Divaina - ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ ආරම්භය හා විකාශය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
  museum
 ටී. ඩී. සී. එම්. ධර්මරත්න
 මධ්‍යම සංස්‌කෘතික අරමුදල
 
 
මිනිසා හා ඔහු අයත් පරිසරයේ වූ ස්‌පර්ෂිත හා අස්‌පර්ෂිත උරුමයන් හඳුනාගෙන සංරක්‌ෂණය කර මහජනයා වෙත ප්‍රදර්ශනය කරන්නා වූ සමාජයේ සේවයට හා දියුණුවට පවත්වාගෙන යන ලාබ නොලබන ස්‌ථිර ආයතනයක්‌ ලෙස කෞතුකාගාර පෙන්වාදිය හැකිය. මෙසේ ජාත්‍යන්තරයම පිළිගත් කෞතුකාගාර නම් පුරාවිද්‍යාත්මක, කලාත්මක, විද්‍යාත්මක යනාදී වශයෙන් සෑම අංශයකටම සුවිශේෂී වූ ද්‍රව්‍යාත්මක සාධකයන් මහජනයාට දැකබලා ගැනීම සඳහා තැම්පත් කර ඇති ආයතනයක්‌ ලංකාවේ පිහිටුවනු ලැබුවේ 1877 ජනවාරි 01 වැනිදායි.
 
 නමුදු ඊට පෙර පටන්ම භාණ්‌ඩ එක්‌රැස්‌ කිරීම් හා තැම්පත් කර තැබීමේ ක්‍රමවේදයන් පැවති බව අතීත මානව සංස්‌කෘතිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හඳුනාගත හැකිය. ඔවුන් විසින් මෙකී එක්‌රැස්‌ කිරීම් ආගමික හෝ සංස්‌කෘතිකමය අදහසකින් සිදුකරනු නොලැබීය. නමුදු එය අතීත මානව සංස්‌කෘතික ලක්‌ෂණ වර්තමානයේදී මතුකර පෙන්වීමටත් ඒවා තහවුරු කර ගැනීමටත් වූ හොඳම සාධකය ලෙස පෙන්වාදිය හැකිය. අතීත මානවයන් ජීවත්ව සිටි සමයේදී එක්‌රැස්‌ කර භාවිත කරන ලද දෑ ඔහු මිය ගිය විට එකී සිරුරු අසල තැම්පත් කිරීම අතීතයේ පැවති එක්‌ අවමංගල්‍යය චාරිත්‍රයක්‌ බව ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් හමු වූ සාධක මගින් තහවුරු කරගත හැකිය. එමගින් ආභරණ, ආයුධ, ඇතුළු වෙනත් උපකරණ රැසක්‌ හමු වී තිබේ.
 
 මෙයට කදිම නිදසුනක්‌ වශයෙන් ඉබ්බන්කටුව සුසාන පෙන්වා දිය හැකිය. මෙම සුසාන ආශ්‍රිතව විවිධ වූ ආභරණ ඇතුළු පුරාකෘති රැසක්‌ හඳුනාගැනීමට හැකි වී ඇති අතර වර්තමානයේදී මෙයින් ආභරණයක්‌ (ගෙළ පළඳනාවක්‌) කැලණිය විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ තැම්පත් කර තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ ප්‍රාග් ඵෙතිහාසික මානවයන් පවා මෙලෙස යම් යම් දේවල් ඒකරාශි කොට තැම්පත් කර තැබීමට රුචිකත්වයක්‌ දැක්‌වූ බවයි.
 
museum2ක්‍රි.පූ.03 වන සියවසේදී බුදුදහම පැමිණීමත් ලාංකේය සමාජයේ නව පිබිදීමක්‌ වූ අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බෞද්ධාගමික මධ්‍යස්‌ථාන ආරම්භවීමත් ඒවායේ වටිනා කෞතුක භාණ්‌ඩ ඒකරාශීවීමත් සිදු විය. ලංකාවේ පැරණිම ඵෙතිහාසික භාණ්‌ඩ එක්‌රැස්‌ කිරීම හා ප්‍රදර්ශනය ක්‍රි.පූ.03 වන සියවසට අයත් බව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‌ෂ සිරිනිමල් ලක්‌දුසිංහ මහතාගේ අදහසයි. එනම් දේවානම්පියතිස්‌ස රජු සමයේ (ක්‍රි.පූ.250-210) සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන ආ නැවේ කොටස්‌ එනම් නැවේ කුඹයටිය, පළුපත හා කෙනිපාතය යන කොටස්‌ තුන අනුරාධපුර නගරයේ විශේෂ මන්දිර තුනක තැම්පත් කිරීමය. එය මහාවංසයේ මෙසේ සඳහන් වේ.
 
 චූලඞගන,මහඞගන,සිරිවඩ්ඪ යයි මන්දිර තුනක්‌ ප්‍රමුඛකොට ඇත්තා වූ මන්දිර දොළසක්‌ නරෙන්ද්‍රතම කරවූයේය. ඒ මන්දිරයන් අතුරෙන් එක්‌ මහමැඳුරක්‌හි මහ බෝධිය වැඩි නැව හා කුඹයටිය පිහිට වූයේය. එක්‌ ගෙයෙක්‌හි පළුපත තැබ්බවූයේය. එකෙක කෙනිපාතය තැබූයේය. එයින් මන්දිරයෝ ප්‍රකට වූයේය. (ධම්මරුචිකාදී)අන්‍ය නිකාය වූ කල්හිදු ඒ ගෙවල් දොළසම හත්ථාල්හක විහාරවාසී මෙහෙණින් වහන්සේලා විසින්ම සෑම කල් පරිභෝග කරන ලදහ. (1994 19 පරි 91 පිටුq 68,69,70 ගාථා)
 
 මහාචාර්ය ජී.පී මලලසේකර මහතා EXTENDED MAHAVAMSA නම් ග්‍රන්ථයේ සංඥාපනයේ ඉහත සඳහන් ප්‍රධාන ගොඩනැගිලි තුනේ තැම්පත් කරනු ලැබුවේ එම නැවේ කුඹගස, රුවල හා සුක්‌කානම යන කොටස්‌ තුන බව සඳහන් කොට ඇත. එය තවදුරටත් මහාවංස ටීකාවෙහි රුවල් වෙනුවට -පළුපත ආදේශ කර ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එසේම මෙකී ගොඩනැඟිලි තුන කූපායත්îත පිටාඝාර, පියත්පිටාඝාර, අරිත්ථපිටාඝාර ලෙස ද හඳුන්වා තිබේ.
 
 ශ්‍රී මේඝවර්ණ රජු සමයේ (ක්‍රි.ව. 304-332) දී මිහිඳු හිමියන්ගේ හා ඉට්‌ටිය යන හිමිවරුනගේ ප්‍රතිමා සාදා ඒවා ගෘහයන් තුළ ප්‍රදර්ශනය කළ බවට එන සඳහන ද (මහාවංසය (37,66-87) මෙහිදී සඳහන් කළ හැකිය. අතීතයේදී පවා විශේෂ අවස්‌ථාවන්වලදී ඒවා ස්‌මරණය කිරීම සඳහා භාණ්‌ඩ එක්‌ රැස්‌ කරන ලද ආකාරය 1 වන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව.1153-1186) දඩයමේ ගිය විට රජුට අනින්නට පැමිණි ගොනාගේ හිසින් ගැලවී රජුගේ පාමුල වැටුණු අං තට්‌ටු වල අකුරු ලියවා රාජ භාණ්‌ඩාගාරයේ තැම්පත් කළ බව දැක්‌වෙන සටහනින් හඳුනාගත හැකිය. (මහාවංසය( 70,40-52)
 
 ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග පැරණි සාහිත්‍ය මුලාශ්‍රයන්හිද මෙකී කෞතුකාගාර යන වචනය භාවිත කර ඇති අවස්‌ථාවන් හඳුනාගත හැකිය.
 
 ක්‍රි.ව.06 වන සියවසේදී ලියෑවුණ කාලිදාසයන්ගේ -කුමාර සම්භවය නම් කෘතියෙහි මෙසේ දක්‌වා තිබේ. එහි සප්තමඃසගර්dත්මක පුර්වංගයේ 12,94 කාව්‍යය තුළින් මෙකී කෞතුකාගාර යන වචනය දක්‌වා තිබේ.
 
 තස්‌මාත ප්‍රදෙශාච්ම විතානවන්තං - යුත්තං මහිස්‌තම්භ චතුර්ථයේන
 
 ඵතිව්‍රතාහිඃ පරිගෘහ්‍ය නිෙන්‍ය - කලුපතාසනං කෞතුකවේදී මධ්‍යම් (12)
 
 -අතවියගනංස්‌තාහින්දු මෞලිවිRජ්‍ය - èsතිධරපති කන්‍යාමාදදානඃ කරෙන
 
 කනකලශයුකත්තා භකක්‌ති ශොභාසèතාචිරචිතශය්යං කෞතුකාගාරමාගාත a" (94)
 
 මේ අනුව මෙය මංගල කටයුතු සඳහා යොදාගත් වේදිකාව ස්‌ථානය (සයනය) ලෙස පෙන්වාදිය හැකිය.
 
 එසේම සී.දොන් බස්‌තියන් ලියූ සොයිසා චරිතයේ කෞතුකාගාර යන වචනය භාවිතා කර ඇත්තේ උත්සව අවස්‌ථා සඳහා යොදාගත් කාමරය යන්නයි. (1904(12)
 
 මෙම ප්‍රසූතිකා ගෘහය සහ සුසෙව් ද සොයිසා මුදලි මන්තිෂ්වරයානන් විසින් ගොඩ නංවන ලද කෞතුකාගාරයත් යන ගොඩනැඟිලි දෙක එකවිට ආණ්‌ඩුවට පරිත්‍යාග කිරීමේ උත්සවය ගරු ගම්භීර ලෙස පැවැත්වූ බව පෙනේ. වර්ෂ 1879 දෙසැම්බර් 9 දින රෑ කාලයේ මෙකී සංගීතෝත්සවය කෞතුකාගාර ශාලාවේ පවත්වා තිබේ. උත්සව වේලාව ආසන්න වූයේ ලංකාණ්‌ඩුකාර සර් රොබට්‌ ලන්ඩන් උතුමාණන් වහන්සේ සහ රජ පිරිස සැරසීමෙන් දිව්‍ය විමානයක සිරි සිළු කෞතුකාගාරයට සම්ප්‍රාප්ත වූහ.
 
 කාව්‍යශේකරයේ 6 සර්ගයේ 25 වන ගීයේ සඳහන් කෞතුකය යන වචනයෙන් අදහස්‌ වන්නේ මනාලියගේ විවාහයට පෙර විෂ්ණු දෙවියන් සිහිකොට පොටවල් නවයකින් අඹරා බඳින මඟුල් හුයයි" යන්න රංජිත් හේවගේ මහතා පෙන්වා දී තිබේ.
 
museum3මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස්‌ ලෙස කටයුතු කළ කාලයේ ලියූ පරිපාලන වාර්තාවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කෞතුකාගාර පිහිටු වු අතර ඒවා හඳුන්වා ඇත්තේ කටුගේ හා පුරාවිදු භවන ආදී නම් වලිනි. කෞතුකාගාරය යන්නට කටුගේ යන නම ව්‍යවහාර කොට ඇත්තේ කොළඹ කෞතුකාගාරය ආරම්භයේ දී විවිධ ඇටකටු ගොඩකින් පිරී තිබූ නිසා එය නරඹන්නට පැමිණි ජනයා විසිනි. කෞතුක යන්න කතු" ලෙසත් පසුව එය කටු ලෙසත් ව්‍යවහාරයට පත් වූ බව තවත් අදහසකි. කෙසේ වෙතත් කෞතුකාගාරය කෞතුක භාණ්‌ඩ ගබඩාවක්‌ ලෙස යොදාගෙන ඇත්තේ ශ්‍රීමත් ග්‍රෙගරි ආණ්‌ඩුකාරවරයා විසින් කොළඹ කෞතුකාගාරය පිහිටුවීමත් සමග යයි පෙන්වාදිය හැකිය. එය 1877 දී පිහිට වු අතර ලංකාවේ ප්‍රථම නවීන කෞතුකාගාරය විය. අනතූරුව 1942 දී කෞතුකාගාර ආඥා පනත සම්මත කරගත් අතර එමගින් ප්‍රාදේශීය කෞතුකාගාර පිහිටු වීමට අවශ්‍යය නීතිමය ඉඩ ප්‍රස්‌තාව ලබාගෙන තිබේ. ඒ අනුව කෞතුකාගාර දෙපාර්තමේන්තුවක්‌ බිහි වූ අතර 1942 කෞතුකාගාර ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ මහනුවර ජාතික කෞතුකාගාරය පිහිටුවිය. 1943 දී යාපනය ප්‍රාදේශීය කෞතුකාගාරය ද 1945 දී රත්නපුර ප්‍රාදේශීය කෞතුකාගාරය හා 1970 දී අනුරාධපුර ප්‍රාදේශීය කෞතුකාගාරය ආදී වශයෙන් දිවයිනේ පළාත් රාශියක ප්‍රාදේශීය කෞතුකාගාර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවන ලදි. එසේම මීට අමතරව පාසල් විද්‍යා කෞතුකාගාර හා ජංගම කෞතුකාගාර පිහිටුවීම ද මෙමගින් සිදු කර තිබේ. මෙලෙස ලංකාවේ කෞතුකාගාර පිහිටුවීමේ පුරෝගාමීත්වය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට හිමිවන අතර එය මෙරට කෞතුකාගාර ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්‌ථානයකි. පුරාවිද්‍යාත්මක කටයුතු මගින් හමුවන භාණ්‌ඩවල ආරක්‌ෂාව තහවුරු කිරීම සඳහා වටිනා භාණ්‌ඩ මහජනයාට නැරඹීමට හා පර්යේෂණ පැවැත්වීමට අවස්‌ථාව ලබාදීම කෞතුකාගාර පිහිටුවීම කෙරෙහි බලපෑ ප්‍රධානතම කරුණු වූ බව දක්‌වා තිබේ. මේ අනුව ප්‍රථම පුරාවිද්‍යා කෞතුකාගාරය අනුරාධපුරයේ පිහිටුවීය. මින් අනතුරුව ලංකාවේ පුරාවිද්‍යා වැඩබිම්වලින් ලැබෙන භාණ්‌ඩ තැම්පත් කිරීමට පුරාවිද්‍යා කෞතුකාගාර සාදා තිබේ. ඒ අනුව දැදිගම, පොලොන්නරුව ආදි වශයෙන් කෞතුකාගාර විස්‌සකට ආසන්න ප්‍රමාණයක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කර ඇති අතර රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, ආයතන, ආගමික මධ්‍යස්‌ථාන හා පෞද්ගලික වශයෙන් විවිධාකාර කෞතුකාගාර හා භාණ්‌ඩ එකතූන් සියයකට අධික ප්‍රමාණයක්‌ වර්තමානය වන විට ක්‍රියාත්මක වේ.
 
 මෙලෙස බිහි වූ කෞතුකාගාර සංකල්පය තුළ හඳුනාගත හැකි ප්‍රධාන ලක්‌ෂණ හතරක්‌ වේ. එනම්
 
 * ප්‍රදර්ශනයට තබා ඇති භාණ්‌ඩ එකතු අධ්‍යයනය කිරීමෙන් බුද්ධිමය වර්ධනයක්‌ ඇතිවිය යුතු බව
 
 * භාණ්‌ඩ එකතු පිළිගත් වර්ගීකරණ ක්‍රමයක්‌ අනුව පෙළගැස්‌විය යුතු බව
 
 * කිසිදු පුද්ගලයකු විසින් පෞද්ගලිකව එම භාණ්‌ඩ අයිති කර නොගත යුතු බව හා පොදු වශයෙන් භාවිතා කළ යුතු බව
 
 * මහජනයාට එම භාණ්‌ඩ පහසුවෙන් දැකබලා ගැනීමට හැකි පරිදි ගබඩා කිරීම යනාදියයි.
 
 20 වන ශතවර්ශයේ දී එනම් කෞතුකාගාර සංකල්පය ආරම්භ වී අවු. 300 කට පමණ ආසන්න කාලයේදී එහි පරිණාමය පිළිබඳව අවධානය යොමු කර අවධි කිහිපයකට බෙදා තිබේ.
 
 * මුල් අවධිය - උගතුන්ගේ, චින්තකයන්ගේ, ඉතිහාසඥයන්ගේ හා විද්‍යාඥයන්ගේ ප්‍රයෝජනය සඳහා සකස්‌ වූ භාණ්‌ඩ එකතු ගබඩාවක්‌ වීම
 
 * දෙවනි අවධිය - තෝරාගත් භාණ්‌ඩ මහජනයාට ඉදිරිපත් කිරීම
 
 * තෙවන අවධිය - නරඹන්නන්ගේ අධ්‍යාපනය වර්ධනයට ඉවහල් වන පරිදි කෞතුක භාණ්‌ඩ ප්‍රදර්ශනය හා දේa අධ්‍යාපනය වර්ධනයට ඉවහල් වන පරිදි කෞතුක භාණ්‌ඩ ප්‍රදර්ශනය හා දේශන, ප්‍රකාශන ඉදිරිපත් කිරීම
 
 * නූතන අවධිය - සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යය වූත් ඉතා සමීප වූත් ආයතනයක්‌ ලෙස ක්‍රියා කිරීම
 
 මේ ආදී වශයෙන් ප්‍රාග් ඵෙතිහාසික යුගයේ පටන් අනුක්‍රමයෙන් යුරෝපීය රටවල් වලත් එතැනින් පෙරදිග රටවල් වලත් ව්‍යාප්ත වී ඇති කෞතුකාගාර සංකල්පය වූ කලී සෑම සමාජයකම සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වන හොඳම සාධකය වශයෙන් අර්ථ දැක්‌විය හැකිය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles