Divaina - ජ.වි.පෙ. තවදුරටත් විකල්ප දේශපාලනයකද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 බණ්ඩාරගම -
 
 සමරසේන මුදලිගේ

jvp555


 
 ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම දේශපාලන පක්ෂය වශයෙන් 1930 ගණන්වල බිහි වූ ලංකා සමසමාජ පක්ෂය හා අනෙකුත් වමේ දේශපාලන පක්ෂවල කි‍්‍රයාදාමය අභියෝගයට ලක් කරමින් 1970 වනවිට විප්ලවවාදී දේශපාලන සංවිධානයක් ලෙස කලඑළි බට ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වූ 1971 අපේ‍්‍රල් කැරැුල්ල පරාජයට පත් වීමෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක් විය. අත්දැකීම් බහුල වමේ දේශපාලන ව්‍යාපාරයේ වැඩිහිටි ජනතාවගේ මතිමතාන්තර ප‍්‍රතික්ෂේප කරමින් තරුණ ව්‍යාපාරයක් ලෙස කි‍්‍රයාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ එකල හඳුන්වන ලද්දේ ‘චේගෙවාරා’ කල්ලිය ලෙසිනි. කෙසේ නමුත් පාලන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වෙනස් කිරීමේ හැකියාවක් ඇති බව කැරැුල්ලෙන් මියගිය දෙනෝදාහක් තරුණ තරුණියන්ගේ ලේ සහ කඳුළු තුළින් අවබෝධ කරගත් ජ. වි. පෙ. නායකයන් 1982 දී ප‍්‍රථම වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ජනතා විමුක්ති පෙරමුණට ඇති සැබෑ ජනතා ශක්තිය උරගෑ ප‍්‍රථම මැතිවරණය වූ එහිදී පක්ෂයේ නායකයා වූ රෝහණ විජේවීරයන් හට ලබාගත හැකි වූයේ දෙන ලද වලංගු ඡුන්ද 6522147 න් 273428 ක් හෙවත් 04.19% කි. එම මැතිවරණයේදී මුළු ඡුන්ද සංඛ්‍යාව 8145015 ක් විය. ජ. වි. පෙ. නියම ශක්තිය 1982 ඔක්තෝබර් 20 දින ජනාධිපතිවරණයේදී මැනගත් රෝහණ විජේවීර ප‍්‍රමුඛ නායකයන් 1983 දී පැවැත්වීමට නියමිතව තිබූ ඊළඟ මහ මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වීමට උත්සාහ කළ ද 1982 සුප‍්‍රසිද්ධ ජේ. ආර්. ජයවර්ධනගේ ජනමත විචාරණය තුළින් මහ මැතිවරණය 1989 දක්වා දීර්ඝ කළා පමණක් නොව ඉදිරියට එන ජ. වි. පෙ. වැළැක්වීමට එය තහනම් දේශපාලන සංවිධානයක් බවට ද පත් කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් වශයෙන් රහසිගත දේශපාලනයක නිරත වූ අතර තහනම් කාලය තුළදීම රෝහණ විජේවීර ප‍්‍රමුඛ එහි නායකයන් බහුතරය මරා දැමීමට ද එ. ජා. පක්ෂ නායකයන්ට හැකි විය. එළිපිට දේශපාලනයට නැවත අවතීර්ණ වූ ජ. වි. පෙ. 1999.12.21 පැවැති ජනාධිපතිවරණයට ද නන්දන ගුණතිලක මහතා අපේක්ෂකයා ලෙස පක්ෂයෙන් නම් කරන ලදී. ඒ වනවිට රටේ සමස්ත ඡුන්ද දායක සංඛ්‍යාව 11779200 වී තිබූ අතර ඉන් ලබාගත හැකි වූයේ ඡුන්ද 344174 ක් හෙවත් 04.08% කි. 2000.10.10 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ ජ. වි. පෙ. ට මුළු රටින්ම ලබාගත හැකි වූයේ ඡුන්ද 518774 හෙවත් 5.99% කි. පළමුවරට සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ මන්තී‍්‍ර ධුර 08 ක් ද ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍ර ධුර 02 ක් ද වශයෙන් මන්තී‍්‍ර ධුර 10 ක් ලබා ගැනීමට එහිදී ජනතා විමුක්ති පෙරමුණට හැකි විය. කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 78173 ක් ලබා විමල් වීරවංශ හා නිමල් පියතිස්ස යන ජ. වි. පෙ. මන්තී‍්‍රවරු 02 පත්වූ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 73110 ක් ලබා එච්. එම්. විජිත හේරත් පත් විය. ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 41620 ක් ලබා අතුල ඉන්දික වීරකෝන් පත්වූ අතර මාතර දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 38757 ක් ලබා ජිනදාස
 
 කිතුලේගොඩ තේරී පත් විය. හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 42042 ලබා නිහාල් ගලප්පත්ති මහතා ද කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 40780 ක් ලබා නිමල් හේරත් ද, කළුතර දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 38373 ක් ලබා නන්දන ගුණතිලක ද මන්තී‍්‍රවරු ලෙස තේරී පත් වූ අතර ජාතික ලැයිස්තුවෙන් අනුර කුමාර දිසානායක හා අන්ජාන් උම්මා පත් විය. අද වනවිට මෙම 10 දෙනා අතරින් ජ. වි. පෙ. නියෝජනය කරන්නේ කීපදෙනකු පමණි. අනෙකුත් මන්තී‍්‍රවරු පක්ෂය හැර ගොස්ය.
 
 
tab1පක්ෂයක් වශයෙන් එම පෙරමුණට වඩාත් කැපී පෙනෙන ජයග‍්‍රහණයක් හිමි වූයේ 2001.12.05 දින පැවැති මහ මැතිවරණයේදීය. එහිදී පක්ෂය තනිවම තරග කර මන්තී‍්‍ර ධුර 13 ක් හා ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍ර ධුර 03 වශයෙන් මන්තී‍්‍ර ධුර 16 ලබා ගත්තේය. එවර ශී‍්‍ර ලංකාවේ ඡුන්ද දායක සංඛ්‍යාව 12428762 ක් වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ඡුන්ද 815353 ක් ලබා ගත්තේය. මෙතෙක් ජ. වි. පෙ. ඉතිහාසය තුළ ලබාගත් වැඩිම ඡුන්ද සංඛ්‍යාව මෙය වන අතර 2018 පෙබරවාරි 10 දින ලංකාව පුරා තරග කර ලබාගත හැකි වූයේ ද ඡුන්ද 693875 කි.
 
 ඉහත ප‍්‍රතිඵල අනුව 2001 ට වඩා ඡුන්ද 35 වැඩි කර ගැනීමට මහනුවරින් හා ඡුන්ද 3789 ක් වැඩි කර ගැනීමට බදුල්ලෙන් හැකි වූ අතර අන් සියලූ දිස්ති‍්‍රක්කවලින් ලබා ඇත්තේ 2001 ට වඩා අඩු ඡුන්ද ප‍්‍රමාණයකි.
 
 2001 දී ජ. වි. පෙ. ඉහළම ශක්තිය ප‍්‍රදර්ශනය කළ මැතිවරණය වුව ද ඉහළම මන්තී‍්‍රන් සංඛ්‍යාවක් දිනාගත හැකි වූයේ 2004.04.02 පැවැති මහ මැතිවරණයේදීය. ශී‍්‍ර ල. නි. පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වූ ජ.වි.පෙ එසේ එක් වී තරග කර මන්තී‍්‍ර ධුර 41 ක් ලබා ගැන්මට හැකි විය. එම මැතිවරණයේදී ඡුන්ද 4223970 ලැබූ සන්ධානය මන්තී‍්‍ර ධුර 92 හා ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍ර ධුර 13 ක් සමග 105 ක් මන්තී‍්‍ර ධුර ලබද්දී එම මන්තී‍්‍ර ධුර 41 ක් ජ. වි. පෙ. ට හිමි විය. ඉන් නොනැවතුණු ජ. වි. පෙ. වැදගත් කැබිනට් අමාත්‍ය ධුර 04 හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 04 ක් ද ලබා ගත්තේය.
 
 1. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය - අනුර කුමාර දිසානායක
 
 නියෝජ්‍ය අමාත්‍ය - බිමල් රත්නායක
 
 2. ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය - චන්ද්‍රසේන විජේසිංහ
 
 නියෝජ්‍ය අමාත්‍ය - නිහාල් ගලප්පත්ති
 
 3. කුඩා හා ග‍්‍රාමීය කර්මාන්ත අමාත්‍ය - කේ. ඞී. ලාල්කාන්ත නියෝජ්‍ය අමාත්‍ය - සුනිල් හඳුන්නෙත්ති
 
 4. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය - විජිත හේරත්
 
 නියෝජ්‍ය අමාත්‍ය - සමන්ත විiාරත්න
 
 2005.11.17 පැවැති ජනාධිපතිවරණයේදී ද එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව දේශපාලන කි‍්‍රයාකාරකම්වල යෙදුනු ජ. වි. පෙ. 2015.01.08 ජනාධිපතිවරණය වනවිට එක්සත් ජාතික පක්ෂය හා එක්ව පළමුවරට පොදු අපේක්ෂකයකු ජයග‍්‍රහණය කරවීමට පෙරමුණ ගත්තේය. සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ පරාජය කිරීම එකම අරමුණ කර ගත් දේශපාලන ධාරාවකට ජ. වි. පෙ. අවතීර්ණ වීම එම පක්ෂයේ ඡුන්ද පදනම සසල කිරීමට හේතු විය. ජ. වි. පෙ. ට ඡුන්ද ප‍්‍රකාශ කරන්නේ වමට බර පිරිසක් බව ඔවුහු අමතක කළහ. පක්ෂ නායකත්වය ‘ජනතාව අතර ප‍්‍රතිවිරෝධයන් නිවැරදි ලෙස කි‍්‍රයා කිරීම ගැන’ චීන නායක මා ඕ සේතුංගේ න්‍යායට විරුද්ධව යමින් පවතින සටනේ ප‍්‍රධාන හතුරාට විරුද්ධව ප‍්‍රධාන බලවේගය වටා එක්වනු වෙනුවට අධිරාජ්‍ය ගැති නව ලිබරල් ධනේශ්වර පන්තිය සමඟ එකට හිඳ ගනිමින් කරන ලද දේශපාලනය මෙරට ප‍්‍රගතිශීලී ජනතාවගේ විරෝධයට හේතු විය. එහි ප‍්‍රතිඵලය වූයේ එ. ජා. පක්ෂය හා එක්ව ගොඩනඟා ගත් සිහින ලෝකය 2015 අගෝස්තු 17 මහ මැතිවරණයේදී බිඳ වැටීමය. ජ. වි. පෙ. තුළින් සිදුවූ ඵලදායි විවේචන හා වංචා ¥ෂණවලට එරෙහි වීම පරදා එ. ජා. පක්ෂයට අනියමින් සහාය වීම ජ. වි. පෙ. පරාජයට ප‍්‍රධාන හේතුව විය. 2015.08.17 පැවැති මහ මැතිවරණයේදී මුළු ඡුන්ද 15044490 තරම් වෙද්දී ජ. වි. පෙ. ට ලබාගත හැකි වූයේ ඡුන්ද 543944 ක් හෙවත් 4.87% ක් තරම් අඩු ප‍්‍රමාණයකි.
 
  tab2
 
 * මෙවර තරග කරන ලද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයක් ලෙසය.
 
 ඉහත ඡුන්ද ප‍්‍රතිඵල අනුව ජ. වි. පෙ. ජනතා ආකර්ශනය දිනෙන් දින වැඩි කර ගත් පක්ෂයක් ලෙස නොපෙනෙන අතර 2004.04.02 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ව මන්තී‍්‍ර ධුර 41 ක් ලබා ගැනීමේ අවස්ථාව හැර වෙනත් කිසිදු අවස්ථාවක තම දේශපාලන ශක්තිය වර්ධනය කර ගත් අවස්ථාවන් නොවීය.
 
 අවසන් වශයෙන් 2018 පෙබරවාරි 10 රට පුරා පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ තරග වදිද්දී ජ. වි. පෙ. ද තනියම තරග කළේ ඉහළ බලාපොරොත්තු සහිතවය. 2004 දී එම පක්ෂය තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ බලය ලබා ආදර්ශවත් ප‍්‍රාදේශීය සභාවක් බිහි කළා මෙන් මෙවර ප‍්‍රාදේශීය සභා ගණනාවක බලය පිහිටුවීමට ජනතාව ඡුන්දය ලබාදෙනු ඇතැයි විශ්වාස කළේය. නමුත් කිසිදු ප‍්‍රාදේශීය සභාවක් නොව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ලැයිස්තුව ප‍්‍රතික්ෂේප වූ පානදුර නගර සභාවේ පමණක් එක් ඡුන්ද කොට්ඨාසයක් ඊට හිමි විය. රටපුරා ලබා ගත් මුළු ඡුන්ද සංඛ්‍යාව 693875 ක් වෙද්දී එය 2001 දී පක්ෂය මහ මැතිවරණයේදී ලබාගත් ඡුන්ද 815353 ට අඩු බව ප‍්‍රකාශ නොකර 2015 අගෝස්තු 17 ට වඩා ඡුන්ද 149931 ක් වැඩි බව ප‍්‍රකාශ කරමින් ජනතාව තමන් බලාපොරොත්තු වූ දේ ඉටු නොකළත් වැඩිපුර ප‍්‍රවණතාවක් දක්වා ඇතැයි ප‍්‍රකාශ කරයි. අද ජ. වි. පෙ. කි‍්‍රයාව සහ භාවිතාව අතර ඇති වෙනස ජනතාව මෙසේ ජ. වි. පෙ. න් ඈත්වීමට හේතු වන්නට ඇත. හොරු ඇල්ලීමට බලය ඉල්ලා පැමිණ ඒ හොරුන්ට නොදෙවැනි සොරකම් කිරීමට බලපත‍්‍ර ලබා දීමට 2015 ජනවාරි 08 වැනිදා ජ. වි. පෙ. ද සම්මාදන් වී සිදුකළ කාර්යයක් යැයි සිතූ ජනයා ඔවුහු ද ප‍්‍රතික්ෂේප කරන ලද්දේ අන්ත දක්ෂිණාංශික කි‍්‍රයාකරුවන්ගේ ද මනා සහායක් ලබා ගැන්මට ඔවුහු දරන ලද උත්සාහය ද පරාජය කරමිනි. මේ අනුව ජ.වි.පෙ. තුන්වැනි බලවේගයක සිහිනය නැවත වරක් බොඳ කරගෙන ඇත. ඒ අතර ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ද 2010 මෙන් විකල්ප බලවේග එක්රැුස් කර ගනිමින් පක්ෂයේ නායකත්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත. පවතින ජාතික සටන අවබෝධ කර නොගනිමින් තවත් වරක් මනෝරාජිත විකල්ප දේශපාලන කි‍්‍රයාදාමයක යෙදීම අද යුගයේ අවශ්‍යතාවට කෙතරම් ගැළපේ ද යන්න විමසා බැලිය යුතුය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles