Divaina - බෞද්ධ ධර්ම සන්නිවේදනය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 bada
 
 දර්ශනපති කොස්‌ගොඩ
 විමලවංශ තිස්‌ස හිමි
 ගාල්ල දිස්‌ත්‍රික්‌ පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධිකරණ නිලධාරි
 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
 
ලෝකයේ නොයෙකුත් ජාතින් විසින් ස්‌වකීය සමාජමය භාෂාමය සංස්‌කෘතිකමය හා භූගෝලීය විවිධතා ඔස්‌සේ ඒකරාශි කළ දැනුම් සම්භාරය ලෝක ව්‍යාප්ත වන්නේ සන්නිවේදනය ඔස්‌සේය. දැනුම පිළිබඳ සංග්‍රාමයක නියෑලි සිටින වත්මන් මිනිස්‌ වර්ගයාට සන්නිවේදනය තුළින් යම් අස්‌වැසීමක්‌ ලැබෙනුයේ ලොව ජාතින් අතර අදහස්‌ හුවමාරු කරගැනීමට සන්නිවේදනය ප්‍රබල කාර්යක්‌ ඉටුකරන නිසාය.
 
 සන්නිවේදනය, යන පදය සැකසී ඇත්තේ සං+නි යන උපසර්ග පුර්ව විද් (ජනනෙ) යන ධාතු මූලයෙන් පරව අන, යන කෘදන්ත ප්‍රත්‍ය යෙදීමෙනි. මෙහි තේරුම දැනුම, දැන්වීම, අෙන්‍යාන්‍යාවබෝධය යනාදි වශයෙන් දැක්‌විය හැකිය. ඉංග්‍රීසියෙන් “Communication” යන වචනය අනුව සන්නිවේදනය යන වචනය ගොඩන`ගාගෙන තිබේ. ලතින් බසින් “Communicatus” යන්නෙන් “Communication” යන පදය නිපද වූ බව සලකනු ලැබේ. නොයෙක්‌ විද්වතුන් සන්නිවේදනය යන්න නොයෙක්‌ ආකාරයෙන් විග්‍රහකොට ඇතිබව කිවමනාය. ඔක්‌ස්‌ෙµර්ඩ් ශබ්ද කෝෂයට අනුව අදහස, දැනුම, යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කරගැනීම සන්නිවේදන යනුවෙන් හැඳින්විය හැකි ය.
 
 කිසියම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු කෙරෙහි ඔවුන් දෙදෙනා අතර පවතින මාධ්‍යය මගින් ඉදිරිපත් කළ හැකි විවිධ සංඥා හසුරුවාලීමෙන් බලපෑමක්‌ ඇති කළ විට සාමාන්‍ය වශයෙන් සන්නිවේදනය සිදුවීයයි කිව හැකි බව චාල්ස්‌ ඊ ඔස්‌ගුඩ් පවසයි. චාල්ස්‌ කූලී නැමති සමාජ ශාස්‌ත්‍රඥයාගේ නිර්වචනයට අනුව මානව සම්බන්ධතා රඳවා සිටින්නාවුත්, වර්ධනය කරන්නාවුත් සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමත් කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස්‌ සුරක්‍ෂිත කරගැනීමත් උපකාරීවන උපක්‍රමය සන්නිවේදනයයි 3 සන්නිවේදනය සමාජ ක්‍රියාවලියකි. මානව සම්බන්ධතා ඉදිරියට ගෙන යන වාහකයකි. හුවමාරුව ප්‍රතික්‍රියා දැක්‌වීම හා නො දැක්‌වීම අන්තර් ක්‍රියා අන්තර් වෙනස්‌වීම්, සංකේතාත්මක පරිසරය, සමාජ සම්බන්ධතා, සහභාගීත්වය, ඉගෙනීම, විනෝදය යනාදි සන්නිවේදන ක්‍රියාවලිය මගින් විමසිය හැකිය.
 
 ලෝක සන්නිවේදනය ඇරඹෙන්නේ ජීව විද්‍යාත්මක සංසිද්ධියක්‌ වශයෙනි. එහිලා බලපවත්වන්නේ උත්තේජන ප්‍රතිචාර පදනමයි. සමාජ පරිණාමය සහ මානව චින්තනයේ පරිණාමය අනුව සන්නිවේදන තාක්‍ෂණයේ නැ`ගීමක්‌ සිදුවිය. මේ අනුව දෘශ්‍ය හා ලිත මාධ්‍යයන්ගේ සංවර්ධනයක්‌ ද ඇති විය. මෙම කරුණු වඩාත් ඉස්‌මතු කරලීමට ප්‍රමාණවත් සන්නිවේදනය පිළිබඳ වියත් නිර්වචන කීපයක්‌ පහත දැක්‌වේ.
 
 සන්නිවේදන යනු මානව පැවැත්මේ සහ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයකි. සන්නිවේදනයට අෙන්‍යාන්‍ය වශයෙන් සිදුවන පුද්ගලාන්තර බලපෑම් මාර්ග සියල්ල ඇතුලත් ය. සන්නිවේදනය යනු සමාජ වාහකයකි. සන්නිවේදනය මානව සමුහයා පමණක්‌ නොව මිනිසුන්ට සමාජ සත්ත්වයින් ලෙස ජීවත්වීමට අවස්‌ථාව සලසයි. (විලියම් ආර්. රිවර් 1971)
 
 සන්නිවේදනය මුලීක වශයෙන් චර්යාත්මක අවස්‌ථාවන් හා බැඳී පවතී. සන්නිවේදනය යනු මූලාශ්‍රයක්‌ මගින් ග්‍රාහකයාගේ /ග්‍රාහකයින්ගේ චර්යාව කෙරෙහි යම් බලපෑමක්‌ කිsරීමේ අරමුණෙන් පණිවිඩයක්‌/සංදේශයක්‌ පතුරුවාලීමයි.6 (මිලර් 1966) -සන්නිවේදනය යනු මානව සබඳතා පැවැත්වීමේ හා වර්ධනය වීමේ මාර්ගයයි. සන්නිවේදනට මනසේ සියලුම සංකේතයන් ද ඒවා අවකාශය තුළින් පතුරුවාලිමේ ක්‍රමය ද කාලයට අනුව ඒවා සංරක්‍ෂණය කිරීම ද ඇතුළත් වෙයි. (චාල්ස්‌ කූලී 1907) -සන්නිවේදනය යනු ජීවියකු විසින් යම්කිසි උත්තේජනයකට දක්‌වනු ලබන ප්‍රතිචාරය යි.8 ( ස්‌ටිවන්ස්‌ 1950) -සන්නිවේදනය යනු අප සමාජයත් අන් සියලුම සංස්‌කෘතීනූත් එකට බැඳ තබන මානව බදාමයයි. සන්නිවේදනය මගින් අප අන් කණ්‌ඩායම් සම`ග ද අන් ආයතන සම`ග ද භාවාත්මකව ද බුද්ධිමත්ව ද සම්බන්ධ කරනු ලබයි. සන්නිවේදනය සංස්‌කෘතික විධානයකි. සන්නිවේදනය නැමති සංස්‌කෘතික විධානය හේතු කොට සමාජයන්ගේ පැවැත්ම සහ වර්ධනය ඇති වෙයි.9(හීබ(ර්)ට්‌ සහ බොගෝන් 1988) සන්නිවේදන ක්‍රියාවලිය තුළ සිදුවන අන්තර් සම්බන්ධතාවන් පහතින් දැක්‌වේ.
 
 1. සන්නිවේදනයේ ආරම්භකයා /සන්නිවේදන මුලාශ්‍රය/සන්නිවේදක (Beginner of Communication source / Communicator )
 
 2.සන්නිවේදනය ලබන්නා (ග්‍රාහක,ශ්‍රාවක, ප්‍රේක්‍ෂක,පාඨක) (Recipient)
 
 3.සන්නිවේදනය, වාහකයා හෝ චැනලය (Channel/mode/vehicle)
 
 4.පණිවිඩය/සංදේශය (Message)
 
 5.සන්නිවේදනයේ ඵලය (Effect)
 
 ඉහත සඳහන් කරන ලද සකලවිධ සන්නිවේදන අර්ථකථනයන් එහි සැබෑ අර්ථය අපට කියාපාන්නේය. ඒ අනුව මිනිස්‌ සමාජයක පැවැත්මට අත්‍යවශ්‍යම වූ ඔවුනොවුන්ගේ අදහස්‌ හුවමාරු කරගැනීම සන්නිවේදනය බව පැහැදිලි වෙයි. සන්නිවේදනය තුළ සාර පුද්ගලාන්තර සන්නිවේදන ලක්‍ෂණ තිබීම දැකිය හැකිය. සාර පුද්ගලාන්තර සන්නිවේදනය යනු බලවත් පුද්ගලාන්තර සන්නිවේදනයයි. සාර පුද්ගලාන්තර සන්නිවේදනය පස්‌ ආකාර වු තත්ත්වයන් මත වෙන්කොට දක්‌වා ඇත.
 
 1 විවෘත බව -openness
 
 2 සහ වේදනය -empathy
 
 3 සහයෝගිතාව -supportivenss
 
 4 ධනාත්මකතාව -positrveness
 
 5 සමතාව -equality
 
 විවෘත බව යනු තමා හමුවන අන්‍ය කෙනෙකුගේ තොරතුරු ලබා ගැනීමට ඇති කැමැත්තයි. එසේම පැමිණෙන උත්තේජනයන්ට අවංකව ප්‍රතික්‍රියා දැක්‌වීමට ද විවෘත වු කැමැත්ත තිබිය යුතුය. සහවේදනය යනු අන්‍යයන්ගේ හැ`ගීම් තමන්ට ද වටහා ගැනීමට ඇති හැකියාවයි. විවෘත සහ වේදන සන්නිවේදනය ක්‍රියාත්මක වීමට නම් සහයෝගිතාවකින් යුතු පරිසරයක්‌ තිබිය යුතුය. පුද්ගලාන්තර සන්නිවේදනයේදී ධනාත්මකව තුන් ආකාරයකින් විමර්ශනය කරයි.
 
 1.යම් පුද්ගලයකු තමා පිළිබඳව ධනාත්මක විය යුතුය.
 
 2.අන්‍යයන් කෙරෙහි ඇති ධනාත්මක හැගීම් ප්‍රකාශ කිරීමෙන් ක්‍රියාකාරි හා තේරුම් සහිත බව වැඩි වේ.
 
 3.ප්‍රබල අන්තර් ක්‍රියාකාරිත්යක්‌ සඳහා පොදු සන්නිවේදනය සම`ග තියෙන්නෙන් දැක්‌වෙනුයේ පුද්ගලයන් පාර්ශවයන් අතර යම් ප්‍රමාණයක සමානත්වයක්‌ තිබීමයි. එනම් හුවමාරු කරගන්නා විශ්වාස, අගයන්, අධ්‍යාපන පසුබිම, සමාජ සැකැස්‌ම යනාදිය තනි තනිව අන්තර් ක්‍රියාකාරී වීමයි. 11
 
 සන්නිවේදනය තුළ සාර පුද්ගල සන්නිවේදන ක්‍රියාවලිය තුළින් පුද්ගලයන්ට ලබා දෙන තොරතුරු විශ්වාසදායක සහ අගයන්ගෙන් පරිමිතව ගොඩනැෙ`ගන බව පැහැදිලිය. එසේම එය ජන සන්නිවේදන (Mass Communication) ක්‍රියාවලියේ සංවර්ධනාත්මක ප්‍රභවයක්‌ ලෙස ද පෙනේ. -විශේෂ ජන කොට්‌ඨාස තාක්‍ෂණික උපක්‍රම මගින් (පුවත් පත්, ගුවන් විදුලිය,චිත්‍රපට) විශාල වූත් විවිධ වූත්, ජන කොට්‌ඨාසයකට සංකේතාත්මකව අර්ථ ප්‍රචාරය කිරීම පිණිස උපයෝගි කරගනු ලබන ආයතන හා ශිල්ප විධි ජන සන්නිවේදනය යනුවෙන් හැඳින්වේ.12
 
 ජනයාගේ හදවතට දැනෙන මනසට ගෝචර වන බුද්ධිය පෝෂණය කරන සන්නිවේදන විධි ලොව විසූ ශ්‍රේෂ්ඨතම සන්නිවේදකයාණන් වන බුදුන් වහන්සේ භාවිත කළ බව නො රහසකි. නවීන සන්නිවේදන ක්‍ෂේත්‍රයෙහි විද්වතුන් විසින් අලුතින් සොයා ගන්නා ලදැයි සඳහන් වන සන්නිවේදන ක්‍රමෝපක්‍රම බුදුන් වහන්සේ මීට වසර දෙදහස්‌ හයසීයකට පෙරදීම යොදාගෙන සමාජයට දහම් දෙසු බව පෙනේ. සාර්ථක සන්නිවේදකයෙකු වශයෙන් බුදුහිමියන් විෂයයෙහි පැවති ග්‍රාහකයන් පැහැදවීම හා මනස තුළ කුශල සිතුවිලි තුළින් නවෝත්පාදනයන් ගොඩන`ගා නිවන් මග හෙළි පෙහෙළි කිරීම ත්‍රිපිටකයේ විවිධ තැන්වල දැක්‌වේ.
 
 ඉති ඛො චුන්ද, අතීතානාගතපච්චුප්පන්නේසු ධම්මේසු තථාගතො කාලවාදී භූතවාදී අන්ථවාවදී ධම්මවාදී විනයවාදී තස්‌මා තථාගතෝති වුච්චති.13
 
 චුන්දයෙනි, මෙසේ අතීත අනාගත වර්තමාන ධර්මයන්ට තථාගත තෙමේ කළ දැන කියන සුලු ද, වූ දැයක්‌ම කියන සුලුද, වැඩක්‌ම කියන සුලුද, දහමක්‌ම කියන සුලුද වෙයි. ඒ හෙයින් තථාගත යෑයි කියනු ලැබේ. සාර්ථක සන්නිවේදන පරමාදර්ශයන්ගෙන් චුන්දයන්ට බුදුහිමියන් දහම් දෙසීමට ගත් උත්සාහය ඉහත ඡේදයන් දක්‌නට ලැබේ. එම ඡේදයේ දැක්‌වෙන අංගයන් වන්නේ, කාලවාදී (- සුදුසු කාලය දැන ධර්ම දේශනා කිරීම.
 
 1. භූතවාදී :- සිදුවු දෙයක්‌ම කියන සුලු දේශනාව.
 
 2. අන්ථවාදී :- වැඩ සැලසෙන්නක්‌ම කියන සුලු දේශනාව.
 
 3. ධම්මවාදී :- අර්ථය උදෙසා කියන සුලු දේශනාව.
 
 4. විනයවාදී :- හික්‌මීම පිළිබඳ කියන සුලු දේශනාව.
 
 තමා යමක්‌ දේශනා කරන්නේ අසන පුද්ගලයාගේ අංශ පහක්‌ සංවර්ධනය වීමට හා එතුළින් විමුක්‌තිය සාධනය වීමට බව බුදුහිමියන් චුන්දයන්ට පෙන්වා දුන් බව මෙම ෙ-දය විශ්ලේෂණය කිරීමෙන් පෙනේ. එසේම සාර්ථක සන්නිවේදන උපායන් මගින් ග්‍රාහක ආකර්ෂණයන් සංවිධානය කිරීමට බුදුහිමියන් යොදාගත් උපාය කුශලතාවන් තුනක්‌ පහත දැක්‌වේ.
 
 
 
 1. ආය කෝසල්ල : - කෙනෙකුගේ අභිවෘද්ධිය සිදුවන ආකාරය හා ඒ සඳහා ක්‍රියා කළ
 
 යුතු පිළිවෙත නිරවුල්ව දැන ගැනීමේ ශක්‌තිය හෙවත් කුශලතාව.
 
 2.අපාය කෝසල්ල :- කෙනෙකුගේ අනභිවෘද්ධිය සිදුවන කරුණු දැන ගෙන ඒවායින්
 
 බැහැරව හසු නොවී ක්‍රියා කිරීමේ ශක්‌තිය හෙවත් කුශලතාව.
 
 3. උපාය කෝසල්ල :- අභිවෘද්ධිය හා අනභිවෘද්ධිදායක පිළිවෙත් මනාව අවබෝධ කරගෙන
 
 අවස්‌ථාවෝචිත පරිදි තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමේ ශක්‌තිය හෙවත් කුශලතාව.
 
 බුදුරජාණන් වහන්සේ තම ධර්ම පණිවිඩය ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය සඳහා භාවිත කළ මාධ්‍ය හිත් ඇද ගන්නා නම්‍යශීලි කාලෝචිත සන්නිවේදන ක්‍රමෝපායන්ගෙන් යුත්තය. බුදුsන්වහන්සේගේ කථනය හෙවත් දේශනා විලාශය සම`ග නිකුත්වන හඬ අපා, දෙපා, බහුපා සත්ත්වයන්ගේ සිත් ගත්තේය. ගහ කොළ පවා එම නාදයෙන් ප්‍රීතිමත් වීය. බුදුහිමියන් තම පණිවිඩය සමාජය වෙත ප්‍රදානය කිරීම සඳහා යොදාගත් කථන මාධ්‍යය බ්‍රහ්මස්‌වරය තරම් මිහිරි වු බව පැවසේ. එය අංග 08 කින් සමන්විතය. එනම්,
 
 1.විස්‌සට්‌ඨ - සිනිදුබව
 
 2.මඤ්ජු - මිහිරිකම
 
 3.විඤ්ඤෙය - පහසුවෙන් වැටහෙන බව
 
 4.සවනීය - ඇසීමෙන් තවත් රුචිය ඇති කිරීම
 
 5.අවිසාරි - අවුල් සහිත නොවීම
 
 6.බින්දු - ඒකමිතිය
 
 7.ගම්භීර - ගාම්භීර බව
 
 8.නින්නාද- නාද ප්‍රතිනාද දෙමින් අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැතිර යැම.
 
 වර්තමානයේ බටහිර විද්වතුන් සන්නිවේදනය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කරන විට දී බුදුහිමියන් ලොවට සන්නිවේදනයේ සමස්‌ත කාර්යයන් මීට වසර දෙදහස්‌ හයසියයකට ඉහතදී පෙන්වාදී ඇති අයුරු ඉහත විග්‍රහයන් තුළින් පෙනෙන්නට තිබේ. එසේම බුදුහිමියන්ගේ සන්නිවේදන විලාශය කවර ගුණාංගයන්ගෙන් සමන්විතද යන්න පිළිබඳ මනා විග්‍රහයක්‌ සුමංගල විලාසිනියේ සාමඤ්ඤඵල සුත්‍ර වර්ණනාවේ දක්‌වා තිබේ. ඒ අනුව බුදුහිමියන්ගේ දේශනාව මනෝ, වන්නේ,
 
 1. ශ්‍රද්ධාව උපදවන හෙයිනි (සද්ධා ජනනතො)
 
 2. ප්‍රඥාව උපදවන හෙයිනි (පඤ්ඤා ජනනතො)
 
 3. අර්ථ සහිත බැවිනි (සාත්ථතො)
 
 4. අරුත්බර වචන ඇති බැවිනි (සබ්‍යඤ්ජනතො)
 
 5. විවෘත වචන ඇති බැවිනි (උFථාන පදතො)
 
 6. ගැඹුරු අරුත් ඇති බැවිනි (ගම්ගීරFථතො)
 
 7. කණට මිහිරි බැවිනි (කණ්‌ණ සුඛතො)
 
 8. හෘදයංගම බැවිනි (හදයංගමතො)
 
 9. තමා උසස්‌ බව හුවා නො දක්‌වන බැවිනි (අනත්තුක්‌කංසනතො)
 
 10. උනුන් හෙලා නො දකින බැවිනි (අපරවම්භනතො)
 
 11. කරුණාවෙන් සිහිල් වු බැවිනි (කරුණා සීතලතො)
 
 12. ප්‍රඥාවෙන් පවිත්‍ර බැවිනි (පඤ්ඤාවදානතො)
 
 13. ඉදිරිපත් කිරීම රමණීය බැවිනි (ආපාථ රමණියතො)
 
 14. (පරවාද) මැඩීමෙහි සමත් බැවිනි (විමද්දCඛමතො)
 
 15. සුඛ එළවන බැවිනි (සූයමාන සුඛතො)
 
 16. විමසීමට යෝග්‍ය බැවිනි (වීමංසියමාන හිතතො)
 
 ඉහත දක්‌වන ලද සන්නිවේදන ලක්‍ෂණ නිසා ධර්මය අසන ජනතාව තුළ මහත් ප්‍රශංසාවක්‌ බුදුහිමියන් කෙරෙහි පැවතුනි. මෙම කරුණු දුටු අන්‍ය ලබ්ධිකයන් පැවසුවේ, බුදුහිමියන් තුළ මිනිසුන් වස`ගයට ගත හැකි මායා බලයක්‌ ඇතිබවය, යනුවෙනි. යමෙකු බුදුහිමි වෙත ගිය විටදී උන්වහන්සේ යොදාගන්නා සන්නිවේදන ක්‍රියාවලිය මෙසේ දැක්‌විය හැකි ය.
 
 1. පණිවුඩය - සසර දුකින් එතෙරවීම
 
 2. පණිවුඩය යවන්නා - බුදුපියාණන් වහන්සේ
 
 3. පණිවුඩය ගෙන යන මාධ්‍යය - අන්තර් පුද්ගල සන්නිවේදනය
 
 4. පණිවුඩය ලබන්නා - දෙව් බඹුන් සහිත සිව්වණක්‌ පිරිස
 
 5. ප්‍රතිචාරය - නිසි අවබෝධය - මාර්ග වල නිවන් දැකීම,
 
 බුදුරදුන් විසින් සන්නිවේදනය කරන ලද ධර්මය මුලින් යහපත් වූයේය. මැදින් යහපත් වුයේය. අගින් යහපත් වූයේය. ග්‍රාහක ප්‍රජාවට අයහපතක්‌ නො වන යහපතක්‌ම වන ඔවුන්ගේ දෙලොව සුවසෙත මෙන්ම විමුක්‌තිය ද සාදා දෙන සන්නිවේදනයක්‌ බුදුහිමියන් භාවිත කළ බව පෙනේ.
 
 සෑබෑ සන්නිවේදකයා මාර්ගෝපදේශකයෙකි. නියමුවෙකු නොවේ. බුදුරජාණන් වහන්සේද නොයෙක්‌විට පෙන්වා දුන්නේ තමන් වහන්සේ මගපෙන්වන්නෙකු බවය. -ඔබ විසින් කළ යුත්ත කළ යුතුය. තථාගතවරු මගපෙන්වන්නෝය. උන්වහන්සේ විසින් මග පෙන්වන ලද්දේ ධර්ම සන්නිවේදනය තුළිනි. බුදු හිමියන් සමාජයට දහම් දෙසනුයේ කුමක්‌ අරභයා ද යන්න උදායි සුත්‍රයෙන් පැහැදිලි වේ. මිනිසාට නිවැරදි දහම් සන්නිවේදනය තුළින් සාර්ථක ජීවන මගක්‌ පෙන්වා දීමට හා නිවනේ ආධ්‍යාත්මික සුඛ වින්දනයට බුදුහිමියන් දහම් දෙසු අයුරු පෙනෙන්නට තිබේ.
 
 1. ආනුපුබ්බීකථං කථෙස්‌සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
 
 2. පරියායදස්‌සාවි කථං කථෙස්‌සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
 
 3. අනුද්දයතං පටිච්ච කථෙස්‌සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
 
 4. න ආමිසංතරො කථෙස්‌සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
 
 5. අත්තානං ච පරං ච අනුපහච්ච කථෙස්‌සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
 
 
 1. පිළිවෙල කතාව ප්‍රකාශ කරන්නෙමියි සනිටුහන් කොට ධර්මය දේශනා කිරීම :-
 
 මෙයින් අදහස්‌ වන්නේ කුමන හෝ අවස්‌ථාවක කෙබදු හෝ පිරිසකට දහමට අදාළව කතාවක්‌ කරයි නම්, එම අවස්‌ථාවට හා පිරිසට උචිත වන පරිදි තෝරා ගත් හෝ අවශ්‍ය වු මාතෘකාවට අනුවම හෙවත් තේමාවෙන් පිටතට නො ගොස්‌ පිළිවෙළට ඊට අදාළ කරුණු එකිනෙක විග්‍රහ කරමින් තෝරා බේරා දීමයි.
 
 2. ඒ ඒ අර්ථය පිළිබඳ කරණු දක්‌වමින් ධර්මය දේශනා කිරීම :-
 
 සුදුසු අර්ථයන් වඩාත් අවබෝධ කරලීමට මෙන්ම පාඨක මනස වර්ධනය වන අයුරෙන් හා විකෘති අර්ථ වාහනය වීමෙන් තොරව කරුණු වටහාදීම මෙම ක්‍රමයෙන් සිදුවේ.
 
 3. තම සිතේ අනුකම්පාව උපදවාම ධර්මය දේශනා කිරීම :-
 
 දහම් දෙසීමේ ප්‍රධාන අරමුණ නැතිනම්, ෙච්තනාව කෙබදු විය යුතුදැයි අවධාරණය කෙරේ. දුකට පත් ජනයා එයින් මුදවා ගනු පිණිස හැර දහම් සුවය අත්කරදී සසර පැවැත්මෙන් ගලවා ගැනීමක්‌ හැර වෙනත් කිසිම ෙච්තනාවක්‌ හෝ අරමුණක්‌ පැවතිය නො හැකිය. හුදෙක්‌ අනුකම්පා සහගත සිතින්ම දහම් දෙසීමකදී කුමන හෝ තත්ත්වයක කුමන හෝ අයෙකුට බැණ වැඳීමකට ද්වේශය-තරහව අමනාපය පළකිරීමකට ඉඩක්‌ නොමැත.
 
 4. ආමිස ලාභය බලාපොරොත්තුවෙන් තොරව ධර්මය දේශනා කිරීම :-
 
 තමා දහම් දෙසනුයේ ලාභ සත්කාර මෙන්ම තාන්න මාන්න හා කිරීතිය බලාපොරොත්තුවෙන් තොරව මිනිසාට ජීවිතයේ නිවැරදි දැක්‌ම පෙන්වා දීමටය යන අදහස බුදුහිමි ලොවට පෙන්වා දී තිබේ.
 
 5. තමා හුවා දැක්‌වීමෙන් හා අනුන් හෙළා දැකීමෙන් තොරව ධර්මය දේශනා කිරීම -
 
 ප්‍රසිද්ධිය පතා හෝ අන් දර්ශනයකට හානියක්‌ නො වන පරිද්දෙන් සමාජයේ පුද්ගලයන් අනුකරණය කරමින් දහම් දෙසීම බුදු හිමිගේ දර්ශනය තුළ නොමැති කරුණකි. අනුන්ගේ භාෂා ශෛලිය දේශන ශෛලිය උපුටා දක්‌වමින් තාත්විකත්වයෙන් තොරවු දහම් දෙසීම බුදුහිමි ප්‍රතික්‍ෂෙප කර ඇත.
 
 ධර්ම සන්නිවේදකයෙකු ලෙස සිත් ඇදගන්නා ක්‍රමවේදයන් මගින් සිය ශ්‍රාවකයන් උදෙසා විශිෂ්ට ප්‍රතිඵල ළ`ගා කරදීමට බුදු පියාණෝ සමත් වුහ. සුහද පිළිසඳර මෙන්ම ගැඹුරු ධර්ම කරුණුද සාකච්ජාවට භාජනය කරමින් ශ්‍රාවකයන්ගේ අදහස්‌ සංවාදයට ලක්‌ කරමින් එම කරුණු විවේචනය හා ඇගයීමට යොමුකරමින් තම පරමාදර්ශී බව විශද කරමින් සන්නිවේදකයෙකු ලෙස ග්‍රාහකයන්ට විශ්ව සාධාරණ නවෝත්පාදක ධර්ම සන්නිවේදනයක්‌ ඇති කරලීමට බුදුහිමියන් ගත් මෙහෙය සුවිශේෂීය. පියවරින් පියවර මනා සේ සැලසුම් කොට ධර්මය සන්නිවේදනය කිරීම ද බුදුහිමියන්ගේ පිළිවෙළියි. එසේ නොවූවිට එම සන්නිවේදනය ද ග්‍රාහකයාට ඵලදායක නොවේ. ඒ පිළිබඳව මනා අවදිකමකින් යුතුව අනුපුර්ව ශික්‍ෂණයද අනුපුර්ව වු ක්‍රියා මාර්ගද අනුපුර්ව පිළිවෙත ද වෙත ග්‍රාහකයා යොමු කළ හැකි වන සේ අනුපිළිවෙළින් දහම් දෙසීම බුදුහිමියන්ගේ සිරිතයි. බුදුරජාණන් වහන්සේ පළමුව ශ්‍රාවකයන්ට දාන කතාව වදාරති. එනම් දානාදි පින්කම්හි අනුසස්‌ උගන්වති. දෙවනුව සීල කතාව වදාරති. එනම් ශීලාදි බාහිර වරණයන් උගන්වති. තෙවනුව ඒ ඔස්‌සේ උදාවන දිව්‍ය ලෝකාදී සුව සම්පත් පෙන්වා දෙති. මේ මුල් පියවරයි. අවශ්‍යයෙන්ම මේ සියල්ල වඩාත් සරල වූ ලෞකික අපේක්‍ෂාවන්ම සාධනය කරන්නා වූ ද කරුණුය. වෙනත් වචනවලින් පැවසුවහොත් මේ සියල්ල සාංසාරිකය. ඊට පසු උන්වහන්සේ වඩාත් උසස්‌ වු දෙවෙනි පියවරට ශ්‍රාවකයන් යොමු කරති.
 
 එහිදී කාමයන්ගේ ආදීනවයද ඉන් මිදීමේ අගය ද උගන්වනු ලැබේ. කාමයන්ගේ ළාමක බව කිලිටි බව වදාරමින් ඉන් මිදීමේ අගය දක්‌වයි. තෙවෙනි පියවර වන්නේ ශ්‍රාවක ප්‍රජාව උසස්‌ම තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් වඩාත් ගැඹුරු දහම් ඉගැන්වීමය. එමගින් පුහුදුන් මිනිස්‌ මනස ඉන් ඉහළට නැංවීමට අපේක්‍ෂා කරනු ලැබේ. මෙසේ පහළ සිට ඉහළට සරල තැනින් ගැඹුරු තැනට ශ්‍රාවකයන් රැගෙන යැමට බුදුහිමියන් තම ධර්ම සන්නිවේදනාත්මක උපාය කුශලත භවිත කර ඇති බව පෙනේ. සමස්‌තයක්‌ ලෙස බලන කල සන්නිවේදනය මගින් සිදුවන්නේ තොරතුරු හා අදහස්‌ හුවමාරු කර ගැනීම යන්න බව පැහැදිලිය. මෙහිදී තොරතුරු හා අදහස්‌ යනු මදක්‌ පුළුල් අරුත් ගත්තෙකි. එනම් හැ`ගීම් ප්‍රකාශ කිරීම, මත ඉදිරිපත් කිරීම, ම`ග පෙන්වීම, පොළඹවා ගැනීම වැනි සියල්ල තොරතුරු යන පදය තුළ ගැබ්වි තිබේ. මෙම සියල්ල සන්නිවේදනය ක්‍රියාදාමයේ සංකලනයන් ලෙස පෙන්වා දිය හැකිය. සමාජයක පහළම සංස්‌ථාව වන පවුල තුළ හෝ ඊට වඩා පුළුල් සමාජ සංස්‌ථාවක හෝ වේවා සන්නිවේදනය සිදුවන්නේ සංස්‌කෘතික පදනමක්‌ මතය. ජීවය සහිත වස්‌තුවක්‌ වන පුද්ගලයා ස්‌වාධීනව සිතීමටත් හැ`ගීම් ඇති කරගැනීමටත් සමත් වන්නේ මුත්, ඔහු ජීවත්වන සමාජය අනුව ඔහුගේ ස්‌වාධීනත්වය මත සීමාවේ. ඔහු ජීවත්වන සංස්‌කෘතියට අනුකූලව වෙනස්‌ වීමට ඔහුට සිදුවන බව පෙනේ. මෙහිදී සන්නිවේදනය එක්‌ අතකට සංස්‌කෘතියේ පිළිබිඹුවක්‌ වන බවටත් අනෙක්‌ අතට සංස්‌කෘතියේ සුවිශේෂි මෙවලමක්‌ වන බවත් හඳුන්වා දිය හැකිය.
 
 ආශ්‍රිත ග්‍රන්ථ
 
 1. බලගල්ලේ, විමල්. ජී, භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය කොළඹ 10 . (1995) 22 පිටුව
 
 2. රාජපක්‍ෂ, චන්දසිරි, ජන සන්නිවේදනය මුලධර්ම 01 කොළඹ 10. (2006) පිටුව 10
 
 3. දිසානායක, විමල්, මානව සන්නිවේදනය කොළඹ 02 . (1977) පිටුව 01
 
 4. ඇතුගල, ආරියරත්න, සන්නිවේදන සිද්ධාන්ත න්‍යාය, ආකෘති, සහ සංකල්ප නව පර්යාලෝක සහ ව්‍යවහාර කොළඹ 10. (2009) පිටුව 09
 
 5. කරුණානායක, නන්දන සන්නිවේදනය නුගේගොඩ . (1994) පිටුව 99
 
 6. -- එම-- පිටුව 99
 
 7. -- එම-- පිටුව 95
 
 8. කරුණානායක, නන්දන, මානව සන්නිවේදනය කොළඹ 10, (2005) පිටුව 102
 
 9. -- එම-- පිටුව 108
 
 10. කරුණානායක, නන්දන, සන්නිවේදනය නුගේගොඩ. (1994) පිටුව 99
 
 11. කරුණානායක, නන්දන, මානව සන්නිවේදනය කොළඹ 10, (2005) පිටු 27 , 28
 
 12. ජන සන්නිවේදනය හා සමාජය . දිසානායක විමල් . මරදාන. 1974 පිටුව 03
 
 13. දී. නි 03 බු .ජ . ත්‍රි .මු (2006) 224 පිටුව
 
 14. ශාස්‌ත්‍රිය සංග්‍රහය, ප්‍රාචින භාෂෝපකාර සමාගම. (1993) පිටුව 130
 
 15. ශාස්‌ත්‍රිය සංග්‍රහය, ප්‍රාචින භාෂෝපකාර සමාගම. (1999) පිටුව 131
 
 16 අරියවිමල හිමි, කොස්‌වත්තේ , බුද්ධ ධර්මය කොළඹ 10. (2010) පිටුව 30
 
 17. මේධානන්ද හිමි, දේවාලේගම, බුදුබණ. බුදුරජාණන් වහන්සේ සහ සන්නිවේදනය කොළඹ 10. (2005)
 
 පිටුව 20
 
 18. අං. නි 03 බු .ජ . ත්‍රි .මු (2006) පිටුව 300
 
 මේ මුල් පියවරයි. අවශ්‍යයෙන්ම මේ සියල්ල වඩාත් සරල වූ ලෞකික අපේක්‍ෂාවන්ම සාධනය කරන්නා වූ ද කරුණුය. වෙනත් වචනවලින් පැවසුවහොත් මේ සියල්ල සාංසාරිකය. ඊට පසු උන්වහන්සේ වඩාත් උසස්‌ වු දෙවෙනි පියවරට ශ්‍රාවකයන් යොමු කරති.
 
 එහිදී කාමයන්ගේ ආදීනවයද ඉන් මිදීමේ අගය ද උගන්වනු ලැබේ. කාමයන්ගේ ළාමක බව කිලිටි බව වදාරමින් ඉන් මිදීමේ අගය දක්‌වයි. තෙවෙනි පියවර වන්නේ ශ්‍රාවක ප්‍රජාව උසස්‌ම තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් වඩාත් ගැඹුරු දහම් ඉගැන්වීමය. එමගින් පුහුදුන් මිනිස්‌ මනස ඉන් ඉහළට නැංවීමට අපේක්‍ෂා කරනු ලැබේ. මෙසේ පහළ සිට ඉහළට සරල තැනින් ගැඹුරු තැනට ශ්‍රාවකයන් රැගෙන යැමට බුදුහිමියන් තම ධර්ම සන්නිවේදනාත්මක උපාය කුශලත භවිත කර ඇති බව පෙනේ. සමස්‌තයක්‌ ලෙස බලන කල සන්නිවේදනය මගින් සිදුවන්නේ තොරතුරු හා අදහස්‌ හුවමාරු කර ගැනීම යන්න බව පැහැදිලිය. මෙහිදී තොරතුරු හා අදහස්‌ යනු මදක්‌ පුළුල් අරුත් ගත්තෙකි. එනම් හැ`ගීම් ප්‍රකාශ කිරීම, මත ඉදිරිපත් කිරීම, ම`ග පෙන්වීම, පොළඹවා ගැනීම වැනි සියල්ල තොරතුරු යන පදය තුළ ගැබ්වි තිබේ. මෙම සියල්ල සන්නිවේදනය ක්‍රියාදාමයේ සංකලනයන් ලෙස පෙන්වා දිය හැකිය. සමාජයක පහළම සංස්‌ථාව වන පවුල තුළ හෝ ඊට වඩා පුළුල් සමාජ සංස්‌ථාවක හෝ වේවා සන්නිවේදනය සිදුවන්නේ සංස්‌කෘතික පදනමක්‌ මතය. ජීවය සහිත වස්‌තුවක්‌ වන පුද්ගලයා ස්‌වාධීනව සිතීමටත් හැ`ගීම් ඇති කරගැනීමටත් සමත් වන්නේ මුත්, ඔහු ජීවත්වන සමාජය අනුව ඔහුගේ ස්‌වාධීනත්වය මත සීමාවේ. ඔහු ජීවත්වන සංස්‌කෘතියට අනුකූලව වෙනස්‌ වීමට ඔහුට සිදුවන බව පෙනේ. මෙහිදී සන්නිවේදනය එක්‌ අතකට සංස්‌කෘතියේ පිළිබිඹුවක්‌ වන බවටත් අනෙක්‌ අතට සංස්‌කෘතියේ සුවිශේෂි මෙවලමක්‌ වන බවත් හඳුන්වා දිය හැකිය.
 
 ආශ්‍රිත ග්‍රන්ථ
 
 1. බලගල්ලේ, විමල්. ජී, භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය කොළඹ 10 . (1995) 22 පිටුව
 
 2. රාජපක්‍ෂ, චන්දසිරි, ජන සන්නිවේදනය මුලධර්ම 01 කොළඹ 10. (2006) පිටුව 10
 
 3. දිසානායක, විමල්, මානව සන්නිවේදනය කොළඹ 02 . (1977) පිටුව 01
 
 4. ඇතුගල, ආරියරත්න, සන්නිවේදන සිද්ධාන්ත න්‍යාය, ආකෘති, සහ සංකල්ප නව පර්යාලෝක සහ ව්‍යවහාර කොළඹ 10. (2009) පිටුව 09
 
 5. කරුණානායක, නන්දන සන්නිවේදනය නුගේගොඩ . (1994) පිටුව 99
 
 6. -- එම-- පිටුව 99
 
 7. -- එම-- පිටුව 95
 
 8. කරුණානායක, නන්දන, මානව සන්නිවේදනය කොළඹ 10, (2005) පිටුව 102
 
 9. -- එම-- පිටුව 108
 
 10. කරුණානායක, නන්දන, සන්නිවේදනය නුගේගොඩ. (1994) පිටුව 99
 
 11. කරුණානායක, නන්දන, මානව සන්නිවේදනය කොළඹ 10, (2005) පිටු 27 , 28
 
 12. ජන සන්නිවේදනය හා සමාජය . දිසානායක විමල් . මරදාන. 1974 පිටුව 03
 
 13. දී. නි 03 බු .ජ . ත්‍රි .මු (2006) 224 පිටුව
 
 14. ශාස්‌ත්‍රිය සංග්‍රහය, ප්‍රාචින භාෂෝපකාර සමාගම. (1993) පිටුව 130
 
 15. ශාස්‌ත්‍රිය සංග්‍රහය, ප්‍රාචින භාෂෝපකාර සමාගම. (1999) පිටුව 131
 
 16 අරියවිමල හිමි, කොස්‌වත්තේ , බුද්ධ ධර්මය කොළඹ 10. (2010) පිටුව 30
 
 17. මේධානන්ද හිමි, දේවාලේගම, බුදුබණ. බුදුරජාණන් වහන්සේ සහ සන්නිවේදනය කොළඹ 10. (2005)
 
 පිටුව 20
 
 18. අං. නි 03 බු .ජ . ත්‍රි .මු (2006) පිටුව 300 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles