Divaina - මිහින්තලා පුදබිමෙහි ඓතිහාසික වංශකතාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 mihinthale


 එස්‌.එම්.සිරිවර්ධන - මහව
 
විජයාවතරණයෙන් පසුව මෙරට සිදුවන සුවිශේෂිතම ඓතිහාසික කාර්ය වන්නේ මහින්දාගමනයයි. දුමින්දාගමනය හා වාම දන්ත ධාතුව අපට ලැබෙන්නේ ඊට ද අනතුරුවය. අනුරාධ ග්‍රාමය අනුරාධපුර නගරය ලෙස නිර්මාණය වන්නේ පණ්‌ඩුකාභය රජු සමයේදීය. (ක්‍රි. පු. 247-207) දේවානම්පියතිස්‌ස රාජ්‍ය සමය සිංහල රාජ්‍ය වංශ කතාවේ අග්‍රගණ්‍යම සන්ධිස්‌ථානය හා කඩඉම සලකුණු කරයි. ඒ මහින්දාගමනය සිදුවීමයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික සහ සැලසුම් සහගත ධර්මදූත පිරිස දේවානම්පියතිස්‌ස රජු හමුවීම සහ ධර්ම ප්‍රචාරක කටයුත්ත ආරම්භ වන්නේ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමිනි.
 
 කිසියම් ප්‍රාථමික, ප්‍රාකෘත සහ ප්‍රාදේශීය මට්‌ටමකින් ද චූල සාම්ප්‍රදායික මට්‌ටමකින් ද එතෙක්‌ පැවැති ගෝත්‍රික හෝ ආදිවාසී ශ්‍රී ලාංකීය සංස්‌කෘතිකමය ජන විඤ්ඤාණය වෙනත් දිශානතියකට හසු වී බෞද්ධ ශිෂ්ටාචාරයක්‌ සහ සභ්‍යත්වයක්‌ බවට පත් වීමත්, ඉදිරියට සංවර්ධනය වෙමින් විකාශනය වීමේදීත් කේන්ද්‍රීය පුණ්‍ය භූමිය වන්නේ මිහින්තලාවයි.
 
 වර්තමාන මිහින්තලය සහ මිස්‌සක පව්ව යන්නට ඉපැරණි හැඳින්වීම වන්නේ ෙච්තියගිරි හෙවත් සෑගිරි යනුවෙනි. එහි සරල ව්‍යවහාරික නිරුක්‌තිය වන්නේ ස්‌ථූප කන්ද යනුවෙනි. මේ අනුව ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්‌ථූප විශාල සංඛ්‍යාවක්‌ මෙහි පිහිටා තිබූ බව පෙනේ. මහාවංශයට අනුව මෙය මිශ්‍රක පව්ව ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනේ. (මහාවංශ පරිච්ඡේදය 13 ගාථාව 20) තෙවැනි සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස දැනට සියවස්‌ 23 කට පමණ පෙර (ක්‍රි. පූ. 247 පමණය) පොසොන් පුරපසළොස්‌වක පොහොය දින බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 236 කට පසු තවත් ගිහි පැවිදි හයදෙනකු ද සමඟ මහා මහින්ද මහරහතන් වහන්සේ දේවානම්පියතිස්‌ස රජු මුණගැසෙන්නේ අහඹු හමුවීමක්‌ ලෙස නොවන පෙර සූදානම් කරගත් සැලැස්‌මකට අනුව බව අනුමාන කළ හැකිය. ඉතා කෙටි පරිසරය හා ගැඹුරු බුද්ධි පරීක්‌ෂණයකින් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහස්‌ථිපදොaපම සුත්‍රය දේශනා කර ඇත.
 
 මිහිඳු හිමි ඇතුළු සංඝයා වහන්සේ මුල්ම වස්‌ කාලය ගත කරන්නේ මිහින්තලයේදීය. වංශකතා අනුව මිහිඳු හිමියන් සමඟ පැමිණි භණ්‌ඩුක උපාසක තෙමේ පැවිදි වී උපසම්පදාවද ලබා රහත් බවට ද පත් වන්නේ මෙම මිහින්තලාවේදීය. ශ්‍රී ලංකාවේදී ගිහියකු පැවිදි බවට පත් වන ප්‍රථම අවස්‌ථාව මෙය වේ. (මහාවංශය පරිච්ඡේදය 14 ගාථා 26, 31, 33), අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක්‌ ද මිහින්තලයේදී රෝපණය කර ඇත. (මහාවංශය පරිච්ඡේදය 19 ගාථාව 62) මහා අරිට්‌ඨ අමාත්‍යවරයා ඇතුළු පනස්‌ දෙදෙනකු සසුන්ගත වන්නේ ද මෙම පුණ්‍ය භූමියේදීය. දේවානම්පියතිස්‌ස රජතුමා සංඝයා වහන්සේ උදෙසා ලෙන් 68 ක්‌ පූජා කරන්නේ ද මිහින්තලේදීය. මෙම ලෙන් ආදිවාසී මානවයා විසින් ඊට පෙර භාවිතයට ගන්නට ඇත. ථුපාරාමයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරන සර්වඥ ධාතුන් වහන්සේ මුලින්ම තැන්පත් කරන්නේ ද මිහින්තලේය. එතැන් සිට මෙම පුදබිම සෑගිරිය ලෙස හැඳින්වූ බව වංශකතා සඳහන් කර ඇත. වර්ෂ 48 ක්‌ ලක්‌බිම වැඩ විසූ මිහිඳු හිමියන් වහන්සේ අවසන් වස්‌කාලය ද ගත කර පිරිනිවන්පාන්නේ ද මිහින්තලේදීය. දේවානම්පියතිස්‌ස රජතුමා මිහිඳු හිමියන්ට අනුරාධපුරයට වඩින ලෙස ආරාධනා කළ ද උන්වහන්සේ ප්‍රථම රැය ගත කළේ මිහින්තලයේමය. (මහාවංශය පරිච්ඡේදය 14 ගාථාව 12) එළාර රජුද සෑගිරියට (මිහින්තලයට) ගොස්‌ භික්‌ෂු සංඝයා වහන්සේ හමුවී සුවදුක්‌ සොයා බලා කටයුතු කර ඇත. ෆාහියන් හිමියන්ගේ වාර්තාවලට අනුව එකල මිහින්තලේ භික්‌ෂූන් වහන්සේ දෙදහසක්‌ පමණ වාසය කර ඇත. අවුරුදු 1500 ක්‌ පමණ කාලයක්‌ අනුරාධපුර යුගය (රජවරු 100 ක්‌ පමණ පාලනය කළ) පැවතුණ අතර මේ කාලයේදී රජවරු බහුතරයක්‌ම මිහින්තලා පුදබිමේ තහවුරු කිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා දායක වී ඇත.
 
mihinthale2වංශකතාවලට අනුව මිහින්තලය මහින්දාගමනයට පෙර පැවැති ප්‍රාග් බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ බවට තහවුරු වී ඇත. මේ බව පුරාවිද්‍යාත්මක විමර්ශනවලින් ද සනාථ වී ඇත. මිහින්තලය කඳුගැට කීපයකින් සමන්විතව ඇත. මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, අලි පැටියා කන්ද, රාජගිරි ලෙන කන්ද, කණ්‌ඨක සෑය, අටසැටලෙන් පිහිටි කන්ද සහ ගිරිභණ්‌ඩ සෑය කන්ද වශයෙන් මේවා නම් කර ඇත. මෙම කඳුගැට සහ තැනිතලා සමස්‌ත භූමිය පුරාම ඉපැරණි කලාත්මක ආගමික හා පූජනීය අවශේෂයන් දක්‌නට ඇත. මිහින්තලේ පුරාවිද්‍යා කටුගෙය ඉපැරණි තොරතුරු රැසක්‌ හෙළි කරන හා සනාථ කරන ස්‌ථානයකි. මිහින්තලය (සෑගිරිය) ස්‌ථුප, දැවැන්ත භික්‌ෂු ආරාම, කටාරම් කෙටූ ගල්ලෙන්, සෙල්මුවා ස්‌ථම්භ, සෙල්මුවා සෝපාන, පොකුණු, පිළිම ගෙවල්, ඝණ්‌ඨාඝර, උපෝසථඝර, සීමා මාලක සහ සක්‌මන් මළු ආදියෙන් ඉපැරණි ආරාම සංකීර්ණයක මහරහත් විභූතියක්‌ සහ පරිසරයක්‌ නිර්මාණය කර ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ හෙළ සංස්‌කෘතියේ නිර්මාණශීලීත්වය, නිපුණතාව, පරිණත බව, රසිකත්වය සහ කෞශල්‍ය මිහින්තලයේ පූජා භූමියෙන් විශද කර පෙන්වයි.
 
 මිහින්තලේ (සෑගිරියෙහි) සුවිශේෂිත ස්‌ථාන)
 
 බෙහෙත් ගෙය (පුරාණ රෝහල)
 
 මහාවංශයේ තොරතුරුවලට අනුව ක්‍රි. ව. 8 පමණ කාලයේදී දෙවන සේන රජු විසින් ෙච්තියගිරියෙහි වෙදහලක්‌ ඉදිකර ඇත. මෙය එවකට වැඩ විසූ භික්‌ෂූන් වහන්සේලාට සහ ගිහි අයට බාහිරව සහ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වූ රෝහලකි. මෙය ඉතා විධිමත්ව නිර්මාණය කර ඇත. එම නටබුන් දැනට මිහින්තලේදී දැකගත හැකිය. මිහින්තලා පුවරු ලිපියක සඳහන් වන පරිදි මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ද සේවය කර ඇති බව සඳහන් වේ. වාට්‌ටු කාමර 31 ක පමණ රෝගීන් හැට දෙනකුට නේවාසිකව ප්‍රතිකාර මෙහිදී ලබාගත හැකි වී ඇත. ශිලාමය බෙහෙත් ඔරුවක්‌ සෙල්මුවා වංගෙඩියක්‌ ද හමුවී ඇත.
 
 කණ්‌ඨක සෑය
 
 කලාත්මක හා නිර්මාණාත්මක අතින් සුවිශේෂී ස්‌ථානයකි. වාස්‌තු විද්‍යාත්මක ඉදිකිරීම්, කලාත්මක ගල් කැටයම් හා සිතුවම්වලින් මෙය සමන්විතය. කෞතුකාගාරයක්‌ බඳුය. මහාචාර්ය පරණවිතාන සූරීන් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක්‌ සිදුකර ඇත. වංශකතා අනුව මහා අරිට්‌ඨ හිමි ඇතුළු හිමිවරුන්ට හැටඅටක්‌ ලෙන් සූදානම් කරන්නේ මෙම ෙච්තිය අවටය. මෙම ලෙන් භාවිතයට ගෙන ඇත්තේ මෙම ෙච්තිය ඉදිකිරීමට ද පෙරය. මේ ලෙන්වල බ්‍රාහ්මීය අක්‌ෂරවලින් යුතු ලෙන් ලිපි ද දක්‌නට ඇත. මෙම චෛත්‍ය වටා ශෛලමය කංචුqකයක්‌ තැනවූ බවට ද මහාවංශය කරුණු දක්‌වා ඇත. (මහාවංශය පරිච්ඡේදය 33 ගාථාව 25) අනුරාධපුර අරාජික වීමත් සමග මෙම ස්‌ථානය සොරුන් විසින් මංකොල්ල කා ඇත. මෙම ගරා වැටුණු චෛත්‍ය පෙදෙස 1934 වර්ෂයේදී හඳුන්වා ඇත්තේ කිරිබඩ පව්ව ලෙසිනි. 1935 වර්ෂයේදී මෙම ස්‌ථානය කටක ෙච්තිය ලෙස හඳුනාගෙන ඇත. පේසාවන් 03 ක හා වාහල්කඩ එකක අවශේෂ සොයාගෙන ඇත. මෙය මෙරට ඉදිවූ පුරාණතම ස්‌ථූපයකි.
 
 ආරාධනාගල
 
mihinthale3මහාවංශය පවසන පරිදි (පරිච්ඡේද 13 ගාථාව 20) මිහිඳු හිමි ඇතුළු ධර්මදූත පිරිස දෙවනපෑතිස්‌ රජු හමුවීමේ අපේක්‌ෂාවෙන් රැඳී සිටි ගිරි ශීර්ෂයයි. අඹතලය ලෙස වංශකතාව මෙය දක්‌වයි. මිහිඳු හිමියන්ගේ බණ දේශනාව ඇසීමට පැමිණෙන ලෙස ආරාධනා කළ ස්‌ථානය මෙය බවට ද තොරතුරු පවතී.
 
 නාගපොකුණ
 
 (අම්බස්‌තලය දාගැබට බටහිර දෙසින් නාග පොකුණ පිහිටා ඇත. ක්‍රිස්‌තු වර්ෂ 575 - 608 කාලයේ)
 
 පැරණි මූලාශ්‍රවල මෙය හඳුන්වා ඇත්තේ නාගසොන්ඩි පොකුණ ලෙසය. ස්‌වභාවික පර්වතයක නිර්මිත මෙම පොකුණ බැම්මකින් සහ පෙණ 5 ක්‌ සහිත විශාල නාග රුවක්‌ (ගල් මුහුණ මත අර්ධ උන්නතව) සහිත වූ මෙම පොකුණ මිහිඳු හිමියන් විසින් පරිහරණය කර ඇත. දෙවනපෑතිස්‌ රජු මෙම ස්‌ථානයේ සිට දිවා ආහාරය ද ලබාගෙන ඇත. මිහිඳු හිමියන් තම වස්‌ කාලයේදී මෙම පොකුණ ප්‍රයෝජනයට ගෙන ඇත. මෙය වර්තමානයේදී මැද මළුව ලෙස හඳුන්වන පෙදෙසේ දක්‌නට හැකිය.
 
 සේල චෛත්‍ය
 
 මිහිඳු හිමියන් මිහින්තලයේදී සමවත් සුවයෙන් වැඩසිටි ස්‌ථානයේ මෙම ස්‌ථූපය ඉදිකර ඇත. මිහිඳු හිමි සහ දේවානම්පියතිස්‌ස රජු අතර ප්‍රථම සාකච්ඡාව සිදුවන්නේ ද මෙම ස්‌ථානයේදී බව සඳහන් වේ. වටදාගෙයක්‌ තිබූ බවට ද අවශේෂයන් ඇත. මෙම ශිලාෙච්තිය පිළිබඳ තොරතුරක්‌ හබරණ දිග්ගල් සන්නසේ සඳහන්ව ඇත.
 
 මිහිඳු ගුහාව
 
 මහා වංශයට අනුව මිහිඳු හිමියන් වාසය කළ ගුහාවන් මිහිඳු ගුහා ලෙස හඳුන්වා ඇත. මිහින්තලේ මිහිඳු හිමි වැඩ වාසය කළ ගල්ලෙන් කුටිය මේ නමින් ප්‍රචලිතව ඇත.
 
 මිහින්තලා මහා සෑය
 
 වංශ කතා අනුව මහාදාඨික මහානාගරජු විසින් (ක්‍රි. ව. 7 -19 රජ කළ) පර්වතය මත අම්බස්‌තල මහා සෑය ඉදිකර ඇත. මහාචාර්ය පරණවිතානයන් ප්‍රකාශ කරන පරිදි රුවන්වැලිය සහ ඡේතවනය වැනි විශාල ස්‌ථූප ඉදිකිරීමට වඩා වැඩි වියදමක්‌ හා පරිශ්‍රමයක්‌ මෙම ස්‌ථූපය ඉදිකිරීමට වැය කර ඇත. චෛත්‍ය ඉදිකිරීමට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය මෙම ස්‌ථානයට සපයා ගැනීම විශ්මයජනකය. වංශ කතා අනුව (මහාවංශය පරිච්ඡේදය 35 ගාථා 70 -74) සෑය ඉදිකිරීමේදී අත්තිවාරම බිඳ වැටී ඇත. රජුගේ සත්‍යයක්‌ ක්‍රියාවකින් එම බිඳවැටීම නතර වී ඇත. රනින් හා රුවනින් වාහල්කඩ 4 ක්‌ ඉදිකර ඇත. මැණික්‌ කංචුකයක්‌ පූජ කර ඇත. රන් බුබුළු පළ¹ ඇත. මෙම සෑයට කළ විශ්මිත මහා පූජාවන් රැසක්‌ ගැන ද සඳහන් වේ.
 
 
 මිහිඳු සෑය
 
 මහාතූප සලපතළ මළුව ඉදිරියේ පිහිටි ගරාවැටුණු කුඩා ස්‌ථූපයකි. මෙය මිහිඳු හිමියන්ගේ ධාතූන් වහන්සේ තැන්පත් කරමින් කරන ලද්දක්‌ බව ප්‍රකාශව ඇත.
 
 කළුදිය පොකුණ
 
 ඇත්වෙහෙර කන්ද සහ ආනෛකුට්‌ටි කන්ද අතර පිහිටා ඇති කළුදිය පොකුණ පරිසර සුන්දරත්වයේ හා චමත්කාරයෙන් යුතු මිහින්තලේ ඇති විශිෂ්ටතම ස්‌ථානයකි. පුරාණ ලංකාවේ වාස්‌තුවිද්‍යාත්මක විස්‌කම් දැකගත හැකිය. මේ සමීපයේ ඇති අනෛයිකුට්‌ටි කන්ද අදටත් යෝගාවචර වූ බවුන්වඩන යතිවරයන්ට කදිම ක්‍ෂේම භූමියකි. මේ සමීපයේ ඇති සද්ධාතිස්‌ස රජු පෙහෙවස්‌ සමාදන් වූවා යෑයි සැලකෙන රජගිරිලෙන කන්ද හමුවේ කන්ද පුරාම ගල්ලෙන් පිහිටා ඇත. පාමුල විහාර අංග රැසක්‌ ද ඇත.
 
 දාන ශාලාව
 
 වත්මන් මිහින්තලා මැදමළුවේ ඇති දාන ශාලාව (බත්ගෙය) අභයගිරි විහාරයේ ඇති ධානශාලාවට බෙහෙවින් සමානකම් දක්‌වයි. බත් සහ කැඳ තැබීම සඳහා භාවිත කළ ගලින් කළ බත් ඔරුවක්‌ ද දක්‌නට ඇත. මෙවැනිම බත්ඔරු අනුරාධපුර පැරණි දාන ශාලාව අසලින්ද හමුවී ඇත.
 
 මිහින්තලේ සෙල්ලිපි
 
 මිහින්තලයේ ඇති විවිධ සෙල් ලිපි පිළිබඳව එච්. සී. පී. බෙල්, ඒ. එම්. හොර්කාට්‌, හෙන්රි පාකර් සහ සෙනරත් පරණවිතාන ආදි දෙස්‌ විදෙස්‌ ප්‍රාමාණික විද්වතුන්ගේ සුවිශේෂී අවධානයක්‌ සහ විධිමත් විමර්ශනයක්‌ යොමුවී ඇත. යථෝක්‌ත සෙල් ලිපිවලින් හෙළිකරන තොරතුරු අනුව ඓතිහාසික වූ ජාතික වැදගත් කරුණු රැසක්‌ අනාවරණය වේ. තත්කාලීන පාලන විවිධක්‍රම විහාරාරාමවල ආදායම් සහ පරිපාලනය වැටුප් සහ වේතන ක්‍රම නියම කිරීම විධිමත් ගිහි පැවිදි සමාජ සම්බන්ධතා සහ සමකාලීන සමාජ ආර්ථික ආගමික සංස්‌කෘතික සහ දේශපාලන තොරතුරු නිවැරැදි ලෙස දැනගත හැකිය. ඉදිකටු සෑය ප්‍රදේශයෙන් හමුවූ තඹ පත්තිරුවලින්ද තත්කාලීන තොරතුරු රැසක්‌ හෙළිදරව් වේ.
 
 මැදමළුවේ ඇති පුවරු ලිපි 2
 
 මිහින්තලේ මැදමළුවේ පිහිටි කදිම නිමාවක්‌ පෙන්වන පුවරු ලිපි දෙක ක්‍රි. ව. නමයේදී පමණ (ක්‍රි. ව. 956-972) හතරවැනි මිහිඳු රජු විසින් කරන ලද්දකි. භික්‍ෂූන් වහන්සේ පැවතිය යුතු ආකාරය සහ ආරාමවල විධිමත් පාලන ක්‍රමවේදයන් පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ මෙහිදී සපයයි. මෙය එවකට රටේ පාලකයා සහ භික්‍ෂූන් වහන්සේ අතර පැවැති සුහද හා නම්‍යශීලී පොදු එකඟතා සහ කථිකාවතක්‌ පැවැති බවට කදිම නිදසුනකි. ඒ අසල භික්‍ෂූන් වහන්සේ එක්‌රැස්‌ වූ රැස්‌වීම් ශාලාව ද (සන්නිපාත ශාලාව) දක්‌නට ඇත. 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles