Divaina - ජීවිතය යනු හුදෙකලා වූවකි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

සෑම ජීවිතයකම මිසදිටු, අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමානමාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත.ච ඒ අතිශය සුන්දර වූ මංතාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරනමේ ශීලෝපශොභිත මහ යතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම්ගොත් හේ රුව පවා හෙළිකිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුව මඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.
 
සුගත් වීරසූරිය
 
budmag134සංසාර ජීවිතයට යළි යළිත් ඇද වැටීම තරම් තවත් භයානක වූ දෙයක්‌ සත්ත්වයාට නැති තරමිය. ඒ එය එතරමිම අනන්ත විපත් හා දුක්‌ දොම්නස්‌ ප්‍රවාහයකින් සැදුම් ලබා තිබෙන නිසාය. එනිසාම තිලෝගුරු සමිමා සමිබුදු රජාණන්වහන්සේ සංසාරය නැත්නමි මෙs ලෝකය ක්‌ෂණයක්‌ තරමිවත් වර්ණනා නොකළ සේක. ඒ සංසාරය ඒ තරමටම පිළිකුල් කළ යුත්තක්‌ නිසාය. එමෙන්ම එයින් වහ වහා නික්‌මී නිර්වාණයට පිවිස ගත යුතු නිසාය.
 
 එහෙයින් සසර බොහෝ බියකරුය. එය ප්‍රමාන කළ නොහැකිය. නොයෙක්‌ භයෙන් පිරී තිබේ. එම වූ මේ සංසාරයෙන් එතෙර වන්නේ කවරෙක්‌ ද ? ඒ සඳහා මුලින්ම ඔහුට අවශ්‍ය වන්නේ කුමක්‌ද ? බුදුරජාණන්වහන්සේ දක්‌වා වදාdළේ බොහෝ කොටම සංසාරයෙන් එතෙර වන්නේ එයට බිය ඇත්තවුන් බවයි. හිස ගිනි ගත්තකු එගිනි නිවා ගැන්මට වහ වහා යුහුසුළු වන්නාක්‌ මෙන් ඒ අනුව සසරට බිය ඇත්තෝද සසරින් නික්‌ම යාමට උත්සාහ ගනිති. සසරේ ඇති බය ගැන අංශු මාත්‍රයක්‌ වත් දන්නේ නැති අයෙකුට සංසාරයෙන් කවදාකවත් එතෙර වන්නට බැරීය. ඔවිහු සසර වියෑති දීර්ඝ කර ගනිති.
 
 සසරේ ඇති මහ බියකරු ස්‌වභාවය කුමක්‌ ද?. එය මිමිමකින් මැන මෙතෙකැයි කියා කීමට නොහැකිය. එම බියකරු ස්‌වභාවය විවිධය. විෂමය. අන්තයක්‌ නැති අනන්තයක්‌ දක්‌වා පැතිරී පවතී.දුක්‌ හා දුක්‌ විදින ස්‌වභාමය එහි ඇති සදාකාලික යථාර්ථයයි. "පිංවත් මහණෙනි, බලන්න මේ මාගේ අතේ තිබෙන ගල් කැටය දෙස. ඉතිං අර පේන හිමාල පර්වතයද නැත්නම් වඩාත් විශාල මෙs අතේ තියෙන ගල් කැටයද?" වරක්‌ බුදුරජාණන්වහන්සේ භික්‌ෂුන් වහන්සේලාගෙන් විමැසූ සේක.
 
 භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන්වහන්ස, "මේ ගල් කැටයේ ප්‍රමාණය ඉතා අල්පය. අර පේන හිමාල පර්වතයද විශාලය" භික්‌ෂූහු කීහ. එසේ නම් මහණෙනි අපරාධයක්‌ කළ අයෙකුට මහ රජුන් හෙල්ල පාරවල් 300ක දඩුවමක්‌ පමුණුවනවා. ඒ හෙල්ල පරවල් 300න් දැනුණු වේදනාවට වඩා මහා දරුණු වේදනාවක්‌ සංසාරයෙහි ඇද වැටුන අයෙකුට දැනෙනවා. ඒ දුක්‌ අර මහා හිමාලය තරම් හෙල්ල වලින් ලැබෙන දුක්‌ මේ ගල් කැටය තරම් බුදුරජාණන්වහන්සේ වදාළ සේක. නිරය යනුද සසරය. සම්මා සම්බුදුරජාණන්වහන්සේ ධරමාන කාලයේදී නිරයේ දොරටු වැසී තිබුණේය. එසේ වුවත් මේ කාලයේ නම් නිරයේ දොරටු දහසක්‌ ඇත්නම් ඒ දොරටු දහසමද දිවා රෑ විවර වී තිබෙනවාට සැක නැත. ඒ ඒ තරමටම මේ කාලයේ මිනිසුන්ගේ ජීවිත නොමඟ ඇති නිසාය.
 
 නොයෙක්‌ හේතූන් නිසා දුක්‌ විදින මිනිසුන් ද ඇතුළු සත්ත්වයින් දෙස මොහොතක්‌ නතර වී බලන්න. ඔවුන් දැඩිව උත්සාහ කරන්නේ ඒ දුක්‌වලින් ඉක්‌මනින නිදහස්‌ වෙන්නය. එහෙත් ඔවුන්ට ඔවුන් සිතන හා පතන ඉක්‌මනකින් ඒ දුක්‌ තැවුල්වලින් අතමිදීමට හැකියාව නොලැබේ. එනම්, ඔවුන්ට ඒ දුක්‌ විඳීම සඳහා නියම වී ඇති නිශ්චිත කාලයක්‌ තිබේ. අප අප ජීවත්වන මේ සමාජය තුළ ස්‌ථාපිත වී ඇති බන්ධනාගාර දෙස බලන්න. ඒවායෙහි මරණ දණ්‌ඩයට නියම වූ සිරකරුවෝ සිටිති. එමෙන්ම එක්‌ එක්‌ වසර ගණන් යටතේ සරගත වී දුක්‌ විදින්නෝද ඒවායේ සිටිති. ඔවුන් ඒ කාල නායමයන් ගෙවී යන තෙක්‌ ඒ ඒ දුක්‌ වේදනා විඳිය යුතුය. මෙලෙසින් ම නිරය ආදී අපායවලවැටෙන
 
 සත්ත්වයින්ට අවුරුදු ගණන් නොව කල්ප ගණන් ඒ දුක්‌ අවසන් වන තෙක්‌ රැදී සිටින්නට සිදු වේ.
 
 ඇසට අවශ්‍ය වූ නොපෙනෙන දුක්‌ දොම්නස්‌ වලින් පිරී ගිය තැන් මෙලෙස මේ සංසාරය තුළ කොතෙක්‌ නමි පැවැතිය හැකිද ? ඒවා පෙනෙන්නේ සමිබුදු නුවණටම පමණි. ඔබ ඔබගේ ජීවිත දෙසත් බලන්න. ඒ වූම තවත් ජීවත දහස්‌ සුවහස ගණන් විහිද පැතිරී තිබෙන ගම, රට, සමාජය, ලෝකය දෙස බලන්න. ඒ ඒ ජීවිත ලෝකය තුළ ජීවත් වන බව ඇත්තය. එහෙත් ඒවා හා කොයි කොයි ආකාරයේ කොයි කොයි තරම් දුක්‌ පීඩා බැඳී තිබෙනවාද? අහිමි වීමක්‌ බලාපොරොත්තු වූ ආසා කළ දෙයක්‌ නොලැබුණු ජීවිතයක්‌ නැති තරම්ය. සසර ජීවිතයේ ඇත්තේ කවරදාකවත් රැකගැන්මට නොහැකි දෑය. සදාdතනිකව සන්තකයෙහි තබා ගැනීමට අපහසු දෑය. මෙහි යථාර්ථය වන්නේ සසර ජීවිතයේ කිසිදු තේරුමක්‌ නැති බවයි. එය අනපේක්‌ෂිත කමිකටොළු සමූහයකි. ලෞකික ලෝකයේ ඇති සුවසහන සම්පත් කොතෙකුත් ලැබුණද ජීවිතයකට ජරාව පැමිණේ. ලෙඩ, දුක්‌ පැමිණේ. මරණයද එයි. චතුරාර්ය සත්‍ය සදෙසමින් බුදුරජාණන්වහන්සේ මැනවින් හුවා දැක්‌වූයේ සංසාරයේ දරුණු ස්‌වභාවයයි. ජීවිතය යනු රෝගයට ආකාරයකි. නිධානයකි.
 
 චතුරාර්ය සත්‍ය දේශනාවේදී ව්‍යාධිපි දුක්‌ඛෝ යනුවෙන් වදාළේ එයයි. රෝගීන් සඳහා ලෝකයේ කොයි තරම් ගිලන්හල් ඉදිකර තිබෙනවාද? ඒවා නොයෙක්‌ රෝග සඳහා වෙන්කරද තිබේ. ඒවායේ අසාධ්‍යව වැතිරී සිටින රෝගීන් රෝගී ඇඳන් ඖෂධ, වෛද්‍යවරුන් කඩිගුලක්‌
 
 ඇවිස්‌සුනාක්‌ මෙන් එහා මෙහා දුවන මිනිසුන් ආදී මේ දේවල් සංසාර ජීවිතයේ ඇති බියකරු බව පෙන්වන සංකේතයෝය. එමෙන්ම ඒවා අනියත බව හා බැඳුණු තැතිගැන්මක ගැඔqරු විලාශයක්‌ ද පෙන්වයි. සංසාර ජීවිතයේ මේ බියකරු නවාතැන් මගහැර ඒවාට මුහුණනොදී ගිය අය ගැන අසන්නට නොලැබේ. සක්‌විති රජ වන්නකුට පවා ඒවාට මුහුණදීමට සිදුවේ. සංසාරයේ ඇති අතිශය භයංකරත්වය පෙන්වන තවත් පැත්තක්‌ වන්නේ මේ රෝගීභාවයන් ගේ දක්‌නට ලැබෙන ඇඟ ලොමු ඩැහැ ගන්වන ස්‌වභාවයයි. සිත තැති ගන්වන ස්‌වරූපයයි. රෝග උත්සන්න වූ විට මිනිසුන් ඇතුළු ජීවීහු පන අදිති. එසේ පණ ඇද සිරුරේ එක තැනකට එකතු කර ගන්නා හුස්‌ම ඊළඟට එක්‌වරම පිට කර හරිති. දීර්ඝ සංසාරයේ උපත ලබන ජීවියකු එක ජීවිතයකදී හෙලන අවසන් හුස්‌ම එයයි. එයින් ඉක්‌බිතිව සිදුවන මරණයත් සමග ඒ ජීවිතය හා බැඳි තිබුණ සියලුම සම්බන්ධතාවයන් කැඩී බිඳී විසිරී යයි.
 
 සසරදී ජීවිතය යනු හුදෙකලා වූවකි. කොතෙක්‌ බලවත් සමීප පිරිස්‌ සිටියත් මේ දුක්‌තබවින් සසර ජීවිත බේරාගන්නට ඔවුන්ට බැරිය. සිද්ධාර්ථ මහා බෝධි සත්ත්වයින් වහන්සේ එදා එය මැනවින් අවබෝධ කර ගත්හ. උන්වහන්සේට උරුම වී තිබූ රාජකීය ජීවිතය තුළ තිබුණු අඩුපාඩුව කුමක්‌ද? එහි අබමල් රේණුවක තරමේ වත් අඩුවක්‌ තිබුණේ ම නැත. එහෙත් ඒ සියල්ල අනියත බව හා ඊළග අවස්‌ථා සියල්ල ම දුක්‌සහිත බවත් උන්වහන්සේ වටහා ගත්හ. උන්වහන්සේ ඇසළ පෝදා මහා අභිනිෂ්කමණය කළේ ඒ නිසාය.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles