Divaina - ශ‍්‍රී ලංකාවට විධායක කමිටු සාමාජිකත්වය හිමි කර දුන් - එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ද්වි වාර්ෂික සමුළුව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fea15 1ලොව නිවාස හා ජනාවාසකරණය පිළිබඳ පසුගිය දශක හතරකට අධික කාලපරිච්ෙඡ්දයක් තුළ සිය ජාත්‍යන්තර දායකත්වය ලබාදුන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ද්වි වාර්ෂික සමුළුව පසුගිය මැයි මස 27 දින සිට 31 දින දක්වා අප‍්‍රිකානු මහද්වීපයේ කෙන්යානු සමූහාණ්ඩුවේ නයිරෝබි නුවරදී පැවැත්විණි.
 
 1976 වසරේ කැනඩාවේ වැන්කුවර් නුවර පැවැති එක්සත් ජාතින්ගේ මානව ජනාවාස කොමිසමේ එකතුවත් සමගින් ඇරඹී මෙම සංවිධානය පුරා වසර 40 කට අධික කාල පරිච්ෙඡ්දයක් ජාත්‍යන්තර නිවාසකරණය මෙන්ම කලාපීය රටවල නිවාස හා ජනාවාස වැඩසටහන සඳහා අවශ්‍ය පහසුකම් සපයන ජගත් සංවිධානය ලෙසින් කටයුතු කරනු ලැබීය.
 
 කෙන්යානු සමුහාණ්ඩුවේ ජනාධිපති නුහුරු කෙන්යාටා මැතිතුමන් විසින් මෙහි සමාරම්භක සැසි වාරය ආරම්භ කිරීම සිදුකළ අතර, ශ‍්‍රී ලංකාව සමගින් රටවල් 113 ක් විෂයානුබද්ධිත අමාත්‍යවරුන් 44 දෙනෙකු හා නගරාධිපතිවරුන් 60 දෙනෙකු සමගින් විදේශීය නියෝජිතයින් 2250 ක් සහ දේශීය නියෝජිතයින් 2000 කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුව සඳහා සහභාගි විය. කෙන්යානු ජනාධිපති නුහුරු කෙන්යාටා සමගින් දකුණු සුඩානයේ ජනාධිපති සෙල්වා කීරි, ෆීජී රාජ්‍යයේ අග‍්‍රාමාත්‍ය ෆ්රැුන්ක් බිනි මාර්මා සහ යේ්මන් රාජ්‍යයේ අග‍්‍රාමාත්‍ය මයින් අබ්දුල් මලික් සහීඞ් යන මහතුන් ඇතුළු විශේෂිත ආරාධිතයින්
 
 රැුසක් මෙම සමුළුවට සහභාගි විය.
 
 ගතවූ දශක හතරක කාලපරිච්ෙඡ්දය තුළ ශ‍්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ මානව ජනාවාස කොමිසමේ ආරම්භක නියෝජිතයෙකු ලෙස දිගු කාලීන නායකත්වයක් ලබාදී ඇති අතර, 1980 වසරේ එවකට ශ‍්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ ආර්. පේ‍්‍රමදාස මැතිතුමන් විසින් 1987 වසර ජාත්‍යන්තර නිවාස වසර ලෙසින් යෝජනා කිරීමේ කාර්යයදාමය සාර්ථක කරගැනීමට ද එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විශේෂ දායකත්වයක් ලබාදෙනු ලැබීය. ඉන් අනතුරුව 1986 වසරේ සිට මෙම සංවිධානය විසින් ප‍්‍රකාශිත ඔක්්තෝබර් මස ප‍්‍රථම සඳු දිනට යෙදුනු ලෝක ජනාවාස දිනය, ප‍්‍රකාශිත කිරීම හා වාර්ෂිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා ද ශ‍්‍රී ලංකාව පුරෝගාමීව කටයුතු කරනු ලැබීය.
 
 මෙවර පැවැති එක්සත් ජාතින්ගේ මානව ජනාවාස වැඩසටහන ප‍්‍රථම වරට එක්සත් ජාතින්ගේ හැබිටැට් සමුළුව ලෙසින් සංවිධාන ගත වූ අතර, ඒ තුළින් මෙතෙක් පැවැති මෙම සංවිධාන ව්‍යුහය හා සමුළු ක‍්‍රියාකාරිත්වයේ වෙනස්කමක් ඇතිවිය.
 
 මෙම නව වැඩපිළිවෙළට අනුකූලව මෙතෙක් මෙම සංවිධානයේ පැවැති පාලක මණ්ඩලය වෙනුවට නව විධායක කමිටුවක් පත්විය. මෙම විධායක කමිටුව ආසියා හා පැසිෆික් රටවල් අප‍්‍රිකානු රටවල් සහ යුරෝපීය රටවල් නියෝජනය වන ආකාරයෙන් රටවල් 36 ක විශේෂිත නියෝජනයකින් සමන්විත වේ. මෙම විධායක කමිටුවේ ආසියා හා පැසිෆික් රටවල නියෝජනය රටවල්
 
 09 කට සීමාවූ අතර, එකී විධායක කමිටු නියෝජනයෙන් ආසියානු පැසිෆික් කලාපය නියෝජනය තුළ මුල්ම නියෝජිත රට ලෙස ශ‍්‍රී ලංකාව තෝරාගැනීම විශේෂිත සිදුවීමකි. ඒ අනුව ආසියා හා පැසිෆික් රටවල නියෝජනය සඳහා ශ‍්‍රී ලංකාව මුල්කොටගත් කොරියාව, චීනය ජපානය, ඉන්දියාව, ඉරානය, ඉන්දුනීසියාව සහ පකිස්තානය නම්කරනු ලැබීය.
 
 මෙවර සමුළුව සඳහා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් නියෝජනය කරමින්, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම සහභාගිවූ අතර, එම කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සි. ඒ. විජයවීර, කෙන්යානු සමුහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් හා එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසමේ ශ‍්‍රී ලාංකික නේවාසික නිත්‍ය නියෝජිත සුනිල් ද සිල්වා සහ කෙන්යාවේ ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය කොමසාරිස් අන්සර් ජාන් යන මහත්ම මහත්මීන් ය.
 
 මෙම සමුළුවේ ආරම්භක සැසි වාරයේ සිය දෙසුම සිදුකළ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත මහතා ශ‍්‍රී ලංකාවේ වර්තමානයේ ක‍්‍රියාත්මක සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන හා කලාපීය රටවල නිවාස හා ජනාවාසකරණය පිළිබඳ විශේෂිත කරුණු දැක්වීමක් සිදුකරනු ලැබීය.
 
 සිය දෙසුම ආරම්භයේදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා, ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය දායක්වයෙන් නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාවට නැංවූ යුගයක ශ‍්‍රී ලංකාව සහභාගිත්ව සංවර්ධනය නිවාසකරණයට දායක කරගනිමින් ගතවූ දශක හතරක කාලපරිච්ෙඡ්දය තුළ සාර්ථකව ක‍්‍රියාවට නංවමින් වර්තමානයේදී නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන්ගේ සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ දක්වා රැුගෙන ආ බව පෙන්නුම් කරනු ලැබීය.
 
 එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශිත නව නාගරික න්‍යාය පත‍්‍ර‍්‍රයට අනුකූලව නිවාස හා නාගරික ක‍්‍රියාදාමය පිළිබඳ ශ‍්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සංවර්ධන කාර්යයන් පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා, තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම උදෙසා ශ‍්‍රී ලංකාවේ කි‍්‍රියාවට නැංවෙන විවිධ වූ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
 
 අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ මඟපෙන්වීමෙන් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන්ගේ මගපෙන්වීමෙන්, මධ්‍යආදායම්ලාභීන් සඳහා නිවාස පහසුකම් සැපයීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක‍්‍රියාත්මක නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී කරුණු දැක්වූ බර්නාඞ් වසන්ත මහතා මෙහිදී නිවාස ව්‍යාපෘතීන් ශ‍්‍රී ලංකාවේ අගනුවර ආශ‍්‍රිතව හා සෙසු නාගරික ප‍්‍රදේශවල සාර්ථකව ක‍්‍රියාත්මක කරන බව පෙන්වා දුණි.
 
 මෙයට අමතරව නාගරික මහල් නිවාස ව්‍යාපෘති ආශ‍්‍රිත කළමනාකරණ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් සහාධිපත්‍ය කාර්යයදාමය තුළින් ඉටුකරන කාර්යය භාරය පිළිබඳ විශේෂයෙන් කරුණු දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා මේ සියළු කාර්යයන් තුළින් ශ‍්‍රී ලංකාව ජගත් සංවිධානය විසින් ප‍්‍රකාශිත නව නාගරික න්‍යායපත‍්‍රයට අනුකූලව සිදුකරන්නාවු කාර්යයන් පිළිබඳ කරුණු පෙන්නුම් කර දෙනු ලැබීය.
 
 මෙම අවස්ථාව වනවිට ශ‍්‍රී ලංකාව තුළ ලිඛිත ජාතික නිවාස ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත්කර ඇති බව පෙන්නුම් කළ බර්නාඞ් වසන්ත මහතා වත්මන් රජයේ මෙහෙයවීමෙන් සැකසුණු මෙම ජාතික නිවාස ප‍්‍රතිපත්තිය සකස්කරලීම උදෙසා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින් ලබාදුන් දායකත්වයට සිය ස්තුතිය පුදකරනු ලැබීය.
 
 පුරා දින 05 ක් පැවැති මෙම සමුළුව එයට සහභාගීවූ සෙසු රටවලට මෙන්ම විශේෂයෙන් ශ‍්‍රී ලංකාවට වැදගත්වේ. ලෝකයේ සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය කරා යොමුවී ඇති රටවල් රැුසක නියෝජිතයින් ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමගින් විශේෂයෙන් සාකච්ඡුා පවත්වමින් ඒ රටවල් අතර, අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙම සමුළුවේදී සිදුවිය. එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ විධායක අධ්‍යක්ෂකවරිය සහ එහි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ වික්ටර් කිෂෝප් මහතා ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම විශේෂයෙන් හමුවූ අතර, මෙම සාකච්ඡුාවේදී ශ‍්‍රී ලංකාවේ ජාතික නිවාස ප‍්‍රතිපත්තිය සකස් කරලීම උදෙසා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින් දැක්වූ දායකත්වය පිළිබඳ ශ‍්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම සිය ප‍්‍රසාදය පිරිනමනු ලැබීය.
 
 සකස්වූ මෙම ජාතික නිවාස ප‍්‍රතිපත්තිය ඉදිරියේදි ක‍්‍රියාකාරි වැඩසටහනක් ලෙසින් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීම උදෙසා විධිමත් ක‍්‍රියාත්මක සැලැස්මක් සකස් කෙරෙමින් පවත්නා බවත් ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ නිවාස හා ජනාවාසකරණය පිළිබඳ නවතම දත්ත හා තොරතුරු පෙන්වා දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම, එකී කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඉල්ලූම් කරනු ලැබීය.
 
 ආසියා හා පැසිෆික් රටවල නිවාස හා ජනාවාසකරණයේ නියුතු අමාත්‍යවරුන්ගේ සංවිධානයේ විශේෂ කමිටු රැුස්වීමක් ද මෙම ජනාවාස සමුළුවට සමගාමීව මෙහිදී පැවැත් වූ අතර, ආසියා හා පැසිෆික් රටවල නිවාස හා ජනාවාස වැඩසටහන් ආශ‍්‍රිතව පවත්නා ගැටලූ හා ඉදිරියේදී ඉරාණ සමුහාණ්ඩුවේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන මෙම අමාත්‍ය සංවිධානයේ ඊළඟ අමාත්‍ය සැසි වාරය පිළිබඳව මෙහිදී සාකච්ඡුා විය.
 
 එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම ගතවූ 40 වසරක කාලපරිච්ෙඡ්දය තුළ ලෝකයේ නිවාස හා ජනාවාසකරණය පිළිබඳ විශේෂිත අවධානයක් යොමුකරමින් සිය නොමඳ දායකත්වය ලබාදුන් සංවිධානයක් වන අතර, ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන් මෙම සංවිධානය සමගින් සමීප සබඳතා ගොඩ නඟාගනු ලැබීය. මෙවර සමුළුවේදී ශ‍්‍රී ලංකාව එහි පාලක විධායක කමිටුවට පත්කර ගැනීමත්, මෙරට ජාතික නිවාස ප‍්‍රතිපත්තිය සකස් කරගැනීම හා එහි කි‍්‍රයාකාරීත්වය උදෙසා එම සංවිධානය ලබාදෙන සහය සහ දායකත්වය මෙවර සමුළුවේදී ශ‍්‍රී ලංකාව ලැබූ සුවිශේෂී දායකත්වයක් විය. ඒ සියලූ කාර්යයන් තුළ ඉදිරිකාලයේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක සහභාගිත්ව සංවර්ධනය මුල්කොටගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සෙසු නිවාස හා ජනාවාස වැඩසටහන සාර්ථක කරගැනීමට මෙම ජගත් සංවිධාන දායකත්වය ලබාගැනීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරයි.
 
 ලක්විජය සාගර පලන්සූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles