Divaina - යතුරුපැදිය ලිස්සා ගොස් අඹුසැමියෝ මරු තුරුළට

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

සූරියවැව පදලංගල ප‍්‍රධාන මාර්ගයේ 550 යාය ප‍්‍රදේශයේදී සූරියවැව දෙසට ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් අඹුසැමියන් දෙදෙනෙකු ඊයේ (11 දා) මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහපැලැස්ස, සූරියවැව ලිපිනයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන 21 හැවිරිදි උමේෂ් කොඩිතුවක්කු හා 18 හැවිරිදි සිරිවර්ධන ආරච්චිගේ තිසාරා සෙව්වන්දි යන දෙදෙනායි.

මියගිය දෙදෙනා ඊයේ (11දා) පෙරවරුවේ පදලංගල දෙස සිට සූරියවැව දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. අධික වේගයෙන් පැමිණ ඇති යතුරු පැදිය පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව ලිස්සා ගොස් මාර්ගයේ අසල තිබූ ගසක වැදී අනතුරට පත්ව තිබේ.

මත්තල - දිලීප් එන්. ජයසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles