Divaina - සම්ප්‍රදාය සහ අධිතාක්‌ෂණය ඇසුරින් ගොවිතැනේ පුනරුදය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 agri
 
 ලලීන්ද්‍ර සන්නස්‌ගම
 ර/ශාන්ත ඇලෝසියස්‌ ජාතික පාසල
 
 
ලොව පිහිටි විශිෂ්ටතම කෘෂි පර්යේෂණ විශ්වවිද්‍යාලය වන නෙදර්ලන්තයේ වේඡ්නින්ජන් (Wageningen University & Researඡ්h) හි ශාක විද්‍යා සමූහයෙහි ප්‍රධානියා වන අර්නස්‌ට්‌ වැන්ඩෙන් එන්ඩි, නැෂනල් ජෝග්‍රොෆි සඟරාවට හෙළිකළ ශ්‍රේෂ්ඨ අදහසක්‌ වන්නේ,
 
 "ගොවිතැනේ අර්බුදය ඇති කරන්නේ ජලය නොවේ. පසෙහි පෝෂ්‍ය පදාර්ථ, ඒවා නිරතුරුව නිපදවන බැක්‌ටීරියාවන් සමග විද්‍යාත්මක ක්‍රමයකට පසට එක්‌ කිරීමෙන් භූමියට අවශ්‍ය පොහොර පොළොව විසින්ම නිපදවා ගන්නා අපූරු තත්ත්වයක්‌ නිර්මාණය කළ හැකිය." (ප්‍රභාෂ්වර, 'ගොවිතැනේ අර්බුද', 2018 මැයි 16, රාවය.)
 
 '2000 වසරේ සිට මේ දක්‌වා වන කාලය තුළ නෙදර්ලන්ත ගොවීහු, අධිතාක්‌ෂණය ඔස්‌සේ තම වගාවන්ට අවශ්‍ය වූ ජල ප්‍රමාණය 90%කින් අඩු කිරීමට සමත් වූහ. නෙදර්ලන්ත හරිතාගාර තුළ වවන කිසිදු වගාවක්‌ සඳහා ඔවුහු රසායනික කෘමිනාශක භාවිත නොකරති. සත්ව පාලනයේ දී පවා ප්‍රතිජීවක ඖෂධ භාවිතය 60%කින් පහත දැමීමට ඔවුහු ක්‍රියා කළහ. අදහාගත නොහැකි මේ දැවැන්ත කෘෂි සංවර්ධනය පිටුපස තිබෙන යෝධ ශක්‌තිය, ඇම්ස්‌ටර්ඩෑම් නුවර සිට සැතපුම් පනහක දුරින් පිහිටි වේඡ්නින්ජන් පර්යේෂණ සරසවියයි.' (ප්‍රභාෂ්වර, 2018 මැයි 16,)
 
 අප කතා කරන්නේ පොළොවට දමන රසායනික පොහොර ගැනය. අප අරගල කරන්නේ ඒ ගැනය. එන්ඩි කතාකරන්නේ, 'පොහොර පොළොව විසින්ම නිපදවා ගන්නා අපූරු තත්ත්වයක්‌' ගැනය. එන්ඩි අරගල කරන්නේ ඒ ගැනය. ඔහු උගන්වන්නේ 'පොහොර පොළොව විසින්ම නිපදවා ගන්නා හැටි' ගැනය. අපට සමාගම් උගන්වන්නේ 'ආනයනික රසායනික පොහොර මිලට ගෙන පොළොව මත හෙලීමට' ගැන ය. එන්ඩිගේ ක්‍රමවේදයේ පිහිටෙන් මේ වන විට ලංකාවටත් වඩා කුඩා රටක්‌ වූ නෙදර්ලන්තය ආහාර අපනයනය අතින් ලොව තුළ දෙවැනි වන්නේ එම රටට වඩා දෙසිය හැත්තෑ ගුණයකින් විශාල ඇමරිකාවට පමණි.
 
 පොහොර නැති වතුර නැති ඒ කෘෂි මූලධර්මය කුමක්‌ද යන්න අප නොදනී. ඉන් ඉපිල එන්නේ නෙදර්ලන්තයේ අධි තාක්‌ෂණික කෘෂි විප්ලවයක සහ ලංකාවේ අඳුරු ගොවි සමාජයක පැහැදිලි වෙනසයි. අපට විද්‍යාංණයේ විලාශයෙන් කා වද්දා ඇත්තේ බහුජාතික සමාගම් වලට බිලිවෙන හැටි ගැන මිස ඇත්ත වශයෙන්ම කෘෂි තාක්‌ෂණයක්‌ ගැන නම් නොවේ. අප ලැඡ්ජා විය යුත්තේ එන්ඩි කියන 'පොහොර පොළොව විසින්ම නිපදවා ගන්නා හැටි' ගැන අපගේ පරම්පරාංණයේ තිබී අප විසින්ම අතහැර දමන ලද්දක්‌ නිසා ය. පුදුම සහගත ලෙස මෙම ක්‌ෂුද්‍ර ජීවීන්ගෙන් වැඩ ගැනීමේ ඉපැරණි වගා තාක්‌ෂණයක්‌ ලංකාවේ පැවතිය ද යටත් විජිත යුගයේ දී එය අභාවයට ගිය බව තිලක්‌ කන්දෙපොල පෙන්වාදෙයි.
 
 'ලංකාවේ මෙම ක්‌ෂුද්‍ර ජීවීන් ස්‌වභාවිකව වාසය කරන්නේ පස මතුපිට සිට අඟල් 6කට නොවැඩි ගැඹුරකින් ය. මේ නිසා ලංකාවේ පැරණි වගා උදැල්ල අඟල් 6 කි. ඒ පස සරුකරන ක්‌ෂුද්‍ර ජීවීන් සිටින පස්‌ තට්‌ටුව පෙරළා ගැනීමටය. නමුත් යටත් විජිත යුගයේ දී සිට එංගලන්තයෙන් ආනයනය කළ අඟල් 9 යේ උදළු තලය නිසා ක්‌ෂුද්‍ර ජීවීන් සහිත පස්‌තට්‌ටුවද කපාගෙන තවත් අගල් 3 ක්‌ යටින් ඇති නිසරු පස්‌ තට්‌ටුවක්‌ පෙරළා ගනී. නඟුලටද මේ විපත සිදුවූයේ ලැන්ඩ්මාස්‌ටරය නිසාය. මෙහි ප්‍රතිඵලය වූයේ පොහොර දැමිය යුතු වීමයි.' (තිලක්‌ කන්දෙපොල, සොබාදහම් ගොවිපල,)
 
agri2මේ අනුව පොහොර යෙදීමෙන් සිදුවන්නේ පසේ පොහොර නිපදවන ගැඬවිල් ආදී සතුන් විනාශ වී පස වගාවට සුදුසු නැති තත්ත්වයකට පත්වීමයි. මේ විනාශය තේරුම් නොගෙන වගා කිරීම කොතරම් අනුව දැයි කිව නොහැකිය. 'පොහොර මිථ්‍යාව' පිළිබඳ පැරණි වගා විධි ඇසුරින් අගනා අදහසක්‌ පැහැදිලි කරන කන්දෙපොල මහතා, 'ශාකවලට පොහොර ලැබෙන්නේ ගස මුල ඇති පස්‌වලින් යෑයි යමෙකු සිතන්නේ නම්, එය අන්ධ විශ්වාසයකි. පොහොර නිපදවීම සඳහා ශාක වල හෝමෝන උද්දීපනය වීම අතිශයින්ම වැදගත්ය. සූර්යාගේ ආලෝක වර්ණ ඒ සඳහා උපකාරීවේ.' (තිලක්‌ කන්දෙපොල, සොබාදහම් ගොවිපල, 75-76) මේ විග්‍රහය තවත් පැහැදිලි කරන්නේ නම් ගස්‌ වලට පොහොර කා වැද්දීම වෙනුවට ගසේ නිදන්ව තිබෙන ජනන ශකිති අවධි කිරීමට සංවේදක ආලෝක තත්ත්වයන් භාවිතා කළ යුතු බවයි. ශාක වර්ධනය උද්දීපනයට හේතුවන ආලෝකය පතිත වන ආකාර තුනකි.
 
 * සූර්යාගේ දෘෂ්‍ය වර්ණ
 
 * චන්ද්‍රාලෝක පරාවර්තනය
 
 * ග්‍රහලෝකවලින් ආලෝකය පරාවර්ථනය වීමෙන්
 
 ශාකවල මුල් ඇද්දවීමට උත්තේජකය වන්නේ 'දම් පැහැති ආලෝක කිරණ' වලටය. එම ආලෝක කිරණ හිරුගෙන් පරාවර්තනය වන්නේ අමාවක දිනවල දී ය. මෙම ආලෝක කිරණ ඉහලම තීව්‍රතාවයකින් යුතුව ලැබෙන අවස්‌ථා දෙකකි. ඒ. මැදින් අමාවක දිනය දා සහ බිනර අමාවක දා ය.
 
 * මැදින් අමාවක දිනය දා - යල කන්නයේ බීජ සිටුවන දිනය.
 
 * බිනර අමාවක දා - මහ කන්නයේ බීජ සිටුවන දිනය.
 
 මැදින් අමාවක දා,
 
 'සූර්යා දෙසට' පෘථීවියේ උතුරු අර්ධ ගෝලය ඇල වෙමින් පරිභ්‍රමණය වෙද්දී උදාවන පළමු අමාවක දිනය වසරේ පළමු මුල් කරුවලයි. එය 'මැදින් කළුව' ලෙස ද හැඳින්වෙයි. කට වහරේ එය කියවෙන්නේ 'ඉර උතුරට ගමන් කරත් දී එන මුල් කරුවල' ලෙස ය.
 
 බිනර අමාවක දා,
 
 'සූර්යා දෙසට' පෘථීවියේ දකුණු අර්ධ ගෝලය ඉස්‌සෙමින් පරිභ්‍රමණය වෙද්දී උදාවන පළමුව ක`ඵවර දිනය මෙන්ම 'ගස්‌වල මුල් ඇද්ද වීමේ ශක්‌තිය වැඩිම දිනය' බව දත යුතුය. එය බිනර ක`ඵවර නමින් ද ද හැදින්වෙයි. කට වහරේ එය කියවෙන්නේ 'ඉර දකුණට ගමන් කරත් දී එන මුල් කරුවල' ලෙස ය.
 
 චන්ද්‍රාලෝක පරාවර්තනය
 
 ගැමියන් මෙම ආලෝක සංවේදී බව උපකාරයෙන් වගාවේ සෑහෙන කාර්යයක්‌ කර ගෙන ඇත. මේම ආලෝක සංවේදන අවස්‌ථා 'කරන'කර නමින් හැඳින්වෙයි. කරණ බීජ රෝපණය හා සම්බන්ධ දින යන්ය. කරණ වලින් හතේ ඒකක හතරකට මාසක්‌ බෙදෙයි. සඳේ වක්‌ හැඩය නිසා පරාවර්තනය වන ආලෝක කිරණවල ඇති වෙනස්‌කම් වල බල පෑම 'රෝපිත බෝගවලින්' නිරූපණ වීම පදනම් කරගෙන සතුන් 7 ක ගේ නම් වලින් චන්ද්‍රාලෝක පරාවර්තන අවස්‌ථා හත හඳුන්වයි. කරණය හෙවත් චන්ද්‍රාලෝක පරාවර්තන අවස්‌ථා
 
 චන්ද්‍රයා නැග එන විට ජලය වැඩී එන්නට පටන් ගනී. පරිමාව වැඩිවෙයි. සඳේ ඇති මෙම ජල ආකර්ෂණ ශක්‌තිය නිසා සඳ එළිය පතිත වීම වැඩි වන පමණට ජලය ඉහලට වැඩී පසළොස්‌වක දා වන විට ළිං දිය මට්‌ටම පවා වැඩි වෙයි. මේ නිසා සඳ පසළොස්‌වක දායින් පසුව පැල සිටුවීම සුදුසු නැත්තේ ජල මට්‌ටම පහතට බැස යන්නට වන හෙයිනි. කළුවර දා නොහොත් අමාවක දා පැල සිටුවිය යුත්තේ එදා සිට සඳ වැඩෙන හැටියට ජල මට්‌ටම ඉහල යන හෙයිනි.
 
 කල්යල් බලා වගා නොකිරීමේ ප්‍රතිඵල
 
 කන්න ක්‍රමය වෙනස්‌ කිරීම නිසා ඇති වන අර්බුදය ගොවිතැනේ විනාශයට හේතු වී තිබෙයි. කන්නය ආරම්භයට පසුව වගා කළ විට,
 
 I. මෝසම් සුළඟ සහ වැස්‌ස සහිත කාලයේ පොළොව සකස්‌ කිරීම දුෂ්කර වෙයි.
 
 II. මෝසම් වැසි සමයේ පොළොව කෙටීම නිසා පසේ සාරවත් කොටස්‌ සේදී ගොස්‌ පස නිසරු වෙයි.
 
 III. බැක්‌ටීරියා මගින් පස සාරවත් කිරීම මග හැරෙයි. පොහොර අවශ්‍යවෙයි.
 
 IV. ඒ ඒ කාලවල නාභිගත වන සූර්යාගේ දෘෂ්‍ය වර්ණාවලිය මගින් ශාක වර්ධනයට කරනබල පෑම මග හැරෙයි.
 
 V. කෘමීන්ගේ ජීවන චක්‍රය මග නොහැරීම නිසා විටින් විට වගාව විවිධ පලිබෝධකයන්ට ගොදුරු වෙයි.
 
agri3ඉහත දක්‌වා ඇති සියලු ගැටළු ඇති කරන්නේ කල්යල් බලා වගා නො කිරීමෙන් ය. කල් යල් බලා වගා කිරීම ගැන පැරණි දැනුම සහ අධිතාක්‌ෂණයේ දෙමුහුන් කෘෂිකර්මයක්‌ දැන් බිහි කළ යුතුය. කන්න ක්‍රමය පෘථීවි පරිභ්‍රමණය පදනම් කරගත් ස්‌වභාවික විද්‍යාවකි. යල සහ මහ කන්න දෙකේ කාල පරාසය පහත වගුවල දැක්‌වෙයි.
 
 යල කන්නය යනු ලංකාව කෙලින් පෘථීවියේ උතුරු කොටස පහලට ඇලවෙමින් පරිභ්‍රමණය වීමට ගත වන දින 69 යයි. ඒ අප්‍රේල් 14 ජුනි 21 දක්‌වා වගා කළ හැකි පළමු දින 69 යි. (සූර්යාගේ උත්තරායනගමන)
 
 මහ කන්නය, යනු ලංකාව කෙලින් පෘථීවියේ දකුණු කොටස ඉහලට එසවෙමින් පරිභ්‍රමණය වීමට ගත වන දිව 115 යයි. ඒ සැප්. 1 වන දා සිට දෙසැ. 26 දක්‌වා වගා කළ හැකි දෙවන දින 115 යි. (සූර්යාගේ දක්‌ෂිණායනගමන මේ කාලය භෝග සිටු වීමේ සිට පීදීම දක්‌වා හොදම ආලෝක තත්වය සහිත වසරේ දෙවන කාර්තුවයි.
 
 කල්යල් බලා වගා කිරීම යනු සූර්යබලයෙන් ගොවිතැන පණ ගැන්වීමකි. එය මිනිසාගේ අවම මැදිහත්වීමකින් වගාව පවත්වාගෙන යාමට උපක්‍රම යෙදීමකි. ජෛව ගෝලයේ ස්‌වාභාවික ක්‍රියාවලියේ උපකාරයෙන් වගා කරවා ගැනීමයි. උදාහරණයක්‌ ලෙස 'මැදින් කළුව' අල්ලා යල් කන්නයට අඩු මාස්‌ වී වගා කළ විට, වෙසක්‌ මාසය වන විට කඳ වර්ධනය වී අවසන්ය. එවිට, ලංකාව මෙන් තුනෙන් දෙකක්‌ තරම් විශාල නෙදර්ලන්ත ගොවීන් සංඛ්‍යාත්මකව අඩු ය. නමුත් ගොවිබිමක්‌ විශාලය. නමුත් අපට වඩා 60 ගුණයක්‌ ආදායම් ලබයි. ඒ අපට වඩා අවාසිසහගත භූ-දේශගුණික තත්වයක සිටිමින්ය. නමුත් ඔවුන් විද්‍යාත්මකව හසුරුවන වගා ක්‍රමය අපගේ පාරම්පරික වගා මූලධර්මයයම බව කවරදාකවත් සිතුවේද
 
 ඒ මූලධර්මය කුමක්‌ද යන්න අප නොදනී. ඉන් ඉපිල එන්නේ නෙදර්ලන්තයේ අධිතාක්‌ෂණික කෘෂි විප්ලයක සහ ලංකාවේ අඳුරු ගොවි සමාජයක පැහැදිලි වෙනසයි. අපට විද්‍යාංණයේ විලාශයෙන් කා වද්දා ඇත්තේ බහුජාතික සමාගම් වලට බිලිවෙන හැටි ගැන මිස ඇත්ත වශයෙන්ම කෘෂි තාක්‌ෂණයක්‌ ගැන නම් නොවේ. අප ලැඡ්ජා විය යුත්තේ එන්ඩි කියන 'පොහොර පොළොව විසින්ම නිපදවා ගන්නා හැටි' ගැන අපගේ පරම්පරාංණයේ තිබුණක්‌ ව සිට අප අතහැර දමන ලද්දක්‌ නිසා ය. අපගේ කෘෂිවිද්‍යාව වසර ලක්‌ෂ ගණනක්‌ පුරා දිවයිනේ මුල් පදිංචිකරුවන් දියුණු කරන ලද්දක්‌ වුවද දැන් අපට උපදෙස්‌ දෙන්නේ බහුජාතික සමාගම් වලින් ය. ඒවා දෙන උපදෙස්‌ ගැන නොලියන්නේ එය විහි`ඵවක්‌ වන බැවින්ය.
 
 එන්ඩි හෙළිකළ ඒ නවතම, තාක්‌ෂණය ලංකාවේ සම්ප්‍රදායික ගොවිතැනේ මූලධර්මය වන්නේ නමුදු මේ වන විට ලංකාවේ ආණ්‌ඩු පිට ආණ්‌ඩු පෙරලන සාකච්ඡාව වන්නේ 'පොහොර සහනාධාරය' ලබා දීමයි. තමන්ගේ මුතුන් මිත්තන්ගෙන් තිළිණ වූ දැවැන්ත දැනුම් පද්ධතියක්‌ නූතණ තාක්‌ෂණයට අනුගත නොකර පොහොර සහනාධාර ගැන කතා කරන මානසික වහලුන් මේ රට විනාශයට ඇදගෙන යයි. එයින් ද නො නැවතුන වේ-නින්ජන්වරු අලෙවිය, වගාව, පර්යේෂණ අංශ එකට බද්ධ කර ඇත්තේ මෙසේ ය.
 
 'දැවැන්ත කෘෂි ව්‍යාපාරිකයන්, සාමාන්‍ය ගොවියන් සහ විශ්වවිද්‍යාල උගතුන් එකම වේදිකාවකට ගෙනවිත් අලුත් අලුත් අත්හදාබැලීම් නව තාක්‌ෂණය යොදා ගනිමින් සිදු කිරීම වේඡ්නින්ජන්හි පරිචයයි.' (ප්‍රභාෂ්වර, 2018 මැයි 16,) ලංකාවේ ගොවිතැන ගැන තීරණ ගන්නා කිසිදු වැදගත් තැනක ගොවීන් සම්බන්ධ නො වේ. අඩු තරමේ විශ්වවිද්‍යාල උගතුන් හෝ සිටින බව නො හැඟේ. ඉන්නේම කෘෂි ව්‍යාපාරිකයන් ය.
 
 මේ තත්ත්වය වෙනස්‌ කළ හැක්‌කේ මෙම කණ්‌ඩායම් තුන දේශ හිතෛශී පදනමකින් එක්‌ තැන්කර මෙහෙය වන විට දී ය. එය එසේ නොවීම නිසා ගොවිතැනේ අර්බුද නමින් වෙළඳ මගඩිවල අතුරු ප්‍රතිඵල නිකුත් කරයි. ලංකාව තව තවත් රසායනික දේ හඹායත් දී අධිතාක්‌ෂණික කෘෂි විද්‍යාව දැන් සැරසෙන්නේ ඒවා සහමුලින්ම තුරන් කළ වගා විධියක්‌ සකස්‌ කර ගැනීමටය. ඒ සඳහා ගොවීන් ද සම්බන්ධ වූ අති නවීන පර්යේෂණ ආයතන පිහිටුවීමට අප කිසිත් කල්පනා කර නැත. හැමෝම අවසාන විග්‍රහයේ දී පොහොර සමාගම් කියවීමට පුරුදු කළ එකම කතාවක්‌ පුනරුච්චාරණය කරයි. නමුත්,
 
 '2000 වසරේ සිට මේ දක්‌වා වන කාලය තුළ නෙදර්ලන්ත ගොවීහු, අධිතාක්‌ෂණය ඔස්‌සේ තම වගාවන්ට අවශ්‍ය වූ ජල ප්‍රමාණය 90%කින් අඩු කිරීමට සමත් වූහ. නෙදර්ලන්ත හරිතාගාර තුළ වවන කිසිදු වගාවක්‌ සඳහා ඔවුහු රසායනික කෘමිනාශක භාවිත නොකරති. සත්ව පාලනයේදී පවා ප්‍රතිජීවක ඖෂධ භාවිතය 60%කින් පහත දැමීමට ඔවුහු ක්‍රියා කළහ. අදහාගත නොහැකි මේ දැවැන්ත කෘෂි සංවර්ධනය පිටුපස තිබෙන යෝධ ශක්‌තිය, ඇම්ස්‌ටර්ඩෑම් නුවර සිට සැතපුම් පනහක දුරින් පිහිටි වේ-නින්ජන් පර්යේෂණ සරසවියයි.' (ප්‍රභාෂ්වර, 2018 මැයි 16,) මේ නිසා නෙදර්ලන්තයේ නව කෘෂි විප්ලවය අපගේ වැනි රටකට තේරුම් ගත නො හැකි ය. අප සෑහෙන පමණකට පාලනය වන්නේ බහුජාතික සමාගම් වලින් දියත් කළ වගා සැලසුමකින් ය. එය අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාස ධාරාව පවා අප කෙරෙන් බිඳවා දැමීමට සමත් වීය. පොහොර කිසිත් නැතිව අප ආසියාවේ සශ්‍රීක - සෞභාග්‍යවත් ආර්ථීකයක්‌ ගොඩනැංවීමට සමත් වූ බව සිහිකර ඒ ක්‍රමය පිළිබඳ සිතමෙහෙය වීමට අසමත් වූයේ ඇයි? ඒ අප ගිල්වා තැබූ වහල් භාවයේ මහිමය නොවේද ?

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles