Divaina - මිල අධිකම සංචාරක ගමනාන්තය ලංකාවද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fea8 2පාස්කු ප‍්‍රහාරයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක්විය. නමුත් එය යළි ක‍්‍රමයෙන් සුපුරුදු තත්ත්වයට පත්වෙමින් තිබේ. ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය ලැබෙන කර්මාන්තයන් අතුරින් සංචාරක ව්‍යාපාරයට හිමිවන්නේ ආකර්ෂණීය වටිනාකමකි. නමුත් රටේ සංචාරක කර්මාන්තයට අදාළ ඇතැම් ප‍්‍රතිපත්තීන් සංචාරකයන් ශී‍්‍ර ලංකාවට ඇතුළු වීම උදාසීන කර තිබේ. ඊට සෘජුවම බලපා ඇත්තේ යුරෝපයේ සිට කොළඹ දක්වා ගුවන් ගමන් සඳහා අය කෙරෙන අධික මිල ගණන්ය. ආසියානු කලාපයේ අනෙකුත් සංචාරක  ගමනාන්තයන් හා සැසඳීමේදී ගුවන් ගමන් සඳහා මිල අධිකම ගමනාන්තය වන්නේ ශී‍්‍ර ලංකාවය. ශී‍්‍ර ලංකාවට සාපේක්‍ෂව තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල්වල ගුවන් ගමන් ගාස්තු පවතින්නේ ඉතා පහළ මට්ටමකය. පාස්කු ප‍්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට ප‍්‍රතිපත්ති සකස් කරන බලධාරීන් මේ කරුණ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුය. නමුත් කනගාටුවට කරුණ වන්නේ සාමාන්‍යයෙන් වැඩියෙන් වියදම් කරන අය ලෙස සැලකෙන යුරෝපා සංචාරකයන් සඳහා තවමත් රජය එවැනි වැඩපිළිවෙළක් දියත් කර නොතිබීමය.
 
 ආසියානු ජර්මන් කී‍්‍රඩා හුවමාරු වැඩසටහන (AGSEP) පැවැත්වූ සමීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆට් සිට කොළඹ දක්වා ගුවන් ගමන් ගාස්තුව සටහන් වූයේ රුපියල් 150,356 ක් වශයෙනි. එම කාලයේදීම ෆ‍්‍රැන්ක්ෆට් සිට බැංකොක් දක්වා ගාස්තුව සටහන් වූයේ රු. 114,057 වශයෙනි. ෆ‍්‍රැන්ක්ෆට් සිට බැකොක් දක්වා වැඩිපුර නාවික සැතපුම් 1000 ක් සඳහා අයකර තිබූ ගාස්තුව කොළඹට වඩා රුපියල් 36000 ක් අඩුය.
 
 ෆ‍්‍රැන්ක්ෆට් සිට නාවික සැතපුම් 2000 ක් දුරින් පිහිටි  සිංගප්පූරුව වෙත අයකර තිබු ගුවන් ගමන් ගාස්තුව කොළඹ ගුවන් ගමනට වඩා රුපියල් 19,000 ක් අඩුය.
 
 ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්නන්ගේ මූලික අරමුණ විය යුත්තේ වාර්ෂිකව රට තුළට ඇතුළු වන සංචාරකයන්ගේ ගණන වැඩි කර ගැනීමය. ඒ සඳහා ගුවන් ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. විශේෂයෙන්ම පාස්කු ප‍්‍රහාරයෙන් පසු රට තුළට සංචාරකයන් ගෙන්වා ගැනීමට නම් මෙම පියවර අනුගමනය කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුය. මන්ද සංචාරකයන් වැඩි පිරිසක් රටට පැමිණීමෙන් පසු රටේ ආරක්‍ෂාව පිළිබඳව වැදගත් පණිවිඩයක් ජාත්‍යන්තරයට ලැබෙන බැවිනි. එපමණක් නොව පළමු වතාවට ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි ස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීම බලධාරීන්ගේ ඊළඟ වගකීමය.
 
 යුරෝපා වැසියන් මෝසම :(MONSOON) සලකන්නේ විනාශකාරී දේශගුණික රටාවක් ලෙසය. පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවේ මෝසම මගින් කුණාටු, ගංවතුර ඇති කළත් එමගින් බංග්ලාදේශයේ, පකිස්තානයේ හා ඉන්දියාවේ මෙන් විනාශකාරී විපත් අත්කර දුන්නේ නැත. ශී‍්‍ර ලංකාවේ සංචාරක ප‍්‍රවර්ධන නිලධාරීන් මේ කරුණ පිළිබඳව අවධානය යොමුකර ‘මෝසම්’ කාලයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීම බංග්ලාදේශයේ, පකිස්තානයේ, ඉන්දියාවේ වැනි රටවල සංචාරය කරනවාට වඩා අවදානම අඩු බව සංචාරකයන්ට ඒත්තු ගැන්විය යුතුය. සංඛ්‍යා ලේඛන පාදක කරගෙන ශී‍්‍ර ලංකාවේ දේශගුණික විපර්යාසයන් පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් සංචාරකයන්ට ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.
 
 ශී‍්‍ර ලංකාව යනු වසර පුරාම සංචාරය කළ හැකි සංචාරක ගමනාන්තයක් බව යන පණිවිඩය යුරෝපා සංචාරකයන් වෙත ලබාදිය හැකිනම් ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය මගින් වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා ගැනීමට රජයට හැකි වනු ඇත.
 
 ආචාර්ය ඩිට්මාර් ඩෝරින්
 ප‍්‍රධානී
 ආසියානු ජර්මන් කී‍්‍රඩා හුවමාරු වැඩසටහන

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles