Divaina - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීත්‍යානුකූලද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

1948 දී අප ලත් ඩොමීනියන් පාර්ලිමේන්තුවේ ඩොමීනියන් කොටස 1972 දී හැලිණ. නීත්‍යනුකූල නොවන හා බල රහිත බි‍්‍රතාන්‍ය පාලනයට 1948 දී සෝල්බරි ව්‍යවස්ථාව ලබාදීමට අයිතියක් හෝ බලයක් නැත. 1815 ගිවිසුමේ දෙවැනි පාර්ශ්වය වූ සිංහලේ රටවැසියාට සිංහලේ රට නුදුන් නිසා එම ආක‍්‍රමණික පාලනයට 1931 දී සර්වජන ඡුන්ද බලය හෝ 1948 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලබාදීමට නීත්‍යනුකූල හෝ සදාචාරාත්මක අයිතියක් නැත.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාවම වන අතර අතිරේක එක් එකතු කිරීමක් පමණක් සිදු විය. එනම් රටේ ජනතාවගේ ඡුන්දයෙන් පත් කරනු ලබන විධායක ජනාධිපතිවරයාය. මේ අනුව සෝල්බරි ව්‍යුහය තවමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ දක්නට පුළුවන.

මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර ව්‍යවස්ථාව ලෙස හඳුන්වාදීම නිතර ඇසේ. රටේ පාලනය ඒ මගින් හැසිරවීම ඊට හේතුවය. එහි දැක්වෙන පරිදි පරමාධිපත්‍යය ජනතාව සතු වන අතර එය අන්සතු කළ නොහැක. 1972 දී ජනරජ ව්‍යවස්ථාව මගින් රැුජනගේ නියෝජිතයා වන අග‍්‍රාණ්ඩුකාරවරයාට තිබූ පරමාධිපත්‍යය පුරවැසියන් සියලූ දෙනාට හිමි විය. ඒ ගැන ජනතාවගේ විරුද්ධතාවක් නැති නිසා එය සම්මත විය.

බි‍්‍රතාන්‍ය කිංට (රජු) නීත්‍යනුකූලව පරමාධිපත්‍යය හිමි වූයේ දැයි පළමුව බැලිය යුතුය. 1815 වනවිට පවා පරමාධිපත්‍ය සංකල්පය බි‍්‍රතාන්‍යයේ සහ වෙනත් යුරෝපීය රටවල ද කි‍්‍රයාත්මක විය. ඒ සඳහා නීති ප‍්‍රතිපාදන බි‍්‍රතාන්‍යයේ විය.

1815 මාර්තු 2 දින සමාන පාර්ශ්ව දෙකක් අතර මහනුවරදී ගිවිසුමක් ඇති විය. පොදුවේ එය හඳුන්වන්නේ උඩරට ගිවිසුම ලෙසටය. එහි පළමු පාර්ශ්වය ලෙස සඳහන් වී තිබුණේ එංගලන්තයේ  III ජෝර්ජ් කිං (රජු) ගේ නමයි. දෙවැනි පාර්ශ්වය ලෙස ‘සිංහලේ රටවැසියා’ සඳහන් වී තිබුණේ රටේ අයිතිකරුවන් සිංහල රටවැසියන් වූ නිසාය. 1817-18 වෙල්ලස්ස නිදහස් අරගලය නිසා සිංහලේ රටවැසියා වහල් බවට පත් කර වීමේ අදහසින් රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින් 1818 නොවැම්බර් මස 21 දින ප‍්‍රකාශනයක් (Declaration) මගින් ඒක පාක්ෂිකව උඩරට ගිවිසුම කඩා අවසන් කළේය. ලියවිල්ලෙහි ඒ බව සඳහන්ය. එමෙන්ම මින් ඉදිරියට බි‍්‍රතාන්‍ය පාලකයන් හා සිංහල රට වැසියන් සමාන පිරිස් දෙකක් නොවන බව ද එහි කිය වේ. තමන් පරමාධිපත්‍යය බව ද සිංහලේ රට වැසියා නිකම්ම නිකම් (just) යටත් විජිත වැසියන් බව ද සඳහන්ය.

මේ අනුව බි‍්‍රතාන්‍ය රජුට හා ඔහුගේ නියෝජිත අග‍්‍රාණ්ඩුකාරවරයාට නිසි පරිදි හා නීත්‍යනුකූලව පරමාධිපත්‍යය හිමි වී නැත. පරමාධිපත්‍යය චණ්ඩිකමින් පවරා ගත හැක්කක් නොවේ. ගිවිසුම අවසන් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ශ්වයට හැකි නමුත් දෙවැනි පාර්ශ්වයේ රට හා පාලනය ඔවුන්ට ආපසු නොදී එය අවසන් කළ නොහැක. එබැවින් බි‍්‍රතාන්‍ය රජුගේ පරමාධිපත්‍යය නීති විරෝධී හා බල රහිත එකකි.

අවුරුදු 130 ක් පුරා මෙරට ආර්ථිකය, සමාජය හා පාලන තන්ත‍්‍රය පූර්ණ ලෙස වෙනස් කර තවදුරටත් එය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආකාරයේ ඩොමීනියන් (Dominated by British) පාර්ලිමේන්තුවක් ලබා දුන්නේ තමන් විසින් ඇති කළ ඉංගී‍්‍රසි අනුකාරක කොම්ප‍්‍රදෝරු පන්තියටය. මෙය සිංහලේ රවැසියාගෙන් බාහිර වූ විදේශීය ගැති පන්තියෙකි. මෙම වංචාව වසා ගැනීම සඳහා 1931 දී සර්වජන ඡුන්ද බලය ලබාදීම සිදු කෙරිණි. නීත්‍යනුකූල නොවන, බල රහිත, ඒකාධිපති පරමාධිපත්‍යයකට සර්වජන ඡුන්ද බලය ලබාදීමට නීත්‍යනුකූල අයිතියක් නැත. 1928 දී බි‍්‍රතාන්‍යයට ජනතා පරමාධිපත්‍යය සහිත ඡුන්ද බලය ලැබීම හා 1929 දී ලංකාවට පරමාධිපත්‍යය නැතිව හුදෙක් ඩොමීනියන් (Dominated by British) ඡන්ද බලයක් ලැබිණ. 1948 දී ඩොමීනියන් පාර්ලිමේන්තුවක් ලැබීම නිදහස ලැබීමක් ලෙසට තම කොම්ප‍්‍රදෝරු පන්තිය ලවා අඬබෙර ගැස්සවූහ. 1931 දී සර්වජන ඡුන්ද බලය ලැබීමේදී 1815 සිංහලේ රටවැසියාට අමතරව හා සිංහල රටෙහි නොසිටි බි‍්‍රතාන්‍යයන්ගේ සේවයට මෙරටට ගෙන්වා ගත් විදේශික කොටස්වලට ද සර්වජන ඡුන්ද බලය හා මෙරට පුරවැසි බව ලැබී තිබිණි. දරුවන්ට දෙමවුපියන්ගේ දේපළ ස්වභාවයෙන් සහ නීතියෙන් උරුම වන නමුත් ගෘහ සේවිකාවට, තෝටකාරයාට, හරකුන් බලාගන්නාට හෝ රියැදුරාට එම අයිතිය නැත. නමුත් ඒ සියල්ල බි‍්‍රතාන්‍ය සේවකයන්ට ලැබී ඇත. අද එයම රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වන ජන වාර්ගික අර්බුදය බවට පත්ව තිබේ.

1948 දී අප ලත් ඩොමීනියන් පාර්ලිමේන්තුවේ ඩොමීනියන් කොටස 1972 දී හැලිණ. නීත්‍යනුකූල නොවන හා බල රහිත බි‍්‍රතාන්‍ය පාලනයට 1948 දී සෝල්බරි ව්‍යවස්ථාව ලබාදීමට අයිතියක් හෝ බලයක් නැත. 1815 ගිවිසුමේ දෙවැනි පාර්ශ්වය වූ සිංහලේ රටවැසියාට සිංහලේ රට නුදුන් නිසා එම ආක‍්‍රමණික පාලනයට 1931 දී සර්වජන ඡුන්ද බලය හෝ 1948 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලබාදීමට නීත්‍යනුකූල හෝ සදාචාරාත්මක අයිතියක් නැත. මවිසින් සොරා ගත් භාණ්ඩයක් ‘ඒ’ වෙත ලබා දුන්නද ‘ඒ’ අතේ ද එය හොර බඩුවක් පමණි.

1972 දී ජනරජ ව්‍යවස්ථාවක් කි‍්‍රයාත්මක කළ ද එය ජනමත විචාරණයක් මගින් ජනතාව විසින් අනුමත කරන ලද්දක් නොවේ. බි‍්‍රතාන්‍ය කොම්ප‍්‍රදෝරු පන්ති බල අධිකාරය වන පාර්ලිමේන්තුවේ වැඩි ඡුන්දයෙන් පමණක් අනුමත කරන ලද්දකි. එය සිංහලේ රටවැසියාගේ හෝ සමස්ත ජනතාව විසින් අනුමත කර නැත. 1972 ව්‍යවස්ථාව යනු සෝල්බරි ව්‍යවස්ථාවට සිදු වූ සංශෝධන 3 ක් පමණි. එනම් 1. ලංකාව ජනරජයක් බව ප‍්‍රකාශ කිරීම 2. අග‍්‍රාණ්ඩුකාරයා වෙනුවට රජයෙන් පත් කරන ජනාධිපති හා 3. සෙනෙට් සභාව අහෝසි කිරීමයි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාවම වන අතර අතිරේක එක් එකතු කිරීමක් පමණක් සිදු විය. එනම් රටේ ජනතාවගේ ඡුන්දයෙන් පත් කරනු ලබන විධායක ජනාධිපතිවරයාය. මේ අනුව සෝල්බරි ව්‍යුහය තවමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ දක්නට පුළුවන. ඒ ඒ කාර්යය සඳහා ඇති අනු පනත් ගත්ත ද ඉඩම්, වාරිමාර්ග, මහාමාර්ග හා ඉදිකිරීම් :(P.W.D.), බෞද්ධ විහාර දේපළ, අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් පාලන, තැපැල්, දුම්රිය, පොලිසිය, වෙළෙඳාම් හා බදු, ප‍්‍රවාහන, වන හා වනජීවී, පුරාවිද්‍යා, අධිකරණ ආදී සෑම කෙෂේත‍්‍රයක්ම නීති විරෝධී හා බලරහිත ඉංගී‍්‍රසි යටත් විජිත ආඥා පනත් යටතට පාලනය වේ. අනුන්ගේ සියල්ල අපගේ කර ගැනීම අප විසින් කර ඇත. ඉංගී‍්‍රසි කොම්ප‍්‍රදෝරු පන්තියට එය එසේ වුව ද මහජනතාවට ඒවා තමන්ගේ නොවේ.

‘දේශපාලනය’ යන වචනයට මුවා වී සිටින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනය දැන් අවසානයකට ළඟා වෙමින් සිටී. මෙවර ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් කාටවත් ඡුන්දය නොදෙන බව කියන හඬ හැම අතින්ම ඇසේ. ජනතාව තමන්ට වැටහෙන බසින් කියන්නේ පාලන තන්ත‍්‍රය තමන්ගේ නොවන බැවින් තමන් විසින් එය ප‍්‍රතික්ෂේප කරන බවය. 1972 දී මෙන්ම 1978 දී ද සම්මත කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද ජනතාවගේ ඉල්ලීම උඩ සැකසුනක් නොවන අතර ජනතාව විසින් එය අනුමත කිරීම ද කර නැත.

ජනතාව විසින් අනුමත නොකරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තබාගෙන දැන් ඉදිරි මැතිවරණයන් ද පැවැත්වීමට නියමිතය. මෙය අරුම පුදුම තත්ත්වයකි. ජනතාවගේ සැක සංකා දුරු කිරීම රජයේ යුතුකමයි. එබැවින් රජය හා මෙරට නීතිවේදී විද්වතුන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති නීත්‍යනුකූල බව රටට හා ජනතාවට විස්තර කර දීම වටී. පහත සඳහන් කරුණු ඒ අනුව විස්තර විය යුතුය.

1. 1818.11.21 දින ප‍්‍රකාශනය මගින් රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන ඒක පාක්ෂිකව මහනුවර (උඩරට) ගිවිසුම අවසන් කළේ නම් දෙවැනි පාර්ශ්වයෙන් ලබාගත් පාලනය ආපසු දෙවැනි පාර්ශ්වයට නුදුන්නේ ඇයි?

2. ගිවිසුමේ ප‍්‍රස්තුතය (නිමිත්ත) වූ පාලනය දෙවැනි පාර්ශ්වය වූ සිංහලේ රටවැසියාට නොදී ආණ්ඩුකාරයාට පරමාධිපත්‍යය හිමි වී සිංහලේ වැසියා යටත් විජිත වහලූන් කිරීමට නීතියේ ප‍්‍රතිපාදන ඇත්ද?

3. 1948 දී ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ලබාදීමට බි‍්‍රතාන්‍ය කිංට (රජුට) ගිවිසුම් කඩකිරීමෙන් (21.11.1818) පසු තවදුරටත් නීත්‍යනුකූල බලයක් හිමිව තිබුණේද?

4. ගිවිසුම් කඩකර පරමාධිපත්‍යය බලහත්කාරයෙන් පවරා ගැනීම හැඳින්විය හැක්කේ ආක‍්‍රමණයක් ලෙසටය. එසේ නම් එම ආක‍්‍රමණික පාලකයාට ලංකාව සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් දිය හැකිද?

5. 1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 3 ක් සහිතව ඉදිරිපත් කළ (ඉහත සඳහන් කළ) 1972 ජනරජ ව්‍යවස්ථාවට; 1948 ව්‍යවස්ථාවට නොතිබූ නීත්‍යනුකූල බවක් තිබේද?

6. 1972 ව්‍යවස්ථාව මෙරට ජනතාව විසින් අනුමත කර ඇත්ද? අනුමත කර ඇති බව කියන්නේ නම් ඒ කුමන සාධක මතද?

7. 1972 ව්‍යවස්ථාවට විධායක ජනාධිපතිවරයකු එකතු වීම පමණක් වැදගත් වෙනසක් ලෙස ඇති 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනතාව විසින් අනුමත කර ඇත්ද? අනුමත කර ඇති බවක් හා එය නීත්‍යනුකූල බවක් කියන්නේ නම් ඒ කුමන සාධක මතද?

8. 1930 දී මෙරටට සර්වජන ඡුන්ද බලය ලැබී 1931 දී පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ඡුන්දයෙන් පත්වීම නීත්‍යනුකූලද? ගිවිසුම් කඩකර බලහත්කාර (ආක‍්‍රමණික) පාලනයක් ගෙන ගිය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ආණ්ඩුවට ලංකාවට සර්වජන ඡුන්ද බලය ලබාදිය හැකිද? නොහැකි නම් එම සර්ජවන ඡුන්දයෙන් බලයට පත් කළ රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ද නීත්‍යනුකූල නොවන්නේය.

9. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනය විසින් නිසි නීත්‍යනුකූල බවක් නැතිව 1930 දී ලබාදුන් සර්වජන ඡුන්ද බලය අද දක්වාත් කි‍්‍රයාත්මකය. එබැවින් ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ 1948 දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඡුන්දය දී ආණ්ඩු පත් කිරීම නීත්‍යනුකූලද? 1972 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනතාව විසින් අනුමත කර නැති නිසාත් බි‍්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේදී නීත්‍යනුකූල නැති බලරහිත පාලනය යටතේ ලබාදුන් ඡුන්දයෙන් පත් කළ මන්තී‍්‍රන්ගේ වැඩි ඡුන්දයෙන් පමණක් අනුමත වූ නිසාත් 1972 ව්‍යවස්ථාවේ නීත්‍යනුකූල තත්ත්වය කෙබඳුද?

10. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද නීති විරෝධී බි‍්‍රතාන්‍ය පාලනය විසින් ලබාදුන් ඡුන්ද ක‍්‍රමයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ගේ වැඩි ඡුන්දයෙන් පමණක් අනුමත වී ඇත. මේ වනවිට පරමාධිපත්‍යය ලබා සිටි රටේ ජනතාවගේ ජනමත විචාරණයක් මගින් අනුමැතිය ලබා නැත.

ජනාධිපතිවරයෙක් හා පාර්ලිමේන්තුවක් ඉදිරියේදී තෝරා පත් කර ගැනීම සඳහා ඡුන්දයක් පවත්වන්නට පළමු ඉහත කරුණු පිළිබඳ නීත්‍යනුකූල තත්ත්වය දැන ගැනීමට 1815 ගිවිසුමට සහභාගි වූ සිංහලේ රට වැසියන්ගෙන් පැවත එන එම උරුමක්කාරයන් විසින් කැමැත්ත දක්වති. එබැවින් රජයත් මෙරට නීතිවේදීනුත් ඊට පිළිතුරක් සැපයීම අපේක්ෂා කෙරේ.

මීට 1815 ගිවිසුමේ සිංහලේ රටවැසියාගෙන් පැවතෙන උරුමකරු

ආචාර්ය සූරිය ගුණසේකර

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles