Divaina - ජනතාවගේ ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම ඇත්තේ සමාජවාදය තුළ පමණයි - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක දුමින්ද නාගමුව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

poli3‘යුක්තිගරු සමාජයක්’ මැයෙන් සමාජවාදී අපේක්‍ෂකයා රටට ප‍්‍රකාශයට පත් කිරීම පසුගියදා සිදුවිය. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙනුත් සහ රට ගොඩනැඟීම පිළිබඳව වූ වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා සමග ‘දිවයින’ කළ සාකච්ඡාවක් මතුදැක්වෙයි.
 
 ප‍්‍රශ්නය - යුක්තිගරුක සමාජයක් බිහි කිරීම උදෙසා සමාජවාදී අපේක්‍ෂකයාගේ ප‍්‍රතිපත්තිය රටට පැහැදිලි කළොත්?
 
 පිළිතුර - පසුගිය සහ මෑත කාලයේදීත් වැඩ කරන ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න රාශියක් තිබෙනවා. ජනතාවට මාධ්‍ය බලය යොදාගෙන මොකක් හරි ප‍්‍රශ්නයක් ප‍්‍රශ්නයක් බවට පත් කරනවා. 2015 දී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට විශාල ඝෝෂාවක් කළා. ඒක අහෝසි කරන්නෙ නැතිව දවසක්වත් රට ඉදිරියට ගෙන යන්න බැහැ කිව්වා. විධායකය අහෝසි වුණෙත් නැහැ, ඒ ගැන කතා කරන්න කවුරුත් දැන් නැහැ. අපිට අවශ්‍යයි මේ මැතිවරණ ව්‍යාපාරය තුළ රටේ ප‍්‍රශ්න ගැන හඬක් නඟන්න. අපි ඒ හඬ නඟන්න කටයුතු කරනවා. ඒ වගේම ඇතැමුන් ජනතාව මුහුණ දෙමින් තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් තමන්ට බව දැන් කියමින් යනවා. ප‍්‍රශ්නවලට අදාළ නොවන විවිධ දේවල් සමාජගත කරමින් සිටිනවා. මේ සැබෑ හේතුව ඇත්ත සමාජගත කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ 21 වැනි සියවසේ පවතින ප‍්‍රශ්නවලට විසඳුම් දිය හැක්කේ සමාජවාදයට පමණයි. මේ දැවෙන ගැටලූවලට සැබෑ විසඳුම දීමට නම් නැවත සමාජවාදයක් අවශ්‍යයි කියන මතයක් දැන් ඇති වෙමින් තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - බෙදී වෙන් වී ගිය වමේ බලවේග නැවත එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද?
 
 පිළිතුර - පක්‍ෂයක් විදිහට වාමාංශික පක්‍ෂ සහ සංවිධාන එකතු කර ගැනීමට විවිධ අවස්ථාවල ඒකරාශී කර ගැනීමට මැදිහත් වුණා. මේ මැතිවරණ ව්‍යාපාරය තුළත් සමාජවාදී බලවේග එකතු කර ගැනීමට අප උත්සාහ කරනවා. සියලූම සැබෑ අධිරාජ්‍ය විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
 
 ප‍්‍රශ්නය -වමේ මතය ජනතාව අතරට ගෙන යෑමට බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
 
 පිළිතුර - විශේෂයෙන්ම රට පුරා රැස්වීම් මාලා පවත්වනවා. ඒ වගේම විවිධ විකල්ප ක‍්‍රම භාවිත කරනවා. පුළුල් ප‍්‍රචාරක වැඩපිළිවෙළ තුළ ප‍්‍රචාරක ආකෘතිවලට වඩා මහජනතාවගේ ප‍්‍රශ්නය නියෝජනය කරමින් ප‍්‍රශ්න නැවත මතක් කරන ව්‍යාපාරයක නිරත වීමට බලාපොරොත්තු වෙනවා.
 
 ප‍්‍රශ්නය - රටේ පවතින අර්බුදය හඳුනාගෙන තිබෙනවා ද එයට දිය හැකි විසඳුම් කෙසේද?
 
 පිළිතුර - සමාජ ආර්ථික ප‍්‍රශ්නයට සැබෑ විසඳුමක් දීමට මෙතෙක් කවුරුත් සමත් වී නැහැ. ලෙඬේට නොවෙයි බෙහෙත් කරන්නෙ. රෝග ලක්‍ෂණවලට පමණයි බෙහෙත් කරන්නෙ. ප‍්‍රශ්නයේ මූලය හඳුනාගෙන පැරසිටමෝල් දීමෙන් පමණක් වැඩක් නැහැ. ජනතාවට ඉඩම්, පාරිසරික, සෞඛ්‍ය, ආර්ථික ප‍්‍රශ්න තිබෙනවා. හොරකම් කිරීමත්, ජාතිවාදයත් නෙමෙයි ප‍්‍රශ්නය. අපි වැඩ කළොත් පමණක් සුළු වැටුපක් හම්බ වෙනවා. වතු කම්කරුවන්ගේ සාරය උරාගෙන බොමින් ලබාදෙන වැටුප ප‍්‍රමාණවත් නැහැ. අපි හම්බ කරනවා, මහන්සි වෙනවා නමුත් අපේ කොටස හම්බ වෙන්නෙ නැහැ. රටේ සෑම කෙනෙක්ටම මේ ප‍්‍රශ්නය තිබෙනවා. ජාතික ආර්ථිකය ප‍්‍රසාරණය කරනවා කියනවා. ගිවිසුම් අත්සන් කරනවා. මේ රටේ පවුල් ලක්‍ෂ විස්සක වත්කම් සහ ධනවත් පවුල් සියයක වත්කම් එකම තරාදියකට දැම්මොත් දෙපැත්තම සමානයි. මේ ප‍්‍රශ්නය විසඳීමට නම් බෙදීයෑමේ විෂමතාව වෙනස් කළ යුතුයි. ජනතා පරමාධිපත්‍යය තුළින් ජනතාවට බලය ලැබෙන්නෙ වසර පහකට වරක් පමණයි. ඒ නිසා ඒක වෙනස් කළ යුතුයි. මහජනතාවට බලය ව්‍යවස්ථාපිතව ලබාදිය යුතුයි. ඡුන්දයේදී පමණක් පුරවැසියන්ට ලැබෙන බලයට වඩා හැමදාම බලය ලැබෙන ආකෘතියක් සකස් කළ යුතුයි. එක පැලැන්තියක ආර්ථිකය වර්ධනයක් වෙනුවට සියලූම දෙනාගේ ආර්ථිකය නඟාසිටුවීමයි අපේ අරමුණ. පවතින ආර්ථිකය තුළින් මේ කොල්ලකන කොටස බෙදීයා යුතුයි.
 
 ප‍්‍රශ්නය - විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුද?
 
 පිළිතුර - පැහැදිලිවම. විධායකය පමණක් නොව පාර්ලිමේන්තු ක‍්‍රමයත් වෙනස් විය යුතුයි. ඒක වහාම අහෝසි කළ යුතුයි. මහජනතාව බලවත් වන ක‍්‍රමයක් සකස් කළ යුතුයි කිව්වෙ ඒ නිසයි. විධායකය අහෝසි කරනවා කියලා කරන මේ තක්කඩිකමට අපි විරුද්ධයි. එහෙම කරනවා කියලා ජනතා අභිලාෂයන් පාවාදීමටත් අපි විරුද්ධයි.
 
 ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරය පිටුපස අදිසි හස්තයක් ක‍්‍රියාත්මක වූ බවට විපක්‍ෂයේ ඇතැමුන් චෝදනා කළා. එහි සත්‍යතාවක් තිබෙනවාද?
 
 පිළිතුර - පාස්කු ප‍්‍රහාරය පිටුපස පැති ගණනාවක් තිබෙනවා. මෙරට දේශපාලනයේදී මීට වසර 20 කට කලිනුුත් ජාතීන් අතර වෛරයක් ඇති කළා. සිංහල ජන කොටස් අතර මුස්ලිම් විරෝධයක් ඇති කළා. අලූත්ගම වැනි සිද්ධීන් මතු කළෙත් එම නිසයි. අයිඑස් සංවිධාන පවා නිර්මාණය කළේ ඇමරිකාවයි. මැද පෙරදිග රටවල් අස්ථාවර කරන්නයි ඇමෙරිකාව එහෙම කළේ. දැන් අප රටේ සිංහල හා මුස්ලිම් දේශපාලනඥයන් අඩු වැඩි වශයෙන් ජාතිවාදය වැපිරීමට කටයුතු කළා. මේ සියලූම දේවල්වල බලපෑමක් හැටියට තමයි පාස්කු ප‍්‍රහාරය ඇති වුණේ. මේක පැහැදිලිවම බිහිසුණු ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක්. මේක හෙළාදකිනවා. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව තිස් වසරක් තිස්සේ ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් වුණා. කිහිප දෙනෙක් කරන දේකට සමස්ත සමාජයම වගකිව යුතු නැහැ. ඒ නිසා අපි සියලූම ජාතීන්ට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට තමයි අපේ මැදිහත් වීම විය යුත්තෙ.
 
 ප‍්‍රශ්නය - රටේ හොරකම්, දූෂණ වංචා හොයනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරනවා කියලා තමයි යහපාලන රජය බලයට පත් වුණේ. එවැනි දෙයක් පසුගිය කාලයේ දක්නට තිබුණද?
 
 පිළිතුර - පසුගිය රජයේ පමණක් නෙමෙයි, එක රුපියලක්වත් කළ හොරකමක් ගැන හෙව්වෙ නැහැ. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව අවසානයේ බැඳුම්කර වංචාව කළා. ඒ වගේම යහපාලන රජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශාල ප‍්‍රශ්න තිබෙනවා. ප‍්‍රතිත‍්‍රස්ත පනත් ගෙනාවා. මේ ආණ්ඩුවට මර්දනය සඳහා අතපය දික් කරන්න බැරි වුණේ ඔලූ දෙකේ ආණ්ඩුවක් නිසයි. ඔලූ දෙක එක ඔලූවක් වුණා නම් බලන්න තිබුණා මේ අයගේ මර්දනය කොහොමද කියලා. උද්ඝෝෂණ, විරෝධතා මර්දනය කරන්නයි මේ අය උත්සාහ කළේ.
 
 ප‍්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණවලදී පොදු අපේක්‍ෂකයන්ට සහාය දුන් ජවිපෙ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කර තිබෙනවා නේද?
 
 පිළිතුර - ඒ අය අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරලා කියනවාට වඩා අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න වෙලා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණවලදී ප‍්‍රතිපත්ති පැත්තකට දාලා පොදු අපේක්‍ෂකයන්ට සහාය දුන්නා. ජවිපෙ පසුගිය කාලය පුරාවටම සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න උත්සාහ ගන්න, හඬක් නඟන්න අපොහොසත් වෙලා තිබෙනවා. දැන් ඔවුන් එක පැලැන්තියකට හිරවෙලා පක්‍ෂයක්, පාටක් ප‍්‍රතිපත්තියක්, සමාජවාදයක් නැහැ. ඉතිහාසය දෙස බැලීමේදී ජවිපෙ දෙස බැලීමේදී දැන් තිබෙන්නෙ ඉතා කනගාටුදායක තත්ත්වයක්.
 
 සංවාදය - ලසිත දුමින්ද

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles