Divaina - අභය බිමෙත් අභයක් නැති ඇතානෝ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

soba1අගෝස්තු 12 ලෝක අලි දිනය
 
 2011 වසරේ මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැති වනඅලි සමීක්ෂණයට අනුව දිවයිනේ මුළු වන අලි සංඛ්‍යාව 5879 ක් ලෙසින් වාර්තා විය. ඊට දළ ඇතුන් 122 ක්, වැඩිහිටි සතුන් 3285 ක්, තරුණ අවධියේ පසුවන සතුන් 1487 ක්, පැටවුන් 731 හා ළදරු අවදියේ පසු වන කුඩාම සතුන් 376 ඇතුළත් විය. වාර්තා වූ සමස්ථ අලි සංඛ්‍යාවෙන් 1107 ක් පැටවුන් විය. මේ වසරේ සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින තුළදී පැවැත්වීමට නියමිත වනඅලි සමීක්ෂණයට අනුව ඉකුත්ව ගිය වසර අටකට ආසන්න කාලය තුළ ශ‍්‍රී ලංකාවේ වන අලින්ගේ ගහණ ඝණත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.
 
 ශ‍්‍රි ලංකා භුමිය තුළ මිනිසුන් බිලියන 02 කට වැඩි සංඛ්‍යාවක් සමග වන අලි ඇතුන් 6000 කට ආසන්න ප‍්‍රමාණයක් ජීවත් වේ. ඒ මිනිසුන් හා වන අලින් නිබ`දවම ගැටෙමිනි. මෙම ගැටුමට මැදි වීමෙන් වාර්ෂික වන අලි 200 කට ආසන්න ප‍්‍රමාණයක් සහ මිනිසුන් 65 - 70 ත් අතර සංඛ්‍යාවක් මියයයි. මේ වසරේ ඉකුත්ව ගිය මාස කිහිපය තුළදී පමණක් එනම් ජනවාරි සහ ජුලි මාසයන් අතරේ අලි - මිනිස් ගැටුම නිසාවෙන් මියගිය වන අලි ගණන 226 කි. මිනිස් මරණ ගණන 65 කි. තවත් මාස පහක් මේ වසර අවසාන වීම ස`දහා ඉතිරිව ඇත. එනම් අලි - මිනිස් ගැටුමට මුහුණ දෙන පාර්ශ්වයන් දෙකම මේ වන විට පසු වන්නේ ගැටුමේ බරපතලම අවධියේය. මේ සියල්ලටම විස`දුම වන්නේ වනසතාටත්, මිනිසාටත් හිමි භූමිය සමෝ සමව නැණවත්ව පරිහරණය ස`දහා නිසි වැඩ පිළිවෙළකට අවතීර්ණ වීම බවත් මෙහිලා ස`දහන් කළ යුතුව ඇත.
 
 දකුණු ආසියාවේ ඉහළම ජෛව විවිධත්වයකින් අනූන රටක් වශයෙන් ප‍්‍රකට ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත භූමි වපසරිය සංඛ්‍යාත්මකව හතරැුස් වර්ග කිලෝ මීටර් 65,600 කට ආසන්න වේ. දිවයින පුරා ව්‍යාප්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 118 ක් සෘජුවම වන අලි - මිනිස් ගැටුමට මුහුණ දෙයි. දිස්ත‍්‍රික්ක වශයෙන් ගත්කල නාගරික තදාසන්න කොළඹ, ගම්පහ, කළුතර වැනි දිස්ත‍්‍රික්ක හැරුණු කළ සෙසු දිස්ත‍්‍රික්කයන් ආශ‍්‍රිත ප‍්‍රදේශයන් වන අලි - මිනිස් ගැටුමට මේ වන විටදීත් මුහුණ දෙමින් සිටියි.
 
 නිමාකළ සංවර්ධන කටයුතු උදෙසා විශාල වශයෙන් එළි පෙහෙළි වූ වනාන්තර ප‍්‍රදේශ, එම ප‍්‍රදේශ ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන කටයුතු, ස්වාභාවික වනවැස්ම හීන කරමින් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ක‍්‍රියාකාරකම්, යුද්ධයෙන් පසුව විශාල වශයෙන් සිදු වූ නැවත පදිංචි කිරීම්, අවිධිමත් ඉඩම් පරිහරණය ආදිය පිළිබඳවද අප මෙහිදී අවධානය යොමු කළ යුතුව ඇත. මන්ද යත් ඉහත ස`දහන් බොහෝ මානව ක‍්‍රියාකාරකම් ස`දහා භාවිතයට ගැනීමට සිදු වී ඇත්තේ වන සතුන්ගේ නිජබිමි වන වනාන්තර ප‍්‍රදේශයන්ය. එවැනි වාතාවරණයක් හමුයේ සෙසු වනසතුන් නිහ`ඩවම වැනසී ගියත් ඇ`ගපතින් හයි හත්තියෙන් දැවැන්ත වන අලි - ඇතුන්ට සිදුවී ඇත්තේ සෙසු වන වැසියන් හා සමව නිහ`ඩවම තමන්ට එරෙහිව, තම නිජ බිම් ඩැහැ ගැනීමට එරෙහිව අරගල කිරීමටයි. එනම් මේ මාතෘ භූමිය තුළ ජීවත් වීමේ අප හා සම වූ අයිතියක් වන සතුන්ටද ඇත. එකී ජන්ම අයිතිය අහෝසි කරන කල මිනිසුන්ට එරෙහිව ගැටුමකට මුල පිරීමට වන සතුන් පෙළඹෙයි. එයිනුත් වන අලි - මිනිස් ගැටුම මේ වන විටදී ජාතික ප‍්‍රශ්නයක් බවට පත් වී හමාරය.
 
 නමුත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ජීවන රටාවකට උරුමකම් කී අපේ ආදිතමයෝ ස්වකීය පරිභෝජනයන් ස`දහා භූමිය නිස්කාරනයේ විනාශ නොකළෝය. ඉන් පරිසරයට සිදු වූ බලපෑමද අවම විය. තමන්ගේ ගොවිතැනේ සම්පූර්ණ අස්වැන්න කපා ගෙට ගනු වෙනුවට ඉන් සැලකිය යුතු කොටසක් ‘කුරුළු පාළුව’, ‘ඇත් පාළුව’ ලෙසින් නම් කරමින් ඒ සත්වයන්ගේ පරිභෝජනය වෙනුවෙන් වෙන් කිරීමත් වනසතා සහ මිනිසා අතැර තිබූ සහජීවන පැවැත්මට කදිම නිදසුනකි. වනය මායිමේ හේන් කොටා දිවි සරිකර ගත් ජිවන රටාවකට හුරුව සිටි ආදී සිංහල ගැමියා සමග සහජීවනයෙන් කල් යැවූ අලියා, මිනිස් ජීවිත ආක‍්‍රමණය කරනා ප‍්‍රකෝපකාරී සත්වයෙක් දක්වා පත් කිරීම තෙක් සිදු වූ සමාජ පෙරළිය ගැනත් දළ අවබෝධයක් ලබා ගත යුතුමය.
 
 දුරාතීතයේදී එනම් ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමට පෙර සිහළ රජ දවස වනපෙත් සහ නිවැසි සතා සීපාවාගේ පැවැත්ම ආරක්ෂා කරමින් රට කරවු අයුරු වර්තමානයටද ලබා දෙනුයේ මහ`ගු ආදර්ශයකි. අපේ මුතුන් මිත්තෝ වනපෙත් රටේ හදවතසේ සිතමින් කටයුතු කළ අයුරු සහ ඊට අනුබල දෙමින් රට කළ ඇත්තෝ එකී බිම් ස්වකීය ප‍්‍රාණය හා සමව රැුකී අයුරුත්, සංවේදී වූ පාරිසරික කලාපයන් ‘තහංචි කැලේ’ ලෙස නම් කරමින් කිසිදු හෝ මිනිස් ක‍්‍රියාකාරකමක් ස`දහා ඉඩ ප‍්‍රස්ථාවයන් ලබා නොදුන් අයුරුත් අතීතාවර්ජනයේදී මොනවට පසක් වෙයි. මේ සියල්ලම උඩු යටි කුරු වූයේ අප රට යුරෝපීය ආක‍්‍රමණයන්ට යටත් වීම සමගය. ශ‍්‍රී ලංකාවේ ඉඩම් භාවිතය වාණිජමය මුහුණුවරක් ගත් අතර ලන්දේසි හා ඕලන්ද සමයන්හීදි ස්වාභාවික වනාන්තර විනාශ කරමින් ගස් කපා දැව දඩු වශයෙන් අපනයනයත්, කුරු`දු වැනි ආර්ථික භෝග ස`දහා වනපෙත් එළි පෙහෙළි වීමත්, දඩයම් කළ වනසතුන්ගේ සම්, ඇත් දත් වැනි සත්ව කොටස් අපනයනයද ජයටම සිදුවීම ආරම්භ විය. ඉනික්බිති බි‍්‍රතාන්‍යයෝ උඩරට රාජ්‍යට ඇතුළු වී සිරිලක ස්වකීය ග‍්‍රහණයට නතු කර ගත්හ. මේජර් විලියම් රොජර්ස් ස්වකීය දෛනික සටහන්වල තබා ඇත්තේ තමන් විසින් වන අලින් 1300 කට ආසන්න ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේ ජිවත් වූ සිව් වසරක කාලය තුළදී වෙඩි තබා මරා දමනු ලැබූ බවයි. වන සතුන් මරා දමමින් එම සංඛ්‍යාවන් තම දින පොත්වල සටහන් තබා ගත් සුදු ජාතිකයන්ගේ ලේඛනයේ ප‍්‍රමුඛස්ථානය සැමුවෙල් බේකර්ස්, මේජර් තෝමස් ස්කිනර් වැන්නවුන්ට හිමිව ඇත.
 
 අතීතයේ සිදුවූ අලි සංහාරයේ දුක්බර කතා එබඳුය. වර්තමානයේ සිදුවන්නේ එබඳු වූ ආකල්පයන් මුල්කර ගත් අලි ඝාතන නොවූවත් මිනිසා සහ අලියා මුහුණ දෙමින් සිටින්නේ ජීවිතවලින් වන්දි ගෙවනා තත්ත්වයකට බවත් සිහිකටයුතුයි. උද්ගතව ඇති ගැටලූවේ හේතුව බවට පත් වී ඇත්තේ අලින්ගේ ගැවසුම් බිම් අවුරමින් ජනාවාස බිහි වීම බවත් මෙහිදී ස`දහන් කළ යුතුමය. එකි වාතාවරණය හමුයේ වන අලි - මිනිස් ගැටුම පවතින ප‍්‍රදේශයන් පිළිබ`දව අධ්‍යනය කිරීමේදී අවබෝධ වන කරුණක් වන්නේ වනජීවී රක්ෂිතවලින් පිටත ප‍්‍රදේශයන් ආශ‍්‍රිතව වන අලින්ගේ වැඩි වූ ගැවසීම බව දැක් විය හැකිය. නමුත් අතීතයේ සිට ශ‍්‍රී ලාංකේය ජන සමාජය සමග සහජීවනයෙන් දිවි ගෙවූ සද්දන්ත පරපුර වර්තමානය වන විටදී ජීවත් වීමේ අර්බුධකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටීම කණගාටුදායක තත්ත්වයක් නොවන්නේද?.
 
 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරමාර්ථයක් වන්නේද වන අලි - මිනිස් ගැටුම ස`දහා උචිත විස`දුමක් වෙත පැමිණීමයි. වන අලි ආක‍්‍රමණයන් බහුල පෙදෙස් ඇසුරේ විස`දුමක් ලෙස භාවිතයට ගනු ලබන්නේ විදුලි වැටවල් ස්ථාපිත කිරීමේ ක‍්‍රමවේදයයි. එනම් අලි ගම් වදින ස්ථාන සහ ගැමියන්ගේ ඉල්ලීම පරිදි ගම වටකර විදුලි වැට ඉදිකිරීමේ ක‍්‍රමවේදය මේ වන විටදී ක‍්‍රියාත්මක වේ.
 
 ගොවිබිම් වෙත කඩා වදිනා අලින් පළවා හැරීම වෙනුවෙන් අලි වෙඩි නිකුත් කිරිම්, අලි ගම් වදින ස්ථාන ආශ‍්‍රිතව මුර සංචාරයන් සිදු කිරීම, ගම් වදින අලීන් රක්ෂිත වෙතට පළවා හැරීම්, ජීවිත හානී - දේපළ හානී සිදුකරනා කළහාකාරී අලීන් ජීවග‍්‍රහණයෙන් අල්ලා හොරොව්පතාන වැනි වන අලි පුනරුත්ථාපත රැුඳවුම් බිම් වෙත නිදහස් කිරීම, වන අලින්ට රේඩියෝ කරපටි පළඳා ඔවුන්ගේ ගමන් රටාවන් පිළිබඳව අධ්‍යයන කටයුතු සිදුකිරීම, අලින්ගේ මූලික අවශ්‍යතාවයන් වන ජලය සහ ආහාර ප‍්‍රභවයන් (සුපෝෂණ කටයුතු* වනජීවී රක්ෂිත ඇසුරේ ස්ථාපිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. රෝගාතුර සතුන් හ`දුනා ගනිමින් ප‍්‍රතිකාර සිදු කිරීමත්, එම සත්වයන් පිළිබඳ පසු විපරම් කටයුතු සිදු කිරීමත් දෛනිකව සිදු කරයි. මවගේ රැුකවරණය අහිමිව වනයේ අතරමංව සිටිනා අලි පැටවුන් උස්මහත් වන තුරු රැුක බලා ගෙන යළිත් වනයටම පිටමං කරනා සංකල්පය මුල්කර ගෙන ඇත්අතරු සෙවණ උඩවළව ජලාශය ආශ‍්‍රිතව උඩවළව ජාතික උද්‍යානයට මායිම්ව ස්ථාපිත කර ඇත. එහි රැුකවරණය ලබා ලොකු වී යළිත් වනයට ගොස් වන අලින්ටම හුරු පුරුදු ජීවිතයට හැඩගැසුණු අලින් සංඛ්‍යාත්මකව නම් 100 කට නොවැඩිය. ඒ අතරේ මව් පදවිය ලැබූ ගැහැණු සතුන්ද වාර්තා වී ඇත.
 
 එළැඹෙන සැප්තැම්බර් මස පොහොය දිනයට සමගාමීව වන අලි සමීක්ෂණයක් සිදු කිරීමටද මූලික සැලසුම් සකස් කර ඇත. අවසන් වරට දෙපාර්තමේන්තුව වන අලි සමීක්ෂණයක් සිදුකරනු ලැබුවේ වසර 08 කට ඉහත 2011 වසරේදීය. 2011 අගෝස්තු මස 11 සිට 14 වැනි දින දක්වා පැවති වන අලි සමීක්ෂණයෙන් ලැබී ඇති ප‍්‍රතිඵල අනුව වැඩිම අලි ගහනයක් වාර්තා වූයේ මහවැලි වනජීවී කලාපයෙන් වන අතර එය සංඛ්‍යාත්මකව 1751 ක අගයකි. අඩුම වන අලි සංඛ්‍යාව වන 47 ක් වාර්තා වූයේ මධ්‍යම වනජීවී කළාපයෙනි. නැගෙනහිර වනජීවී කළාපයේ වන අලි ගහනය 1573 කි. වයඹ සහ දකුණ වනජීවී කළාපවලින් පිළිවෙලින් 1189 හා 1086 වාර්තා විය. 2011 වසරට පෙර උතුරු කලාපය ආශ‍්‍රිතව පැවැති යුදමය වාතාවරණය නිසාවෙන් වනඅලි සමීක්ෂණයක් නොපැවැත්වුණු අතර 2011 පැවැත්වුණු සමීක්ෂණය තුළින් උතුරු වනජීවී කළාපය ආශ‍්‍රිතව වන අලි 233 ක් වාර්තා විය.
 
 ඒ අනුව 2011 වසරේ මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැති වනඅලි සමීක්ෂණයට අනුව දිවයිනේ මුළු වන අලි සංඛ්‍යාව 5879 ක් ලෙසින් වාර්තා විය. ඊට දළ ඇතුන් 122 ක්, වැඩිහිටි සතුන් 3285 ක්, තරුණ අවධියේ පසුවන සතුන් 1487 ක්, පැටවුන් 731 හා ළදරු අවදියේ පසු වන කුඩාම සතුන් 376 ඇතුළත් විය. වාර්තා වූ සමස්ථ අලි සංඛ්‍යාවෙන් 1107 ක් පැටවුන් විය. මේ වසරේ සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින තුළදී පැවැත්වීමට නියමිත වනඅලි සමීක්ෂණයට අනුව ඉකුත්ව ගිය වසර අටකට ආසන්න කාලය තුළ ශ‍්‍රී ලංකාවේ වන අලින්ගේ ගහණ ඝණත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. දිවයිනේ ව්‍යාප්ත වනඅලින්ගේ සියලූ ගැවසුම් කලාපයන් ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති වන අලි සමීක්ෂණයේදී වන අලින් ස්වකීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නා දිය ප‍්‍රබවයන් ඉලක්ක කරගෙන ඒ ආශ‍්‍රිතව නිරීක්ෂණ ස්ථානයන් පිහිටුවීමට සැලසුම් කර ඇත. ඉදිරි සංරක්ෂණ කළමනාකරණ සැලසුම් සකස් කිරීමේදී මෙවැනි සමීක්ෂණ තුළින් ලබා ගන්නා දත්තයන් මහෝපකාරී වේ.
 
 සදමල් රශ්මී ශ‍්‍රී බුද්ධික
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles