Divaina - උතුරේ බිලි පූජා ජයටම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

Thal1උතුරේ ප‍්‍රධාන ආගමික ස්ථාන දෙකකම වාර්ෂික මංගල්ලයන් ආරම්භ වී තිබේ.

ඉන් පළමු ආගමික සිද්ධස්ථානය නල්ලූර් කන්දසාමි කෝවිලයි.

මීගමුවේ කටුවාපිටිය ප‍්‍රදේශයේ යළිත් වරක් කලබලකාරී වාතාවරණයක් හට ගැනීමත් සමගම නල්ලූර් කෝවිලේ ආරක්ෂාව දැඩි කිරීමට යාපනයේ ආරක්ෂක බලධාරීන් පියවර ගන්නා ලද්දේ ඉහළින් ලැබුණු උපදෙස් හා නියෝග මතය.

ආරක්ෂාව සැපයීම මේ අවස්ථාවේදී ඉතාම වැදගත්ය. පළමු තැන ලැබිය යුත්තේ ආරක්ෂාවටය. නමුත් හින්දු බැතිමතුන් යාපනය නල්ලූර් කෝවිලේදී ආරක්ෂාවට වඩා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම නිසා සුළු සුළු මතභේද කීපයක් මේ සතියේදී නල්ලූර් කෝවිලේදී දැකගන්නට ලැබුණි.

නල්ලූර් කෝවිල තුළට ඇතුළුවන පිරිමින් උඩුකයට ඇඳ සිටින ඇඳුම ගලවා කෝවිලට යා යුතුය. එය ඔවුන්ගේ සාම්ප‍්‍රදායකි. කාන්තාවන්ට එය අදාළ නොවේ. නල්ලූර් කෝවිලට නොව දෙමළ ගෙදරකට ඇතුළුවීමේදී පවා ඕනෑම අයකු පාවහන් ගැලවිය යුතුය.

කොටින්ම මේ සිරිත කොතරම් දැඩි වී ඇත්දැයි කිවහොත් පාවහන් නොමැතිව ඇවිදින්නට එපා යනුවෙන් වෛද්‍යවරු උපදෙස් දෙනු ලැබුවත් වවුනියාව ඇතුළු උතුරේ රෝහල්වල වාට්ටුවලට යන අමුත්තන් සියලූම දෙනා පාවහන් ගලවා යා යුතුය.

ආරක්ෂාව සැපයීමේදී ආරක්ෂක නිලධාරීන්ට මේ සම්ප‍්‍රදායන් සියල්ලටම ගරු කළ නොහැකිය. සාමාන්‍ය අවස්ථාවකදී ආරක්ෂක අංශ කෝවිල්වලට යෑමේදී මේ චාරිත‍්‍රයන්වලට ගරු කරන නමුත් ඉතාම හදිසියේ ආරක්ෂාව සපයන්නට සිදුවන අවස්ථාවලදී ඔවුන්ට එසේ කළ නොහැකිය.

මේ නිසා යාපනයේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව මේ දිනවල කතාබහ කරති. ඔවුන් කියා සිටින්නේ හමුදාව හා පොලිසිය යාපනය නල්ලූර් කෝවිලේ පාවහන් පැළඳගෙන රාජකාරී කරන බවයි.

නල්ලූර් කෝවිලට පැමිණෙන සියලූම බැතිමතුන් ඉතා දැඩි ලෙස පරීක්ෂාවට ලක්කෙරෙන අතර ඒ ක‍්‍රියාවට ද යාපනයේ ජනතාව දක්වන්නේ බලවත් අප‍්‍රසාදයකි.

පෝලිම්වල සිටීමටත් ඔවුන්ගේ සිරුරු අත ගා පරීක්ෂා කිරීමටත් ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැත. මෙවර කෝවිල්වල පූජකවරුන් ද දැඩි ලෙස සාමාන්‍ය වැසියන් පරිද්දෙන්ම පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ තීරණය කොට තිබේ. ඒ සම්බන්ධයෙන් ද ඔවුන් දක්වන්නේ දැඩි අකැමැත්තකි.

යාපනයේ ජනමාධ්‍ය විසින් ඒ ක‍්‍රියාව කාටූන් මගින් ද දක්වා අපහාසයට ලක්කොට තිබුණි.

නමුත් මේ සියලූ දෙනාම මේ තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගත යුතුව තිබේ. සපත්තු ගලව ගලවා සතුරා සොයා යා නොහැකිය. හදිසි අවස්ථාවක් ක‍්‍රියාත්මක වන්නේ කුමන අවස්ථාවක ද ආරක්ෂක අංශ ඊට මුහුණ දිය යුතුය.

ඒ අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියා පැළඳ සිටින ඇඳුම් ආයිත්තම්වල අඩුවක් හෝ අතේ ඇති අවිය දෙවියන් ඉදිරියේ බිත්තියට හේත්තු කොට තබා ආරක්ෂාව සැපයීම කළ නොහැකිය.

උතුරේ බිලි පූජා ජයටම

යාපනයේ හින්දු බැතිමතුන් නල්ලූර් කෝවිලේ වැදගත්කම ගැන කතා කරමින් සිටියදී යාපනයේ තවත් කෝවිලක සතුන් සිය ගණනක් මරා දෙවියන් උදෙසා බිලි පූජාවක් පවත්වා තිබේ.

මෙය අධිකරණ නියෝගයන් මත නීති විරෝධී ක‍්‍රියාවකි. නමුත් මේ දක්වා ඊට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

මේ බිලි පූජාව සිදුකොට ඇත්තේ යාපනයේ සිත්තන්කේණී පණ්ඩතරිප්පු පාරේ පිහිටි වෛරව කෝවිලේදී ය.

මේ බිලි පූජාවේදී මරා දැමීම සඳහා ඉතා කුඩා ළමයින් විසින් ද එළුවන් හා කුකුලන් රැුගෙන විත් තිබේ. ඔවුන්ගේ දෙමවුපියන් පවසා ඇත්තේ ළමයින් සඳහා වූ බාර ඔප්පු කිරීමට ඔවුන් සතුන් රැුගෙනවිත් මරා බිලි පූජා පැවැත් වූ බවයි.

යාපනය දිස්ත‍්‍රික්කය තුළ කිසිදු කෝවිලක සතුන් මරා බිලි පූජා පැවැත්වීම තහනම් බවට යාපනය මහාධිකරණයෙන් මීට වසර කීපයකට පෙර නිකුත් කළ නියෝගයක් තිබියදී එම නියෝගය ද නොසලකා මේ බිලි පූජාව පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් සතුන් බිල්ලට දෙන ලද පිරිසට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

යාපනයේ ක‍්‍රියාත්මක ශිව සේනා සංවිධානය හා නිර්මාශිකයන්ගේ සංවිධානය පමණක් මේ ක‍්‍රියාවට ඔවුන්ගේ විරෝධය පළ කොට ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් නීතිමය පියවරක් ගැනීමට සූදානම් බව ප‍්‍රකාශ කොට තිබේ.

මඩු පල්ලියේ මංගල්‍යය

මන්නාරම මරුද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සමය ද මේ වනවිට ආරම්භ වී තිබේ. වාර්ෂික මංගල්‍යය සමගාමීව පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්වලට සහභාගි වීම සඳහාත් බාර ඔප්පු කිරීම සඳහාත් මේ දිනවල දකුණේ කිතුනු බැතිමතුන් විශාල පිරිසක් මඩු දේවස්ථානයට පැමිණ පදිංචි වී සිටිති.

මන්නාරම මරුද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන්නේ අගෝස්තු මස 15 වැනිදා උදෑසනය.

ඒ අවසන් දේව මෙහෙයයි. පෙරහැර පවත්වා මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව මඩු දේවස්ථානය වටා වඩම්මවා ආපසු නියමිත ස්ථානයේ එම ප‍්‍රතිමාව තැන්පත් කිරීමත් සමඟම වාර්ෂික මංගල්‍යය අවසන් වෙයි.

මේ වාර්ෂික මංගල්‍යය අවසන් වුවත් ඊටත් පසුව සතියක පමණ කාලයක් කිතුනු බැතිමතුන්ගෙන් සමහරෙක් මඩු දේවස්ථාන භූමියේ රැුඳී සිටිති. මේ සඳහා ඔවුන් කූඩාරම් ඉදිකරගැනීම බොහෝ කල්වේලා ඇතිවම සිදුකරන්නකි.

සාමාන්‍යයෙන් වාර්ෂික මඩු මංගල්‍යය පැවැත්වෙන කාල වකවානුවේදී මන්නාරමට දැඩි නියඟය පැමිණෙන කාලයකි. මේ නිසා බැතිමතුන්ට පානීය ජලය සපයාදීම සනීපාරක්ෂක පහසුකම් හා වෛද්‍ය පහසුකම් සපයා දීම කළ යුතුවේ.

මේ සඳහා මන්නාරම දිසාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ක‍්‍රියාත්මක වෙයි. ඊට පළාතේ ආරක්ෂක අංශ සියල්ලක්ම ඇතුළත් වෙති. මේ නිසා සියලූ දෙනාම එක්වී බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි.

පාස්කු ඉරිදා දිනයේ ප‍්‍රහාර එල්ල වූයේ කිතුනු දේවස්ථානම ඉලක්ක කරගෙන බැවින් මෙවර වාර්ෂික මඩු මංගල්ලය පැවැත්වීම විශාල ප‍්‍රශ්නයක් වුණි. මුලදී එහි පූජකවරු තීරණය කරනු ලැබුවේ එම මංගල්‍යය දේවස්ථානයේ පූජාවලට පමණක් සීමාකොට පැවැත්විය යුතු බවටයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට ලැබීමෙන් පසුව අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබුණේ යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයත් මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයත් සුපුරුදු පරිදි උත්සවශ‍්‍රීයෙන් යුතුවම පැවැත්විය යුතුව ඇති බවටයි.

ගෝඨාභයට උතුරෙන් රතිඤ්ඤා

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප‍්‍රකාශ වීමත් සමගම උතුරේ බොහෝ පිරිස් රතිඤ්ඤා දල්වමින් ඔවුන්ගේ සතුට පළකොට සිටියහ.

කිළිනොච්චිය නගරය පුරා රතිඤ්ඤා දැල් වූ ජනතාව යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ රාත‍්‍රි කාලයේ ද කෑ කෝ ගසමින් සිටියහ.

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහය පළකරන්නේ කා වෙත ද යන්න මෙතෙක් පැහැදිලිව ප‍්‍රකාශ වී නොමැත. බොහෝ දෙනා කියා සිටින්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මැදිහත් වන අපේක්ෂකයකුට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කරණු ඇති බවයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා බව ප‍්‍රකාශ වීමත් සමගම උතුරේ දෙමළ වැසියන් විශාල පිරිසක් රතිඤ්ඤා දැල්වීම තුළ තවත් කුමක් හෝ සැඟව තිබේ.

මේ අතරවාරයේදී දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා කියා සිටින්නේ කවුරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නා බවයි.

සාමාන්‍යයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලට සම්බන්ධ අයෙකුට ජනාධිපතිවරණයේදී සහාය නොදක්වන බවට ප‍්‍රකාශ කීපයක්ම සිදුකොට තිබෙද්දී ප්ලොට් නායකයා මෙවැනි ප‍්‍රකාශයක් කිරීම ද තරමක මත භේදකාරී තත්ත්වයක් වී තිබේ.

ඒ කෙසේ වෙතත් පසුගිය සති දෙකක පමණ කාලයේ සිට උතුරේදී පොදුජන පෙරමුණ පක්ෂයේ නව පිබිදීමක් දක්නට ලැබුණි. යාපනයේදී එම පක්ෂයේ කාර්යාලයක් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් විවෘත කිරීමත් සමගම යාපනයේ බොහෝ පිරිසක් ඒ පක්ෂ කාර්යාලය වටා එක්වීමට පටන් ගෙන තිබේ.

සුසිල් පේ‍්‍රමජයන්ත මන්ත‍්‍රීවරයා හා තවත් එම පක්ෂයේ පිරිසක් යාපනයට ගොස් ඒ පක්ෂ කාර්යාලය තුළදී පක්ෂයේ අනාගත වැඩ පිළිවෙළ පිළිබඳව සාකච්ඡුා කොට තිබුණි. ඊටද බොහෝ දෙමළ පිරිසක් සහභාගි වී සිටියහ.

ශාඛා සමිති පිහිටුවීම වැනි කරුණු රැසක් ද ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ සහාය පොහොට්ටුව පක්ෂය වෙත ලබාගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡුා වී තිබුණි.

විග්නේෂ්වරන් යළි දේශපාලන කරළියට

උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී.

විග්නේෂ්වරන් මහතා ද මේ සතියේදී යළිත් දේශපාලන කරළියට එක් වී සිටියේය. ඒ ඔහුගේ පක්ෂයේ කාර්යාලයක් වවුනියාවේ පිහිටුවමිනි.

වවුනියාව මන්නාරම පාරේ 4 කණුව ප‍්‍රදේශයේදී මෙම පක්ෂ කාර්යාලය පිහිට වූ අතර මේ අවස්ථාවට විග්නේෂ්වරන් මහතාගේ ආධාරකරුවෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

පක්ෂ කාර්යාලය පිහිටුවීමට පැමිණි විග්නේෂ්වරන් මහතාව ඒ පක්ෂයේ වවුනියාව ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ සහ ආධාරකරුවෝ ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වන පී. ඩෙනීස්වරන් මහතාගේ අමාත්‍යධුරය බලහත්කාරයෙන් ඉවත් කිරීම නිසා ඩෙනීස්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනු කරන ලද නඩුවෙන් විග්නේෂ්වරන් මහතා පරාජයවීම නිසා යළි ඔහු දේශපාලන කටයුතු සඳහා උතුරට නොපැමිණෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද ඔහු තව තවත් දේශපාලන කටයුතු උතුර පුරා ව්‍යාප්ත කරමින් සිටියි.

නමුත් විග්නේෂ්වරන් මහතාගේ වවුනියාවේ සිටින ආධාරකරුවන් කිහිප දෙනකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට වවුනියාව පොලිසියේ නිලධාරීන් මේ දිනවල කටයුතු කරමින් සිටියි.

ඒ විග්නේෂ්වරන් මහතාගේ ආධාරකරුවන් පොලිස් අණ නොතකා පොලිසියේ නිලධාරීන්ව සමච්චලයට හා අවතක්සේරුවට ලක්කිරීමේ සිද්ධියකට එරෙහිවය.

විග්නේස්වරන් මහතාගේ දේශපාලන පක්ෂය වන දෙමළ ජනතා සන්ධානයේ :ඔඵණ* පක්ෂ කාර්යාලයක් වවුනියාවේ පිහිටුවීම සඳහා ඔහු පැමිණෙද්දී විශාල පිරිසක් රථ පෙළපාලියකින් පැමිණ ඇති අතර මෙහිදී යතුරුපැදිවල නැගී පැමිණි විශාල පිරිසක් ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්* නොපැළඳ පැමිණීම නිසා පොලිසිය ඔවුන්ට නතර කරන ලෙස සංඥා කොට ඇතත් ඔවුන් යතුරුපැදි නතර කොට නොමැත.

යතුරුපැදි නතර නොකළ ඔවුන් කෑ කෝ ගසමින් අත් සොලවමින් පොලිස් නිලධාරීන් සමච්චලයට හා අවමානයට ලක්කොට මේ රථ පෙළපාලියේ ගමන් කොට තිබේ.

වවුනියාවේ තාණ්ඩික්කුලම ප‍්‍රදේශයේදී සිදු වූ මේ සිදුවීම පිළිබඳව පොලිසිය වාහනවල පැමිණි එක්

සංවිධායකවරයකුගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමඟ බහින්බස් වී තිබේ.

මෙසේ පැමිණි වාහන පෙළපාලිය මැද එක් වාහනයක සී. වී. විග්නේෂ්වරන් මහතා සිටි නමුත් ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් කොට නොමැත.

මේ පිළිබඳව කතාබහ මේ දිනවල වවුනියාව පුරා පැතිර යමින් පවතින අතර පොලිස් නිලධාරීන්ට කොකා පෙන් වූ පිරිස සෙවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

විග්නේෂ්වරන් මහතා වවුනියාවේ දේශපාලන කටයුතු ආරම්භ කරන විටම පුදනකොටම කාපි යකා තත්ත්වයට පත්ව තිබේ.

p11 167දිනසේන රතුගමගේ

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles