Divaina - අර්බුදය විසඳිය හැක්කේ පොදු නීතියකින් පමණි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fea8 1වර්තමානයේ ලංකාවට උදාවී ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳ ශ‍්‍රී ලාංකිකයන් පමණක් නොව ලෝක ප‍්‍රජාවද සංවේගයට පත්ව ඇති බව අපි දනිමු. අනපේක්‍ෂිත සිදුවීම් මාලාව කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ සැලසුම් බව නොරහසකි. මේවාට වගකිව යුත්තෙ කුමන පාර්ශ්වද? මෙහිදී විවිධ මතධාරීන් විවිධ අදහස් ප‍්‍රකාශ කරනු පෙනේ. නමුත් බහුතරයක් ප‍්‍රකාශ කරන්නේ අවස්ථාවාදී දේශපාලනඥයින් මෙම ගැටලූවලට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි. එහෙත් ඇතැම් අතලොස්සක් වූ නූගත් අදූර්දර්ශී ආත්මාර්ථකාමී දේශපාලනඥයින් මිස සියලූ දේශපාලනඥයන් මේවාට වගකිව යුතු නැති බව විශේෂයෙන් කිව යුතුය.

අප රටට අද පැහැදිලි දේශපාලන නායකත්වයක් තිබේද යන්න ප‍්‍රධාන ප‍්‍රශ්නයකි. එකිනෙකා විවේචනය කරමින්, මඩ ප‍්‍රහාර එල්ලකර ගනිමින් නින්දා අපහාස කරගනිමින් උත්තරීතර පාර්ලිමේන්තුවේදී පවා කරනු ලබන අරගල ජනතා සුභසිද්ධිය සඳහා නම් නොවේ. උත්තරීතර පාර්ලිමේන්තුව යනු ජනතා සුභසිද්ධියට තීන්දු තීරණ ගන්නා පූජනීය ස්ථානයක් බව මෙම මන්ද බුද්ධිකයෝ නොදනිති. මොවුන්ට ජනතා ශාපය නොවදීද? පාර්ලිමේන්තුව රැුස්වන බොහෝ දිනවල අපට දක්නට ලැබෙන්නේ ජනතා නියෝජිතයන්ගේ බල අරගලයන්හි දෝංකාරයයි. අපි මොවුන්ගේ නාඩගම් බලමින් රූපවාහිනී යන්ත‍්‍ර ඉදිරිපිටට වී හැ`ගීමකින් තොරව බලා සිටිමු. මේවා දකින පොදු ජනතාවට දැනෙන ලැජ්ජාව මොවුන්ට නම් කෙසේවත් දැනෙන්නේ නැති බව ඉතා පැහැදිලිය. මා මේ කරුණ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ, දේශපාලකයන්ගේ මෙම විගඩම් අතරතුර විවිධ ත‍්‍රස්ත කණ්ඩායම් නිදහසේ රහසිගතව සංවිධානය වන බව පැවසීමටයි. රටට සිදුවෙන, සිදුවෙමින් පවතින අවාසනාවන්ත සිදුවීම් ගැන සොයන්නට බලන්නට පාලනය කරන්නට මේ දේශපාලකයින්ට වෙලාවක් නැත. අද අපි එහි අනිටු විපාක අත්විදිමු.

ඕනෑම රටක පිළිගත් කි‍්‍රයාත්මක නීති පද්ධතියක් ඇත. නීතිරීති ඇත්තේ රටේ ආරක්‍ෂාවට සහ රටේ ජනතාවගේ ආරක්‍ෂාවටයි. කොටින්ම ජනතාව රැුක බලා ගැනීම රජයක වගකීමයි. ජනතා නියෝජිතයින් පත්කරගන්නේ ඒ සඳහා මිස වෙන කරුණු සඳහා නොවේ. ජාතියක අවාසනාවට මොවුන්ගේ කාර්යභාරය සම්පූර්ණයෙන් මොවුන්ට අමතකව ගොස් ඇත. සමස්ත රට වැසියාට රටක නීති පද්ධතිය පොදු බව මෙම ඊනියා පාලකයෝ නොදනිිති. එසේ වූ කළ රටක් රැකෙන්නේ කෙසේද? ලංකාවේ නීතිය කා සඳහා ද? ප‍්‍රබලයාට එක නීතියයි. දුබලයාට තවත් නිතීයකි. දුප්පතාට සිරගෙය අපායකි. පොහොසතාට සිර ගෙය ස්වර්ගයකි. විවේක නිකේතනයකි. මෙවැනි තත්ත්වයක් ලෝකයේ කිසිදු රටක ඇති බවක් අප නම් අසා නැත.

වර්තමානයේ ඉස්ලාමීය ත‍්‍රස්්තවාදයක් ගැන කතා කරති. මෙවැනි ත‍්‍රස්තවාදයක් ඇති වීමට ප‍්‍රධාන හේතු කාරක සොයා බැලීමේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයකි. සුළු ජාතික ඡුන්ද අපේක්‍ෂා කරන කෑදර දේශපාලනඥයන්ගේ බල ලෝභී ක‍්‍රියාකාරකම්, සෙසු ප‍්‍රධාන ජාතියට නොමැති වරප‍්‍රසාද වරදාන මොවුන්ට ලබාදීම, ස්ව කැමැත්ත අනුව ඕනෑම දෙයක් කිරීමට බියක් සැකක් නැති තත්ත්වයකට ඔවුන් පත්කිරීම, මුස්ලිම් දේශපාලනඥයන්ට ආරක්‍ෂාව, රැුකවරණය, විශේෂ සහ අසීමිත වූ නිදහස, ඒකරාශීවීමේ සහ සංවිධානය වීමේ ඇති නිදහස සහ පහසුකම්, ජාත්‍යන්තරව ලැබෙන පාලනයකින් තොර මූල්‍ය ආධාර.

මීට දශක දෙක තුනකට පෙර ලංකාවේ මුස්ලිම් ජනතාව ජීවත් වූ ආකාරය විශේෂයෙන් සිංහල ජාතිය සම`ග පවත්වාගෙන ගිය විශ්වාසවන්ත බැඳීම අද දැකිය නොහැකිය. කාලයාගේ ඇවෑමෙන් මුස්ලිම් ප‍්‍රජාවගේ සිය වර්ගයා වැඩිකර ගැනීමේ අපේක්‍ෂාව තීව‍්‍ර වන්නට විය. මැද පෙරදිග සහ ලෝකයේ මුස්ලිම් රටවලින් ලැබෙන ආධාර උපකාර සහ මුස්ලිම් තරුණයින්ට අප‍්‍රමාණව ලබාදෙන රැුකියා අවස්ථා ඔවුන්ට ප‍්‍රබල ශක්තියක් විය. මේ සියල්ල සෙසු ජාතීන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වන කරුණු නොවන නමුත් සියලූ සිදුවීම් පිළිබඳ වගකිව යුත්තන් දැනුවත් විය යුතුය. පුත්තලම වැනි ඇතැම් පළාත්වල මුස්ලිම් ගුරුවරුන් දෙවසරක් වැටුප් රහිත නිවාඩු ලබා මැදපෙරදිග ගොස් රැුකියා කොට ආපසු පැමිණ යළි සේවයට එක් වෙති. ටික කලක් සේවය කොට ඔවුහු පඩි රහිත නිවාඩු ලබා යළි විදේශගත වෙති. අවසානයේ පුත්තලමේ පාසල්වල ගුරු හි`ගයකි. මේ වන විට මේවාට විසඳුම් ලබා දී ඇති නමුත් තීරණ ගන්නා විට ප‍්‍රමාද වැඩිය. මුදල්මය ශක්තිය සම`ග මුස්ලිම් ජනගහනයේ වර්ධනය ඔවුන්ට මහත් අභිමානයක් විය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ සෙසු ජාතීන් යටපත් කොට තම වර්ගයා ඉස්මතුකර ගැනීමේ කැමැත්ත උවමනාව නිරායාසයෙන් වර්ධනය වීමයි. මෙම තත්ත්වය වලක්වාලිය හැක්කක් නොවේ. මේ අතර සිංහල දේශපාලනඥයින් ද තම තමන්ගේ බලය සඳහා නොකරන දෙයක් නැත. බොහෝ මුස්ලිම්වරු විවිධ ලාභ අපේක්‍ෂාවෙන් සිංහල බලලෝභී දේශපාලනඥයන්ට අසීමිතව ධනය වියදම් කරති. තම ඥාතීන්ගේ සහය ලබාදෙති. ඡුන්ද එකතු කර දෙති. අවසානයේදී සිදුවන්නේ මුස්ලිම්වරුන්ට රටේ පවතින අවම නීතිය හෝ ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. මහ ජාතිය නන්දොඩවති. සුළු ජාතීන් බලපෑම් කරයි. මෙවන් පසුබිමක අද අසරණව කිසිවක් කර කියා ගත නොහැකිව ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ දෑස් දල්වා බලා සිටින්නේ කවරෙක්ද?

1970 දශකයේ පමණ ලංකා රජය සහ පසු කාලීනව බලයට පත් වූ රජයන් ‘‘පුංචි පවුල රත්තරන්’’ නම් ව්‍යාපෘතියක් කරළියට ගෙනාවේ බිලියන ගණනින් මුදල් වැය කළේ ජනගහණය පාලනය කර ගැනීමටයි. අවසානයේ ‘‘පුංචි පවුල රත්තරන්’’ වූයේ සිංහල ප‍්‍රජාවට පමණි චීනය උදාහරණයක් ලෙස ගතහොත් වැඩිම දරුවන් සිටින අම්මාවරුන්ට තෑගි බෝග වරප‍්‍රසාද ලබාදීම රජයේ ප‍්‍රතිපත්තියක්ව තිබිණ. නමුත් අසීමිතව වැඩිවන ජනගහණය චීනයට බරක් විය. ඒ ඒ ප‍්‍රාන්තවල සිටිය යුතු ජනසංඛ්‍යාව, සැපයිය හැකි යටිතල පහසුකම්, ලබා දිය හැකි රැුකියා සංඛ්‍යාව, ආදිය ගණනය කොට නීතියක් ගෙන එනු ලැබුවේ පවුලකට එක් දරුවෙකු ප‍්‍රමාණවත් බවයි. මේ නිසා චීන තරුණ තරුණියන් විවිධ රටවල රැුකියා සොයාගනිමින් පුරවැසිභාවය ලබා ගනිමින් දරුවන් තුන් හතර දෙනෙකු හදා ගෙන ජීවත්වන පවුල් අපි දැක ඇත්තෙමු. අද ඇමෙරිකාවට චීන ජාතිකයන්ගේ පැමිණිම ප‍්‍රශ්නයක් වී ඇති අතර ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය ආදී රටවල් රාශියකට මෙය ගැටලූවක් වී ඇත.

වර්තමානයේ බොහෝ රටවල ජනගහනය පිළිබඳ තීන්දු තීරණගෙන ඒවා නීති ගතකොට ඇත. එසේ නම් ලංකාවේ මෙම ගැටලූව නිරාකරණය කර ගැනීමට නීති රීති සම්පාදනය කළ නොහැක්කේද? ලංකාවේ වෙසෙන සියලූම ජාතීන් පොදු නීතියකට යටත්ව ජනගහණය පාලනය සිදු කරන්නේ නම් ඒ ඒ ජාතීන්ගේ බල ඒකරාශි වීමේ අවදානම අනාගතයේදී ඇති නොවේ. සුළු ජාතියක් මහ ජාතිකයක් වීමට සූදානම් වන්නේ නම් එය පදනම් කොටගෙන ගහමරා ගැනීම, ලේ ගංගා ගලායෑම වළක්වා ලියා නොහැකි ය. එසේ නම් ජාතීන් අතර දරුවන් පාලනය පොදු නීතියක් ලෙස ක‍්‍රියාත්මක කරන්නේ නම් අනාගතයේදී මෙම බල අරගල ගැටුම් පාලනය වේ.

මේ රටේ නීතිය කාටත් පොදු විය යුතුය යන්න නැවත නැවතත් අවධාරණය කරමු. මුළු ශරීරයම වැසෙන කළු ඇඳුම් මුස්ලිම් කාන්තාවන්ට එදා නොතිබිණ. මෑතකදී රූපවාහිනී වැඩ සටහනකදී එක් මුස්ලිම් ජාතිකයෙකු දැඩිව ප‍්‍රකාශ කළේ එවැනි කළු ඇඳුම් අවශ්‍ය නම් එම කාන්තාවන් අරාබියට යා යුතු බවයි. ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් මෙම ඇඳුම් තහනම් කළ යුතුව තිබුණේ අද නොවේ.

බහු විවාහය ලංකාවේ නීතියට අනුව සිර දඬුවම් ලැබිය යුතු බරපතළ වරදකි. සිංහල ජනතාව ද්‍රවිඩ ජනතාවට පමණක් වූ එම නීතිය මුස්ලිම් ප‍්‍රජාවට අදාළ නොවී ඇත. ඔවුන්ට බිරින්දෑවරුන් කිහිප දෙනකු වුවද නඩත්තු කළ හැකිය. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට පොදු නීතිය වලංගු නොවන්නේද?

ලංකාවේ අධ්‍යාපන ක‍්‍රියාවලියේදී දැකිය හැකි තවත් සුවිශේෂී අඩුපාඩුවක් වන්නේ ඒ ඒ ජාතීන්ට වෙන් වූ පාසල්ය. මුස්ලිම් පාසල්, දෙමළ පාසල් ආදී වශයෙන් පාසල් වෙන් කොට ඇත. එපමණක් නොව අමාත්‍යාංශ ද වෙන් කොට ඇත. ආගම්වලට අනුව ද මෙම වෙන් කිරීම සිදු කොට ඇත. සිදු විය යුත්තේ සියලූ ජාතීන් එකම අධ්‍යාපන ආයතනවල එකට ඉගෙනීමේ යෙදිය යුතු වීමයි. අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය, සහෝදරත්වය ශ‍්‍රී ලාංකියන්ටය යන ආකල්ප සඳහා එකට ලබන අධ්‍යාපනය ඉතා වැදගත් බව පාලකයෝ අදටත් අවබෝධ කොටගෙන නොමැත. වෙන් කිරීම යනු ගැටලූ නිර්මාණයට දොරවල් විවිරකරදීම කි. මේ සියල්ල ගැඹුරින් කල්පනාකොට අප රටට ගැලපෙන සහ රටට පොදු වූ නීති රීති ක‍්‍රියාත්මක කරමින් සංහිඳියාව යථාර්ථයක් කරමින් කටයුතු කිරීමට පාලකයෝ අණපනත් සකස්කොට අවශ්‍ය පියවර ගතයුතු අතර සියලූ රටවැසියන් ගැන හිතමින් අනාගත දූ දරුවන්ට රටක් ඉතිරිකර දිය යුතු යැයි සිහිකරමින් කටයුතු කරන්නේ නම් එවන් පාලකයෝ සැබෑ පාලකයෝය. එසේ හෙයින් දූර්දර්ශී දැක්මක් මත පාලකයන් කටයුතු කරන්නේ නම් මෙරට කිසිදු ආකාරයක, ජාතික ආගමික, ගැටුම් නිර්මාණය නොවෙනු ඇත.

ජයන්ත ජයසිරි
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles