Divaina - 37 වසරක පොලිස් සේවයෙන් නික්ම ගිය නි. පොලිස්පති සමන් යටවර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


police555

 
 ශ‍්‍රී ලංකා පොලිසියේ ප‍්‍රමුඛ වගකීම මේ රටේ මහ ජනතාවට සේවය කිරීමයි. මහජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීම මෙන්ම මහජනතාවගේ නිදහස වෙනුවෙන් කැප වීමද රටේ ජනතාවගේ නිදහස ආරක්ෂා කර දීමද පොලිසියේ
 
 වගකීමක්. ඒ නිදහස ආරක්ෂා කරලා දෙන එක ලෙහෙසි පහසු එකක් නොවෙයි. ඒක ක‍්‍රියාත්මක කිරීමේදී අපි විඳිය යුතු දැරිය යුතු දේවල් සියල්ලක්ම අභියෝගයක් යැයි නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා පැවැසීය.
 
 ශ‍්‍රී ලංකා පොලිස් සේවයේ වසර 37 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ගිය ත‍්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සමන් යටවර මහතාගේ විශ‍්‍රාම යෑමේ උත්සවය අමතමින් ඒ මහතා එසේ පැවැසීය.
 
 ශ‍්‍රී ලංකා පොලිස් සේවයේ වසර 37 ක සේවා කාලය නිමාකර පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගිය සමන් යටවර මහතා 1982 වසරේ උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව තිබුණි. 1989 වසරේදී පොලිස් පරික්ෂකවරයකු ලෙසත් 1993 වසරේදී ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරටත් පත්වූ සමන් යටවර මහතා 2007 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස් වීම් ලබා තිබුණි. 2014 වසරේදී පොලිස් අධිකාරි තනතුරට පත් යටවර මහතා 2016 වසරේදී ජ්‍යෙයෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද 2019 වසරේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරටද පත්ව තිබුණි.
 
 පොලිස් සේවයේ යෙදී සිටියදී 2010 වසරේදී එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට එක්ව වසර දෙකක් පුරා සාම සාධක රාජකාරීන් හි නිරතව සිට ඇති සමන් යටවර මහතා වසර 10 ක කාලයක් නුවර එළිය පොලිස් කොට්ඨාශයේ රාජකාරි කර තිබූ පොලිස් සේවයෙහි අත්දැකීම් බහුල නිලධාරියෙකි.
 
 පොලිස් සේවයෙන් විශ‍්‍රාම යනවිට ත‍්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරනු ලැබූ සමන් යටවර මහතාගේ විශ‍්‍රාම යෑමේ උත්සවය ත‍්‍රිකුණාමලය ඕලන්ද කොටුව අභියසදී පොලිස් උත්තමාචාර මැද අභිමානවත්ව පවත්වනු ලැබීය.
 
 මෙම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට එක්වූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
 
 අද දින ශ‍්‍රී ලංකා පොලිස් සේවයෙන් විශ‍්‍රාම යන සමන් යටවර මහතා හා මම එකම අවුරුද්දෙ පොලිස් සේවයට බැඳුනේ උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැදිලා වසර 37 ක් යන විට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලබලා මේ සේවයෙන් සමුගන්න ලැබෙනවා කියන්නේ ඉතා විශිෂ්ඨ කාර්යයක්. පොලිස් සේවයේ විශිෂ්ඨයකු ලෙස ක‍්‍රියා කළ උසස් නිලධාරියෙක් සමන් යටවර කියන්නෙ. මෙතැන ඉන්න ආධුනික නිලධාරීන් ද සිතට ගන්න ඕන තමන් විශ‍්‍රාම යන විට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ‍්‍රාම යන්න. එය ලෙහෙසි පහසු එකක් නොවෙයි. මොකද ඒ ගමනේදී විශාල දුක් කම්කටොලූ රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඔබ හොඳින් දන්නවා ශ‍්‍රී ලංකා පොලිසියේ ප‍්‍රමුඛ වගකීම මොකක්ද කියලා ඒ තමයි මේ රටේ මහ ජනතාවට සේවය කිරීම, මහජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම හා මහජනතාවගේ නිදහස වෙනුවෙන් කැපවීම අපේ ප‍්‍රමුඛතම කාර්ය තමයි මේ රටේ ජනතාවගේ නිදහස ආරක්ෂා කර දීම. ඒ නිදහස ආරක්ෂා කරලා දෙන එක ලෙහෙසි පහසු එකක් නොවෙයි ඒක ක‍්‍රියාත්මක කරන්න ගියාම අපි විඳිය යුතු දැරිය යුතු දේවල් සියල්ලක්ම අභියෝගයක් ඒ සියලූ කැප කිරීම් කරලා දිනුම් කණුව ළඟට යනවා කියන්නේ විශිෂ්ඨ දෙයක්. එයයි ඔබ අද මේ දකින්නේ සමන් යටවර මහතා ඒ සියලූ දුක් කම්කටොලූවලට මුහුණ දී සාර්ථක ගමනක් ඇවිත් නික්ම යනවා. ඒක ඔබ හොඳ ආදර්ශයක් බවට පත් කරගන්න අනාගතයේදී එය ඔබට ප‍්‍රයෝජනවත් වෙයි.
 
 මෙම අවස්ථාවට මඩකලපුව හා අම්පාර දිසාවන් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙන්ම යුද හමුදා හා නාවික හමුදා ප‍්‍රධානීන්ද එක්ව සිටියහ.

සංස්‌කරණය සමන් ගමගේ

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles