Divaina - ජනාධිපති තාත්තාගෙන් හොඳම දේ දරුවන්ට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

re11 1ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉකුත් සතියේ රජරට බිමේ පැවැති උත්සව අවස්ථා ගණනාවකට සහභාගි විය. උපාධිධාරීන් 569 දෙනකුට ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් කැකිරාව මධ්‍ය විiාලයේ පැවැති උත්සවය සහ පොලොන්නරුවේ මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක‍්‍රිඩාංගණයේදී සමාප්තියට පත්වූ 2019 මහවැලි ක‍්‍රීඩා උත්සවය ඒ අතුරින් ප‍්‍රමුඛය. උපාධිධාරීන්ට ගුරු පත්වීම් පිරිනමමින් ජනාධිපතිවරයා පැවැසුවේ මේ රජරට භූමියේදී ඔබට දරුවන් බාර දෙන අවස්ථාවකට සහභාගි වීමට ලැබීම සතුටක් බවයි. අද දිනයේ ගුරු පත්වීම් ලබන ඔබගේ සේවය අගයන්නට ඔබට ගෞරව කරන්නට මෙහි පැමිණි බවද ජනාධිපතිවරයා කීවේය. මේ පිරිස මෙන්ම ගුරු පත්වීම් නොලද උපාධිධාරීන්ද තවත් විශාල පිරිසක් සිටින බව එහිදී ප‍්‍රකාශ කළ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඒ අයගේ ප‍්‍රශ්නයද ඉක්මණින් විසඳන බවද කීය.
 
 අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්ක දෙකෙහිම රජයේ පාසල්වල උග‍්‍ර ගුරු හි`ගයක් පවතින මොහොතක එයට කිසියම් හෝ පිළියමක් වශයෙන් මෙලෙස උපාධිධාරීන් පිරිසකට ගුරුපත්වීම් පිරිනැමීම විශාල අස්වැසිල්ලක් බව දුෂ්කර කලාපයේ පාසල්වල දරුවන්ගේ සහ ඔවුන්ගේ මාපියන්ගේ මෙන්ම එහි සේවය කරන ගුරු භවතුන්ගේද කතා බහට ලක්වී තිබේ.
 
 2019, 31 වැනි මහවැලි ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක‍්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවට ප‍්‍රධාන අමුත්තා ලෙස එක්වූ ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩසිය වසක පමණ ඉතිහාසය සිහිපත් කළේය. මහවැලි ග`ග ගලන්නාසේ මහවැලි සංවර්ධන කටයුතුත් ඉදිරියටම යන බවත් කීය.
 
 අක්කර 22 ක භූමියක් තුළ රුපියල් කෝටි 17 ක වියදමින් මැදිරිගිරිය, බිසෝපුර අභිනවයෙන් ඉදිකළ කී‍්‍රඩාංගණය අද පටන් මහවැලියේ වත්කමක් පමණක් නොව ප‍්‍රදේශයේ පාසල් දරුවන්ට අයිති බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ හොඳම දේ දරුවන්ටය යන්න යළි සපථ කරමිනි.
 
 මහවැලි කලාප 10 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1500 කට අධික පිරිසක් සහභාගි වූ 31 වැනි මහවැලි ක‍්‍රීඩා උළෙලේ මෙවර සමස්ත ශූරතාව හිමිකර ගන්නා ලද්දේ මහවැලි එච් කලාපය විසිනි. අනු ශූරතාවය මහවැලි සී කලාපයට හිමිවූ අතර ජයග‍්‍රාහි කණ්ඩායම් වෙත ජය සංකේත පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
 
 මහවැලි කලාප 10 ක් අතුරින් ශූරතාව හිමිකර ගත් මහවැලි එච්. කලාපයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සිය ජයග‍්‍රහණය පිළිබඳව මතුවන සතුටු කඳුලූ අතර දුකටද මුල්වන කාරණා බොහොමයක් මහවැලි ක‍්‍රීඩා උළෙලේදී සිදුවූ බව කීහ.
 
 මෙවර පමණක් නොව පසුගිය වසරේ පැවැති 30 වැනි මහවැලි ක‍්‍රීඩා උළෙලේද ශූරතාව හිමිකර ගත්තේ තම කලාපය බවද එසේ නමුත් ඒ ජයග‍්‍රහණ පිළිබඳව නිසි ප‍්‍රචාරයක් ලබා දෙන්නට මහවැලියේම ඇතැම් නිලධාරීන් හිතාමතාම කටයුතු කර නැතැයිද ඔවුහු පෙන්වා දෙති.
 
 31 වැනි මහවැලි ක‍්‍රීඩා උළෙල නිමිත්තෙන් එක්තරා රාජ්‍ය මාධ්‍ය ආයතනයක්ද සහාය ඇතිව මුද්‍රණය කර ඇති අතිරේකයක පසුගිය වසරේ මහවැලි ක‍්‍රීඩා උළෙලේ විවිධ අවස්ථා පිළිබඳව පිටු කිහිපයකම වැරදි ඡුායාරූප පළකර තිබෙන නමුත් මහවැලි එච්. කලාපය ඒ වසරේද සමස්ත ශූරතාවය ජනාධිපතිවරයා අතින් ලබා ගන්නා අවස්ථාව පවා එම අතිරේකයේ පළ නොකිරීමට තරම් ඔවුන් අකාරුණික වී තිබීම කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකි යැයිද ඔව්හු වැඩිදුරටත් සඳහන් කරති.
 
 මේ අසාධාරණකම් මහවැලි විෂය බාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුත්තක් බවද ඒ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පැවැසූහ.
 
 සේනා දළඹු හානියෙන් බැටකෑ ගොවීහු වන්දි නැතිව මහ පාරේ
 
 සේනා දළඹුවා අප රටේද ගොවි බිම්වලට සිදුකළ හානිය ඉතා විශාල බැව් ඉතා ප‍්‍රකටය. රජරට බිමේද ප‍්‍රධාන වශයෙන් බඩ ඉරි`ගු ඇතුළු වගා බිම් ආක‍්‍රමණය කිරීම නිසා ගොවීහු විශාල වශයෙන් පාඩු වින්දහ. ණය තුරුස්වී කළ වගාවන්ට අත්වූ ඒ අනපේක්‍ෂිත ඉරණම නිසා එවර ගොවි සිහින බොඳවී ගිය බව නොරහසකි. 2018 වසරේ සිදුවූ ඒ වගා හානි වෙනුවෙන් ගොවි ජනතාවට වන්දි ලබා දෙන බවට පුළුල් ප‍්‍රචාරයක්ද රජය පැත්තෙන් සිදු කෙරුණු අතර එය කි‍්‍රයාවටද නැංවී ඇතැම් ගොවීන්ට වන්දි පිරිනැමීමක්ද සිදුවිය. කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ගොවි ජනතාවට වන්දි මුදල් පිරිනැමීමේ ජාතික උත්සවයද පැවැතියේ පොලොන්නරුවේයි. කෘෂිකර්ම ඇමැතිවරයාගේ ආරාධනයෙන් ජනාධිපතිපතිවරයා ඒ උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි ගොවීන්ට වන්දි මුදල් පිරිනැමීමටද සිදුකරනු දක්නට ලැබිණි. එහෙත් එලෙස වන්දි මුදල් නොලද වගා හානි සිදුවූ ගොවීන් පිරිසක් රටේ බොහෝ කෘෂිකාර්මික ප‍්‍රදේශවල වෙසෙන බව අසන්නට ලැබේ. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේම එලෙස සේනා දළඹු හානිය වෙනුවෙන් වන්දි මුදලක් මෙතෙක් නොලැබුණු බඩ ඉරි`ගු වගා කළ ගොවීහු 400 කට අධික පිරිසක් ඊයේ (11 දා* පෙරවරුවේ පොලොන්නරුව, ගල්ලෑල්ල ප‍්‍රදේශයට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ. මහවැලි ගොවීන් පිරිසක් වන ඔව්හු පැමිණ සිටියේ කජුවත්ත, කනිච්චගල, අලූත්ඔය, වෙහෙරගල යන ප‍්‍රදේශවලිනි. සේනා දළඹුවාගේ හානිය නිසා තම බඩ ඉරි`ගු වගාවන් එම කන්නයේ එහෙම පිටින්ම විනාශවී යාම නිසා තමන් කබලෙන් ලිපිට වැටුණු බව ඒ ගොවීහු කියා සිටියහ. ගොවිතැන් කළේ අතේ මිටේ මුදල් තිබී නොව ණය තුරුස්වී යැයිද දැන් ඒ ණය ගෙවා ගැනීමට පවා නොහැකිව අන්ත අසණ තත්ත්වයකට පත්ව සිටින බවද සෑම ගොවි මුවකින්ම පාහේ නික්මුණු මැසිවිලිවලින් කියැවෙනු ඇසුණු අතර තෝරා ගත් ගොවීන් පිරිසකට පමණක් රජය වන්දි මුදල් ලබාදී තිබෙන බවද කීහ.
 
 ඒ ගොවි ජනතාව රජයට එල්ල කරන චෝදනාව සුළුකොට තැකිය නොහැකි යැයිද සේනා දළඹු හානිය වෙනුවෙන් රජය පිරිනමන වන්දි මුදල් ඉන් බැට කෑ සියලූම ගොවීන්ට ලබාදිය යුතු යැයිද ගොවි උද්ඝෝෂණයේදී ඉතා උස්ව නැ`ගුණු හඬකි.
 
 පොලොන්නරුව  පුරාවිදු අභයභූමියේ කැළෑපාළුවෝ රජවෙති
 
 අද රටේ දැනට ඉතිරිව තිබෙන ඉතාම සීමිත වන පෙතද කැළෑ පාළුවන්ගේ ගොදුරු බවට පත්වීම පිළිබඳව බොහෝ විට අසන්නට, දකින්නට ලැබේ. නීති විරෝධී ලෙස කැළෑවල ගහ කොළ කපා විනාශ කරන අපරාධකරුවන් නීතියේ රැුහැනට කොටුකර ගැනීමට පහසු ම`ගක් ලෙස රටේ තිබන දම්වැල් කියත් පොලිසිවල ලියාපදිංචි කිරීමේ නීතියක් ක‍්‍රියාත්මක කළ බව පරිසර ඇමැති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකල මෙන්ම මෙකලද කියනු ඇසේ. එය කොතෙක් දුරට සාර්ථකවූ ක‍්‍රියා මාර්ගයක්ද යන්න කිසියම් මැන බැලීමක් කර තිබේද යන්නට නම් දැන ගැනීමට නැත.
 
 දම්වැල් කියතක් උපයෝගී කරගෙන ඉතා මෑත දිනයක වනස්පතියක් බිම දමා තිබෙන අයුරු පොලොන්නරුව නගරයට නුදුරු ගල්තඹරාවේ පාරේ මදදුරක් ගමන් ගන්නා විට ඉතා පහසුවෙන් දැක ගැනීමට මේ දිනවල පිළිවන ඒ දැවැන්ත ගස අයත්ව තිබුණේ මේ රටේ ඉතාමත්ම පැරැුණි දෙපාර්තමේන්තු දෙකක අණපනත් වලින් ආරක්‍ෂාවන පොලොන්නරුව අභය භූමියේ සහ පුරාවිiා රක්‍ෂිතයේය. ඒ ආයතන සතු දැඩි නීතිරීති තුට්ටුවකටවත් මායිම් නොකර සිය බාහු බලය පමණක් එකම නීතිය බවට පත් කරමින් මේ ගස් වැද්දා තනිව නොව තවත් පිරිසකගේ අනිවාර්ය සහයක් ඇතිව ගස් බිම හෙළා එහි දැවමය වටිනාකම් සහිත කොටස් රැුගෙන ගොස් තිබේ. ගහට කොළට පරිසරයට හිතැති කාගේ වුවද සිත් සසළ කරවන්නක්වූ මේ දසුන දෙනෝදාහක් ජනයා ගමන් මාර්ගයක් අසල සියල්ලන්ගේ නෙතු ගැටෙන තැනෙක සිදුව තිබීම කම්පනය දෙගුණ කරවන්නකි. ජනාධිපතිවරයා අපේක්‍ෂා කරන අන්දමට කැළෑ පාලූවන් අල්ලා ගැනීමට දම්වැල් කියත් ළ`ගම තිබෙන පෙලිිසියේ ලියාපදිංචි කිරීම එක් ම`ගක් නම් මේ වන අපරාධය සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන මේ වන විට දඬුකඳේද ගසා තිබිය යුතුය. මේ ගස කපා තිබෙන තැනම ළ`ගම පොලිසි දෙකක් තිබේ. ඉන් එකක් පොලොන්නරුව පූජා භූමිය තුළ පිහිටි පුරාවිiා පොලිසියයි. අනෙක් පොලිසිය පුරාවිදුබිමේ අභයභූමිය මායිමේ තිබෙන සංචාරක පොලිසියයි. මේ පොලිසි දෙකටම අමතරව තවත් පොලිසියක්ද තිබේ. එය පොලොන්නරුව මූලස්ථාන පොලිසියයි. මේ කුමන පොලිසියෙන් හෝ වන අරපාධකරුවා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාවේ යොදවා තිබෙන්නේ නම් ඉදිරි දිනයක මේ තීරුවේ යම් ඉඩක් වෙන් කිරීමට හැකියාව ඇත. එහෙත් ඒ ගැන අපට කීමට ඇත්තේ ඔට්ටුයි බැරුවට යන්න පමණි.

p11 166

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles