Divaina - ජාතියකට පාඩමක්‌ කියාදුන් බර්ලින් කාටුන් - කාටුන් කියෑවීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new


 
 
 රුවන් තරස්‌වින්
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
හේන්ඩි්‍රයන් ඔගස්‌ටස්‌ අධිරාජයා විසින් ක්‍රි.ව. 117 දී "හේන්ඩි්‍රයන් ප්‍රාකාරය" සෑදුවේ, රෝමය එංගලන්තය යටත් විජිතයක්‌ ලෙස පාලනය කළ කාලයේදී ස්‌කොට්‌ලන්තයෙන් උතුරු ගෝත්‍ර ඒම වැළැක්‌වී ම සඳහාය. එම ප්‍රාකාරය සැතපුම් 74 ක්‌ දිගු විය. ඔහුගේ අභාවයෙන් පසු රජවූ ඔහුගේ පුත් ඇන්ටෝනස්‌ පියුස්‌ ක්‍රි.ව. 142 දී සැතපුම් 39 ක්‌ දිග "ඇන්ටෝනස්‌ ප්‍රාකාරය" සෑදුවේ දකුණු එංගලන්තයේය. එහෙත් ඒවාට උඩින් උතුරු ගෝත්‍රිකයෝ පැන ඇවිත් විටින් විට සටන් කර රෝම පාලනය අඩපණ කර දැමූහ.
 
 ක්‍රි.පූ. 770 දී සැතපුම් 13170.7 ක්‌ (කි.මී. 21196.8) දිග චීන මහා ප්‍රාකාරය සෑදීමට පටන් ගත්තේ චීනයට නිතර නිතර සිදුවූ මොංගෝලියානු ආක්‍රමණවලින් බේරීමටය. එහෙත් මේ ප්‍රාකාරය උඩින් විටින් විට මොංගෝලියානුවන් පැමිණ චීනයට ප්‍රහාර එල්ල කළේය.
 
 ඊශ්‍රායල් පලස්‌තීන අරගලය බොහෝ කාලාන්තරයක්‌ තිස්‌සේ පැවැතෙන්නෙකි. ඊශ්‍රායලය පලස්‌තීන සටන්කාමීන්ගෙන් බේරීමට සහ තම දේශ සීමා ආරක්‍ෂා කිරීමට තාප්පයක්‌ ඉදිකර ඇත. මේ අතර මෙක්‌සිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඇතුළු වීම වැළැක්‌වීමට මේ දිනවල ඇමරිකාවද, ඇමරිකා-මෙක්‌සිකෝ දේශ සීමාවේ තාප්ප වැටක්‌ ඉදිකිරීමට පටන්ගෙන ඇත.
 
 මේ සියලු ප්‍රාකාර සාදා ඇත්තේ තම රටට පැමිණෙන අනවසර විදේශිකයන්ගෙන් තම රට ආරක්‍ෂා කිරීමටය. එහෙත් ජර්මනියේ "බර්ලින් තාප්පය" (Berlin Wall) සාදා තිබුණේ එකම රටක එකම ජාතියක්‌ බෙදා වෙන් කිරීම සඳහාය. බර්ලින් යනු ජර්මනියේ අග නගරයයි. මෙම තාප්පය එම නමින් හැඳින්වේ.
 
 1939 දී දෙවැනි ලෝක මහා යුද්ධය ආරම්භ විය. 1945 දී ජර්මනියේ හිට්‌ලර් ආඥදායක පාලකයා සතු බලය පිරිහී ගොස්‌ ජර්මනිය යුද්ධයෙන් අන්ත පරාජයකට පත්වී එම වර්ෂයේ මැයි 7 දා ජර්මනිය කොන්දේසි විරහිතව යටත් විය. යුද්ධයෙන් පසු ඇමරිකාවත්, බ්‍රිතාන්‍යයත්, ප්‍රංශයත්, සෝවියට්‌ සමාජවාදී සංගමයත් එකතුවී ජර්මනිය බෙදා පාලනය කිරීමට එකඟතාවක්‌ ඇතිකර ගත්තේය. ඒ අතර ජර්මනිය නැගෙනහිර හා බටහිර යන කොටස්‌ දෙකකට බෙදී ගිය අතර නැගෙනහිර කොටස පාලනය කළේ සෝවියට්‌ දේශයයි. බර්ලින් තාප්පය සෑදීමට ප්‍රථම නැගෙනහිර ජර්මානුවන් මිලියන 3.5 ක්‌ බටහිර ජර්මනියට සංක්‍රමණය විය. බොහෝ දෙනෙක්‌ නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය හරහා වෙනත් යුරෝපීය රටවල පදිංචියට ගියහ. 1961 සිට 1989 දක්‌වා කාලය තුළ මෙම "බර්ලින් තාප්පය" එවැනි සංක්‍රමණිකයන් සියල්ලන්ම පාහේ වළකාලීය.
 
 යුද්ධයෙන් පසු වසර දෙකක්‌ ඇතුළත ජර්මනියේ වාඩිලාගෙන සිටි බලවතුන් අතර දේශපාලන බෙදීම් වැඩිවිය. පශ්චාත් යුද සමයේ ජර්මනිය ස්‌වයංපෝෂිත කිරීම සඳහා වූ ප්‍රතිසංස්‌කරණ සැලසුම්වලට එකඟ වීමට සෝවියට්‌වරු ප්‍රතික්‍ෂේප කිරීම සහ කාර්මික කර්මාන්ත ශාලා, භාණ්‌ඩ හා යටිතල පහසුකම් පිළිබඳ සවිස්‌තරාත්මක ගණනය කිරීම මෙයට ඇතුළත් විය. එක්‌සත් ජනපදය හා බෙනෙලක්‌ස්‌ Benelux රටවල් (බෙනෙලක්‌ස්‌ රටවල් යනු බෙල්ජියම, නෙදර්ලන්තය හා ලක්‌සම්බර්ග් යන රටවල් එකතුවේ පොදු කණ්‌ඩායම) පසුව ජර්මනියේ සෝවියට්‌ නොවන කලාප ඒකාබද්ධ කොට ප්‍රතිසංස්‌කරණය සඳහා එක්‌ කලාපයක්‌ බවට පත් කිරීමට මාෂල් සැලැස්‌ම (Martial යුද්ධයට යෝග්‍ය) දීර්ඝ කිරීම අනුමත කිරීමට රැස්‌විය.
 
 සෝවියට්‌ නායක ජෝශප් ස්‌ටාලින් කල්පනා කළේ වසර දෙක තුනක්‌ ගතවන විට ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් ජර්මනියේ වාඩිලා ගැනීම අවසන් කර ඔවුන් ඉවත්ව ගිය පසු එක්‌සත් කොමියුනිස්‌ට්‌ ජර්මනියක්‌ සෑදීමටය. එයට පියවරක්‌ වශයෙන් නැගෙනහිර ජර්මනියේ දේපළ, කර්මාන්ත ශාලා ජනසතු කරන ලදී. 1948 දී ස්‌ටාලින් විසින් බර්ලින් අවහිර කිරීම ආරම්භ කරන ලදී. බටහිර බර්ලිනයට ආහාර ද්‍රව්‍ය හා සැපයුම් පැමිණීම වළක්‌වනු ලැබීය. මේ අතර ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය සහ තවත් රටවල් දැවැන්ත ගුවන් ගමනක්‌ ආරම්භ කළ අතර බටහිර බර්ලිනයට ආහාර හා වෙනත් ද්‍රව්‍ය සැපයීය. ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයද (නැගෙනහිර ජර්මනිය) 1949 ඔක්‌තෝබර් 7 වැනි දින ප්‍රකාශයට පත්කරන ලදී. නැගෙනහිර ජර්මනියට වඩා බටහිර ජර්මනියේ ආර්ථික වර්ධනය හා ජීවන තත්ත්වය බොහෝ උසස්‌ වූ අතර නැගෙනහිර ජර්මානුවන්ට බටහිර ජර්මනියට යැමට අවශ්‍ය විය.
 
 1952 අප්‍රේල් 1 වැනි දින නැගෙනහිර ජර්මානු නායකයන් සෝවියට්‌ නායක ජෝශප් ස්‌ටාලින්ව මොස්‌කව්හිදී හමුවිය. සාකච්ඡාව අතර තුර ස්‌ටාලින්ගේ විදේශ ඇමැති වයිචෙස්‌ලාව් මොලොටොව් නැගෙනහිර ජර්මානුවන් බටහිර ජර්මනියට යනවා නම් "පාස්‌ ක්‍රමයක්‌" හඳුන්වා දීමට යෝජනා කළේය. ස්‌ටාලින් එයට එකඟ විය. එහිදී ඔහු සඳහන් කළේ නැගෙනහිර හා බටහිර ජර්මනිය අතර මායිම් වෙන් කිරීමේ රේඛාවක්‌ ස්‌ථාපිත කළ යුතු බවය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජර්මානු රාජ්‍යයන් දෙක අතර අභ්‍යන්තර දේශ සීමාව වසා දමා කටුකම්බි වැටක්‌ ඉදිකරන ලදී. මේ අනුව සෝවියට්‌ හා බටහිර අංශ අතර ගමනාගමනය තරම0ක්‌ සීමා කරවූ අතර බර්ලිනයේ බටහිර හා නැගෙනහිර අතර දේශ සීමාව විවෘතව පැවැතිනි. 1957 දෙසැම්බර් 11 වැනි දින නැගෙනහිර ජර්මනිය නව විදේශ ගමන් බලපත්‍ර නීතියක්‌ හඳුන්වා දුන් අතර එය නැගෙනහිර ජර්මනියෙන් පිටවන සමස්‌ත සරණාගතයන් සංඛ්‍යාව අඩු කළේය.2
 
 1961 අගෝස්‌තු 1 වැනි දින සෝවියට්‌ සංගමයේ නායක "නිකිටා කෘෂ්චෙව්" සහ ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (G.D.R) පළමු ලේකම් වෝල්ටර් උල්බ්‍රිච්ට්‌ අතර දුරකථන ඇමතුමකින් ඇඟවූයේ තාප්පයක්‌ ඉදිකිරීමේ මුල පිරීම කෘෂ්චෙව් වෙතින් පැමිණි බවයි. කෙසේ වෙතත් නැගෙනහිර ජර්මනියේ පැවැත්ම අවදානමට ලක්‌වී ඇති බවට තර්ක කරමින් උල්බ්‍රිච්ට්‌ සෑහෙන කාලයක්‌ තිස්‌සේ දේශ සීමාව වැසීමට පියවර ගෙන තිබුණි. 1961 අගෝස්‌තු 12 වැනිදා G.D.R නායකයන් ඩොල්න්ස්‌ හි රජයේ උද්‍යාන සාදයකට සහභාගි වූහ. එහිදී උල්බ්‍රිච්ට්‌ විසින් දේශ සීමාව වසා පවුරක්‌ ඉදිකිරීමේ නියෝගයට අත්සන් තැබූහ.
 
 එක්‌ මධ්‍යම රාත්‍රියකදී නැගෙනහිර ජර්මානු පොලිසිය සහ හමුදා ඒකක දේශ සීමාව වසා දැමීමට පටන් ගත් අතර 1961 අගෝස්‌තු 13 වන ඉරිදා උදැසන වන විට බටහිර බර්ලීනයේ දේශ සීමාව වසා දමන ලදී. නැගෙනහිර ජර්මානු හමුදා සහ කම්කරුවන් දේශ සීමාව දිගේ හරහට දිවෙන වීදි හරහා අගල් කැපීමට පටන් ගත් අතර වාහන ගමනාගමනය නැවතුණි. ඉන්පසු බටහිර අංශ තුන වටා කිලෝ මීටර් 156 ක්‌ (සැතපුම් 97) දුරින් කටුකම්බි වැටවල් ගසා ජර්මනිය දෙකට බෙදූ අතර ඒ අගෝස්‌තු 13 වැනි ඉරිදා දිනය "කටුකම්බි ඉරිදා" (Barbed Wire Sunday) ලෙස හැඳින්වේ. මේ බාධකය නැගෙනහිර ජර්මනියේ භූමිය තුළ ඉදිකර ඇති අතර එය කිසිදු අවස්‌ථාවකදී බටහිර හෝ නැගෙනහිර ජර්මන් භූමි එකිනෙකා ආක්‍රමණය නොකිරීමට වගබලා ගත්තේය. දේශ සීමාවෙන් බෙදුනත් එය එකම රටක එකම ජාතියකි.
 
 පසුව මෙම කම්බි වැට කොන්ක්‍රීට්‌ තාප්පයක්‌ ලෙස වැඩිදියුණු විය. පළමු විශාල කොන්ක්‍රීට්‌ කුට්‌ටි අගෝස්‌තු 17 වැනි දින සිට දේශ සීමාව හරහා තැබීමට පටන් ගත් අතර මේ එකම රට ඒ විශාල කොන්ක්‍රීට්‌ තාප්පයෙන් දෙකඩ විය. තාප්පයේ උස මීටර් 3.6 (අඩි 11.8) විය. නැගෙනහිර ජර්මනිය පැත්තෙන් තාප්පයට මෙහායින් මායිම දිගේ විශාල කටුකම්බි හා දම්වැල් වැටවල්වලින් යුක්‌ත විය. එහි බිම් බෝම්බ සහ ස්‌වයංක්‍රීය ගිනි අවි සවිකර තිබුණි. පුහුණු කරන ලද මිනී කන සුනඛයන් වැටවල් අතර අත්හැර දමා තිබුණේ නැගෙනහිර සිට බටහිරට තාප්පය හරහා පැන යන අය ඇල්ලීමටය. පැය 24 පුරාම හමුදා මුර සේවාවවල් යෙදවීය. රාත්‍රියට දීප්තිමත් ආලෝක කදම්බ තාප්පය හරහා ගමන් කළේය. තාප්පය දිගටම බංකර් හා මුරකුටිවලින් සමන්විත විය.
 
 මෙම තාප්පය නිසා ජර්මනියේ බොහෝ පවුල් බෙදී ගියේය. මව, පියා, දරුවන් බටහිර සිටියදී සීයා, ආච්චි, නෑදැයින් නැගෙනහිරට කොටුවිය. කිසිදා ඔවුන්ට මුණ ගැසීමට නොහැකි විය. බටහිර රටවල සේවය කළ නැගෙනහිර ජර්මන්වාසීන් එම රටවලින් ඉවත් කළේය. එම නිසාද නැගෙනහිර ජර්මනිය හුදකලා විය.
 
 1962 ජුනි මාසයේදී නැගෙනහිර ජර්මානු භූමියේ මීටර් 100 ක්‌ දුරින් සමාන්තර වැටක්‌ ඉදිකළේය. වැට සහ තාප්පය අතර තිබූ නිවාස කඩා ඉවත්කර එහි වැසියන් නැවත පදිංචි කළේය. එම සමාන්තර තීරුව "මරණ තීරුව" (Death Strip) ලෙස හැඳින්විණි. මරණ තීරුව වැලි හා බොරළුවලින් වැසී තිබිණි. ඒ පැන යන අයගේ අඩි පාරවල් සටහන් වීමටය. මරණ තීරුව මත එල්ලෙන බැල්කනි සහිත මුර කුලුනු 116 කට වැඩි සංඛ්‍යාවක්‌ තිබිණි. බංකර 20 කි. බිත්තිවල අවවාද, ඡායාරූප සහිතව බහුලව ද0ක්‌නට ලැබිණි. තාප්පයේ පිටත නඩත්තු කටයුතු කෙරුණේ ඉනිමග හරහා හෝ බිත්තියේ සැඟවුණු දොරවල් හරහාය. ෙ2මම දොරවල් තනි පුද්ගලයෙකුට ඇරීමට නොහැකි අතර එය යතුරු දෙකක්‌ සහිත විය.
 
 නැගෙනහිර හා බටහිර දේශ සීමා කපොළු නමයක්‌ තිබුණි. ඒ බටහිර බර්ලින්වරු, බටහිර විදේශිකයන් හෝ සමාජවාදී රටවල පුරවැසියන්ට කලාප දෙක අතර ගමන් කිරීමටය. ඒවාට වෙනම බලපත්‍ර අවශ්‍ය විය.
 
 නැගෙනහිර ජර්මනියේ තිබූ කොමියුනිස්‌ට්‌ පාලනයට එහි විසූ ජර්මන් ජනතාව කැමති නොවීය. තාප්පය හරහා බටහිර ජර්මනියට විවිධ උපක්‍රම මගින් පැන යැමට ඔවුන් උත්සාහ කළ අතර මේ නිසා බොහෝ මරණ සිදුවිය. වායු බැලුන් මගින්, උමං හාරා ඒ මගින්, වාහන තාප්පයට හප්පා එය කඩා දමා පිටවීම වැනි බොහෝ උපක්‍රම කළ නමුත් ඒවා එකින් එක අසාර්ථක වී අත්අඩංගුවට පත්වීම් හෝ මරණ ඇතිවිය. කෙසේ වුවද තාප්පය තිබූ කාලය අතරතුර මිනිසුන් 5000 ක්‌ පමණ බටහිර බර්ලිනයට සාර්ථකව පලා ගියහ. 1961 අගෝස්‌තු 15 දින බටහිර බර්ලිනයට කටුකම්බි වැට පැන ගිය පළමු නැගෙනහිර ජර්මානුවා වූයේ කොන්රාඩ් ෂූමන්ය. 1961 අගෝස්‌තු 22 ඉඩා සික්‌මන් බර්ලින් තාප්පයෙන් පැන යැමට ගොස්‌ තුවාල වූ පළමු තැනැත්තා විය. 1961 අගෝස්‌තු 24 දින බටහිර ජර්මනියට පැන යැමට උත්සාහ කළ විට වෙඩි වැදී මියගිය පළමු පුද්ගලයා වූයේ ගුන්ටර් ලිට්‌µsන්ය. පැන යැමේ අවසාන පුද්ගලයා වූයේ වින්µ්‍රයිඩ් ෙµ්‍රdයිඩන්බර්ග් වන අතර ඔහුගේ නිවසේදී සාදන ලද ස්‌වාභාවික ගෑස්‌ පිරවූ බැලුනයක නැග ගිය මුත් 1989 මාර්තු 8 වැනි දින එය කඩා වැටීමෙන් මිය ගියේය.
 
 1989 ජුනි මාසයේදී පැවැති ව්‍යවස්‌ථාදායක මැතිවරණයෙන් අසල්වැසි පෝලන්තයේ කොමියුනිස්‌ට්‌ ආණ්‌ඩුව බිඳ වැටීම බර්ලින් තාප්පය කඩා වැටීමටද එක්‌ හේතුවක්‌ විය. 1989 ජුනි මාසයේදී හංගේරියානු රජය ඔස්‌ත්‍රියාව සමග මායිමේ විදුලි වැට විසුරුවා හැරීමට පටන් ගත්තේය. පසුව සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර ජර්මානුවන් 13,000 කට වැඩි පිරිසක්‌ හංගේරියාව හරහා ඔස්‌ත්‍රියාවට පලා ගියහ. මේ අතර නැගෙනහිර ජර්මනිය තුළ විරෝධතා ඇති විය. විරෝධතා පෙළපාලි 1989 සැප්තැම්බරයේ නැගෙනහිර ජර්මනිය පුරාම ව්‍යාප්ත විය. "සාමකාමී විප්ලවය" ලෙස හැඳින්වූ මෙය නොවැම්බර් මුලවන විට වර්ධනය විය. මේ අතර නැගෙනහිර ජර්මන් නායක "එරික්‌ හොනකර්" 1989 ඔක්‌තෝබර් 18 වන දින ඉල්ලා අස්‌විය. "එගොන් ක්‍රේන්ස්‌" ඔහු වෙනුවෙන් පත්විය. නැගෙනහිර ජර්මනියෙන් බටහිරට යන සරණාගතයන්ගේ ගණන වැඩි වන්නටද විය. ඔවුන් චෙකොස්‌ලෝවේකියාව හෝ හංගේරියාව හරහා බටහිරට ගමන් කළහ. නැගෙනහිර ජර්මනියේ "ක්‍රේන්ස්‌" ගේ නායකත්වයෙන් යුත් දේශපාලන මණ්‌ඩලය නොවැම්බර් 9 වන දින නැගෙනහිර ජර්මන් වාසීන්ට බටහිර ජර්මනියට ඇතුළු වීමට අවසර දීමට තීරණය කළේය. මෙදිනම බර්ලින් තාප්පයේ කොටසක්‌ කඩා දැමීමෙන් පසු මෙම තාප්පය කඩා දැමීම ආරම්භ විය. මෙදින තාප්පය කඩා දැමීමට මුල්වූ පුරවැසියන් පිළිබඳ රූපවාහිනි ආවරණ ලොව පුරා ප්‍රචාරය විය. ඉන්පසු දිනවලදී බුල්ඩෝසර් යොදා තාප්පයේ කොටස්‌ ගැලවීමට පටන් ගත්තේය. 1990 ජුනි 13 වන දින නැගෙනහිර ජර්මානු හමුදාව නිල වශයෙන් තාප්පය කඩා දැමීමට පටන් ගත්තේය. කඩා බිඳ දමන ලද තාප්ප ගොඩනැඟිලි සුන්බුන් ටොන් මිලියන 1.7 ක්‌ පමණ විය. බටහිර බර්ලිනයේ සිට නැගෙනහිර බර්ලිනය දක්‌වා සම්බන්ධවී ඇති සෑම මාර්ගයක්‌ම 1990 අගෝස්‌තු 1 වන දින වන විට ප්‍රතිසංස්‌කරණය කර නැවත විවෘත කරන ලදී. මේ අතර තාප්පයේ අනුස්‌මරණයක්‌ ලෙස සංරක්‍ෂණය කළ කොටස්‌ 6 ක්‌ ඉතිරි කර ඇත. කලාත්මකව වටිනා ආකෘතීන් සහිත පින්තාරු කරන ලද බිත්ති කොටස්‌ 1990 දී බර්ලිනයේදී වෙන්දේසියකටද ඉදිරිපත් කරන ලද අතර ඉතා ඉහළ මිල ගණන්වලට ඒවා විකිණී ගියේය. මේ බොහෝ චිත්‍ර ඇඳ තිබුණේ බටහිර ජර්මනිය පැත්තේය. ඉන් වැඩිම කොටස්‌ තාප්පයට විරෝධය පෑමට, නිදහස පිළිබඳව, සාමය පිළිබඳව වූ ඒවා විය. 1990 ඔක්‌තෝබර් 3 වනදින නැගෙනහිර ජර්මනිය විසුරුවා හැර බටහිර ජර්මානු මූලික නීතියේ ප්‍රජාතන්ත්‍රවාදී රේඛා ඔස්‌සේ ජර්මානු රාජ්‍යය නිල වශයෙන් යළි එක්‌වීමත් සමග එක්‌සත් ජර්මනිය බිහි විය.
 
 බර්ලින් තාප්පය "වැළපෙන තාප්පය" යනුවෙන් ඇතැම් අය හැඳින් වූහ. මේ මිනීමරු තාප්පය ගැන සැබෑ කතා ගොඩනැඟිණි. බොහෝ චිත්‍රපට පවා බිහිවිය. ඒ අතර කාටූන් ශිල්පීන්ද මේ තාප්පය ගැන බොහෝ කාටූන් නිර්මාණය කොට තිබුණි. මේ එම නිර්මාණවලින් කිහිපයකි.
 

cart11. සෙබස්‌තියන් (Sebastian) විසින් 1989 දී අඳින ලද මේ කාටූනයේ දැක්‌වෙන්නේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂ ලාංඡනය වන දැකැත්ත සහ මිටිය උපයෝගී කරගෙන බර්ලින් තාප්පය කඩා දමන ආකාරයයි. තාප්පයට පහරදෙන මිටිය "ඇත්ත වශයෙන්ම මේ සඳහා භාවිතයක්‌ සොයා ගත්තා" කියා (Actually Found A use For These After All...) පවසයි. තාප්පය හැදුවේද කොමියුනිස්‌ට්‌වාදීන් විසිනි. කඩා දැමුවේද ඔවුන්ය. කාටුන් ශිල්පියා කොමියුනිස්‌ට්‌වාදීන්ගේ එම ක්‍රියාව උපහාසයට ලක්‌කර තිබුණේ එසේය.
 

cart22. රොද්රිගෝ (Rodrigo) විසින් නිර්මාණය කරන ලද කාටුනයේ දැක්‌වෙන්නේ "ධනවාදය" නමැති යකඩ බෝලය විසින් "බර්ලින්" තාප්පය විනාශ කර දමන අයුරුය. තාප්පය විනාශවී මිනිසුන් දිව යනු පෙනේ. "ධන වාදය" (Capitalism) විසින් ලෝකයේ සීමා මායිම් බිඳ දමන බව කාටුන් ශිල්පියා මේමඟින් පවසයි.
 

cart33. පරේෂ්ගේ (Paresh කාටුනයේ යුරෝපය (Europe) ඈතින් පෙන්වා ඇත. බර්ලින් තාප්පය (Berlin Wall) කඩා වැටී ඇත. දෙදෙනෙක්‌ ඒ දෙස බලමින් ගමන් ගනී. එක්‌ අයෙක්‌ "අපි වැටීම සමරමු" කියා (වැටීම යනු තාප්පය කඩා ඉවත් කිරීමයි) (Let's Celebrate The Fall of...) පවසයි. ඒ අතර තාප්පය තිබූ රේඛාව හරහා අලුතෙන් තවත් තාප්පයක්‌ ඉදිවෙමින් පවතී. ඒ... "ජාතිවාදී අන්ත දක්‍ෂිණාංශය" (Racist Far Right) නමැති තාප්පයයි. එය බර්ලින් තාප්පයට වඩා හානිකර විය හැකි බව කාටුන් ශිල්පියා පෙන්වයි.
 

cart44. ජෝන් කොලින්ස්‌ (John Collins) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ බර්ලින් තාප්පය හදන "නිකිතා කෲෂෙප්" සෝවියට්‌ නායකයාය. ඔහු ගඩොලින් ගඩොල ගෙන තාප්පය හදන්නේ චීන මහා ප්‍රාකාරය (The Great Wall of China) දෙස බලාගෙනය. එවිට චීන මහා ප්‍රාකාරයට එහායින් සිටින චීන නායකයා ඔහුට ඔච්චම් කරන්නේ බර්ලින් තාප්පය චීන ප්‍රාකාරය තරම් සවිමත්, බලවත් එකක්‌ නොවන නිසාය.
 

cart55. ෂොන් ටර්නර් (Shawn Turner) ගේ කාටුන් නිර්මාණය කොටස්‌ දෙකකි. එහි වම්පස කොටසේ දැක්‌වෙන්නේ නැගෙනහිර ජර්මන් වැසියෙක්‌ "දැන් නිදහස" (Freedom Now) යෑයි තාප්පයේ වැකියක්‌ ලියමින් නිදහස ඉල්ලන ආකාරයයි. දෙවැනි කොටුවේ දැක්‌වෙන්නේ තාප්පය කැඩී ගොස්‌ ඔහුට "දැන් නිදහස" ලැබී ඇති ආකාරයයි.
 

cart6 6. ජර්මන් ජාතික බැරන්ට්‌ (Behrendt) නම් කාටුන් ශිල්පියාගේ කාටුනයේ දැක්‌වෙන්නේ බර්ලින් තාප්පය මුරකරන නැගෙනහිර ජර්මානු යුද භටයෙක්‌ බර්ලින් තාප්පයෙන් පිටත ඇති බටහිර ජර්මනිය දෙස බලා සිටින ආකාරයයි. ඔහු අව් කණ්‌ණාඩියක්‌ පැළඳ සිටී. එහි වීදුරු දෙක තාප්පයක ගඩොල් පේලි වගේය. ඒ තුළින් ඔහුට කිසිවක්‌ නොපෙනේ. බටහිර පැත්තේ ඇති සෞභාග්‍යය ඔහු නොදකින්නේ ඒ නිසාය. ඔහු එම සෞභාග්‍යය දුටුවේ නම් බර්ලින් තාප්පය පෙරළෙන්නේ මීට පෙරය.
 

cart77. වෝල්ටර් හැනල් (Walter Hanel) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ බර්ලින් තාප්පය කඩා දැමූ පසු දර්ශනයකි. කැඩුණු තාප්පය දෙපස සිටි දෙදෙනකුගේ හමුවීමක්‌ මෙහි පෙන්නුම් කරයි. තාප්පය නිසා එසේ වෙන්වූ සහෝදරියන් දෙදෙනෙක්‌ තාප්පය කැඩී ගිය පසු වසර ගණනාවකට පසු නැවත හමුවී ඇත. ඔවුන් සතුටු කඳුළු වගුරයි.
 

cart88. වික්‌ටර් වෂි (Victor Vashi) ගේ කාටුනය බර්ලින් තාප්පය නිසා සිදුවූ දෙයක සැබෑ තත්ත්වය පෙන්වාදී ඇත. බර්ලින් තාප්පය ඉදිවී ඇත්තේ ජර්මනුවකුගේ ශරීරය මැදිනි. ඔහුගේ ඉණෙන් උඩ කොටස ඇත්තේ බටහිර බර්ලීනයේය. (West Berlin) ඉනෙන් පහළ කොටස ඇත්තේ නැගෙනහිර බර්ලීනය (East Berlin) පැත්තේය. බටහිර කොටස බොහෝ සෞභාග්‍යමත් බවින් යුත් බව පෙනේ. ඒ ඔහුගේ ඇඳුම් ඉතා ප්‍රසන්න බවක්‌ ගෙනදෙයි. එහෙත් නැගෙනහිර පැත්තේ ඔහුගේ කලිසම ඉරී ගොස්‌ය. සපත්තු කැඩී ඇඟිලි මතුවී ඇත. මෙම කාටුනය එකල බර්ලීනයේ එක්‌ පැත්තක තිබූ සෞභාග්‍යයත් අනික්‌ පැත්තේ තිබූ දුක්‌ඛාංතයත් පෙන්නුම් කරයි. බර්ලින් තාප්පය බිඳ දැමීමට බලපෑවේ මෙම සාධකයය.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles