Divaina - ලෝකයේ පෙණහැල්ලට ගිනි ඇවිලුණු හැටි - කාටුන් කියෑවීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 cart1 1
 
 
 රුවන් තරස්‌වින්
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
ඇමසන් වැසි වනාන්තරය (Amazan Rain Forest) මේ දිනවල ලෝකයේ විශාල අවධානයක්‌ දිනාගෙන ඇත්තේ බ්‍රසීලය හා බොලීවියාවට අයත් වනාන්තර ප්‍රදේශ මේ වසරේදී විශාල ලැව්ගිනි සංඛ්‍යාවක්‌ සමග පොර බදිමින් සිටින නිසාය.
 
 වර්ග සැතපුම් 2,100,00 (වර්ග කිලෝමීටර් 5,500,00) තරම් විශාල මෙම ඇමසන් වැසි වනාන්තරය බ්‍රසීලය, පේරු, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්‌වදොaරය, බොලිවියාව, ගයනා, සූරිනම් හා ප්‍රංශ ගයනා (ප්‍රංශ ගයනාව ප්‍රංශයට අයත්ය) යන රටවල්වලට මායිම්ව පිහිටා ඇති අතර වනාන්තරයේ වැඩිම උරුමය ඇත්තේ බ්‍රසීලයටය. මෙම වනය මැදින් ගලා බසිනා ඇමසන් ගඟ සැතපුම් 4000 (කි. මී. 6400) දිගය. ඇම සන් ගඟ කොලොම්බියාව, බ්‍රසීලය හරහා ඇමසන් වනය තුළින් ගලාවිත් අත්ලාන්තික්‌ සාගරයට වැටේ. මාරන්, නැපෝ, ජපුරා, කැකෙටේ, රියෝනෙග්‍රෝ, ගනියා, පුටුවායෝ, ට්‍රොම්බෙටාස්‌, උකයාලි, ජාවාරි, ජුරුස්‌, පූරාස්‌, වැඩෙයිරා, ටපාජස්‌, ෂින්ගු යන විශාල අතු ගංගා රාශියකින් ද තවත් කුඩා ගංගා රාශියකින්ද ඇමසන් ගංගාව පෝෂණය වී ඇත.
 
 මෙම ඇමසන් වනය තුළ තනි ගස්‌ බිලියන 300 ක්‌ ඇති අතර විශේෂ වර්ග 16,000 කට බෙදා ඇත. ඇමසන් වැසි වනාන්තරය පොහොර කරන දූවිලිවලින් 56% කට වඩා පැමිණෙන්නේ අප්‍රිකාවේ සහරා කාන්තාරයේ උතුරු චැඩ්හි බොඩෙල් අවපාතයෙනි. දූවිලිවල පොස්‌පරස්‌ අඩුවන අතර එය ශාක වර්ධනයට වැදගත් වේ. වර්ෂා සහ ගංවතුර මගින් ඇමසන් පසෙහි වාර්ෂිකව සෝදා හරින ලද පොස්‌පරස්‌ ප්‍රමාණය වාර්ෂිකව සුළඟ සමඟ පැමිණෙන දූවිලි මගින් ප්‍රතිස්‌ථාපනය වේ. සහරාවේ සිට දූවිලි ටොන් මිලියන 182 ක්‌ සැතපුම් 1600 ක දුරක සිට මෙයට පැමිණේ. ඇමසන් වන කලාපයේ මිලියන 5 ක පමණ ජන සංඛ්‍යාවක්‌ වාසය කරයි. වනය ඇතුළත හඳුනාගත් හා තවම හඳුනා නොගත් ජන සමූහයක්‌ ද ඇති බවට මානව විද්‍යාඥයෝ අනුමාන කරති. වනයේ කෘමීන් මිලියන 2.5 ක්‌ ද, වර්ග 2000 ක පක්‍ෂීන් ද වර්ග 2200 ක මත්ස්‍යයන් ද, ක්‍ෂිරපායී සතුන් වර්ග 427 ක්‌ ද, උභය ජීවීන් වර්ග 426 ක්‌ ද උරග වර්ග 378 ක්‌ ද ජීවත් වෙති.
 
 ඇමසන් ගින්න
 
 2019 ජනවාරි මාසයේ සිට කෘෂිකාර්මික කටයුතු සඳහා වනාන්තරයේ ගස්‌ කපා විනාශ කිරීම හා අසාමාන්‍ය ලෙස වියළි කාලගුණය හා දේශගුණික විපර්යාසයන්හි බලපෑම් හේතුවෙන් ඇමසන් වනය අසාමාන්‍ය ලෙස ගිනි ගැනීම් මාලාවකට යට විය. ජුලි හා අගෝස්‌තු මාසවල පැවැති අධික උෂ්ණත්වයද මෙයට හේතුවිය. පරිසරවේදීන් චෝදනා නගන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා, දැව කැපීමටත්, පතල් කැණීම් සඳහා පශු සම්පත් දියුණු කිරීමට, විශාල ගවපට්‌ටි ඇති කිරීම හා විශාල තණබිම් පිහිටුවීමට හිතා මතාම ඇමසන් වනය හෙළිපෙහෙළි කරන බව.
 
 එම නිසා මේවා ස්‌වභාවික ලැව්ගිනි ගැනීම් නොව හිතාමතාම වනය විනාශ කිරීමට ඉඩම් අල්ලා ගැනීමට කරන ක්‍රියාවක්‌ බවය. එහෙත් බ්‍රසීල ජනපති ලෙස 2019 ජනවාරි 1 දින පත්වූ ෙ-ර් බොල්සොනාරෝ (Jair Bolsonaro) මෙම චෝදනාවන් ප්‍රතික්‍ෂේප කරයි.
 
 මේ අතර ඇමසන් ලැව්ගිනි මැඬ පැවැත්වීමට ජී 7 සමුළුවේදී තීරණයක්‌ ගත් අතර මේ සඳහා ඩොලර් මිලියන 22 ක මුදලක්‌ ප්‍රදානය කිරීමට යෝජනා සම්මත වූ නමුත් බ්‍රසීල රජය එය ප්‍රතික්‍ෂේප කළේය. වාර්තාගත වූ ගිනි දැල් මැඬ පැවැත්වීමට අරමුදල් වහාම මුදා හරින බවත් ගිනි නිවන ගුවන් යානා සපයාදිය හැකි බවත් "අපේ නිවස දැන් ගිනිගන්නවා' යෑයි කියමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් නිවේදනය කළේය. (ඇමසන් වනය ආසන්නයේම ඇති ප්‍රංශ ගයනාව අයත් වන්නේ ප්‍රංශයටයි) කැනඩාව ද ඩොලර් මිලියන 9 ක්‌ ලබාදීම බ්‍රසීලයේ පරිසර අමාත්‍යවරයා මුලින් පිළිගෙන තිබුණි. ලොව බොහෝ රටවල් පෘථිවියේ විශාලම හරිතාගාර වායු බේසම නොහොත් පෘථිවියේ පෙණහැල්ල ලෙස හඳුන්වන ඇමසන් වනය බේරා ගැනීමට සහාය දැක්‌වීමට කැමැත්ත පළ කර ඇත. හොලිවුඩ් සිනමා නළු ලෙනාඩ් ඩික්‍රැපිනෝ ගේ සහාය ඇතිව ඔහුගේ නව පාරිසරික පදනමක්‌ වූ 'අර්ත්a එලායන්ස්‌' මගින් ඇමේසන් රැක ගැනීමට ඩොලර් මිලියන 5 ක්‌ ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.
 
 මේ අතර බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ සිය ඇමැතිවරුන් හමුවීමෙන් පසුව නැවතත් ප්‍රකාශ කළේ තම රජය අපකීර්තියට පත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන විසින් ගින්න ආරම්භ කර ඇති බවය. මෙය ඩබ්ලිව්. ඩබ්ලිව්. එµa. බ්‍රසීල් ගී්‍රන්පීස්‌ හා බ්‍රසීලියානු පාරිසරික ආරක්‍ෂණ ආයතනය වැනි සංවිධාන ප්‍රතික්‍ෂේaප කරයි. බොල්සෙනාරෝ කියා සිටින්නේ බටහිර රටවල් තම රටේ ස්‌වභාවික සම්පත්වලට ප්‍රවේශයක්‌ ලබා ගැනීමට උත්සාහ කරන බවය. ප්‍රංශ ජනපති මැක්‍රෝන් කියා සිටින්නේ ඇමසන් යනු බ්‍රසිSලයට පමණක්‌ අයත් දෙයක්‌ නොව එය ලෝක ප්‍රශ්නයක්‌ බවය.
 
 මේ අතර ගින්න මැඬ පැවැත්වීම සඳහා සොල්දාදුවන් 44,000 ක්‌ යොදවන බව බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර මේ වනවිටත් මිල්ටරි ගුවන් යානා ඇමසන්හි රොන්ඩොනියාවේ ගිනි ගන්නා ප්‍රදේශවලට ගුවනින් ජලය ඉසීමට පටන් ගෙන ඇත.
 
 ඇමසන් වනය මැද ඇතිවූ ලැව්ගිනි ප්‍රථමවරට සොයාගනු ලැබුවේ බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (Instituto Naccional de pesquisas Espaciais - INPE) විසින් 2019 ජූලි මාසයේදීය. 2019 අගෝස්‌තු මාසයේදී නාසා ආයතනය INPE සොයා ගැනීම් තහවුරු කළේ චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේය. 2019 අගෝස්‌තු වනවිට වනාන්තරය පුරා ගිනි ගැනීම් 80,000 ක්‌ INPE වාර්තාකර තිබිණි. බොලිවියා, පැරගුවේ, පේරු යන රටවලට මායිම් වූ ඇමසන් වනයෙන් ගිනිගැනීම් 900 ක්‌ 2019 අගෝස්‌තු 29 වනවිට වාර්තා වූ අතර ඒවා හෙක්‌ටයාර් 900 කට අධික විය. තෙත් සමයේදී නොවැම්බර් සිට ජූලි දක්‌වා ඇමසන් වනයේ ඇති ගස්‌ මුලින්ම ගලවා ඇදගෙන යැමෙන් පසුව විශාල ජෛව ස්‌කන්ධයක්‌ ඉවත් වේ. ඉන්පසු මාස කිහිපයකට පසු වියළි කාලගුණය ජූලි සිට ඔක්‌තෝබර් දක්‌වාය. අගෝස්‌තු මාසයේදී ගිනි ගැනීම් බහුලව දක්‌නට ලැබේ. සමහර අවස්‌ථාවලදී මෙම ගිනි ගැනීම් නුපුහුණු කම්කරුවන්ගේ නොදැනුවත්කම් නිසාද ඇතිවිය හැකිය. එම නිසා ඇමසන් වනයේ මේ ලැව් ගිනි ස්‌වාභාවිකවම ඇතිවූ ලැව්ගිනිය කියා කිසිවකුටවත් ඇඟ බේරාගෙන එයින් ගැලවීමට නොහැකිය. ඇමසන් වනයේ වන විනාශයට එරෙහිව නීති හා පාරිසරික බලාත්මක කිරීම් ඇති නමුත් මේවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර ගස්‌ කැපීමද ඉඩම් අත්පත් කර ගැනීම ද නීති විරෝධීව සිදුවේ. මේවා 1960 වර්ෂයේ සිටම ක්‍රියාත්මක වූ දේවල් ය.
 
 මෙම ඇමසන් කලාපය දැන් ලොව විශාල වශයෙන් ගවයන් ඇති කරන භූමියක්‌ බවට පත්වී හමාරය. 1970 න් පසු වන විනාශය ඉතා දරුණු ලෙස සිදුවූ අතර විනාශ වූ භූමියෙන් 90% ක්‌ පශු සම්පත් තණ බිම් සඳහා යොදා ගනී. 2019 ජූලි මස වනවිට ඇමසන් වනයේ වර්ග සැතපුම් 519 (ව. කි. මී. 1345 ක්‌) ගින්නෙන් විනාශ වී ඇති අතර මේ මස මුලදී තවත් ගිනි ගැනීම් 13000 ක්‌ වාර්තා විය .
 
 බොලීවියාව විසින් දින 60 ක කාලයක්‌ තුළ බ්‍රසීලයේ ගිනි තැබීම් තහනම් කරන නියෝaගයකට අත්සන් කළේaය. එහෙත් නීති විරෝධී ගිනි තැබීම්වලට මෙය බල නොපායි. මෙම ගිනි නිසා බ්‍රසීලයේ ආදිවාසී ගෝත්‍රික ජනතාව 300,000 කට අධික පිරිසක්‌ අවතැන්වී ඇත.
 
 ඇමසන් වනාන්තර විනාශයට බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ අනුබල දී ඇති බවට ද කතාවක්‌ පවතී. ඔහු මුලදී දෙගිඩියාවෙන් සිටි අතර ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජාත්‍යන්තර ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් සිටි නමුත් ලොව විවිධ රටවලින් පැමිණි පීඩන නිසා ඔහුට වෙනස්‌වීමට සිදුවිය.
 
 ලෝකයේ ජීවීන්ට අවශ්‍ය ඔක්‌සිජන් වායුවෙන් 20% ක්‌ පමණ සපයන මේ ඇමසන් වැසි වනාන්තරයේ විනාශය පිළිබඳව ලොව පුරා සිටින කාටූන් ශිල්පීන්ගේ ද දැඩි අවධානය ලැබෙමින් පවතින අතර ඒa පිළිබඳව නිර්මාණය කරන ලද කාටූන් කිහිපයකි මේ.
 

cart11. එම්. රිෆායි (M. Rifai) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙන්නේ බ්‍රසීලයේ අගනගරය වූ රියෝද ජැනයිරෝ හි කඳු මුදුනක ගොඩනගා ඇති ලෝක ප්‍රසිද්ධ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ ප්‍රතිමාව ඇමසන් ගින්න නිසා වැළපෙන ආකාරයයි.
 

cart22. ශැරොන් මර්ඩොක්‌ (Sharon Murdoch) ගේ කාටූනය නම් කර ඇත්තේ "ලෝකයේ පෙනහළු" (The Lungs of the World) යන නමිනි. කාටූනයේ දැක්‌වෙන්නේ ලෝකය නමැති මිනිසාගේ පෙණහැල්ල ගිනි ගන්නා ආකාරයයි. මෙහි පෙණහැල්ල ගසක මුල් වගේ ඇඳ ඇත. ගස ගිනි ගනී. එම ගින්න පෙණහැල්ල දක්‌වා ගමන් ගනී. ගිනි තැබූ තැනැත්තා පලා යයි. ඔහු ගිනි තබා ඇත්තේ ඩොලරයෙන් බව පෙනේ. එසේ නම් මෙය ඩොලර් ලබා ගැනීම සඳහා කරන ලද විනාශයක්‌ බව කාටූන් ශිල්පියා පවසයි.
 

cart33. ඩේව් ග්‍රාන්ලුන්ඩ් (Dave Granlund) ගේ කාටූනයේ ඇමසන් වැසි වනාන්තර (Amazon Rain Forest) ගිනි ගන්නා බව පෙන්වාදී ඇත. කපන ලද ගස්‌ මුලක්‌ මත වාඩිවී බ්‍රසීලය (Brazil) නමැති මිනිසා වනාන්තර ගින්න මගින් ආහාර පුළුස්‌සමින් සිටින ආකාරය පෙන්වයි. මෙපමණ වන විනාශයක්‌ සිදුව තිබියදීත් බ්‍රසීලය ඒ පිළිබඳව කිසිදු කනගාටුවක්‌ නොමැති බවත් ඔවුන් වන විනාශය උදර පෝෂණය සඳහා යොදා ගනිමින් සිටින බව කාටූන් ශිල්පියා පවසයි.
 

cart44. ස්‌ටෙෙµaන් පෙරී (Stephane Perey) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ඇමසන් වනයේ ජීවත් වූ ස්‌වදේශික ගෝත්‍රික මිනිසෙක්‌ ගසකට තබා ඇණ ගසා ඉන්පසු ගිනි පන්දමකින් එම ගසට ගිනි තබන වනසංරක්‍ෂණ නිලධාරියකුගේ ඇඳුමක්‌ ඇඳ සිටින බ්‍රසීල ජනපති බොල්සොනාරෝ ය.
 

cart55. ආකේඩියෝගේ (Arcadio) කාටූනයේ විශාල ගසක්‌ ලැව් ගින්නකට මැදිවී ඇත. ගසේ සමහරක්‌ කොළ ගින්නට හසුවී විනාශ වී ඇත. ඉතිරි වී ඇති කොළ ලෝකයේ මහාද්වීප පෙන්වාදී ඇත. මෙම ඇමසන් ගින්න ලෝකටයම බලපාන බව කාටූනයේ අර්ථයයි.
 

cart66. ඩෝආ එලාඩ්ල් (Doaa Eladl) ගේ කාටූනයේ පෙන්වාදී ඇත්තේ අතක සිරකරගෙන ඇති ඩොලරය නම් ලයිටරය දල්වන ආකාරයයි. එහි ගිනි දැල්ල ඇමසන් වනයේ ගිනි ගන්නා ගසක්‌ මෙන් පෙන්වාදී ඇත. මේ ගින්නට හේතුව ඩොලරය අත්පත් කර ගැනීමට ගස්‌ විනාශ කරන බවය. එයයි කාටූනයේ අදහස.
 

cart77. මයික්‌ ලුකොවිච්ගේ (Mike Luckovich) කාටූනයේ එක්‌ කොටුවක ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශයක්‌ සඳහන් කර ඇත. ඔහු කියනවා... "මම දන්නවා ඇමසන් වැසි වනාන්තරයේ ගින්න නිවා දමන්නේ කෙසේද කියා" I know How to put out the Fires in the Amazon Rain Forest) දෙවැනි කොටුවේ දැක්‌වෙන්නේ ට්‍රම්ප්ගේ අදහස අනුව ගින්නනිවන ආකාරයයි. මහ වනය ගිනි ගනී. එයට ට්‍රම්ප් පරමාණු බෝම්බයක්‌ අතහරියි. වනය තුළ බෝම්බය පුපුරා යයි. මුළු වන ප්‍රදේශයම විනාශ වෙයි. එවිට ගින්න නිවී යයි. මොකද වනයේ ගස්‌ විනාශ වූ විට ගිනි ගැනීමට දෙයක්‌ නොමැත. මෙයයි ට්‍රම්ප්ගේ උපාය මාර්ග උපහාසයට ලක්‌ කළ කාටූනයකි.
 

cart88. පරේෂ් (Paresh) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ඇමසන් වනාන්තරයේ ගින්නය. දැන්වීම් පුවරුවක්‌ ඇත. එහි ලියා ඇත්තේ "ඇමසන් වැසි වනාන්තරය (පෘථිවියේ පෙණහළු) (Amazan Rain Forest - Lungs of the Planet) යනුවෙනි.
 
 මේ මහා ගින්න නිවීමට බ්‍රසීලය නමැති මිනිසා සැරසෙයි. ඔහු මේ මහා ගින්න නිවීමට කුඩා ගිනි නිවන උපකරණයක්‌ භාවිතා කරයි. එය නම් කර ඇත්තේ Resources යනුවෙනි. එය යමක්‌ ඉටු කර ගැනීම සඳහා ඇති මාර්ගය හෝ උපාය යන අර්ථය දක්‌වයි. මේ බ්‍රසීලය නම් මිනිසා කියනවා..."අපි එයට එරෙහිව සටන් කිරීමට සූදානම් (We're euipped to fight it...) කියා. එය විහිළුවකි. මේ තරම් විශාල ගින්නක්‌ මෙවැනි කුඩා ගිනි නිවන උපකරණයකින් කෙසේ මැඬපවත්වන්නද? මෙම කාටූනය ඇමසන් ගින්න නිවීමට බ්‍රසීලය ගන්නා උපාය මාර්ගය හාස්‍යයට ලක්‌ කරයි.
 

cart99. අබ්දෙල්ගානි ඩහදොa (Abdelghani Dahdouh) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ලෝකයේ පෙණහැල්ල වූ ඇමසන් වනය ගිනි ගන්නා විට සිනහ මුසු මුහුනින් යුතු ලෝකය "සෙල්ෆි" ගනිමින් සිටීටීටීමය. මෙය ලෝකයේ "සෙල්ෆි" උන්aමාදය උපහාසයට ලක්‌ කළ කාටූනයකි.
 

cart1010. ඇඩම් සිග්ලිස්‌ (Adam Zyglis) තම කාටූනය නම් කර ඇත්තේ " ඇමසන් ගිනි යෂ්ටිය" (Amazon fire stick) යන නමිනි. බොලසොනාරෝ (Bolsonaro) නම් ගිනි පෙට්‌ටියක්‌ ඇත. එහි ගිනිකූරු නම් කර ඇත්තේ ප්‍රතිපත්තිය (Policy) යන නමිනි. ගිනි පෙට්‌ටියේ එක ගිනිකූරක වෙඩි බෙහෙත් අඩංගු ඔළුව බ්‍රසීල ජනපති බොලසොනාරෝගේ මුහුණ වගේය. පිටුපසින් ඇමසන් වනය ගිනි ගනී. එසේ නම් බොලසොනාරෝගේ ප්‍රතිපත්තිය නැමති ගිනිකූරුවලින් වනය ගිනිතැබීම ද? කාටූන් ශිල්පියා අසන පැනය එයයි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles