Divaina - වන අලින් පළවා හරින සුවඳ දුම් කූරක් අත්හදා බැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

soba3වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල වනජීවී නිලධාරීන් විසින් නිකවැරටිය සහ ගල්ගමුව යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව සිදු කෙරෙමින් පවතී. මේ යටතේ නිකවැරටිය, තිඹිරියාව, නාවාන ප‍්‍රදේශයේ වැසියන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා හැරීමේ වැඩසටහනක් පසුගියදා එම ග‍්‍රාමයේදී වනජීවී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවත්විණි.
 
 මෙම සුවඳ දුම් කූර ස්වාභාවිකවම අලින් අකැමති සුවඳ වර්ග 5 ක් විශේෂ ක‍්‍රමවේදයකට සම්මිශ‍්‍රණය කර නිෂ්පාදනය කරන ලද්දකි. මෙම ස්වාභාවික අමුද්‍රව්‍ය 5 වන්නේ ඉඟුරු, සේර, පැඟිරි, ගං කොලන් හෙවත් පැචෝලි සහ පැල්මාරෝසා යන ශාකසාර අමුද්‍රව්‍යයි. අඟල්් 12 ක පමණ දිගකින් යුතුව, මිලි මීටර් 3 ක පමණ විෂ්කම්භයකින් යුතුව නිර්මාණය කර ඇති මෙම නව සුවඳ දුම් කූර පැය 5 1/2 ත් 6 ත් අතර කාලයක් දැල්වෙයි. මෙම සුවඳ කූර නිර්මාණය කර ඇති ආකාරයේ විශේෂත්වය වන්නේ මෙහි සුවඳ විහිඳීම සාමාන්‍ය සුවඳ කූරුවලට මෙන් සෑම අතටම නොවීමයි. ඒ අනුව මෙම නව සුවඳ කූරේ දුම විසිරීම සිදු වන්නේ පොළොවට සමාන්තරව තිරස් අතට පමණි. මෙම නිසා මෙහි සුවඳ මීටර් 20 ක පමණ දුරකට සාර්ථකව විහිදී යෑම සිදු වේ.
 
 අලි ඇතුන් සැළකෙන්නේ ලොව සුවඳට වඩාත්ම සංවේදී සත්ත්ව විශේෂය ලෙසටයි. එමෙන්ම අලි ඇතුන් ස්වාභාවිකවම අකැමති සුවඳ පිළිබඳව පිළිගත් ජනවහර තුළ දැනුවත් බවක් පවතී. මෙම සුවඳ කූර පිළිබඳව සංකල්පය බිහිවන්නේ මෙම සරල අදහස මත පදනම්වය. මෙම ව්‍යාපෘතියේ සුවිශේෂීත්වය වන්නේ එදිනෙදා සරල අදහසක් තුළින් ජනතාවට සහ පරිසරයට, වන සතුන්ට බලපාන දැවැන්ත ගැටලූ විසඳීමට හැකි බව මෙය පසක් කිරීමයි. මෙම ව්‍යයාමය හරහා තවත් නව අදහස් ඇති ශ‍්‍රී ලාංකිකයන් නවෝත්පාදනයන්ට යොමු වනු ඇතැයි මෙහි නිර්මාතෘවරුන් අපේක්ෂා කරයි.
 
 වනජීවී නිලධාරීන් පවසන ආකාරයට මේ දක්වා කෙරී ඇති පර්යේෂණ සාර්ථක ප‍්‍රථිඵල දක්වා ඇති අතර වැඩිදුර පර්යේෂණ අඛණ්ඩවම සිදු කෙරේ.

soba2

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles