Divaina - සජිත්ගේ රැස්‌වීමට සිරිකොතින් තහංචි.... ගෝඨාට දකුණෙන් උණුසුම් පිළිගැනීමක්‌....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

සජිත්ගේ රැස්‌වීමට සිරිකොතින් තහංචි
 
maagam135ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්‌ෂකයින් ගැන රට්‌ටුන්ද දැන් දැන් කතා කරන්නට පටන්ගෙන ඇත. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවම ප්‍රකාශයට පත්කොට නොමැති වුවද රට්‌ටුන්ට ජනාධිපතිවරණයේ උණුසුම දැනෙන්නට පටන්ගෙන තිබේ. මේවන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජ.වි.පෙ විසින් ජනාධිපතිවරණය සඳහා අපේක්‌ෂකයන් නම්කොට ඇති නිසා එහි උණුසුම වැඩිවී ඇත. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාද එජාපයෙන් ජනාධිපතිවරණ සටනට පිවිසීම සඳහා ද්වන්ද සටනක නිරතව සිටින්නේය. සජිත්ගේ පාර්ශවය විසින් මේවනවිට සියබලමුළු තරකරමින් සිටිති. සජිත් වෙනුවෙන් මෙම මස 23 වැනි දින මාතර මංගල සමරවීර ඇමැතිවරයා විසින් රැලියක්‌ සංවිධානය කොට තිබේ. එම ජනරැලිය සඳහා බස්‌රථවලින් සිය ආධාරකරුවන් රැගෙන එන ලෙස දකුණේ එජාප මන්ත්‍රීවරුන්ට මෙන්ම සංවිධායකවරුන්ට ද දන්වා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ පාර්ශවය විසින් සියලුම එජාප හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමක්‌ පැවැත්වීමට සැලසුම්කොට ඇත. එම රැස්‌වීම ඊයේ පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කොට තිබුණි. මෙකී රැස්‌වීම ගැන සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ කාර්යාලය මගින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් දැනුවත්කොට තිබුණි. මේ අතර සිරිකොත පක්‌ෂ කාර්යාලය මගින් ද එජාප හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් කතා කොට තිබේ. සිරිකොත පක්‌ෂ කාර්යාලය මගින් දන්වන රැස්‌වීම් හැර අනිකුත් රැස්‌වීම්වලට සහභාගි නොවන ලෙස හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එජාප හිටපු තරුණ මන්ත්‍රීවරයකුටද සිරිකොත පක්‌ෂ කාර්යාලය මගින් ඇමතුමක්‌ ලැබුණේය. දැන් තමයි අපිව මතක්‌වෙලා තියෙන්නේ ඡන්දයක්‌ එනකොට තමයි අපිව මතක්‌වෙන්නේ. පසුගිය කාලයේ පළාත් සභා මන්ත්‍රීවරු හිටියද නැද්ද කියා බැලුවේ නැහැ. එම හිටපු මන්ත්‍රීවරයා ලුණු ඇඹුල් ඇතිව කීවේය. සජිත්ගේ රැස්‌වීමට යනවාද නැද්ද කියා එජාප හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පසුවන්නේ දෙලොවක්‌ අතරය. සජිත්ට හිතවත් අය පවසන්නේ ගමේ එජාප පාක්‌ෂිකයන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා බවය.
 
 ගෝඨාට දකුණෙන්
 උණුසුම් පිළිගැනීමක්‌
 
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ පිළිගැනීම සඳහා දකුණු පළාත තුළ රැස්‌වීම් මාලාවක්‌ සංවිධානය කොට තිබුණි. මෙකී රැස්‌වීම්වලදී පොහොට්‌ටුවේ ආධාරකරුවන්ගෙන් ගෝඨාභය රාජපක්‌ෂට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. සෑම පිළිගැනීමේ රැස්‌වීමකටම පාහේ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පැවති පිළිගැනීමේ රැස්‌වීම් මාලාවෙන් පසු එදින රාත්‍රි පැරණි මන්ත්‍රීවරුන් වෙනුවෙන් මැදමුලන වලව්වේ රාත්‍රි ආහාරය සූදානම් කොට තිබුණි. මෙහිදී මන්ත්‍රීවරු සජිත්ගේ කළු ඇඳුම ගැන කතා කළේය. බලන්න දැන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කළු අඳින්න පුරුදුවෙලා නේ එස්‌. එම්. චන්ද්‍රසේන කීවේය. සජිත්ට කවුරුහරි ලණුවක්‌ දීලා විපක්‌ෂනායක මහින්ද රාජපක්‌ෂ සිනහවෙමින් ඒ කතාවට පිළිතුරු බැන්දේය. මේ අතර ගෝඨාභය රාජපක්‌ෂ පිළිගැනීම සඳහා හබරාදුවේ පැවති රැස්‌වීම සංවිධානය කොට තිබුණේ හබරාදුව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක දිල්ෂාන් විදානගමගේය. රමේෂ් පතිරණ මොහාන් පී. ද සිල්වා යන මන්ත්‍රීවරු ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පැවති පිළිගැනීම් රැස්‌වීමවල සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලුවේය. චන්දිම වීරක්‌කොඩි මන්ත්‍රීවරයා හබරාදුවට ආවොත් මොනවාද කරන්නේ ඇතමුන් රමේෂ්ගෙන් ඇසුවේය. මේක ගෝඨාභය මහත්තයා ඉල්ලන ඡන්දයක්‌. ඒ ගැන ප්‍රශ්නයක්‌ කරගන්න එපා. රමේෂ් කීවේය. රතුපලසක්‌ මතින් වේදිකාවට ගෝඨාභය රාජපක්‌ෂ රැගෙන ඒමට සංවිධායකවරුන් සැලසුම්කොට තිබුණි. මේ අතර චන්දිම වීරක්‌කොඩි මන්ත්‍රීවරයා තම ආධාරකරුවන් පිරිසක්‌ සමග හබරාදුවේ රැලියට සහභාගිවීමට පැමිණියහ. මේ සමග එහි සිටි පොහොට්‌ටුවේ ආධාරකරුවන් පිරිසක්‌ චන්දිම මන්ත්‍රීවරයාට විරෝධය පළකරමින් කෑගසන්නට වූහ. සියලුම දෙනාම විනීතව හැසිරෙන්න. මේක ගෝඨාභය මහත්තයා ඉල්ලන ඡන්දයක්‌ රමේෂ් පතිරණ කීවේය. චන්දිමට විරෝධයක්‌ එල්ල වුවද ඔහු ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පැවති ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ සියලුම පිළිගැනීම් රැස්‌වීම්වලට සහභාගි වූයේය. ජනාධිපතිවරණයකදී හැම අයෙකුගේම ඡන්දයක්‌ වටිනවා පොහොට්‌ටුවේ ඇතමුන් කරන්නේ පක්‌ෂයට එන අයත් එපා කරන වැඩ චන්දිමගේ හිතවතුන් කියන්නට වූහ. චන්දිම මන්ත්‍රීතුමා එතනට පිරිසක්‌ අරගෙන ඇවිත් හැසිරුණු විදිය හරිනැති නිසා තමයි විරෝධය එල්ලවුණේ පොහොට්‌ටුවේ ක්‍රියාකාරීන් කීහ.
 
 මධ්‍යස්‌ථ එජාප මන්ත්‍රීන්
 
 මේ අතර ජනාධිපති අපේක්‌ෂක ධුරය සම්බන්ධයෙන් එජාපය තුළ ඇතිවී තිබෙන අර්බුදය අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එක්‌ව විසඳා ගතයුතු බව මධ්‍යස්‌ථ එජාප මන්ත්‍රීවරුන්ගේ අදහසයි. රනිල් හා සජිත් සමගිකොට මේ ප්‍රශ්නය සුහදව විසඳාගැනීම සඳහා එම මන්ත්‍රීවරු මේ වන විට කටයුතු කරමින් සිටිති. ගාල්ල දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි මෙකී ප්‍රශ්නයේ දී මධ්‍යස්‌ථව කටයුතු කරන මන්තීS්‍රවරයෙකි. පසුගියදා හෙට්‌ටිආරච්චි මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී මේ ගැන කතා කළේය. හෙට්‌ටිආරච්චි මන්ත්‍රීවරයා පක්‌ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන අයෙකි. ඉදිරි දිනකදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ද හමුවී මේ ගැන කතාබස්‌ කිරීමට හෙට්‌ටිආරච්චි මන්ත්‍රීවරයා සුදානමින් පසුවන බවද දැන ගන්නට තිබේ. මේ ප්‍රශ්නයේ දී එජාප මන්ත්‍රීවරුන් 30 කට ආසන්න ප්‍රමාණයක්‌ කිසිදු පැත්තක්‌ නොගෙන පක්‌ෂයේ සමගිය වෙනුවෙන් මධ්‍යස්‌ථව කටයුතු කරණ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 මනුෂට කැපිල්ලක්‌
 
 පසුගිය කාලයේ ඇතිවූ ආණ්‌ඩු පෙරළියත් සමග මනුෂ නානායක්‌කාර මන්ත්‍රීවරයා යළි සිය මහගෙදර වූ එජාපයට ගියේය. ජනාධිපතිවරයා විසින් නීතිවිරෝධි ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරින් ඉවත් කළ බව කියමින් එයට විරෝධය දක්‌වා යුක්‌තිය වෙනුවෙන් එදා එජාපයට එක්‌වූ බව මනුෂ තම හිතවතුන් සමග කියා තිබුණි. මනුෂ නානායක්‌කාර මන්ත්‍රීවරයාට හිනිදුම ආසනයේ එජාප සංවිධායක ධුරය ලබාදෙන බවට එදා අගමැතිවරයා පොරොන්දු වූ බවද පැවසේ. පසුගිය කාලයේ මනුෂ හිනිදුම ආසනය ඉලක්‌ක කරගනිමින් දේශපාලන කටයුතු කරගෙන ගියේය. හිනිදුම ආසනයේ එජාප සංවිධායක සුනිල් සේනානායක ද මනුෂ සමග එක්‌විය. මේ අතර එජාපයට එක්‌වූ පියසේන ගමගේ මන්ත්‍රීවරයා ද හිනිදුම එජාප සංවිධායක ධුරය බලාපොරොත්තුවෙන් සිටියේය. මේ අතර මනුෂ බදුල්ලේ පැවති සජිත්ගේ රැලිsය සඳහා ගාල්ලෙන් තම හිතවතුන් හා ක්‍රියාකාරීන් පිටත්කර යෑවීමට කටයුතු කළේය. මේ අතර හිනිදුම ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස පියසේන ගමගේ පත්කළ අතර ලේකම්වරයා ලෙස සුනිල් සේනානායක පත්කළේය. විඡේපාල හෙට්‌ටිආරච්චි හා බන්දුල ලාල් බණ්‌ඩාරිගොඩ යන මන්ත්‍රීවරු එහි කමිටු සාමාජිකයන් ලෙස පත්කරනුq ලැබීය. මෙම පත්කිරීමත් සමග මනුෂගේ සිහිනය බොඳවීගොස්‌ ඇත. මේ අතර ඔබ හිතුවා හරි පියසේන ගමගේ හිනිදුමට සඳහන් පෝස්‌ටරයක්‌ ගාල්ල දිස්‌ත්‍රික්‌කය පුරා අලවා තිබෙනු දැකගත හැකිය.
 
 ෂාන් උපන්දිනය සැමරූ අයුරු
 
 නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ෂාන් එදා සිට අද දක්‌වාම පක්‌ෂය විසින් පවරන රාජකාරි අකුරටම ඉටු කරන සංවිධායකවරයෙකි. වර්තමානයේ පක්‌ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව අම්බලන්ගොඩ ආසනයේ පක්‌ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද මේ වන විට ෂාන් සාර්ථකව ඉටු කරමින් සිටී. මේ අනුව පසුගිය දා අම්බලන්ගොඩ ආසනයේ කාන්තා බල මණ්‌ඩලය කැඳවමින් කාන්තා සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට ද ෂාන් කටයුතු කරන ලදී. මේ සඳහා පැමිණි ෂාන්ව මහත් හරසරින් පිළිගත් අම්බලන්ගොඩ කාන්තාවෝ රබන් ගසා මල් මාලා පලඳවා කැඳවා ගෙන ගොස්‌ කේක්‌ ගෙඩියක්‌ කැපීමටද කටයුතු කරන ලදී. ඒ දිනටම ෂාන්ගේ උපන් දිනය ද යෙදී තිබුණ බැවිනි. කේක්‌ කවා අත්පොළසන් දුන් කාන්තාවෝ ෂාන් ඉදිරියේ කියා සිටියේ ඔබතුමා ගියපාර උපන් දිනය සැමරුවේ දකුණේ මහ ඇමැති විදිහට අද උපන් දිනය සමරන්නේ නැගෙනහිර ආණ්‌ඩුකාරයා විදිහට ලබන සැරේ ඔබතුමාගේ උපන්දිනය සමරන්නේ මීට වඩා ඉහළ තනතුරකට පත් කරලයි කියාය. අතිසාර්ථකව අවසන් කළ අම්බලන්ගොඩ කාන්තා රැස්‌වීමෙන් අනතුරුව සවස්‌ වරුවේ ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප. සංවිධායක අමිල කර්ෂණ කාරියවසම් සංවිධානය කළ සාර්ථක කාන්තා බලමණ්‌ඩල රැස්‌වීමක්‌ ද පැවැත්වුණු අතර ඒ සඳහා විශාල පිරිසක්‌ පැමිණ සිටින ලදී. ඊට පසු දින හබරාදුව සංවිධායක තිසර ගුණසිංහ හා ගාල්ල සංවිධායක මෙත්සිරි ද සිල්වා සංවිධානය කළ සාර්ථක කාන්තා රැස්‌වීම් දෙකක්‌ද පැවැත්විණ. මේ සියල්ලටම දිස්‌ත්‍රික්‌ නායක ෂාන් සහභාගි විය.
 
 ලලිත් චාමින්ද

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles