Divaina - සදහම් සිසිලස විඳගන්නට රජරට උතුම් පුදබිම් සැරසෙන වගයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

re11 1ලක්වැසි බෞද්ධ ජනතාව මහත් ඉහළින් සමරනු ලබන උතුම් පොසොන් පුන් පොහෝ දිනය උදාවන්නට තව ඇත්තේ දින කිහිපයකි. රටේ සිව්දෙස ඒ වෙනුවෙන් කෙරෙන සූදානම් අතර රජරට පිංකම්ද ඉතා ඉහළය. අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ ඉපැරණි පුදබිම් කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන පිංකම් අදින් ආරම්භ වෙයි. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු පිංකම් රාශියක් බව අනුරාධපුර පොසොන් උත්සව සංවිධාන කමිටුව කියයි. පොසොන් සතිය පුරාවට අනුරපුර මහමෙව්නා උයනේ පැවැත්වෙන පරිත‍්‍රාණ ධර්ම දේශනාවද ආරම්භ වන්නේ හෙට දිනයේයි.
 
 අටමස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන් වහන්සේගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරපුර උතුම් පුදබිමේ මේ පිංකම් සංවිධානය කර තිබේ. මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝදා ඓතිහාසික මහ මෙව්නාඋයනේ උවසු උවැසියෝ හැට දහසක් පමණ පෙහෙවස් සමාදන්වනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ පිරිසට අවශ්‍ය හීල් දානය සහ දහවල් දානය පිරිනැමීමට අවශ්‍ය සියලූ කටයුතු පොසොන් උත්සව සංවිධාන කමිටුව පියවර ගෙන ඇත. මේ අතර අනුරපුර පුදබිමට බැතිමතුන් සඳහා අවශ්‍ය පොදු පහසුකම් සැළසීම සඳහාද විශේෂ පියවර රාශියක් ගෙන තිබේ.
 
 උතුරු මැද පළාත් සභාව ප‍්‍රමුඛ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරනු ලබන ඓතිහාසික පොසොන් දළදා පෙරහැර මේ මස 16 සහ 17 යන දෙදින තුළ පැවැත්වීමට මෙවරද කටයුතු යොදා ඇත.
 
 පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරය සෝමාවතිය පුදබිම, දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, මැදිරිගිරිය ඓතිහාසික වටදාගෙය ආදී ඉපැරණි පුදබිම් කේන්ද්‍රකර ගනිමින් පොසොන් පිංකම් රැුසක් සංවිධානය වෙයි.
 
 ඓතිහාසික ගල් විහාරය අබියසදී උවසු උවැසියන් විශාල පිරිසක් පෙහෙවස් සමාදන්වනු ඇතැයි අපේක්‍ෂා කරයි.
 
 අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොලොන්නරු සොළාස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ ශ‍්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේ අනුශාසනා පරිදි දාන, සීල භාවනා ආදී පිංකම් රාශියක් එදින දවස පුරාම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
 වාර්ෂික පොසොන් දළදා පෙරහැර මේ මස 17 වෙනි දින රාත‍්‍රියේ පොලොන්නරුවේදී පැවැත්වෙනුයේ 47 වෙනි වරටය. අලි ඇතුන් විවිධ සංස්කෘතික අංග ආදිය රාශියකින් සමන්විත මේ පොසොන් දළදා පෙරහැර පොලොන්නරුව ඓතිහාසික වටදාගෙය අසලින් ආරම්භ වී පොලොන්නරුව නගරයේ වීථි සංචාරය කිරීමෙන් අනතුරුව යළිත් ඓතිහාසික වටදාගෙය අසලින් ගෙවැදීමට නියමිතය.
 
 නොහික්මුණු රියැදුරෙකුගේ වරදින් නොඑන ගමන් ගිය කැකිරාවේ පාසල් දරුවෝ
 
 අපේ රටේ මහා මාර්ගවල සිදුවන රිය අනතුරු නිසා අකාලයේ විනාශ වන මිනිස් ජීවිත ගණන දිනෙන් දිනම ඉහළ යන බැව් ප‍්‍රකටය. දිනපතා එවැනි සිදුවීම් දිවයිනේ සිව් දෙසින්ම පාහේ අසන්නට ලැබේ. ඒ රිය අනතුරුවලින් සිදුවන මරණ ගණන බොහෝවිට එකක්, දෙකක් නොව බුරුතු පිටිනි. බොහොමයක් රිය අනතුරුවලට හේතුවී ඇත්තේ රිය පදවන රියදුරන්ගේ නොසැලකිලිමත්කම, අපරීක්‍ෂාකාරී රිය ධාවනය, බීමත්කම ආදියයි. එසේ වූවද ඒවා අවම කර ගැනීම වෙනුවට දක්නට තිබෙනුයේ සීඝ‍්‍ර වර්ධනය බව පැහැදිලිය.
 
 පසුගිය දිනෙක ඒ 9 මාර්ගයේ කැකිරාව, කොරසගොල්ල හන්දිය ප‍්‍රදේශයේදී කුලප්පුවූ රියැදුරෙකු විසින් පදවාගෙන එනු ලැබූ කැබ් රථයකට අහිංසක පාසල් දරුවන් සිව්දෙනෙකු යටකර පළායෑමේ සිදුවීම් රජරට බිමේ සිදුවූ ආසන්නතම සිදුවීමකි. පාසල් නිවාඩු දිනයක්වූ සති අන්ත සෙනසුරාදාවේ අධ්‍යාපන උපකාරක පන්ති වලට සහභාගි වීම සඳහා කැකිරාව නගරයට යෑමට මාර්ගය අසල බසයක් එනතෙක් රැුඳී සිටි මේ දරුවෝ සිව්දෙනා යටකරගෙන විදුලි වේගයෙන් පැමිණි කැබ් රථයක් ඉගිල ගොස් තිබිණි. එහි ප‍්‍රතිඵලය වූයේ දරුවන් දෙදෙනකු අනතුර සිදු වූ ස්ථානයේදීත් තවත් එක් දරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලොව හැර යෑමත් ය. දිවි බේරා ගත් අනෙක් දරුවා බරපතළ තුවාල ලබා තවමත් රෝහල්ගතවය. ඒ දරුවන්ට මේ අවාසනාවන්ත ඉරණම උරුම කර කැබ් රථය නොනවත්වා ධාවනය කරවිමට ද මේ නොහික්මුණු රියැදුරා ක‍්‍රියා කර තිබිණි. තම දරුවන්ගේ මේ අකල් වියෝව කිසිසේත්ම දරාගත නොහැකිව ජීවිතය පුරාවට කඳුළු වගුරන්නේ අහිංසක මාපියන් ය. ඒ පවුල්වල ළඟම ඥාතීහුය. අසන, දකින කාගේ වුවද සිත් කම්පා කරවන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් රියැදුරෙකු සතු ගුණාංග කිසිවක් නොමැති මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙසින් රිය පදවන මෙවැනි මිනීමරුවන්ට මේ සිදුවීම් ඇතැම් විට සුළුපටු කාරණා විය හැක. රථයේ සුක්කානම පමණක් නොව ඊට පරිබාහිර වෙනත් බලයන් ද අතට ගෙනා මහමඟ රිය පදවන රියැදුරෝ ඕනෑ තරම් අප දැක ඇත්තෙමු. ඇතැම් අය දේශපාලනඥයන් ය. නැතිනම් දේශපාලන හෙංචයියලාය. මිල මුදල් ටිකක් හරි හම්බකර ගත් පමණින් සියල්ල සම්පූර්ණ යැයි කල්පනා කරන අඳ බාලයින්, උන්මත්තකයින්ය. මේ කුමන තරාතිරමේ පිරිස් වුවද මහමඟ රිය පදවන විට හික්මීමක් මාර්ග නීති පිළිබඳව තැකීමක් සිත්හි දරාගෙන සිය කාරිය කරන්නේ නම් බොහෝ දුරට මේ රිය අනතුරු අවම කර ගත හැකිය යන්න විෂය දැනුමැතියන්ගේ මතයයි. එසේ වුවහොත් දිනපතා පාහේ රිය අනතුරු හේතුවෙන් සිදුවන අකල් මරණ පිළිබඳ දුක්මුසු පාටත්, බහුලව අසන්නට නොලැබෙනු ඇත.
 
 දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු, ව්‍යාපාර කමිටු වර්ජනය කිරීමට පොලොන්නරුවේ ගොවි නායක තීරණයක්
 
 ප‍්‍රකට කෘෂි රසායන සමාගමක් මගින් මෙරටට ගෙන්වා ගොවීන්ට අලෙවි කරන ලද වල් නාශක වර්ගයක් වල් පැළෑටි නොනසා ගොයම පමණක් වැනසූ සිදුවීමකින් පොලොන්නරුවේ ගොවීහු විශාල පිරිසක් දැඩි පීඩාවකට පත්ව සිටිනුයේ දැනට වසරක පමණ කාලයක සිටය.
 
 අලූතින් හඳුන්වා දෙන ලද මේ වල් නාශක වර්ගය මිලදී ගෙන තම වි වගාවට යෙදීමෙන් පසු ගොයම මුළුමනින්ම විනාශ වී යෑම පිළිබඳව අදාළ කෘෂි රසායන සමාගම ද රජයේ නිලධාරීන්ද දැනුම්වත් කර මෙතෙක් කාලයක් ගත වි ඇතැත් ඊට විසඳුමක් ලැබී නොමැති බවට පොලොන්නරුවේ ගොවි ජනතාව මැසිවිලි නඟති. මේ විනාශය පොලොන්නරුවේ පමණක් නොව රටේ වී නිෂ්පාදන දිස්ත‍්‍රික්ක රැුසකම සිදු වී තිබෙන බවට දැන් තොරතුරු වාර්තා වන බව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධාන සභාපතිවරු සහ ගොවි නියෝජිතයෝ රැසක් ඊයේ (12 දා) පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැුස්වීමකදී පෙන්වා දුන්හ. මේ අතර අදාල කෘෂි රසායන සමාගම සිදුව ඇති හානියේ වගකීම භාරගෙන ඊට අදාළ වන්දි ගෙවිමට කල් මරමින් සිටින බව ද ගොවි නායකයන් කීහ. තෝරාගත් ගොවීන් පිරිසකට පමණක් ඒ කෘෂි රසායන සමාගම සතුව තිබෙන යෙදවුම් වන්දි ලෙස ගෙවීමට සූදානමක් තිබෙන බවත්, කිසිසේත්ම ඒවා බාර ගැනීමට ගොවි ජනතාව සූදානම් නැති හෙයින් හානි සිදුවූ සියලූම ගොවීන්ට මුදලින් වන්දි ලබා දිය යුතු බව ද ඔවුන් විසින් තරයේ ප‍්‍රකාශ කළහ. තමන් මෙසේ පෙනී සිටින්නේ අගතියට පත් ගොවි ජනතාව වෙනුවෙන් ගොවි නායකයන් සතු යුතුකමක් ඉටු කිරීම සඳහා බව කී ගොවි නායකයෝ තවදුරටත් පමා නොකොට කුඹුරු විනාශ වූ ගොවීන්ට වන්දි මුදල් ලබා දීම සඳහා කටයුතු නොකරන්නේ නම් මින් ඉදිරියට පැවැත්වෙන දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු, ව්‍යාපාර කමිටු ආදියට නොපැමිණ ඒවා වර්ජනය කිරීමට ක‍්‍රියා කරන බවද ඔවුහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ. එපමණක් නොව මේ සාධාරණ ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් ගොවි ජනතාව සමඟ එක්ව ඉදිරි කාලයේදී දැවැන්ත අරගලයකට යොමුවන බව ද කියා සිටියහ.

p11 166

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles