Divaina - පාස්‌කු ප්‍රහාරයේ වගකිවයුත්තන් විපතට පත්වුවන්ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 කීර්ති වර්ණකුලසූරිය
 
 passsk333පාස්‌කු ඉරිදා එල්ල වූ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු ප්‍රහාරය එල්ල කළවුන් පිළිබඳව දේශපාලකයන් එකිනෙකා අතර මත ගැටුම් ඇති වී ඇත. එක්‌ අයෙක්‌ මෙය අයිසිස්‌ ප්‍රහාරයක්‌ බව පවසද්දී තවත් අයෙක්‌ කියන්නේ එය අයිසිස්‌ නොවන බවයි.
 
 මෙවන් පසුබිමක්‌ මැද ජාතික ආරක්‍ෂාව ගැන උපදේශ ලබා ගැනීමට ආරක්‍ෂක උපදේශක සභාවක්‌ පත් කර ඇත.
 
 එහෙත් මේ උපදේශක සභාවේ සිටින ඇතැම් සාමාජිකයන්ගේ අතීතය මෙරට ජනතාව දන්නේද?
 
 මෙයට වසර 14 කට පෙර අතීතය විමර්ශනය කළ හොත් මේ උපදේශක සභාවේ සිටින අයකුගේ අතීතය සහ ඔහුගේ කෙරුවාව කුමක්‌දැයි හෙළි වෙයි. රාම් මානික්‌කලිංගම්, සුරේන් රාගවන් සහ ජාවද් යුසුප් නැමැත්තන්ද මේ උපදේශක මණ්‌ඩලයේ ක්‍රියාකාරින් වේ.
 
 කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කරන සමයේ ජාවාද් යුසුප් නැමැත්තා නෝර්වේ අරමුදල් මත යෑපුණු මුස්‌ලිම් සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානියායි. ඔහු පසුව සව්දි අරාබියාව හෙවත් වාහාබ්වාදය පතුරුවන සව්දි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති විය. පාස්‌කු ප්‍රහාරය සිදුවිමෙන් පසු මොහු පැවසූවේ එම ප්‍රහාරයට අයිසිස්‌ සංවිධානය සම්බන්ධ නොවන බවයි. ඔහුට පසු රාම් මානික්‌කලිංගම් කවුද? ඔහු එසේ මෙසේ පුද්ගලයෙක්‌ නොවේ. සුනාමි ව්‍යසන සමයේ කොටි සම`ග පීටොම් ගිවිසුමට එක`ගවන ලෙස එවකට සිටි ජනාධිපනි චන්ද්‍රිකා කුමාරතුංගට යෝජනා කළේ මේ මානික්‌කලිංගම් බව කොටි නිල වෙබ් අඩවියට හෙළි කර තිබුණි. එසේම ඇමෙරිකානු රොක්‌පෙලර් පදනමේ උපදේශක ලෙස කටයුතු කරන මානික්‌කලිංගම් නෙදර්ලන්තයේ සිට ඩැග් නමින් එන්. ජී. ඕ. සංවිධානයක්‌ මෙහෙයවයි.
 
 එම සංවිධානයට අරමුදල් සපයා ඇත්තේ නෝර්වේහි නෝරාඩ් සංවිධානයයි. මේ හැර සන්නද්ධ කණ්‌ඩායම් සහ ආණ්‌ඩු අතර පහසුකම් සලස්‌වන්නා ලෙසද මේ රාම් මානික්‌කලිංගම් ක්‍රියා කරයි. පසුගිය යහපාලන රජය ඔහුව සංහිදියා කාර්ය බළකායටද පත් කළේය.
 
 චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ කොටි සාම සාකච්ඡාවල ප්‍රධාන භූමිකාව ර`ගදැක්‌වු මානික්‌කලිංගම් වසර ගණනකට පසු යළිත් මෙරට මතු වී ඇති ජාතික ආරක්‍ෂාව තුළින් මතු විය. එසේම මේ මානික්‌කලිංගම්ගේ මස්‌සිනා කවුද? ඒ ප්‍රභාකරන්ගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය සොර්නරාජායි. එසේම මානික්‌කලිංගම්ගේ ඥාතිපුත්‍රයකු වූ මානික්‌කසෝති ප්‍රබල කොටි ක්‍රියාකිරිකයෙකි. මෙවැනි විටක රටේ ජාතික ආරක්‍ෂාවට උපදෙස්‌ ගත යුත්තේ මෙවන් පුද්ගලයන්ගෙන්ද? මහාචාර්ය සොර්නරාජා විවාහ වී සිටින්නේ මානික්‌කලිංගම්ගේ සොහොයුරිය සම`ගය. මේ තොරතුරු ජනාධිපතිවරයාගෙන් වසන් කළේද?
 
 ස්‌පාඤ්ඤයේ ඊ. ටී. ඒ. ත්‍රස්‌තවාදි කණ්‌ඩායම සහ ස්‌පාඤ්ඤය අතර පැවැති සටන් විරාමයට අදාළව කටයුතු කළේද රාම් මානික්‌කලිංගම්ය. එහෙත් රාම් මානික්‌කලිංගම් නමැති මේ බ්‍රොaකර්ගේ තක්‌කඩි කටයුතු දේශපාලකයන්ගේ අවධානයට යොමු වී නැත. මොහුගේ සමීපතම ඥතියකු එදා කටයුතු කළේ කවුරුන් සම`ග දැයි යන්නද නිරීක්‍ෂණය වී නැත.
 
 එවන් තත්ත්වයක්‌ මත මානික්‌කලිංගම් වැනි විදේශිකයකු මෙරට ජාතික ආරක්‍ෂාවට අදාළ උපදේශක මණ්‌ඩලයට පත් වුයේ කෙසේද ඔහුගේ පත්වීම ජාතික ආරක්‍ෂාවට හානියක්‌ නොවේද?
 
 මේ නිසා රටේ ආරක්‍ෂාව ගැන උපදෙස්‌ ලබාගන්නේ මෙවන් පුද්ගලයන්ගෙන්ද ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ තානාපති ධුරයක්‌ දරන ද්විත්ව රංගනයේ යෙදෙන අයෙක්‌ මේ ඇතැම් පත්වීම්වලට මුල් වී ඇති බවයි.
 
 එසේම රාම් මානික්‌කලිංගම් නෝර්වේහිදී ඩයස්‌පෝරා ක්‍රියාකාරින් සහ ශ්‍රී ලංකා රජය අතර සංවාදයක්‌ පැවැත්වීමට සැලසුම් කළ අතර කොටි හිතවාදීන් ඊට එක`ග නොවිමෙන් එය කඩාකප්පල් විය. මෙම තත්ත්වය මත මෙරට රැදී සිටින රාම් මානික්‌කලිංගම් සිදුකරන දේශපාලන හා ආරක්‍ෂාවට සම්බන්ධ මෙහෙයුමේ පසුබිමින් සිටින්නේ කවුද?
 
 සතුරන් සමීප කර ගත්තොත් රටේ ආරක්‍ෂාවට හෙණ ගහයි යනුවෙන් රුසියාවේ ජනපති වැලැඩිමීර් පුටින් වරක්‌ පැවසීය.
 
 ඒ ප්‍රකාශය මෙරටට ගැලපේ. මුස්‌ලිම් දේශපාලකයන්ද මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වී ඇත. එය අවාසනාවන්ත තත්ත්වයකි. වන්නි මෙහෙයුම ජයගැනීමට නොහැකි බව පැවසු විස්‌මිත යුද මහාචාර්යවරුන්ද දැන් එළිදැක ඇත. එසේම පාස්‌කු ප්‍රහාරය මධුෂ්ගේ ක්‍රියාවක්‌ බව හරියටම පැවසූ මහාචාර්යවරියක්‌ද වේ.
 
 එහෙත් ඒ කුමක්‌ පැවසුවත් මියගිය 300 ක පිරිසකට යුක්‌තිය හිමි වුයේද? මෙම පාස්‌කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක්‌ද මේ සතියේ මියගියාය. එසේ වුවත් දැන් වරදකරුවන් වී ඇත්තේ සහරාන්ලා ප්‍රමුඛ මිනීමරු කල්ලිය නොව මියගිය පිරිසයි.
 
 මෙය පුදුමයක්‌ නොවේ පාස්‌කු ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන් මෙතෙක්‌ අනාවරණය කර නැත. එසේම තව්හිද් ජමාත් කාර්යාලය කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී තවදුරටත් ක්‍රියාත්මක වේ. මෙයට වසර කීපයකට පෙර ඇමෙරිකානු ප්‍රහාරයකින් අල්කයිදා නායක බින් ලාඩන් ඝාතනය වූ අවස්‌ථාවේ මරදාන ප්‍රදේශයේදී පැවැත්වු විරෝධතාවයට මුස්‌ලිම් පිරිස්‌ පැමිණියේ මාලිගාවත්ත කලාපයේ සිටය. මේ අතීතය අද බොහෝ දෙනකුට අමතකය. මේ විරෝධතාවය මෙහෙයවූ දේශපාලකයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී දැන් වහසි බස්‌ දොඩයි.
 
 මෙවන් පසුබිමක්‌ මැද නැගෙනහිර ජ්‍යෙෂ්ඨ පොලිස්‌පති කපිල ජයසේකර පවසා ඇත්තේ පාස්‌කු බෝම්බ ප්‍රහාරයට පෙර ඒ ගැන තොරතුරු නොලැබුණු බවයි. 2017 වසරේ සිට සහරාන්ට එරෙහිව වරෙන්තුවක්‌ නිකුත් කර තිබුණත් ඒ ගැන විශේෂ අවධානයක්‌ නොතිබුණු බවත් ප්‍රචන්ඩකාරී පිරිසක්‌ ගැන කිසිදු තොරතුරක්‌ අනාවරණය නොවු බවත් ඔහු තවදුරටත් පවසා ඇත. මේ හැර කාත්තන්කුඩි ප්‍රදේශයේ රට ඉඳිගස්‌ ඉදිවී තිබීම හා අරාබි වචන ප්‍රදර්ශනය වීම සංවර්ධනය බවත් මේ පොලිස්‌ නිලධාරියා ප්‍රකාශ කර තිබේ.
 
 එහෙත් කාත්තන්කුඩි මුස්‌ලිම් පල්ලි 63 ක්‌ ස්‌ථාපිත වීම සංවර්ධනයද නැත්නම් අරාබිකරණයද යන්න ජනතාවට පැහැදිලි වී ඇත. මෙවැනි තත්ත්වයක්‌ මැද අන්තවාදී ඉස්‌ලාමීය කල්ලි බේරා ගැනීමට එදා ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සම`ග සබඳකම් පැවැත්වීමට එරෙහි වූ පිරිස දැන් යළිත් මතුවී ඇත.
 
 වසර ගණනකට පෙර මෙරට ඉස්‌ලාමිය මූලධර්මවාදී ඊශ්‍රායල් තානාපති කාර්යාලයක්‌ මෙරට පිහිටුවීමට ඉඩ දුන්නේ නැත. ඊශ්‍රායලයෙන් අවි ආයුධ මිලයට ගැනීමටද එරෙහි විය. ත්‍රස්‌තවාදීන් මර්දනය කරන ද රේඩ් ඔන් එන්ටබේ චිත්‍රපටය මෙරට තිරගත කිරීමද තහනම් විය. මෙම අතීතය අද වසන් වී තිබේ. එසේම ඊශ්‍රායල් කොන්සල් කාර්යාලය වසා දැමීම සඳහා එදා සිට රජයට බල කෙරුණි. මේ හැර තස්‌ලිමා නස්‌රින් ගත්කතුවරියගේ ලැඡ්ජා ග්‍රන්ථය කොටස්‌ වශයෙන් මෙරට පුවත්පතක පළ වෙද්දී ඊට එරෙහිව මරණීය තර්ජන එල්ල විය. සල්මන් රශ්ඩි ගත්කතුවරයාගේ ග්‍රන්ථය මෙරට අලෙවිය තහනම් විය.
 
 එදා මෙරට බහුතරයට මුස්‌ලිම් මුලධර්මවාදීන් හමුවේ යටත් වීමට සිදු විය. එහෙත් මුස්‌ලිම් ඡන්ද නිසා ඊට එරෙහි විමට කිසිදු දේශපාලකයෙක්‌ ඉදිරිපත් වුයේ නැත.
 
 එසේම නැගෙනහිර ප්‍රදේශයේ හෝටලයකදී ආණ්‌ඩුකාර හිස්‌බුල්ලා නැමැත්තා සව්දි ජාතිකයන් කීපදෙනෙක්‌ සම`ග පැවැත්වූ රහස්‌ සාකච්ඡාව ගැන මේ වනතුරු සව්දි පොලිසියේ සහායෙන් විමර්ශනයක්‌ පැවැත්වීමට පොලිසිය ක්‍රියා නොකිරීමද සැකයට තුඩුදෙන කරුණකි. හිස්‌බුල්ලා නැමැත්තා තමා ආයෝජකයන් පිරිසක්‌ සම`ග සාකච්ඡා පැවැත්වූ බව කියා සිටියත් මහ රෑ පවත්වන ආයෝජන සාකච්ඡා කුමක්‌ද? මේ නිසා පාස්‌කු ඉරිදා ප්‍රහාරය මෙන්ම මුස්‌ලිම් ඇමැතිවරුන්ගේ සැක කටයුතු ක්‍රියා මුස්‌ලිම් ඡන්ද නිසා වසන් කිරීමේ මෙහෙයුමක්‌ දියත් වී ඇති බව පැහැදිලිය.
 
 මෙම තත්ත්වය මත රජයේ බලධාරීන් පාස්‌කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අද වනතුරු අධිකරණයට යොමු කර නැත. එසේම මේ සැකකරුවන් කවුදැයි ප්‍රසිද්ධියට පත්කර නැති අතර ඔවුන්ගේ තොරතුරු යටපත් වී ඇත.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles