Divaina - සති පූජාවේ ඓතිහාසික විකාශනය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 

sathi
 උදාර රත්නායක
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය
 
ඉන්දියාව වනාහි ආසියාවේ දැවැන්තයෙකි. එමෙන්ම ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ද වෙයි. බහු වාර්ගික හා බහු ආගමික රාජ්‍යක්‌ වන මෙහි වාර්ගික කණ්‌ඩායම් 60කට අධික සංඛ්‍යාවක්‌ මෙන්ම ඊට නොදෙවෙනි වූ ආගමික සම්ප්‍රදායන් සමූහයක්‌ වේ. විවිධ ආගමික න්‍යායන්, සංකල්ප පමණක්‌ නොව විවිධ මිත්‍යා විශ්වාස, යන්ත්‍ර මන්ත්‍ර (ගුප්ත විද්‍යා) හා අදෘශ්‍යමාන බලවේගයන් කෙරෙහි ඔවුන් දක්‌වන ප්‍රියතාවයන් අධික වේ. මෙවැනි විශ්වාසයන් පිළිබඳව ඇති අන්ධ භක්‌තිමත්භාවය හේතුවෙන් විශාල ඉන්දියානුවන් සංඛ්‍යාවක්‌ මරණයට මෙන්ම විවිධ ශාරීරික සංකූලතාවයන්ට ගොදුරු වෙයි. එවැනි එක්‌ ආගමික චාරිත්‍රයක්‌ වශයෙන් සති පූජාව පෙන්වාදිය හැකිය. සිය මිය ගිය සැමියාගේ දර සෑයට පැන බිරිය ද සිය දිවි නසා ගැනීමේ චාරිත්‍රය මෙනමින් හඳුන්වනු ලබයි. මෙම චාරිත්‍රය ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය මෙන්මඅතිශය ක්‍රෑර ගණයේ චාරිත්‍රයක්‌ ලෙස හඳුන්වාදීම යුක්‌ති යුක්‌තය. කෙසේ නමුත් මෙමගින් සති පූජාවෙහි ඓතිහාසික ගමන් මඟ පිළිබඳව මෙන්ම වර්තමාන ක්‍රියාකාරීත්වයන් හා ඒ පිළිබඳව එල්ල වන විවිධ විවේචනයන් හා මතවාදයන් පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.
 
 සති පූජාව පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී සති පූජාව යනු කුමක්‌ ද යන්න පිළිබඳව අධ්‍යනය කිරීම වැදගත් වේ. මෙම සති පූජාව ඉන්දියාවෙහි සතී යන අර්ථයෙන් ද හඳුන්වනු ලබයි. සතී යන්නෙහි අර්ථය යහපත් භාර්යාව යන්නයි. සති පූජාව යන්නෙන් හැඳින්වෙන්නේ භාරතයේ වැන්ඳඹු ස්‌ත්‍රීන් සිය සැමියාගේ මෘත දේහය දැවෙන සෑයට පැන දිවි නසා ගැනීම පිළිබඳව වූ චාරිත්‍රයයි. ඇතැම් විචාරකයන් පෙන්වාදෙන්නේ මෙය ඓතිහාසික පරිණාමයකින් යුතුව පැවත එන්නක්‌ බවයි. බොහෝ උගතුන් හා විද්වතුන් සති පූජාව වෛදික සමය දක්‌වා ඈතට දිව යන්නක්‌ ලෙස පෙන්වා දෙනු ලබයි. ඇතැම් ඉතිහාසඥයන් ද වෛදික යුගයේ සමාජීය තත්ත්වය පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කිරීමේ දී එහි එක්‌ ලක්‌ෂණයක්‌ ලෙස සති පූජාව පැවතීම පෙන්වාදිය හැකිය. නමුත් කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක්‌ විසින් එම යුගයේ සති පූජාව පැවති බව සඳහන් නොකරයි. සෘග් වෛදික ග්‍රන්ථ, අරණ්‍යක ග්‍රන්ථ හෝ වෙනත් සමකාලීන මූලාශ්‍රයන් මේ පිළිබඳව විස්‌තර ඇතුළත් නොකරයි. නමුත් රාමායනයෙහි එක්‌ අවස්‌ථාවක සීතාවන් සිය පතිවෘතා ධර්මය පෙන්වීම සඳහා ගින්නට පැනීමක්‌ පිළිබඳව සඳහන් වූවත් එය සති පූජාවට කිසිදු සමාන බවක්‌ නොදක්‌වයි. එනන්ට්‌ එස්‌. ඇල්ටෙකාර් (Anant S' Altekar) පෙන්වාදෙන්නේ that no instances of sati occur in this earliest" archaic part of the whole Ramayana එනම් රාමායනයෙහි මුල් කාලීන රාමායනයෙහි කිසිදු අවස්‌ථාවක සති පූජාවක්‌ පිළිබඳව සඳහන් නොවන බවයි. නමුත් උත්තරා කන්ද Uttara Kanda නම් රාමායනයෙහි කොටසේ සති පූජාව පිළිබඳව සඳහන් වූවත් එය පසුකාලීනව සිදු කරන ලද සංශෝධනයන් හේතුවෙන් එක්‌ වූ ඒවා බව විද්වත් මතය වී තිබේ. එමෙන්ම වෛදික ග්‍රන්ථවල විවිධ යාග හෝම අවස්‌ථාවන්හි දී සත්ව බිලිදීම් පිළිබඳව සඳහන් වුවත් සැමියාගේ දැවෙන සොහොනට පැන බිරිඳ සිය දිවි නසා ගැනීම පිළිබඳව කිසිදු සඳහනක්‌ නොවේ. ඉන් පසුව එළඹෙන ක්‍රි.පූ 6 වන සියවසේ දී ද මෙවැන්නක්‌ පිළිබඳව සඳහනක්‌ නොවේ. විශේෂයෙන් මේ යුගයේ බෞද්ධ හා ජෛන ධර්මයන් ඉතා ප්‍රකට වන අතර කිසිදු බෞද්ධ මූලාශ්‍රයක හෝ සූත්‍රයක එවැන්නක්‌ සඳහන් නොවන අතර ජෛන සූත්‍රයක පවා සඳහන් නොවේ. එබැවින් අතීත ඉන්දියාවේ පැවති සම්ප්‍රදායක්‌ මෙලෙස වර්තමානය දක්‌වා පරිණාමය වෙමින් පැවති බව හඳුනාගත හැකිය. අනෙක්‌ අතින් වෛදික යුගයේ දී ද කාන්තාවන්ට යම් ස්‌ථානයක්‌ හිමි වූ අතර අපලා, ඝෝෂා හා විශ්වචාරා වැනි උගත් කාන්තාවන් සිටි සමයක හා පසුව එළඹෙන බෞද්ධ යුගයේ නිර්වාණාවබෝධය ලැබීමට පවා සමත්කමක්‌ දැක්‌ වූ හා විවිධ ධ්‍යානයන් ලබා ගෙන සිටි කාන්තාවන් ජීවත් වූ යුගයක එවැනි චාරිත්‍රයක්‌ පැවතුණායෑයි සැලකීම තරමක්‌ විශ්වාස කළ නොහැකි තත්වයකි.
 
 නමුත් හින්දු ජනප්‍රවාදයන්හි සඳහන් වන ආකාරයට සති පූජාව වෛදික යුගයෙන් ආරම්භ වන්නක්‌ ලෙස සඳහන් කරයි. සති පූජාවට පදනම් වූ හේතුවක්‌ වන්නේ ඊර්ෂ්‍යා සහගත රැජිණකි. එම රැජිණ අසා තිබූ පරිද්දෙන් රජ කෙනෙකු මියගිය විට ඔහු පිළිගැනීමට ස්‌වර්ගයේ බොහෝ කාන්තාවන් බලා සිටි. මෙය වැළැක්‌වීමට සිතූ ඇය තම ස්‌වාමියාගේ සොහොනේ තමාව ද පුලුස්‌සා දමන ලෙස ඉල්ලීමක්‌ කරන ලදී. එවිට ඇයට තම ස්‌වාමියා සමග ස්‌වර්ගයට ගොස්‌ ඔහු අන් කාන්තාවන්ගේ ඇසුරින් මුදාගත හැකිය යන්න පදනම් කර ගනිමින් මෙය ආරම්භ වූ බව ඉන්දියානුවන්ගේ මතයයි. නමුත් ඉතිහාසඥයන් විසින් සිදු කරන ලද විවිධ පර්යේෂණයන් අනුව ක්‍රි.ව 400 දී පමණ ඉන්දියාවට පැමිණි ග්‍රීක ඉතිහාසඥයකු වන කැසෙන්ඩි්‍රයාවේ ඇරිස්‌ටබුලුස්‌ විසින් සිය කෘතියෙහි සති පූජාව පිළිබඳව තමන්ට අසන්නට ලැබුණු බව සඳහන් කරයි. ඇලෙක්‌ස්‌ මයිකල් නම් ඉතිහාසඥයා පෙන්වා දෙන්නේ නේපාලයෙන් ක්‍රි.ව 464 සිට ද ක්‍රි.ව 510 සිට සති පූජාව පිළිබඳව සෙල්ලිපි සාධකයන් හමු වන බවයි. පසුව ඊට සියවස්‌ කිහිපයකින් සති පූජාව සැමරීම සඳහා විවිධ ස්‌මාරකයන් නිර්මාණය කරන ලදී. එය Sati stones යනුවෙන් හඳුන්වනු ලබයි. 11 වන සියවසේ සිට මෙවැනි ස්‌මාරකයන් විශාල සංඛ්‍යාවක්‌ හමුවන බව ඇලෙක්‌ස්‌ මයිකල් පෙන්වාදෙනු ලබයි. විශේෂයෙන්ම රාජස්‌තානය අවටින් විශාල ස්‌මාරකයන් හමුව තිබේ.
 
 ඉන්දියාවෙහි මෙම සති පූජාව පිළිබඳව හඳුනාගන්නට ලැබෙනුයේ ඉතා පසුකාලීනව වේ. නමුත් ඉන්දියාවට ආසන්නයේ පිහිටි රාජ්‍යයන් රැසක අතීතයේ සිට මෙම චාරිත්‍රය පැවති බව හඳුනා ගත හැකිය. ක්‍රි. පූ 1 සියවසේ දී පමණ ඩයෝඩරස්‌ විසින් සිය කෘතියේ සඳහන් කරනුයේ ඉරාන ප්‍රදේශයේ ඇලෙක්‌සැන්ඩර් විසින් සිදු කළ යුද්ධ ව්‍යාපාරයෙන් මරණයට පත් වූ රජෙකුගේ බිසෝවරුන් ඔහුගේ සෑයට පැන මරණයට පත් වූ බවයි. Hobson-Jobson" Henry Yule iy Arthur Coke Burnell විසින් දක්‌වන ආකාරයට රුසියාවේ වොල්ගා නදිය ආශ්‍රිතව වාසය කළ ගෝත්‍රික කොට්‌ඨාසයක්‌ ද ක්‍රි.පූ 3 වන සියවසේ දී පමණ මෙවැනි ක්‍රියාවලියක නිරත වූ බවයි. ක්‍රි.පූ 5 වන සියවසේ දී කේ්‍රස්‌ටෝන් නම් ගෝත්‍රයක්‌ සති පූජාවට සමාන චාරිත්‍රයක්‌ පැවති බවත් ප්‍රකෝපියස්‌ විසින් සිය ගොතික්‌ යුද්ධ නම් ක්‍රි.ව 6 වන සියවසේ දී පමණ රචනා වූ ග්‍රන්ථයේ කාන්තාවන් සිය ස්‌වාමියන් මිය ගිය පසු සොවින් මරණයට පත් වූ බව සඳහන් කරයි. එඩ්වඩ් ගිබොන් පෙන්වා දෙන්නේ හෙරුලි ( Heruli) නම් ජර්මන් ගෝත්‍රය සිය සැමියාගේ දේහය ආසන්නයේ ගෙල වැලලා ගත් බවයි. මේ ආකාරයට මුල් කාලයේ සති පූජාව හා ඊට සමාන ක්‍රියාදාමයන් සිදු වූ අතර මෙම රාජ්‍යන් හා ඉන්දියාව අතර පැවති වෙළඳ සබඳතා හා සංස්‌කෘතික හුවමාරුවීම් මෙන්ම සංක්‍රමණයන් හරහා මෙවැනි චාරිත්‍ර විධි ක්‍රම ඉන්දියාවේ ද ප්‍රචලිත වූ බව යම් ලෙසකින් අනුමානය කළ හැකිය.
 
 ඇතැම් ඉතිහාසඥයන් තර්ක කරනු ලබන්නේ ඉන්දියාව මුස්‌ලිම්වරුන්ගේ ග්‍රහණයට ලක්‌ වීමෙන් මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමට ලක්‌ වූ බවයි. එහි දී ඉන්දියානු ප්‍රදේශයන් මුස්‌ලිම් ආක්‍රමණිකයන් විසින් අති මර්දනකාරී ලෙස අත්පත් කර ගත් අතර එම යුද්ධවල දී බෝහෝ ඉන්දීය රජවරුන් පරාජයට පත් වූ අතර එම රාජ්‍යයන් මුස්‌ලිම්වරුන් අතට පත් විය. මුස්‌ලිම්වරුන් එම රාජ්‍යන්හි වූ කාන්තාවන් සිය ශ්‍රමිකයන් ලෙසත් වහලුන් ලෙසත් ඇතැම් අවස්‌ථාවල ස්‌වකීය ගණිකාවන් හා අන්ත(පුර ස්‌ත්‍රීන් ලෙසත් යොදා ගන්නා ලදී. එම නිසා ස්‌වකීය රාජධානිය මුස්‌ලිම්වරුන් අතට පත් වූ බව දැනගන්නා කාන්තාවන් විශාල සංඛ්‍යාවක්‌ සමූහ ලෙස සිය දිවි නසා ගන්නා ලදී. ඇතැම් විචාරකයන් විශේෂයෙන්ම අරවිද් ශර්මා වැනි පුද්ගලයන් පෙන්වා දෙන්නේ එම සිය දිවි නසා ගැනීම හුදෙක්‌ චාරිත්‍රයක්‌ ලෙස සිදුවූවක්‌ නොව මුස්‌ලිම් ආක්‍රමණියකයන් අතට පත් වීම වළක්‌වා ගැනීම පිණිස සිදු කරන ලද්දක්‌ බවයි. නමුත් ජෝන් හැවුලේ පෙන්වා දෙන ආකාරයට මෙම ක්‍රියාදාමය සති පූජාවේ තවත් එක්‌ අවස්‌ථාවක්‌ වන බවයි. ඇල්ටෙකාර් විසින් දක්‌වන සංඛ්‍යා ලේඛන හරහා එය තරමක්‌ දුරට සත්‍ය බව හඳුනාගත හැකිය. According to Altekar" it is the period c' 700-1100 CE that sees sati becoming really widespread in India" in particular in Kashmir' As the centuries wore on" Altekar provides a few statistics on the spread of the custom' In Rajputana" a later stronghold for sati there are two" possibly three reliably attested cases before 1000 CE' For the period from 1200 to 1600 CE" there are at least 20 such cases' For the Carnatic" we have about 11 inscriptions relative to sati from 1000 to 1400 CE| for 1400-1600 CE we have 41"
 
 මුස්‌ලිම් ආක්‍රමණ යම් දුරකට සති පූජාව ව්‍යාප්ත වීමේලා දායකත්වය සැපයූවා මෙන්ම එය යම් දුරකට පාලනය කිරීමට ද විධිවිධාන යොදන ලදී. ඇතැම් මුස්‌ලිම් පාලකයන් හින්දු චාරිත්‍රවලට වාරණයක්‌ ඇති නොකරත් මෝගල් පාලකයන් තත් චාරිත්‍රය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරන ලදී. එහි දී අක්‌බාර් රජු ප්‍රමුඛ වන අතර ඔහු විසින් කාන්තාවන් සැමියාගේ දැවෙන සෑයට පැන දිවි නසා ගැනීම ඉතා පිළිකුළෙන් යුක්‌තව හෙළා දකින ලදී. 1582 දී ඔහු විසින් සති පූජාව තහනම් කරමින් නියෝගයක්‌ද ඉදිරිපත් කොට ඇත. නමුත් එම්. රේසා පිර්බායි පෙන්වාදෙන්නේ එවැන්නක්‌ පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍රයන්හි සඳහනක්‌ නොමැති බවයි. අනෙක්‌ අතට Muhammad Riza Nauzi නම් මෝගල් කවියාට අනුව අක්‌බාර්ගේ පුත්‍රයෙකු ඉදිරිපිට ඉන්දීය කුමාරිකාවක්‌ සිය සැමියාගේ චිතකයට පැන දිවි නසාගත් බව සඳහන් වේ. ඔහුගෙන් පසුව පැමිණෙන ජහන්ගීර් ද සති පූජාවට විරුද්ධව යම් යම් පියවරයන් ගනු ලැබීය. ඖරංෂෙබ් විසින් ද 1665 දී නියෝගයක්‌ ඉදිරිපත් කරමින් සති පූජාව නවතා දැමීමට කටයුතු කරන ලදී. (in all lands under Mughal control" never again should the officials allow a woman to be burnt) යනුවෙන් ඒ බව හඳුනාගත හැකිය. ඒ අනුව මුස්‌ලිම් පාලකයන් මෙම චාරිත්‍රය යම් දුරකට පාලනය කිරීම සඳහා යම් පියවරගත් බව හඳුනාගත හැකිය.
 
 සති පූජාව පිළිබඳව අධ්‍යනයේ දී බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම එම සමයේ දී සති පූජාව යම් දුරකට වර්ධනය වන අතරම එය තහනමට ලක්‌ වීමත් හඳුනා ගත හැකිය. ඇතැම් උගතුන් පෙන්වා දෙන්නේ සති පූජාව බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කිරීමේ අවියක්‌ වශයෙන් භාවිතයට ගත් බවයි. එනම් යටත් විජිත සංකල්පය සාධාරණීකරණය උදෙසා මෙවලක්‌ වශයෙන් භාවිත කළ බවයි. ඔවුන් සුදු මිනිසාගේ වගකීම සංකල්පයක්‌ හඳුන්වා දුනි. එහි දී ඔවුන් පෙන්වා දුන්නේ සුදු මිනිසාගේ පරම වගකීම ඔවුන් ලබා ගත් දියුණුව හා ශිෂ්ටාචාරගත භාවය ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරයන් ද ළගා කර ගත යුතු බවයි. ඒ අනුව ඉන්දියාවේ පැවති කුල ක්‍රමය, ළමා විවාහ හා සති පූජාවන් ඔවුන් ඉන්දීය සමාජයේ පසුගාමී ලක්‌ෂණයන් ලෙස හඳුනාගන්නා ලදී. එසේ පසුගාමී ලක්‌ෂණයන් තුරන් කොට යුරෝපානු සභ්‍යත්වය ඉන්දියාව තුළ පිහිටුවා ගත යුතු බව ඔවුන් පෙන්වා දෙන ලදී. මෙවැනි මිත්‍යාදෘෂ්ටික ක්‍රියාවලීන්ගෙන් ඉන්දීය ජනයා මුදාලිය යුතුය යන පරමාර්ථය පෙරට ගෙන ඔවුන් යටත් විජිත ක්‍රියාවලිය ආරම්භ කරන ආකාරය හඳුනාගත හැකිය.
 
 අනෙක්‌ අතට පාලනයේ පහසුව සඳහාද ඔවුන් මෙම ක්‍රමවේදය යොදා ගන්නා ලදී. එනම් ඉතිහාසය විකෘති කිරීමයි. වර්තමානයේ දී ද ඇතැම් අවස්‌ථාවල සති පූජාව වෛදික සමයට සම්බන්ධ කිරීම පිටුපස ද බ්‍රිතාන්‍ය හස්‌තය පවතින බව හඳුනාගත හැකිය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී ඉන්දීය ඉතිහාසය හසුරුවනු ලබන්නේ බ්‍රිතාන්‍යන් විනා ඉන්දියානුවන් නොවේ. එබැවින් ඔවුන්ට සිතැඟිs පරිදි ඉතිහාසය විකෘති කිරීම සිදු කළ අතර ඇතැම් අවස්‌ථාවන්ලදී විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ ලේඛනයන් හා දත්ත වාර්තාවන්හි විවිධ වැරදි සහගත තොරතුරු ඇතුළත් කරමින් මෙන්ම ඔවුන් ශිෂ්ටාචාරගත නොවූ ජාතියක්‌ වශයෙන් පහළ මට්‌ටමින් සැලකීම සඳහා සති පූජාව භාවිතයට ගන්නා ලදී. විශේෂයෙන්ම ජනතාව තුළ ඔවුන් පහත් ජන කොටසක්‌ යන අදහස කා වැද්දීම සඳහා කටයුතු කළ අතර ඉතිහාසය රචනා කළ ඉංග්‍රීසි ජාතික රචකයන් ද එය සාර්ථකව සිදු කරන ලදී. ඉන්දියාව නිදහස ලැබීමෙන් අනතුරුව සිදුකළ ඓතිහාසික ගවේෂණයන් හා නැවත ඉතිහාසය පිරික්‌සීමේ කාර්යන්වල දී නැවත සත්‍ය ඉතිහාසය මතුකර ගැනීමට සමත් වීය.
 
 යටත් විජිත සමයේ සති පූජාව පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී පෘතුගීසීන් විසින් ගෝවේ එය තහනම් කළ අතර ලන්දේසීන් හා ප්‍රංශයින් පොන්ඩිචෙරියේ එය තහනමට ලක්‌ කරන ලදී. නමුත් මුල් වකවානුවේ දී බ්‍රිතාන්‍යන් සති පූජාව පිළිබඳව උනන්දුවක්‌ නොදක්‌වන ලදී. මහාචාර්ය සර්වේශ් ධිලොන් පෙන්වාදෙන ආකාරයට බ්‍රිතාන්‍ය ඉන්දීය පෙරදිග සමාගමේ බෙංගාල පාලනය තුළ 1813 - 1828 දක්‌වා සති පූජා අවස්‌ථාවන් 8135 ක්‌ වාර්තා වී ඇත. ඒ බව Dr Sarvesh Dhillon" former history professor at Amritsars Guru Nanak Dev University" says "As per the records kept by the Bengal Presidency of the British East India Company" the known occurrences in 1813-1828 were 8,135.යනුවෙන් දක්‌වා ඇත. ඒ අනුව මුල් සමයේ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය සමාගම ඒ පිළිබඳව කිසිදු අවධානයක්‌ යොමු නොකර සිටීමට හේතුවන්ට ඇත්තේ ඔවුන් ඉන්දියාවට පැමිණි සැනින් දේශීයන් සමඟ අර්බුද ඇති කර ගැනීමට අකමැති වීම විය හැකිය. මන්ද විශාල කාලයක්‌ තිස්‌සේ විකාශනය වූවක්‌ එක්‌ රැයකින් වෙනස්‌කිරීමට උත්සහ කිරීම ගැටුමට හේතුවක්‌ විය හැකි නිසාවෙනි. නමුත් පසුකාලීනව බ්‍රිතාන්‍යන්ගේ ප්‍රතිපත්ති වෙනස්‌ වූ අතර 1798 කල්කටාවේ පමණක්‌ සති පූජාව තහනම් කරන ලදී. නමුත් අනෙක්‌ බ්‍රිතාන්‍ය ප්‍රදේශවල එය ක්‍රියාත්මක විය. ඉවැන්ජල්වාදී මිෂනාරී පූජකවරුන් මේ සාහසික ක්‍රියාවලිය දැක ඊට විරුද්ධව බ්‍රිතාන්‍ය පාලනයට පැමිණිලි කරන ලදී. William Carey සහ William Wilberforce යන පූජකවරුන් දෙදෙනා ඊට ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලදී. මෙම ක්‍රියාවලියට පූජකවරුන් මැදිහත් වන ලද්දේ සති පූජාව නිසා මරණයට පත්වන්නන් උදෙසා නොව හුදෙක්‌ ඔවුන්ගේ ආගම ඉන්දියාව තුළ මුල් බැස ගැනීමේ අරමුණින් යුතුවය. ඒ අනුව පූජකවරුන් සති පූජාවට එරහිව විශාල ප්‍රතිරෝධයක්‌ ගෙන යන ලදී. ක්‍රිස්‌තියානි පූජකවරුන් පමණක්‌ නොව උගත් ඉන්දියානුවන් ද ඊට විරුද්ධව කටයුතු කරන ලදී. බ්‍රහ්ම සමාඡ් නම් සංවිධානය පිහිටුවා ගත් රාජා රාම් මෝහන් රෝයි එය ඉන්දියාව පුරා සති පූජාවට එරහි මහජන මතයක්‌ නිර්මාණය කරන ලදී. ඔහු සිය නෑනාට අත් වූ ඉරණම පිළිබඳව දක්‌වමින් හා හින්දු ධර්ම ග්‍රන්ථවල එවැන්නක්‌ සඳහන් නොවන බව ප්‍රකාශ කරමින් රජයට විවිධ මතයන් ඉදිරිපත්කරන ලදී. 1815 - 1818 කාලයේ සති පූජාව වර්ධනය වූ නිසා ඔහුගේ බලපෑම ද එන්න එන්නම වර්ධනය වීය. සහජනනද් ස්‌වාමි (Sahajanand Swami) ද ශ්‍රීමත් ජෝන් මැල්කම්ගේ ද සහය ඇති ව සති පූජාව අහෝසි කිරීමට පියවර ගන්නා ලදී.
 
 නමුත් 1828 දී ශ්‍රීමත් විලියම් බෙනටික්‌ සාමිවරයා ආණ්‌ඩුකාරවරයා ලෙස පත් වීමත් සමඟ සති පූජාව අහෝසි කිරීම පිළිබඳව නව උද්යෝගයක්‌ ඇති වීය. ඔහු විසින් ආණ්‌ඩුකාර සභාවේ ද සහය ඇති ව සති පූජාව අහෝසි කිරීම සඳහා පියවර ගන්නා ලදී. 1829 දෙසැම්බර් 4 වන දින සති පූජාව බ්‍රිතාන්‍යන් විසින් තහනමට ලක්‌ කරන ලදී. Thus on Sunday morning of December 4" 1829 Lord Bentinck issued Regulation XVII declaring Sati to be illegal and punishable in criminal courts' යනුවෙන් සඳහන් වේ. 1830 දී මදුරාසියට හා බොම්බායට එම නීතිය හඳුන්වා දෙන ලදී. එම නීතියට විරුද්ධව දේශීය ජනතාව විසින් අධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කළ අතර පසුව එය බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සලය දක්‌වා ගමන් කරන ලදී. නමුත් ප්‍රිවි කවුන්සලය එම නීතිය තහවුරු කරන ලදී. පසුව ඉන්දියාවේ කුමාර රාජ්‍යන් ද ක්‍රමයෙන් සති පූජාව තහනමට ලක්‌ කරන ලදී.
 
 නමුත් මෙවැනි තහනමක්‌ පැවතියත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ තුළ සති පූජාව පැවති ආකාරය හඳුනාගත හැකිය. නමුත් 1987 වර්ෂයේ 18 හැවිරිදි රූප් කන්වර් නම් තරුණිය සිය 24 හැවිරිදි සැමියාගේ සෑයට පැන දිවි නසා ගැනීමත් සමඟම ඉන්දීය රජය විසින් ඊට පිළියම් ගැනීමට විවිධ පියවර ගන්නා ලදී. 1987 ඔක්‌තෝබර් 1 වන දින ඉන්දීය රජය විසින් නව නීති මාලාවක්‌ ඉදිරිපත් කරන ලදී. එම පනතට අනුව සති පූජාව හඳුන්වා ඇත්තේ,
 
 The Commission of Sati (Prevention) Act, 1987
 Part I, Section 2(c) defines sati as:
 
 The burning or burying alive of -
 
 (i) any widow along with the body of her deceased husband or any other relative or with any article,
 object or thing associated with the husband or such relative| or
 
 (ii) any woman along with the body of any of her relatives, irrespective of whether such burning or burying is claimed to be voluntary on the part of the widow or the women or otherwise යනුවෙනි.
 
 එමෙන්ම සති පූජාව වැළැක්‌වීමේ පනත යටතේ සති පූජාව සඳහා සහයෝගය දීම හෝ යම් අයෙකුට සති පූජාව කිරීමට බලහත්කාරයෙන් යොමු කිරීම මරණීය දණ්‌ඩනය ලැබීමට හෝ ජීවිතාන්තය දක්‌වා සිර ගත වීම හේතුවන්නක්‌ ලෙස දක්‌වා ඇත.
 
 නමුත් ඉන්දියාවේ 1987 රූප් කන්වර් සිදු වීමෙන් පසුව ඉන්දියාවේ සති පූජාව දඬුවම් ලැබිය හැකි වරදක්‌ වූවත් ද ටයිම්ස්‌ ඔෆ් ඉන්දියා පුවත්පතේ Why sati is still a burning issue යනුවෙන් එනම් සති පූජාව තවමත් දැවෙන ප්‍රශ්නයක්‌ වන්නේ ඇයි යනුවෙන් ඉදිරිපත් කළ ලිපියේ සති පූජාව සිදු කළ අවස්‌ථා කිහිපයක්‌ පිළිබඳව සඳහන් වේ.
 
 එහි දැක්‌වෙන තොරතුරු වන්නේ 2002 වර්ෂයේ දී ඉන්දියාවේ පන්නා වයස අවරුදු 65ක්‌ වූ කුට්‌ටු නම් කාන්තාවක්‌ සිය සැමියා දැවෙන සෑයට පැන දිවි නසාගැනීමයි. 2006 මැයි 18 දින උත්තර ප්‍රදේශයේ විද්‍යාවතී නම් කාන්තාවක්‌ සැමියාගේ සෑයට පැන සති පූජව සිදු කරන ලදී. 2006 අගෝස්‌තු මස 21 වන දින ජනක්‍රානි නම් ස්‌ත්‍රියක්‌ සති කර්මය සිදු කරන ලදී. 2008 ඔක්‌තෝබර් 11 දින ලල්මතී වර්මා නම් කාන්තාව සතී කර්මය සිදු කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ කොතරම් දේශීය හා විදේශීය බලපෑම් පැවතියත් ඉන්දියානුවන් තුළ සති පූජාව කෙරෙහි පවතින මිත්‍යා දෘෂ්ටික විශ්වාසයයි. වර්තමානයේ නීතිය මගින් පමණක්‌ නොව විවිධ කාන්තා සංවිධානයන් ද විවිධ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ සඳහා සිය අවධානය යොමු කළ ද 100%ක්‌ සති පූජාව තහනමට ලක්‌ කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles