Divaina - අවසන් තීන්දුව අත ළඟ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

poli2- රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර
 
 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය එහි නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාටම හිමිවිය යුතු බවට සටන් කළ ඔහු, දැන් ඉදිරි ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකයා විය යුත්තේ සජිත් පේ‍්‍රමදාස මහතා ම බව කියමින් ඒ වෙනුවෙන් දැඩිව පෙනී සිටින, සාකච්ඡුා සිදුකරන, ප‍්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වශයෙන් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවිවාදයෙන් පිළිගත හැක. එජාපයට මෙන්ම රටට ද තීරණාත්මක මොහොතක දී ‘දිවයින’ ඒ මහතා සමග කරන ලද සාකච්ඡාවකි මේ.
 
 ප‍්‍රශ්නය- ජනාධිපතිවරණය සඳහා ඉතා සීමිත කාලයක් තිබුණත් එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදය තවමත් විසඳී නැහැ නේද?
 
 පිළිතුර- නෑ, අපේ පක්ෂයේ කිසිම අර්බුදයක් නෑ. ඇතැම් විපක්ෂ කි‍්‍රයාකාරීන් අපේ නැති අර්බුදයක් ගැන කතා කරනවා. එවැනි අය කියන කතා අපි ඒ තරම් ගණන් ගන්න යන්නේ නෑ. ඒ වෙනුවට අපේ වැඩපිළිවෙළ සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය කටයුතු ටික අපි කරගෙන යනවා. ඒ සඳහා අපි විවිධ දේශපාලන සාකච්ඡුා, රැුස්වීම්, හමුවීම් සිද්ධ කරනවා. දැන් අපි එවැනි සාකච්ඡුා වට ගණනාවක්ම පවත්වා තිබෙනවා. පෙරේදා රාති‍්‍රයෙත් අපි එවැනි සාකච්ඡුාවක් පැවැත්වූවා, අපේ පක්ෂයේ නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාත්, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාත් අතර. එහිදී අපි පැහැදිලි තීන්දුවකට ආවා ඉදිරි දින දෙක, තුන තුළදී අපිට වඩාත් වැඩියෙන් ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගත හැකි, ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහි කරගත හැකි නායකයෙක් පත්කර ගන්න පුළුවන් අපේක්ෂකයෙක් තෝරා ගන්න. ඒ වගේම බහුතර දේශපාලන පක්ෂවල වගේම සෑම ජන කොට්ඨාසයකින්ම සහාය ගන්න පුළුවන් අපේක්ෂකයාට අපේක්ෂකත්වය ලබා දෙන්නත් එහිදී තීරණය කළා.
 
 ප‍්‍රශ්නය - ඔය කියන විශේෂ සාකච්ඡුාව රනිල් සහ සජිත් අතර සිදුකිරීමට තමයි තීරණය වෙලා තිබුණේ, නමුත් අවසානයේදී ඊට තවත් අය සහභාගි වුණා නේද?
 
 පිළිතුර- නෑ, මේ දෙන්නා විතරයි සාකච්ඡුා කළේ. අපි සාකච්ඡුාවට සම්බන්ධ වුණේ නෑ. නායකයින් දෙදෙනා සාකච්ඡුා කළා. අපි ඒ අවස්ථාවට සම්බන්ධ වුණා.
 
 ප‍්‍රශ්නය- ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය වගේම පක්ෂ නායකත්වය සම්බන්ධව එහිදී ඇති වූ එකඟතාවයන් මොනවාද?
 
 පිළිතුර - ඒ සියල්ල ගැනම තවමත් සාකච්ඡුා කරගෙන යනවා.
 
 ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ අදහස් මොනවාද?
 
 පිළිතුර- ඒ අයගෙත් විවිධ සුභවාදී අදහස් තිබෙනවා. අපි ඒ නායකයින් සමගත් සාකච්ඡුා කරගෙන යනවා දැන්. ඒ අයගේ ප‍්‍රතිචාරත් බලලා අපි සුදුසු තීන්දුවක් ගන්නවා.
 
 ප‍්‍රශ්නය- මේ ප‍්‍රශ්න ටික විසඳගන්න තවත් කොපමණ කාලයක් ගතවෙයිද ?
 
 පිළිතුර- මට හිතෙන විදිහට තව දවස් කිහිපයක් ඇතුළත අපිට මේ ප‍්‍රශ්න ටික විසඳගන්න පුළුවන් වේවි.
 
 ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්ෂකත්වය දෙනවාට ඔබේ පක්ෂයේම මැති ඇමැතිවරු පිරිසක් විරුද්ධයිනේ?
 
 පිළිතුර- ඔව්, එවැනි ප‍්‍රශ්න තිබෙනවා ඒවා විසඳගන්න පුළුවන්. මොකද අපිට වෙන පක්ෂවල නායකයින් අපි
 
 පසුගිය ජනාධිපතිවරණ දෙකටම ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් අපිට ඇයි මේ වතාවේ අපේම පක්ෂයේ නායකයෙක් ඉදිරිපත් කරන්න බැරි? දිනන්න පුළුවන් අපේම අය සිටියදී ඇයි පිරිසක් අකමැති වෙන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් අකමැති වුණාට අපි ඒක ප‍්‍රශ්නයක් කරගත යුතු නෑ.
 
 ප‍්‍රශ්නය- එතකොට දැන් අර හදන්න යන සංධානයයි,
 
 ගිවිසුමටයි මොකද වෙන්නේ?
 
 පිළිතුර- ඒක අපි ඉදිරියේදී කි‍්‍රයාත්මක කරනවා. අපි ඊට දැනටමත් සංශෝධන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවාත් හදා ගෙන අපි ඉදිරියට යනවා.
 
 ප‍්‍රශ්නය- කොහොම වෙතත් පෙරේදා දින පැවැත්වූ සාකච්ඡුාවේදී අවසන් එකඟතාවයකට එන්න බැරිවුණේ ඇයි?
 
 පිළිතුර- පෙරේදා පැවැති සාකච්ඡුා බොහොම සාර්ථකයි. අපි හිතුවාට වඩා ඒ සාකච්ඡුා හොඳ මට්ටමක තිබුණා. මම හිතන්නේ දෙපාර්ශ්වයම නම්‍යශීලීව කතා කළා. ඒ අනුව අපිට ඉදිරියේදී වඩාත් හොඳ තැනකට එන්න පුළුවන් වේවි. වඩාත් හොඳ අපේක්ෂකයා තෝරන්න තමයි අපි එකඟ වුණේ. යම් අවසන් තීරණයක් ගැනීමට අවශ්‍ය තැනට අපි පෙරේදා සාකච්ඡුාවේදී පැමිණියා.
 
 ප‍්‍රශ්නය- ඉදිරියේදී තවත් සාකච්ඡුා සිදුකිරීමට නියමිත බව කියවුණා.
 
 පිළිතුර- ඔව්. අපි ඒ වැඩපිළිවෙළ පටන් ගන්නවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂත් සමග අපි සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සිවිල් සංවිධාන පසුගිය ජනාධිපතිවරණයේදී විශාල කාර්යභාරයක් කළා. අපි ඒ අයත් එක්කත් සාකච්ඡුා කළ යුතුව තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එහිදී ඉදිරිපත් කරන්නේ මොනවගේ ප‍්‍රතිපත්ති මාලාවක්ද?
 
 පිළිතුර - අපි ඒ සම්බන්ධව පක්ෂයක් විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ අපිට සහය දක්වන පක්ෂත් එක්කත් සාකච්ඡුා කළ යුතුව තිබෙනවා. ඒ වගේම මේ සියල්ල ගැන අවසන් තීන්දුව ගත යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලය. එමගින් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණ ගත හැකියි. හැබැයි කවුරු තීරණ ගත්තත් මන්තී‍්‍රවරු තමයි ගමට ගිහින් වැඩ කරන්න ඕනා. ඒ අයගෙත් සහයෝගය අවශ්‍යයි.
 
 ප‍්‍රශ්නය - ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකත්වය ගැන සාකච්ඡුා කරන විට ආණ්ඩුවේ පාර්ලිමේන්තු කටයුතු මේ වන විට අඩපණ වෙලා තිබෙනවා. ඇමැතිවරු පාර්ලිමේන්තු එන්නෙත් නෑ.
 
 පිළිතුර- අපි පාර්ලිමේන්තු කටයුතු අතහැරලා නෑ. අපි ඒ ගැන උනන්දු වෙනවා. මැතිවරණයක් ළඟ එනවිට මෙහෙම ප‍්‍රශ්න ඇතිවෙනවා. මැතිවරණයක් නොමැති අවස්ථාවලත් ගණපූර්ණය නොමැති අවස්ථා තිබෙනවා. මේක අලූත් දෙයක් නොවෙයි. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 30 ක් ඉඳලා තිබෙනවා. එවැනි අවස්ථා ඕන තරම් දැකලා තිබෙනවා.
 
 ප‍්‍රශ්නය- නැවතත් රනිල්- සජිත් සාකච්ඡුා පැවැත්වෙන්නේ කවදාද?
 
 පිළිතුර- ඉතා ඉක්මනින් සාකච්ඡුාවක් තිබේවි. අපි තවම දින දාගත්තේ නෑ. ඒත් අපි ඉතා ඉක්මනින් මේ තීන්දුව  ගන්නවා.
 
 සාකච්ඡා කළේ - අකිත පෙරේරා සංස්කරණය - එරික් ගාමිණී ජිනප‍්‍රිය

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles