Divaina - බෝයර්වරුන්ගේ දුෂ්කර ගමන හා නෙල්සන් මැන්ඩෙලාගේ බිහිවීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


 
 boyar
  පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි
 සභාපති, දේශමාමක ජාතික බලවේගය
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
දකුණු අප්‍රිකානු ජනරජය 1910 සිට 1960 දක්‌වා අඩසිය වසක කාලය පුරා හැඳින්වූයේ දකුණු අප්‍රිකානු සංගමය (UNION OF SOUTH AFRICA) ලෙසිනි. එම රජය තදබල ලෙස ලෝකයාගේ විවේචනයට ගොදුරු වූයේ එම රාජ්‍ය පාලනය ගෙන ගිය වර්ගවාදී ප්‍රතිපත්තිය (APARTHEID) හෙවත් සුදු අධිපතිවාදී (WHITE SUPREMACY) පිළිවෙත කරණ කොටගෙනය. විශේෂයෙන්ම එම වර්ගවාදී ( කළු - සුදු බේදය) පිළිවෙත දැඩිව ක්‍රියාවට නැඟෙනුයේ 1948 දී රටේ බලයට පත් වෙන ජාතික පක්‌ෂය (NATIONAL PARTY) යටතේය. ඩැනියල් මාලන් හා ජොහැන්නස්‌ ස්‌ට්‍රයිජිඩම් යන අය යටතේ දස ලක්‌ෂ 11 ක (11000000) සුදු නොවන ජනයාව දශ ලක්‌ෂ 03 ක්‌ වූ සුදු ජාතිකයන්ගේ තාඩන පීඩනයට ලක්‌ වෙමින්, මානව හිමිකම් අහිමි පිරිසක්‌ බවට පත් විය. නමුත් එම රට තුළම මෙම වර්ගවාදයට එරෙහිව සිටි සුදු හමින් යුක්‌ත ජන කොට්‌ඨාසයක්‌ ද සිටි අතර, බෝයර්වරුන් ලෙසින් හැඳින්වූ ඔවුහු දකුණු අප්‍රිකාව තුළ මුලින්ම පදිංචි වූ යුරෝපීයයන් වූ ඕලන්ද ජාතිකයන්ගෙන් පැවත එන්නක්‌ වූහ. සුදු ජනගහනය තුළ වඩාත් වේගයෙන් වර්ධනය වෙමින් සිටි ජන කොටස වූයේ ද ඔවුන්මය. බලපෑමකට නතු වීමෙන් විනා ඔවුහු තම පිළිවෙත් අතහැර දැමීමට එකඟ නොවූ පිරිසක්‌ ද වූහ.
 
 රට අභ්‍යන්තරයේ පවත්නා අරගලය ජනතාවට අයත් දෙයක්‌ නොවීය. වසර 100 ක කාලය පුරා ඔවුහු එම අරාගලය දැන සිටියහ. දකුණු අප්‍රිකවේ සුබ ප්‍රාර්ථනා තුඩුව ප්‍රථමවරට යුරෝපයත් දැක ගනුයේ ක්‍රි.වර්ෂ 1488 දීය. පෘතුගීසි නාවික බර්තොලමියුඩයස්‌ එම තුඩුව වටා යමින් ඉන්දියානු සාගරය වෙතට සිය නෞකාව යාත්‍රා කරවීය. තවත් පෘතුගීසි ගවේශකයකු වූ වස්‌කෝද ගාමා සිය ප්‍රථම මුහුදු ගමනේ දී සුභ ප්‍රාර්ථනා තුඩුවේ දී නැවතී, නැවතත් ඉන්දියාව බලා යාත්‍රා කළේය. නාවික ගවේශන කටයුතුවලදී එම තුඩුව සුරවිමනක්‌ බඳු වීම නිසා එහි වැදගත්කම වැඩි වූ අතර විශේෂයෙන්ම යුරෝපා ඉතිහාසයට වඩාත් වැදගත් විණි.
 
 ක්‍රි(වර්ෂ 1652 දී ඕලන්ද නැගෙනහිර ඉන්දියානු සමාගම නැව් ගණනාවක්‌ පුරා භාණ්‌ඩ පුරවා ගෙන කේප් ටවුන් වෙත පැමිණ, එහි පදිංචි වෙමින් දකුණු අප්‍රිකාවේ ප්‍රථම යුරෝපීය පදිංචිකරුවන් වශයෙන් ඉතිහාසයට එක්‌ වූහ. ඒ හා සමගම බෝයර් වරුන් (ඕලන්ද, බස වූ DUTCH බසින් ගොවියා යන්නයි) සුළු පිරිසක්‌ එහි වෙරළ තීරයට සංක්‍රමණය වෙමින් පදිංචි වනුයේ එම වෙරළ තීරයේ පාරම්පරිකව පදිංචිව සිටි (BUSHMEN) බුෂ්මත් හා (HOTTENTOS) හොටෙන්ටොස්‌ යන භූමි පුත්‍ර ගෝත්‍රිකයන් රට තුළට පළවා හරිමිනි.
 
 මේ අතර ක්‍රි. වර්ෂ 1685 න් පසුව ප්‍රංශයේ දාහතර වෙනි ලුවී රජු නැන්ටෙස්‌ නියෝගය අවලංගු කිරීමත් සමගම, ප්‍රංශ ප්‍රොතෙස්‌තන්ත්‍රවරුන් දකුණු අප්‍රිකාවට පලා යමින් එහි සිටි බෝයර්වරුන් සමග එක්‌ වූහ. වෙරළ තීරය ඔස්‌සේ ඇරඹූ ගොවිපළවල් වඩ වඩාත් වර්ධනය කරමින් ව්‍යාප්ත වෙද්දී අප්‍රිකානු ස්‌වදේශික ජනයා තම ගොවිබිම් වල සේවයට යොදවා ගැනීම ඔවුහු අපේක්‍ෂා කළහ අප්‍රිකානුවන් වෙතින් ඊට ලැබුණේ අයහපත් ප්‍රතිචාරයකි. නමුත් බෝයර්වරුන් ගේ ශ්‍රම අවශ්‍යතාව වඩ වඩාත් වර්ධනය විණි. එම පසුබිම තුළ බටහිර අප්‍රිකාවෙන් වහලුන් ආනයනය කිරීමට ඔවුහු සැලසුම් කළහ. එමෙන්ම ආසියාවෙන්ද වහල් මෙහෙයට ජනයා රැගෙන යැම ඇරඹූහ. අප්‍රිකානු සමාජ ව්‍යුහාත්මක ස්‌ථාපිත වීම ඉතාමත් වේගවත් විය. දැඩි අකාරුණික මසුරු එහෙත් සමෘද්ධිමත් ප්‍රොතෙස්‌තන්ත්‍රවරුන් සුළු කණ්‌ඩායමක්‌ දකුණු අප්‍රිකානු සමාජය තුළ අධිපතිත්වය හෙබවීම ඇරඹෙනුයේ මෙම පසුබිම තුළයි. ඒ අතර එම සමාජ ව්‍යුහය තුළ වඩ වඩාත් දිළිඳු ස්‌වදේශීය අප්‍රිකානුවන්ගේ ජනගහන වර්ධනයත් වේගවත් විණි. ඒ වාගේම අධ්‍යාපනයකින් තොර වූ මෙම ස්‌වදේශික ජනයාට උරුම වූයේ සුදු ජාතිකයන්ගේ කම්කරුවන් බවට පත්වීම පමණි.
 
 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ගොඩනැඟීම
 
 නැපෝලියානු යුද සමයේ දී බ්‍රිතාන්‍යයෙන් කේප් ප්‍රාන්තය වෙතට සංක්‍රමණයවීම ද ඇරඹිණි ක්‍රි.වෂ_ 1806 වන විට ප්‍රංශය හා සංධානගත ව සිටි ඕලන්ද ජාතිකයන්ගෙන් කේප් ප්‍රදේශය ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් විය ක්‍රි.වෂ_ 1807 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි වහල් වෙළෙඳාම තහනම් කිරීමත් සමගම, ඉංගී්‍රසි පාලකයන් හා බෝයර්වරු අතර වහල් වෙළෙඳාම පාදක කරගෙන ගැටුමක්‌ ඇරඹුණි. 1833 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් යටත් විජිත තුළින් වහල් මෙහෙය සපුරා තහනම් කිරීමට පියවර ගැනිණි.
 
 මේ ආකාරයට වහල් මෙහෙය අහෝසි කිරීමත් සමගම, එය ආර්ථිකමය ගැටලුවක්‌ බවට පත්විණි. ඉංග්‍රීසි කොලනි කරුවන්ගේ සංඛ්‍යාව වැඩිවත්ම භාවිතය වත් කරවීම දුෂ්කර කටයුත්තක්‌ බවට පත් විය. එම පසුබිම තුළ 1835 වන විට ඔවුහු කේaප් ප්‍රාන්තයෙන් උතුරු හා නැඟෙනහිර තැනිතලාව වෙතට සංක්‍රමණය වීම ඇරඹිණි. එය බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයෙන් පිටතා ප්‍රදේශයක්‌ වීම ගැටලු වර්ධනය කිරීමට හේතු භූත විය. එම ව්‍යාපාරය හැඳින්වූයේ (GREAT TREC) හෙවත් -"තවලම" ලෙසිනි. (TREC)යනු ඕලන්ද වචනයක්‌ වූ අතර එහි අර්ථය ගොනුන් බැඳි කරත්ත ගමනය. බෝයර්වරුන් ස්‌වදේශිකයන් හා ගැටුමක්‌ නිර්මාණය වනුයේ මෙම පසුබිම තුළය. වැඩි අපහසුතාවකින් තොරව ස්‌වදේශික ගෝත්‍රිකයන් මර්දනය කිරීමට බොයර්වරු සමත් වූහ. ඒ හා සමගම එම භූමිය තුළ ද ගොවිපලවල් ස්‌ථාපිත කිරීම ඇරඹිණි. ඉන් නොනැවතුණු ඔවුහු ට්‍රාම්ස්‌වාල්, නටාල් සහ ඔරෙන්- රාජ්‍ය ඇතුළු ජනරජ ස්‌ථාපිත කිරීමට පියවර ගත්හ. නැවත වරක්‌ සුදු ජාතිකයින් සුළු පිරිසක්‌, එකිනෙකින් දුර සිට හා වෙන්වූ මහා ගොවිබිම් තුළ දිවි ගෙවමින් බහුතරයක්‌ ස්‌වදේශික ගෝත්‍රිකයන් පාලනය කළහ.
 
 මේ අතර, 1893 දී බ්‍රිතාන්‍යයන් නටාල් ජන රජ ස්‌වදේශ අත්පත් කර ගත්තේය. එම ප්‍රදේශයේ පැවති ගල් අඟුරු නිධි මෙන්ම, උක්‌ හා දුම්කොළ වගාවට සුදුසු කදිම භූමිය ඉංගී්‍රසීන්ගේ මනදොළ සපිරීමට පොලඹවාලූ ප්‍රදේශයක්‌ විණි. බ්‍රිතාන්‍යයන්ට බෝයර්වරුන් තුළ වෛරයක්‌ ඇතිකිරීමට මෙම තත්ත්වය දැඩිව බලපෑවේය. වසර 20 ක්‌ ඇතුළත මෙම ජන කණ්‌ඩායම් දෙක අතර සබඳතා ඉතාමත්ම නරක තත්ත්වයට පත් විණි. මේ අතර ක්‍රි. වර්ෂ 1867 වන විට ඔරේන්- µ්‍රS ජනරජය තුළින් දියමන්ති හමුවීමත් සමඟම ඉංගී්‍රසීන් ඇතුළු බටහිර ධනවතුන්ද තරගකාරී ලෙසින් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වීම වඩාත් වේගවත් විය. ඊට සමගාමීවම, කේප් ප්‍රාන්තයට උතුරු දෙසින් අනාවරණය වූ දියමන්ති හා රන් නිධි තව තවත් යුරෝපීයයන් දකුණු අප්‍රිකාව වෙත සංක්‍රමණය කරවීමට දැඩි බලපෑමක්‌ ඇති විය. ක්‍රි.වර්ෂ 1886 න් පසුව එම සංක්‍රමණය වඩාත් වේගවත් කෙළේය. ට්‍රාන්ස්‌වාල් හි විට්‌වෝටර්ස්‌රුන්ඩ් රන් ආකර සොයාගනුයේද මෙම පසුබිම තුළයි.
 
 මෙම තිගැස්‌සෙන සුළු කාල පරාසය තුළ සංක්‍රමණය වූ ඉංගී්‍රsසි ජාතිකයින් අතර වඩාත් කැපීපෙනෙන පුද්ගලයා බවට පත් වූයේ ක්‍රි.වර්ෂ 1870 දී නටාල් වෙත සංක්‍රමණය සුපතළ සිසිල් රෝඩ්ස්‌
 
 (CECIL RHODES) ය. ඊළඟ වසරේදී (1871) හෙතෙම කිම්බර්ලි ප්‍රදේශයට ළඟාවීමත් සමගම ඔහු වෙත ධනය ගලා ඒම ඇරඹිණි. ඒ වන විටත් ඔහු වයස අවුරුදු විසි ගණනකට සීමා වී සිටි හෙයින්, ඊළඟ දශකය තුළ එංගලන්තයේ ඔක්‌ස්‌ෙෆෝර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උසස්‌ අධ්‍යපනය ලැබීම ද සුවිශේෂ කාරණයකි. ඉතිරි කාලය හෙතෙම ගත කළේ ට්‍රාන්ස්‌ට්‌වාල් හා ඒ අවට ප්‍රදේශ තුළ සංචාරය කිරීම උදෙසාය. එම සංචාරය තුළ දී ඔහු තුළ මෝදු වූ ප්‍රමුඛතම අදහස වූයේ මුළු මහත් දකුණු අප්‍රිකාව තුළම ඉංගී්‍රසි පාලනය ස්‌ථාපිත කිරීමය. පසුකාලීනවම -ශේ්‍රෂ්ඨතම අධිරාජ්‍යය ගොඩනඟන්නා නමැති විරුදාවලියෙන් ද පිදුම් ලැබූ රෝඩ්ස්‌, 1881 දී කේප් කොළනි පාර්ලිමේන්තුවට ඇතුළු විය. එහිදී බ්‍රිතාන්‍ය බලය දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශය කරා ව්‍යාප්ත කිරීමේ ඔහුගේ යෝජනාවට බහුතර සහාය ලැබුණි.
 
boyar2ඒ අනුව ට්‍රාන්ස්‌වාල් ප්‍රදේශයට වයඹ දෙසින් පිහිටි බෙචුවානාලන්තය ද ඈඳා ගැනීම සිදු කෙරෙනුයේ 1884 දී ය. එම භූමිය සුවිශාල හා සරුසාර වීමත් සුවිශේෂ කාරණයකි. එහි පරිපාලනය භාර කෙරුණේ කථානායක සිසිල් රෝඩ්ස්‌ වෙතය. 1888 දී හෙතෙම ඊට යාබද සුවිශාල ප්‍රදේශයක්‌ ද බෙචුවානාලන්තයටම ඈ¹ ගැනීමට කටයුතු කළේය. පසු කලෙක රොඩේසියාව බවටත් අනතුරුව වර්තමානයේ සිම්බාබ්වේ බවටත් පත්වනුයේ මෙම සරුසාර මෙන්ම සුවිශාල ප්‍රදේශයයි. 1890 දී හෙතෙම කේප් කොලනිහි අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. වසර 06 ක්‌ පුරා එහි ආඥාදායක පාලනයක්‌ ගෙන යැමට රෝඩ්ස්‌ පෙළඹෙනුයේ මෙම පසුබිම තුළයි.
 
 බ්‍රිතාන්‍ය පාලනය නිරිත දිග අප්‍රිකාව හෙවත් වත්මන් මොසැම්බික්‌ ප්‍රදේශය දක්‌වා ව්‍යාප්ත කිරීම සිදු කෙරෙනුයේ ඉන් අනතුරුවයි. ඉංගී්‍රසීන්ගේ ප්‍රමුඛතම තරගකරුවන්ව සිටි ප්‍රංශය හා ජර්මනිය ඉහළ නයිල් නිම්නයේ උගන්ඩා හා සැන්සිබාරය ඉංග්‍රීසීන්ට භාර කරන අතර, 1895 දී කෙන්යා වේ ආරක්‍ෂාවත් තමන්ට පවරා ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ. ඊජිප්තුවේ ද ආධිපත්‍යය දැරීමට කටයුතු කළ බ්‍රිතාන්‍යයන්, 1899 වන විට සුඩානයත් අත්පත් කරගත්තේ ය. සිසිල් රෝඩ්ස්‌ගේ ප්‍රමුඛතම සිහිනයක්‌ වනුයේ සුබ පැත්මේ තුඩුවේ සිට ඊජිප්තුවේ කයිරෝ නගරය දක්‌වා දැවැන්ත දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීම මගින් බ්‍රිතාන්‍යයන් සතු අප්‍රිකාවේ සමස්‌ත භූමියම යා කිරීම ය.
 
 නමුත් බ්‍රිතාන්‍යන් හමුවේ මුරණ්‌ඩු බොයර් කටුව තවමත් දක්‌නට විණි. ක්‍රි.වර්ෂ 1877 දී ට්‍රාන්ස්‌වාල් ජනරජය අත්පත් කරගැනීමට ඉංග්‍රීසීන් කටයුතු කරනුයේ, ස්‌වදේශිකයන් සම්බන්ධයෙන් බෝයර්වරුන් අනුගමනය කළ පිළිවෙත ප්‍රදේශයේ සාමයට අනතුරුදායක ලෙසින් බලපානු ඇති බවට වූ හැඟීම කරණකොටගෙනය. වසර දෙකකට පසුව බිහිසුණු සුළු ගෝත්‍රිකයන් වෙතින් බී්‍රතාන්‍යයින්ට තදබල චෝදනාවක්‌ එල්ල විණි. ස්‌වදේශීක සුලු ගෝත්‍රිකයන් ගේ චෝදනාව වූයේ බෝයර්වරුන්ට උදව් කරන බවයි. බෝයර්වරුන් සුළු ගෝත්‍රික ජනයාගේ සතුරු පාර්ශ්වයක්‌ බවට පත්ව තිබුණි. මේ අතර ක්‍රි. වර්ෂ 1880 දී බෝයර්වරු ඉංගී්‍රසි ආධිපත්‍යයට එරෙහිව සටනක්‌ අරඹමින් සිය නිදහස සාක්‍ෂාත් කර ගැනීමට ද සමත් වූහ.
 
 මේ අතර රන් නිධි පදනම් කරගෙන 1886 වන විට ට්‍රාන්ස්‌වාල් ප්‍රදේශයට ගලා ආ ඉංගී්‍රසි ජාතිකයන් ඇතුළු විදේශිකයන් අතට ධනය ගලා ඒමට විය. නමුත් රජය තුළ ඔවුන්ගේ හඬ නියෝජනය කිරීමට බෝයර්වරුන් ඉඩ නොදිමත් සුවිශේෂ කාරණයකි. ඒ වාගේම බදු අය කිරීම් මගින් ඔවුන්ට වෙනස්‌ කොට සැලකීම ද බෝයර්වරු කටයුතු කළහ. ට්‍රාන්ස්‌වාල් රජයේ මෙම ක්‍රියාකලාපය සිසිල් රෝඩ්ස්‌ ගේ කෝපය වර්ධනය කිරීමට හේතු විය. එම පසුබිම තුළ හෙතෙම විදේශිකයන් හා එක්‌ව ට්‍රාන්ස්‌වාල් හි බෝයර්වරුන්ගේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කළේය. ක්‍රි.වර්ෂ 1896 දී වෛද්‍ය ලීන්ඩර් මේසන් ඇරඹූ කැරැල්ල අසාර්ථක කිරීමට බෝයර්වරු සමත් වූහ. පසුව රොඩේසියාවේ පරිපාලන තනතුරට පත් වූයේ ද මෙම අපූරු වෛද්‍යවරයාය මෙම අසාර්ථක කැරුල්ලට අනුග්‍රහය දැක්‌වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයෙන් මෙන් ම, දකුණු අප්‍රිකානු පාලනයෙන්ද රොඩ්ස්‌ට දැඩි විවේචන එල්ල විණි. විදේශිකයන් බහුතරයකගේ අපේක්‍ෂාව වූයේ ට්‍රාන්ස්‌වාල් නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත් කර ගැනීමට හැකි වනු ඇති බවයි. කොහොම නමුත් එම කැරැල්ල සම්බන්ධයෙන් චෝදනාවට ලක්‌ වූ වෛද්‍ය ෙ-ම්සන් හා ඔහුගේ අනුගාමිකයින්ට එරෙහිව බ්‍රිතාන්‍යය තුළ නඩු විමසා බන්ධනාගාරගත කෙරුණි. ඒ වාගේම, කේප් කොලණි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිසිල් රෝඩ්ස්‌ට සිදු විය. එය සිදු වූයේ ද බලපෑම් මතය.
 
 ජෙම්සන් ගේ ක්‍රියාකලාපය බ්‍රිතාන්‍යය හා ජර්මනිය අතර සබඳතා පළුදු කිරීමට හේතු විණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ජර්මනියත් බෝයර්වරුන්ට සහාය දීමට පෙළඹුණි. එමගින් ජර්මනිය ද අපේක්‍ෂා කළේ දකුණු අප්‍රිකානු මහා භූමිය තුළ බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයට ව්‍යාප්ත කිරීම අඩාල කිරීම ය. එම සිද්ධිය දකුණු අප්‍රිකාව තුළ ඉංගී්‍රසීන් හා ඕලන්ද ජාතිකයන් අතර සබඳතා බිඳවැටීමට ද හේතුdකාරක විය. ට්‍රාන්ස්‌වාල් රජය තුළ විදේශික සහභාගිත්වය ලබා ගැනීමට විදේශිකයන් හා බෝයර්වරුන් අතර එකඟතාවක්‌ ඇති කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව, දෙපාර්ශවයම යුද්ධයට ම සූදානම් වනුයේ මෙම පසුබිම තුළය. දෙපාර්ශ්වයම යුද ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයකින් පසු වූහ. ඕලන්ද ජාතිකයන්ට එම විශ්වාසය ඇති වූයේ වසර 20 කට පෙර සිය නිදහස්‌ සටන ජයග්‍රාහී ලෙස නිමා කර ගැනීමට හැකි වූ සිද්ධිය ස්‌මරණය කරමිනි. ඒ වාගේම බ්‍රිතාන්‍යයන් ගේ ආකල්පය වූයේ කුඩා ගොවීන් කණ්‌ඩායමකට දිගු කාලීන සටනක්‌ සිදු කළ නොහැකි බවය.
 
 ක්‍රි.වර්ෂ 1899 ඔක්‌තෝබර් 12 වැනිදා දකුණු අප්‍රිකානු යුද්ධය හෙවත් -බෝයර් යුද්ධය අරඹමින්, ට්‍රාන්ස්‌වාල් හා ඔරේන්- ෆ්‍රී රාජ්‍යයන් බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනුයේ මෙම පසුබිම තුළය. වඩාත් දීර්ඝ මෙන්ම, ඉංගී්‍රසීන් වඩාත් කෝපයට පත් කළ යුද්ධයක්‌ ලෙසටත් එය ඉතිහාසයට එක්‌ වූ බව ඉතිහාසඥ වෝල්ටර් කොහන් (GREAT EVENTS IN WORLD HISTORY) ග්‍රන්ථයට ලිපියක්‌ ඉදිරිපත් කරමින් කියා සිටී. ප්‍රථමයෙන් තදබල පසුබෑමක්‌ ඔවුන්ට අත්කර දුන්නත්, 1900 වනවිට තත්ත්වය වෙනස්‌ වූයේ ආධාරක හමුදා බල ඇණි බ්‍රිතාන්‍යයෙන් ළඟා වූ හෙයිනි. සුවිශාල ඉංගී්‍රසි හමුදා හමුවේ ට්‍රාන්ස්‌වාල් හා ඔරේන්- ෆ්‍රී රජ්‍ය හමුදාවෝ පසුබෑමට විය. කෙටි කාලයක්‌ තුළ දී සටන ජයග්‍රණය කරා මෙහෙය වීමට ඉංගී්‍රසි හමුදාවන්ගේ ප්‍රධාන අණදෙන නිලධාරී එන්. එස්‌. රොබට්‌ස්‌ සමත් විණි. යුද්ධය පූර්ණ වශයෙන් නිමා කිරීම සිය සහායකයා වූ හොරේෂියෝ කිචෙනර් වෙත භාර කළ රොබට්‌ස්‌ නැවතත් එංගලන්තය බලා පිටත් විය. නමුත් ඒ අතරතුර බෝයර්වරුන් යුරෝපයේ ඉංගී්‍රසි විරෝධී රාජ්‍යයන් වෙතින් ආධාර ගෙන්වා ගැනීමට සමත් විය. පෝල් කෲගර්,ලුවිස්‌ බෝතා හා ජාන් ක්‍රිස්‌ටියන් ස්‌මුට්‌ස්‌ යන අයගේ නායකFවයෙන් යුත් එම හමුදාවෝ ඉංග්‍රීසීන්ට එරෙහිව දීර්ඝ කාලීන ගරිල්ලා මාදිලියේ යුද්ධයකට මුල පිරූහ. බ්‍රිතාන්‍ය හමුදාවන්ට සැඟවී පහරදීම්, සන්නිවේදනය කපා හැරීම් මෙන්ම ඉංගී්‍රසි හමුදා නායකයන් දකුණු අප්‍රිකාවට ඇලුම් නොකිරීමත් මත බොයර්වරුන්ගේ ගරිල්ලා හමුදා පාලනය කර ගැනීමට අසමත් විණි. අවසානයේ ඒ වනවිට ඉංගී්‍රසි හමුදාවන්ට නායකFවය දුන් කිචෙනර් සිය හමුදාවන් බෝයර් පාලන ප්‍රදේශ තුළ විසුරුවා හැරීමට පියවර ගත්තේය. ඒ ආකාරයට විසුරුවා හළ හමුදා යොදවමින් ගරිල්ලා බෝයර්වරුන් පමණක්‌ නොව, ඔවුන්ගේ බිරින්දෑවරුන් ද වැටලීමට කටයුතු කළේය. එසේ අත්අඩංගුවට ගත් බෝයර් ගැහැනුන් මිනිසුන් හා ළමයින් කඳවුරු තුළ ගාල් කළහ. ඒ ආකාරයට කිසිදු පහසුකමකින් තොර කඳවුරු තුළට ගාල් කළ බෝයර්වරු වසංගත රෝගවලට ගොදුරුව විශාල වශයෙන් මරණයට පත් වූහ.
 
 වසරකට පසුව අවසානයේ බෝයර්වරු බ්‍රිතාන්‍ය හමුදාවන්ට යටත් වූහ. ඒ අනුව ක්‍රි.වර්ෂ 1902 මැයි මාසයේදී වෙරිනිජින්හිදී සාම ගිවිසුමකට දෙපාර්ශ්වය එළඹුණහ. එම ගිවිසුම ප්‍රකාරව, ට්‍රාන්ස්‌වාල් හා ඔරේන්- µ්‍රS ස්‌ටේට්‌ රාජ්‍යයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටස්‌ බවට පත් විය. ඒ වාගේම, යුද්ධයෙන් බෝයර්වරුන්ට සිදුවූ අලාභය සළකා බ්‍රිතාන්‍ය පවුම් තිස්‌ ලක්‌ෂයක මුදලක්‌ බෝයර්වරුන්ට ගෙවීමටත් බ්‍රිතාන්‍ය රජය කටයුතු කළේය. ඊට අමතරව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ස්‌වයං පාලන ප්‍රදේශ වශයෙන් එම රාජ්‍යයන් දෙක පවත්වාගෙන යැමේ වරමත් බෝයර්වරුන්ට හිමි කෙරිණි. එම පොරොන්දු ඉටු කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කෙළේය. ට්‍රාන්ස්‌වාල් හි ප්‍රදේශයට ක්‍රි.වර්ෂ 1906 දී ස්‌වයං පාලන බලතල හිමි වුණි. ඔරේන්- ෆ්‍රී රාජ්‍යයට ස්‌වයං පාලන බලය හිමි වනුයේ 1908 දීය.
 
 1908 දී කේප් කොළණි රාජ්‍යයටත් බෝයර්වරුන්ගේ ප්‍රමුකවයෙන් යුත් නව පාලනයක්‌ ස්‌ථාපිත කෙරිණි. ඉන් අනතුරුව, එම රාජ්‍යයන් තුන (03) හා නටාල් රාජ්‍යය එක්‌ව දකුණු අප්‍රිකානු සංගමය ගොඩනැඟීම කෙරෙහි යොමු වුණි. ක්‍රි.වර්ෂ 1910 දී (UNION OF SOUTH AFRICA) දකුණු අප්‍රිකානු සංගමය ස්‌ථාපිත කෙරිණි.
 
 එම සංගම් රාජ්‍යය බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්‌ඩලය බිහිවීමෙන් පසුව එහි සාමාජිකත්වය ලැබීය. නමුත් දේශීය කටයුතු පාලනය එම ප්‍රාන්ත රජ්‍යයන් මගින් සිදු කෙරිණි. ජාතික කටයුතුවලදී බ්‍රිතාන්‍යය රජය මැදිහත් වූයේ (FREDERAL GOVERNMENT) සන්ධීය රාජ්‍යයක භූමිකාව රඟ දක්‌වමිනි.
 
 ක්‍රි.වර්ෂ 1910 න් පසුව බෝයර්වරුන් හා බ්‍රිතාන්‍යයන් අතර සම්ප්‍රදායික ආකාරයට පොරොන්දු කඩ කිරීම් දක්‌නට විය. බෝතා විසින් දකුණු අප්‍රිකානු පක්‌ෂය ආරම්භ කළ අතර, ස්‌මුට්‌ස්‌ විසින් එය ඉදිරියට ගෙන ගියේය. එය මහා බ්‍රිතාන්‍යය සමග සුහදත්වය රැක ගනිමින් අභ්‍යන්තර පාලන කටයුතු පවත්වාගෙන ගියේය. ක්‍රි(වර්ෂ 1914 දී (NATIONALIST PARTY) ජාතික වාදීන්ගේ පක්‌ෂය ද දකුණු අප්‍රිකානු සංගම් දේශපාලනයට ප්‍රවිෂ්ට වනුයේ ස්‌මුට්‌ලාගේ පක්‌ෂයට තරගයක්‌ දෙමිනි. එහි නිර්මාතෘවරයා වූයේ ෙ-.බී හැරස්‌ටොග් ය. බ්‍රිතාන්‍යයෙන් පූර්ණ වශයෙන් නිදහසත් බෝයර් වරුන්ගේ ආධිපත්‍යයත් එම පක්‌ෂයේ අරමුණු අතර කැපී පෙනුණි.
 
 ස්‌මුට්‌ගේ අවශ්‍යතාව වූයේ පළමු හා දෙවැනි ජගත් සංග්‍රාමවලදී බ්‍රිතාන්‍ය පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටීමය. ඒ සඳහා හෙතෙම බලපෑම් කළේය. ඒ අතර බෝයර්වරුන් උත්සුක වූයේ දකුණු අප්‍රිකානු සංගමයේ පාලන බලය අත්පත් කර ගැනීම උදෙසාය. 1948 දී පැවති මහ මැතිවරණයේ දී දකුණු අප්‍රිකානු සංගම් පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගැනීමට බෝයර් පාක්‌ෂික (MALAN) මලාන් සමත් වනුයේ මෙම පසුබිම තුළය.
 
 දහනව වැනි සියවසට සාපේක්‌ෂව, විසිවැනි සියවසේදී බෝයර් - බ්‍රිතාන්‍යයන් අතර ගැටුම් ඉතාමත් අවම මට්‌ටමකට ළගා විණි. ක්‍රි.වර්ෂ 1960 දී දකුණු අප්‍රිකානු ජනයා දකුණු අප්‍රිකානු සංගමය ජනරජයක්‌ බවට පත්කිරීමට සිය ඡන්ද බලය භාවිත කළහ.
 
 දකුණු අප්‍රිකානු ජනරජය මගින් ද වර්ගවාදී පාලනයක්‌ ගෙන යැම නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් කිහිපවරක්‌ම තහංචි (සම්බාධක) පැනවීම ද සිදු කෙරුණි.
 
 හැටේ දශකයේ දී ස්‌වදේශීය කළු ජනයා එක්‌ව අප්‍රිකානු කොංග්‍රස්‌ සංවිධානය පිහිටුවා ගනිමින් වර්ගවාදී සුළු පාලනයට එරෙහිව ගරිල්ලා සටනක්‌ ඇරඹූහ. නෙල්සන් මැන්ඩෙලා නමැති කළු තරුණයාද එම ගරිල්ලා ව්‍යාපාරයේ නායකයකු වශයෙන් සටන් කරද්දී, 1962 වසරේදී සුදු පාලක හමුදා අතට පත්ව ජීවිතක්‌ෂය දක්‌වා බන්ධනාගාරගත කෙරුණි. නමුත් බහුතර කළු ජාතීන්ගේ වර්ගවාදී ධවල පාලනයට එරෙහිව අඛණ්‌ඩවම දේශපාලන තලයේත්, රාජ්‍ය තාන්ත්‍රික තලයේත්, ප්‍රචාරක තලයේත්, අරගල උද්ඝෝෂණ හා සටන් වශයෙන් ද ගෙන යැමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් 1988 දී මැන්ඩෙලාට නිදහස ලබාදුන් අතර වර්ගවාදී සුදු පාලනය නිමා කිරීමට ජනාධිපති ක්‌ලාක්‌ගේ පාලන සමය තුළදීම සමත් විය. ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා බවට පත් වනුයේ නෙල්සන් මැන්ඩෙලාය. 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles