Divaina - පොරොන්දමට පමණක් ලඝු කොට ජීවිතයම වරද්දවා නොගන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
  merrage

 ජ්‍යෝතීර්වේදී
 කෝෂල මාරසිංහ

 
මා අද ආමන්ත‍්‍රණය කිරීමට බලාපොරොත්තු වන්නේ වර්තමාන ජන විඥානය තුල මුල් බැසගත් පොරොන්දම් ගැලපීම සම්බන්ධවයි. මාගේ අත්දැකීම නම් මෙය අද විට ඛේදවාචකයක්ව හමාරය. එ බැවින් අද වන බහුතරයකට සුවබර විවාහ ජීවිතයක් නොමැත. එසේම ජයටම මඟුල් කා අතේ සතේට හිඳෙනකන් වියදම් කර මාස 03 යන්නට මත්තතෙන් විවාහය බිඳ වැටුන අවස්ථා ද තමා විශ්වාස කළ ආදරවන්තයා සමඟ විවාහ වී එක ගෙදරක ජීවත් වීමට ගොස් අනේක දුක් කම්කටොළු විඳ විවාහ දිවිය අවුල් කර ගත් අයත් දරුවන් දෙතුන් දෙනකු සමඟ තනි ව ජීවිත ගතකරන අය ද එසේත් නැත්නම් විවාහ වී කෙටි කලකින් දරුණු රෝගාබාධ වැළඳී ගිලන්වීම කලත‍්‍රයාට සිදුවන හදිසි මරණ හේතුවෙන් තනිව මුළු දිවියම අඩපන වූ ගැහැණු, පිරිමි දෙපාර්ශවයෙන් අති බහුතරයක් පොරොන්දම් බලා විවාහ වූවන් නේද? යන්න හිතා බලන්න. ඔබට මතක ඇති මා මාරක සම්බන්ධ ලිපි පෙලක් ඉදිරිපත් කර ටක්කටෙම මරණය ගැන ලැබෙන ඉඟි හා මාරකය මඟහැරීම් ගැනත් කිව්වා. එසේ නම් මේ සියල්ල එකිනෙකට ඉතා සමීප සම්බන්ධයක් ඇත.
 
 තරුමඬල අපගේ අවශ්‍යතාවය වන්නේ පාඨකයන් ජ්‍යෝතීර්වේදීන් කිරීම නොව සමාජයේ මුල් බැසගත් පදනම් විරහිත ජ්‍යෝතීය මතයන් ඉවත්කර ඔබ හා මෙම ශ‍්‍රාස්තය අතර ඇති දුරස්ථභාවය අඩුකිරීමත් ජ්‍යෝතීර් විද්‍යාව සම්බන්ධයෙන් වූ නිවරැදි ක‍්‍රමවේදයන් ඔස්සේ මිනිසුන්ගේ හිස මත වූ දුක්බර කටු ඔටුනු ඉවත් කර යහපත් මත සමාජගතකර දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අවසන් වීමට ප‍්‍රථම උපරිම ඵල ලබා දීමත් මරණයෙන් පසු සුගතගාමී උප්පැත්තියක් සඳහා අවසන් උපාදානය සකස් කිරීමත් වේ.
 
 මා පාඨක ඔබට මෙසේ කියන්නම් ඔබගේ දියණියක් හෝ පුතෙකු විවාහ වීම සඳහා සියලූ පසුබිම සකස්කර ගත් පසු විවාහය සඳහා යෝජනා පැමිණි අයගේ කේන්දරය රැගෙන ජ්‍යෝතිෂය වේදියකු වෙත ගොස් පොරොන්දම් බලා වැඩි ප‍්‍රතිශතාත්මක අගයක් විද්‍යාමාන වීම හේතුවෙන් විවාහ ගිවිස ගන්නා අතර ඊට ටික කලකට පසු දෙදෙනාගෙන් එක් අයකු මිය යෑම හෝ මොනයම් හේතුවකින් විවාහය දෙදරා ගිය පසු ජ්‍යෝතිෂයට නිරන්තරයෙන් ගැරහීම් සිදුකරයි. ඒ අනුව ඔබ විසින් අනවබෝධයෙන් හා විවාහ සිදුකිරීම පොරොන්දම් ගැලපීම මත පමණක් සිදුකිරීම සුදුසු යැයි තීරණය කිරීම හා තමා වෙත ජ්‍යොතීර් ශාස්ත‍්‍රයේ සරණ පතා පැමිණි අය වෙත කරුණු පහදා නොදී නිවරැදිව තමාවෙත සිද්ධි නොවූ ජ්‍යෝතිෂ්‍යය දැනුම භාවිතා කිරීම හේතුවෙන් කුටුම්භ ජීවිත
 
 ගණනාවක් අමාරුවේ වැටෙනු ඇත. එනම් විවාහය සිදුවු කුටුම්භය එතැනින් අවසානය ඒ සමඟම විවාහය සිදු වූ මව් දෙමාපියන්ගේ කුටුම්භ ජීවිතවල සංතෘෂ්ඨිය මෙතැනින් නිමය. කේන්දරය පරීක්ෂාකර තමන් විසින් නිවරැදිව ඉගෙන නොගත් ශාස්තරයක් තමන් හොඳින් දන්නා බව බොරුවට අ`ගවමින් සිදුකළ බලවත් පාපකර්ම දිට්ඨ ධම්මවේදනීය ලෙස පළිසන් දීමට පැමිණියොත් එම අයටද මෙම කර්මයේ අනිටු පල විපාක දීම හේතුවෙනි.
 
 මන්ද යත් විවාහ කලත‍්‍රයා මිය ගිය බිරිඳ හෝ ස්වාමියාගේ අගය අද ජන සමාජය තුළ එතරම් ඉහල මට්ටමක කේවල් නොවේ. එසේනම් අපි බලමු මෙම විවාහය නමැති සෙනෙහෙබර මල් යහනාවට ගමන්ගන්නා අන්ධකාරයෙන් පිරි මාර්ගය හා ජ්‍යෝතිෂය නම් වූ ආලෝක ධාරාව පොරොන්දමට පමණක් ලඝු කොට ජීවිතයම වරද්දවා නොගෙන ජ්‍යෝතීර්විද්‍යාවේ ඇති සිද්ධාන්තයන් ඔස්සේ මෙම ගමන් මාර්ගය තුළ නිවරැදිව ගමන් කරන්නේ කෙසේ ද යන්න මා ඔබට වටහා දෙන්නම්.
 
 විවාහය පමණක් නොව ඕනෑම ජන්ම පත‍්‍රයක් පරීක්ෂා කිරීමේ දී සිදුකරන ක‍්‍රමවේදය විවාහයටත් එසේමයි. බොහොමයක් පොරොන්දම් ගලපා ගැනීමට පැමිණ විනාඩි 10 න් 20 න් සිදුකරවා ගැනීමට නොයෙකුත් උත්සාහයන් දරයි. මෙය සුළු පටු කාර්යයක් නොවන බව සැලකළ සිටි පසු අඩුම තරමේ මහත්තයෝ දැන් මට ගැලපෙන ප‍්‍රතිශතය හරි කියන්න යන්න ඉල්ලා සිටින අවස්ථා සියයට සියයක් බව මම තරයේ විශ්වාස කරමි. ඔවුන්ගේ නොතේරුම් කම හේතුවෙන් මෙසේ සිදුකළ ද ගැලපෙන ප‍්‍රතිශතය ඔලූවේ තබා ගතහොත් සියල්ල අවසන්ය. හැබැයි යම් අවස්ථාවල පොරොන්දම් ගැලපීම් ප‍්‍රතිශතය වඩාත් ඉහළ අගයක් ලබාගත් අවස්ථා පදනම්කර ගත් විවාහ හොඳින් පවතින අවස්ථා ද ඇත. එනම් ඔවුන් පෙර ජීවිත වලදී ගිහි ජීවිතය හොඳින් ගතකර කාමයේ වරදවා නොහැසිරීම ඔවුනොවුන්ගේ යුතුකම් වගකීම් ආදිය හොදින් සිදුවීම මත යහපත් විවාහ දිවිකට එළඹීම සඳහා වූ පුණ්‍ය ශක්තිය හේතුවෙනි. එනම් පොරොන්දම් ගැලපීම හේතුවෙන් නොව ඔවුන්නොවුන්ගේ මානසික හා කායික බැඳීමයි. එසේම මෙම කේන්දර සටහන් වල මේ බව මනාව පෙන්නුම් කරණු ඇත. නමුත් අපි වඩාත් කතාකළ යුත්තේ හොඳින් පොරොන්දම් ගැලපෙන බව සඳහන් කළ අයගේ විවාහ ජීවිත අසාර්ථක තත්වයට වැටෙන්නේ කෙසේද? යන්න අද ජ්‍යෝතිෂය ශාස්ත‍්‍රයට ගැරහීමට බලාපොරොත්තු වන බොහොමයක් දෙනාගේ එක් සටන් පාඨයකි. මෙහිදී එම කරුණටත් නිවරැදි පිළිතුරක් ලැබෙන බව නොඅනුමානය.
 
 අපි බලමු මොනව ද මේ පොරොන්දම් කියලා පොරොන්දම් බැලීම යනු විවාහයට යෝජිත ස්ති‍්‍රයගේ හා පුරුෂයාගේ ජන්ම නැකත ප‍්‍රමුඛව එකී නැකතට ලැබෙන නැකත් සංඥා සමඟ ගැලපීමයි. සම්පුර්ණ ගැලපීම් සිදුකර බැලීමේ දී අනු ගැලපීමක් ලෙස යොදාගත්තාට වරදක් නොමැත. එසේ නමුත් සියල්ල මෙම පොරොන්දම් ගැලපීම මත පිහිටා තීරණය කිරීම යහපත් නොවේ.
 
 විවාහයක් සඳහා ජන්ම පත‍්‍ර පරීක්ෂාවේ දී දෙදෙනා අතර හොඳ මානසික වැටහීමක් තිබිය යුතුයි. මානසික තත්ත්වය සම්බන්ධව කාතා කිරීමේ දී සඳුගේ පිහිටීම ඉතාම යහපත් විය යුතුයි. විශේෂයෙන්ම සඳු පමණක් නොව සඳු තැන්පත් නැකත් අධිපතියා ගැනත් හොදින් පරීක්ෂා කළ යුතුයි. තවද කේන්දර සටහන් තුළ වූ සංවේදී රාශීන් එනම් මිථුන, කන්‍යා, මීන යන රාශීන් ගැනත් හොඳින් පරීක්ෂාකළ යුතුයි. දෙදෙනාගේම ජන්ම සඳු යහපත් නම් එය ඉතාම යහපත් පිහිටීමක් වේ.
 
 දෙදෙනාගේම ලග්නාධිපති ග‍්‍රහයින් දෙදෙනාත් හොඳින් පරීක්ෂා කළ යුතුයි.
 
 ලග්නාධිපති ග‍්‍රහයා තුළින් ජන්මියාගේ පෞරුෂයත් නවාංශකය තුළින් විවාහකයාගේ ස්භාවයත් විවාහයේ ශක්තිමත්භව වන කරුණු ගැනත් හොඳින් ඉ`ගිකිරීම් සිදුකරයි.
 
 ලග්නාධිපති දුර්වලයිනම් පෞරුෂය හීනය. එසේම නව වැන්නාධිපතියා හෙවත් භාග්‍යාකාරීත්වයා ගේ හැසිරීමත් හොඳින් අධීක්ෂණය කළ යුතුයි. අනිවාර්යෙන් මේ සියලූ ග‍්‍රහයින් තැන්පත් නැකත් කෙරෙහි හොඳින් නිරීක්ෂණය කළ යුතුයි. මේ අනුව හොඳ ආත්ම පෞරුෂයක් නිරවුල් මනසක් හා පුර්ව පුණ්‍යශක්තියක් හිමි අයකුගේ විවාහය අසාර්ථක විය නොහැකියි.
 
 එපමණක් නොව තවත් විශේෂ කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතුවේ. එනම් විවාහ ස්ථානය 07 වැන්න උපස්ථම්භක කර්මය ක‍්‍රියාත්මක වන භාවය. මේ සම්බන්ධව හොඳ අවබෝධයන් සිටිය යුතුයි. එනම් 07 අධිපති හා 01 අධිපති ග‍්‍රහයා 02 වැන්නේ ඇති ග‍්‍රහ සංයෝග තැන්පත් ග‍්‍රහයින් ආදියත් 07 අධිපති ලග්න නවාංශක කේන්දරවල පිහිටීම්. විවාහ කාරක සිකුරුගේ පිහිටීම දෘෂ්ඨිය තැන්පත් නැකත නවාංශක කේන්දරයේ පිහිටීම ආදිය සියලූ තොරතුරු සියල්ල ගැන අවධානය යොමු කිරීමේ දී තොරතුරු ගණනාවක් තහවුරු කරගත හැකි වේ.
 
 තවද මෙම ජන්ම පත‍්‍ර තුළ ඇති විවාහයට බලපෑම් ඇතිකරන දෝෂ ආයුබලය අකුසල් කර්ම විපාක දෙන අවධීන් නාශංශක කඩහන්දි දෝෂ ආදිය සම්බන්ධයෙන් ද හොඳින් පරීක්ෂාකර ගතයුතුයි. මේ ආකාරයෙන්ම දරුඵල ආදිය සම්බන්ධව පූර්ව අධීක්ෂණයක් සිදුකළ හැකියි. මේ අකාරයෙන් කේන්දර පරීක්ෂාකර නිවරැදි නැකැත් මාලාව ගෙන විවාහය සිදුකිරීම යහපති. එසේම විවාහය සම්බන්ධව බලවත් අයහපත් පෙන්නුම් කරයි නම් එම විපාක මගහැරයෑමේ උපක‍්‍රම ද කලයුතු වතාවත් ද මේ අකාරයෙන් මනාවට තහවුරු කරගත හැක.
 
 මෙතුළින් නිවරැදිව කිසිදා නොබිඳෙන විවාහයක් සඳහා පසුබිම සකසාගත හැක. නිවරැදිව ඔබගේ දියණියගේ, පුත‍්‍රයාගේ කේන්දර පරීක්ෂා කරවා ගන්න. විවාහ දෝෂ තුළින් නැවත හමුවෙමු.
 
 තෙරුවන් සරණයි
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles