාරණත්වයයි. එනම් රජය අය කරන බද්ද බදු ගෙවන්නාට ගෙවීමට හැකියාවක් තිබිය යුතු බවයි.

බදු බර,

fea8 2බදු ආදායම් වැඩි කර ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ මුළු බදු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස වක‍්‍ර බදු හෙවත් භාණ්ඩ හා සේවා මත අය කරන බදු ආදායමේ ප‍්‍රතිශතය ක‍්‍රමානුකුල ලෙස අඩු වී සෘජු බදු හෙවත් ආදායම් සහ ලාභ මත වන රාජ්‍ය බදු ආදායම් ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් ඉහළ නංවා

ගැනීමයි. මේ රජය බලයට පත් වූ මුලදී කීවේ එවකට පැවති වක‍්‍ර බදු ආදායම් ප‍්‍රතිශතය සියයට 80 සිට සියයට 60 දක්වා අඩු කරගනිමින් සෘජු බදු ප‍්‍රතිශතය සියයට 20 සිට සියයට 40 දක්වා ඉහළ නංවා ගන්නා බවයි. එවැනි වෙනසක් වසරකින් දෙකකින් කිරීමට අපහසු බව ඇත්තය. එහෙත් ගෙවී ගිය වසර හතරහමාරක කාලයේදී මේ වෙනස සිදු වෙනවා තබා එම දිශාවට ගමන් කිරීමක් හෝ පෙනෙන්නට නැත. ඒ අනුව 2018 වසරේදී ද රජයේ මුළු බදු ආදායමට ප‍්‍රධාන දායකත්වය සැපයූ මූලාශ‍්‍රය වූයේ වක‍්‍ර බදු ආදායමයි. එය ගිය වසරේදී ද මුළු බදු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 81.9 ක් විය. මේ අනුව සෘජු බදු ආදායම තවමත් පවතින්නේ මුළු බදු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 18.1 ක පමණ මට්ටමේ බව පැහැදිලි වේ. කවරක් නමුත් ඊට පෙර වසරේ (2017 * සෘජු බදු ආදායම පැවතියේ මුළු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 16.4 ක ඊටත් වඩා අඩු මට්ටමකය. 2018 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මුළු බදු ආදායම සියයට 11.9 ක් දක්වා අඩු වී තිබිණි. එය රජය විසින් මේ වසරේ (2019 * රු. බිලියන 2077 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 13.3 ක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරයි.

ණය සහ පොලී වියදම්

පසුගිය වසර හතරේදී එනම් වර්ෂ 2015 සිට 2018 දක්වා රාජ්‍ය ණය වැඩිවීම වේගයෙන් සිදුව තිබේ. 2018 මහ බැංකු වාර්තාව අනුව 2018 වසර අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය සියයට 82.9 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 දී මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 76.9 විය. 2018 වසරේදී මේ ණය ප‍්‍රමාණය ඉහළ යෑමට විදේශීය ව්‍යවහාර මුදලට සාපේක්ෂව රුපියල පිරිහීම, සාපේක්ෂ වශයෙන් පහළ නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ අයවැය හිඟය පියවීම සඳහා ඉහළ ශුද්ධ ණය ගැනීම් යනාදියේ සමස්ත බලපෑම හේතු වී තිබේ. විශේෂයෙන් 2018 වසරේ විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් පිරිහීම නිසා විනිමය අනුපාතයේ සිදු වූ වෙනස නිසා පමණක් රජයේ මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1063.2 කින් වැඩි වී තිබේ. කෙසේ හෝ මෙලෙස රාජ්‍ය ණය ප‍්‍රමාණය මෙන්ම 2018 වසර වන විට රජයේ ණය සේවාකරණ වියදම් (ණය පොලී සහ වාරික ගෙවීමේ වියදම්* ද ඉහළ ගොස් තිබේ. මේ අනුව 2017 වසරේ මුළු රජයේ ණය සේවාකරණ වියදම රු. බිලියන 1603 ක් වූ අතර එම අගය 2018 වසරේදී රුපියල් බිලියන 2088.6 දක්වා සියයට 30.3 කින් සැලකිය යුතු ලෙස වැඩි වීමක් වාර්තා කර ඇත. මේ අනුව 2017 වසරට සාපේක්ෂව රජයේ ණය සේවාකරණ වියදම් 2018 වසරේදී රු. බිලියන 485.5 කින් ඉහළ ගොස් තිබේ. එනම් රු. කෝටි 48550 කින් රජයේ ණය සේවාකරණ වියදම් 2018 දී ඉහළ ගොස් තිබේ. විදේශ සංචිත

2019 වසර ජුලි අග වන විට දළ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.3 ක් පමණ වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබුණි. එම ප‍්‍රමාණය මාස පහක පමණ ආනයන ආවරණය කර ගැනීමට ප‍්‍රමාණවත් වේ. වර්ෂ 2005 දී, තිබූ විදේශීය සංචිත ප‍්‍රමාණය ඇ.ඩො.බිලියන 2.7 ක් විය. එය වර්ෂ 2014 අවසානය වන විට ඇ.ඩො.බිලියන 8.2 දක්වා ඉහළ මට්ටමකට පත්ව තිබිණි. එනම්, එවකට මාස 5.1 ක ආනයනවලට සමාන අගයක් විය. වර්ෂ 2015 සිට විදේශ සංචිත අඩු වූ අතර 2018 අවසානය වන විට ඇ.ඩො.බිලියන 6.9 දක්වා විදේශ සංචිත ප‍්‍රමාණය අඩු විය. එනම් විදේශ සංචිත ප‍්‍රමාණය මාස 3.7 ක ආනයන ආවරණය කර ගත හැකි මට්ටමකට පහත වැටුණු බවයි. එසේම මෙම සංචිත ප‍්‍රමාණවත් වූයේ රටේ කෙටිකාලීන ණය සහ වගකීම්වලින් සියයට 50 ක් පමණ ආවරණය කර ගැනීමට පමණි. 2019 පෙබරවාරි 28 දින ශ‍්‍රී ලංකාව සතුව තිබූ විදේශ සංචිත ප‍්‍රමාණය ඇ.ඩො.බිලියන 6.0 දක්වා අඩු වී තිබූ අතර, එම අගය 2010 දෙසැම්බර් 31 දින තිබූ ඇ.ඩො.බිලියන 7.2 අගයටත් වඩා බෙහෙවින් අඩුය. කෙසේ හෝ පසුගිය ජුලි මාසය වන විට මේ තත්ත්වය ඇමරිකානු ඩොලර් බිලියන 8.3 ක් දක්වා වර්ධනය වුවත් පවතින විනිමය පීඩනය හමුවේ සංචිත තවත් වර්ධනය කර ගත යුතුව තිබේ. පසුගිය දිනවල රජයේ සුරැුකුම්පත් වෙළෙඳපොළ තුළ ආයෝජකයන් කිහිප දෙනෙක් විසින් විදේශ ආයෝජන ඉවත් කර ගැනීම නිසා විනිමය අවප‍්‍රමාණය වීමේ පීඩනයක් ද ජනිත විය. මහ බැංකුව නම් කියන්නේ එම පීඩනය කෙටිකාලීන එකක් වනු ඇති බවයි.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles